සීමාවාසික පුහුණුව අවසන් කර ඇති රජයේ වෛද්‍යවරුන් 1,400කට මාස අටක් තිස්සේ පර්යන්ත රෝහල්වලට පත්වීම් ලබාදීම තවමත් පමාවීම නිසා එම රෝහල් වැසීයෑමේ අවදානමකට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය.
ඒ සඳහා කළමනාකරණ සේවා කොමිසමට කරුණු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් පියවරක් ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ.
2018 වසරෙන් පසු අදට ගැළපෙන අයුරින් රෝහල් ක්‍රියාදාමය යාවත්කාලීන නොවීම නිසා මෙම ප්‍රශ්නය තවත් දිග්ගැසෙන බවද චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
මෙම වෛද්‍ය හිඟය මෑතකදී ආරම්භ කරන ලද රෝහල් ඒකකවලට බලපා ඇති අතර, කිලිනොච්චිය, මාන්කුලම්, පේදුරුතුඩුව යන රෝහල්වලට මෙම වෛද්‍ය හිඟය තදින් බලපා ඇති බව සඳහන්ය.
අදාළ රෝහල් සඳහා වෛද්‍යවරුන් 72ක් පමණ අවශ්‍යව ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ පිළිබඳ රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.
ප්‍රේමලාල් විජේරත්න










