ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පිරිසක් පසුගිය දා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මුණගැසී තිබෙනවා. Sri Lanka Latest News
ඉන්දීය මහ කොමසාරිස් කාර්යයාලයේ පැවති මෙම හමුවේ දී ද්විපාර්ශ්වික සමන්දතා සහ මේ මොහොතේ මේ රට සහ කලාපීය ආර්ථික, දේශපාලන මෙන්ම සමාජීය තත්වයන් පිළිබඳව සාකච්ඡා කළ බවයි කියන්නේ.
මේ හමුව සඳහා ජවිපෙ නියෝජනය කරමින් විජිත හේරත්, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.









