• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රීවීල් චූටියා මහ බැංකුව භාරගනී I Sri Lanka Latest News

March 8, 2024
in Exclusive, News
Reading Time: 27 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළ වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘ත්‍රීවීල් චූටියා මහ බැංකුව භාරගනී’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු.(Sri Lanka Latest News)

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා මහ බැංකුව භාරගනී’. මේක ලංකාවේ නෙවෙයි, එක්තරා රටක මනඃකල්පිත කතාවක්.

මහබැංකුවේ සේවකයෙක්
චූරි සර්, සර්ගේ එපොයින්මන්ට් ලෙටර් එක.

මහබැංකු අධිපති චූටියා
ඔව් මට හම්බවුණා.

මහබැංකුවේ සේවකයෙක්
දැන් ඉතින් සර් තමයි අපේ රටේ මහබැංකු අධිපති. මෙතන අස්සන් කරලා බාරගන්න සර්.

මහබැංකු අධිපති චූටියා
හරි හරි.

මහබැංකුවේ සේවකයෙක්
එතකොට සර්ගේ පඩිය එකවුන්ට් එකට වැටෙනවා.

මහබැංකු අධිපති චූටියා
පඩිය කීයක්ද?

මහබැංකුවේ සේවකයෙක්
සර්ගේ සැලරි එක ලක්ෂ 16යි සර්.

මහබැංකු අධිපති චූටියා
ඈ… ලක්ෂ 16ක්.

මහබැංකුවේ සේවකයෙක්
ඔව්. මහබැංකු අධිපතිනේ.

මහබැංකු අධිපති චූටියා
මෙහෙම කරමු. මට දෙනකොට ලක්ෂ 4ක් දෙන්න. අනිත් 8ට වෙනම දෙන්න. ස්ලිප් එක දෙනකොට ලක්ෂ 4ක් දාලා දෙන්න. මොකද ඕක අපේ ගෑනි දැක්කොත් එහෙම කේස් එකක්නේ. මගේ පඩිය ලක්ෂ 16යි කියලා දැනගත්තොත් ලක්ෂ 10කම වියදම් හදාගනී එයා. 4යි කිව්වම මට පුළුවන්නේ එයාට එකහමාරක් විතර දීලා ෂේප් වෙන්න.

මහබැංකුවේ සේවකයෙක්
ඒක හරි, ඒක හරි. ඇත්තටම චූටි සර්ට සෑහෙන දැනුමක් තියෙනව නේද?

මහබැංකු අධිපති චූටියා
ඔව්. මගේ නෝනා විතරක් නෙවෙයි. කොයි නෝනත් ඔහොම තමයි. ප්‍රශ්න ගොඩක් හදලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි.

මහබැංකුවේ සේවකයෙක්
ඒක හරි. මහත්තයගෙ පඩිය නෝනා වියදම් කරලා.

මහබැංකු අධිපති චූටියා
ඔව්.

මහබැංකුවේ සේවකයෙක්
සර් මොකේද ආවේ සර්?

මහබැංකු අධිපති චූටියා
ත්‍රීවීල් එකේ ආවේ.

මහබැංකුවේ සේවකයෙක්
අයියෝ සර්, ත්‍රීවීල් එකේ මොකටද ආවේ? දැන් වීල් එක වෙන කවුරු අතේ හරි ආපහු යවන්න. සර්ගේ වාහනේ මෙහෙ තියෙනවා. ඩ්‍රයිවර් කෙනෙකුත් ඉන්නවා.

මහබැංකු අධිපති චූටියා
ආ එහෙමද?

මහබැංකුවේ සේවකයෙක්
ඔව් ඔව්. සර් වත්තට යන්න එපා හොඳේ.

මහබැංකු අධිපති චූටියා
ඇයි ඒ? වත්තෙනේ ගෙදර තියෙන්නේ.

මහබැංකුවේ සේවකයෙක්
වත්තේ ගෙදර යන්න එපා දැන් ඉතින්. මහබැංකු අධිපති ඉන්නවද වත්තේ ගෙදර? දැන් සර් කෙළින්ම යන්න ඕනේ දෙන බංගලාවට. ගෙදර කට්ටියට හෙමීට මොහොක හරි යන්න කියන්න සර්. අපි හෙමීට බඩු ටික අදිමු. බඩු ගොඩක් අදින්නත් එපා. ඒකෙ තියෙනවා බඩු. දැන් එසේ මෙසේ මනුස්සයෙක් නෙවෙයිනේ. මහබැංකු අධිපතිනේ….

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා මහ බැංකුව භාරගනී’. ත්‍රීවීල් චූටියා මහබැංකු අධිපති පුටුවේ වාඩිවෙලා වට පිට බලබලා ඉන්නවා. මිනිහට හරි අමුතුයි. මෙහෙම තැනක ඉඳලම නෑනේ මීට කලින්. ඔන්න දැන් එනවා සර්ගේ ගෝලයා.

මහබැංකුවේ සේවකයෙක්
චූටි සර්…

මහබැංකු අධිපති චූටියා
ආ… අපි බලමුද මේවා පොඩ්ඩක්?

මහබැංකුවේ සේවකයෙක්
මොනවද?

මහබැංකු අධිපති චූටියා
සේප්පු.

මහබැංකුවේ සේවකයෙක්
ආ ඔය තියෙන්නේ සර් ඔතන. එන්නකො පෙන්නන්න.

මහබැංකු අධිපති චූටියා
නිකන් බලන්න බැරිද මට?

මහබැංකුවේ සේවකයෙක්
පුළුවන්. සර්ට බලන්න බැරි මොකද. සර්නෙ මහ බැංකුවේ අධිපති. තේරුණාද? සර් තමයි උඩම ඉන්නේ. සර්ට උඩින් කවුරුත් නෑ. මුදල් අමාත්‍යාංශෙ තමයි සර්ට උඩින් ඉන්නේ. මේ තියෙන්නේ සේප්පු. මේ වහලා තියෙන්නේ.

මහබැංකු අධිපති චූටියා
මේවා ඇතුළේ මොනවද තියෙන්නේ?

මහබැංකුවේ සේවකයෙක්
ඇතුළේ ඉතින් සල්ලි තියෙනවා, රත්තරන් තියෙනවා. පෙන්නන්නද ඇරලා?

මහබැංකු අධිපති චූටියා
ඔව්. කාමරයක් වගේනේ මේක.

මහබැංකුවේ සේවකයෙක්
ඔව්. කාමරයක් වගේ තමයි. ලොකුයිනේ. ඉතින් රටේම තියෙන සල්ලිනෙ මෙතැනට ගේන්නේ. අරින්නද?

මහබැංකු අධිපති චූටියා
හා.

මහබැංකුවේ සේවකයෙක්
ඔන්න ඇරියා…

මහබැංකු අධිපති චූටියා
හප්පා… මේ පන්දාහේ මිටි නේද?

ඔව්. මේ පන්දාහේ ඒවා. මේ තියෙන්නේ අපේ සල්ලි. මේ තියෙන්නේ විදෙස් සංචිත ඩොලර්.

මහබැංකු අධිපති චූටියා
මේ, මම ඔය ඩොලර් ගොඩ උඩ ඉඳගෙන ෆොටෝ එකක් ගන්නද? අපේ ගෑනිට පෙන්නන්න.

මහබැංකුවේ සේවකයෙක්
හැබැයි ඕවා ෂෙයාර් කරන්න එහෙම එපා. මේවට අවසර නම් දෙන්නේ නෑ කාටවත්. ඒ වුණාට ඉතින් අධිපතිතුමාට බැරිවෙන්න විදියක් නෑනේ. මාව පේන්නෙ නැතිවෙන්න ගන්න එහෙනම්. 5000 මිටි ටික පේන්න ගන්න. නැත්නම් මොනවද කියලා පේන්නේ නෑනේ කහ පාටට. මේ 5000 මිටිය ගිලිනවා වගේ එකක් ගන්න. කට අරින්නකො.

පොඩි මල්ලි
මේ, එහෙම සේප්පු අරින්න බෑනේ අධිපති තියා කවුරු වුණත්?

චූටි මල්ලි
එහෙම නෑ. අධිපතිට ඕනෙ නම් අරින්න පුළුවන් වෙන්න එපායැ. ලොකුවට ඔයා ඒවා හිතන්න. එපා ඔයා කතාව ගන්නකො.

පොඩි මල්ලි
නෑ එහෙම නෑනේ. ඒකට තියෙනවනේ වෙනම ක්‍රමවේදයක්?

චූටි මල්ලි
ක්‍රමවේද හරි. ඉතින් ක්‍රමවේදවලටමද මේ රටේ හැම වැඩක්ම වෙලා තියෙන්නේ? ඔයා කටවහගෙන වැඩේ කරන්නකො. ක්‍රමවේදවලටම වෙච්ච රටක් මේක…

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා මහ බැංකුව භාරගනී’. ත්‍රීවීල් චූටියා මහබැංකු අධිපති විදියට පත්වෙලා දැන් එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා. මිනිහා වැඩිය බෝඩ්මීටින්වලට, සාකච්ඡාවලට එහෙම යන්නේ නෑ. දැන් ඔන්න මහබැංකුවේ සේවකයෙක් එනවා එතැනට.

මහබැංකුවේ සේවකයෙක්
ගුඩ් මෝර්නිං චූටි සර්. මම ගියා අර බෝඩ් මීටින් එකට. සර් ආවේ නෑනේ. මම සර්ව නියෝජනය කරලා කතා කළා. ඒකෙදී මෙන්න මේවා තමයි අපි ගත්ත තීරණ. අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡාව…?

මහබැංකු අධිපති චූටියා
ආ ඒක කරලා දාන්න.

මහබැංකුවේ සේවකයෙක්
එහෙනම් සයින් කරනවා සර්.

මහබැංකු අධිපති චූටියා
මේ, ඒක නෙවෙයි. රත්තරන් කොහෙද තියෙන්නේ?

මහබැංකුවේ සේවකයෙක්
ඇයි සර් අර එහාපැත්තේ සේප්පුවෙනේ තියෙන්නේ. මේකෙ තියෙන්නේ සර් තනිකරම රත්තරන් කුට්ටි.

මහබැංකු අධිපති චූටියා
බලමුකො පොඩ්ඩක් ඇරලා?

මහබැංකුවේ සේවකයෙක්
ඔන්න. මේ තියෙන්නේ.

මහබැංකු අධිපති චූටියා
අප්පා, ඇස් නිලංකාර වෙනවනේ.

මහබැංකුවේ සේවකයෙක්
මේවා මේ අල්ලපුවා වගයක්. රාජසන්තක කරපුවා.

මහබැංකු අධිපති චූටියා
ඒක නෙවෙයි. දෙන්නා කෑලි දෙකක් පන්නමුද?

මහබැංකුවේ සේවකයෙක්
ඈ. පිස්සුද? සර් මාර කතානේ කියන්නේ. මේවා ලොග්වල දාලා තියෙන්නේ.

මහබැංකු අධිපති චූටියා
නෑ නෑ, යටින් ගමු.

මහබැංකුවේ සේවකයෙක්
අරගත්තම අඩුයි කියලා තේරෙනවනේ?

මහබැංකු අධිපති චූටියා
නෑ. පිළිමතලාවේ ඉන්නවා මම දන්න පිත්තල බඩු හදන පොරක්. මිනිහට කියලා කුට්ටි දෙකක් හදලා රත්තරන් ගාලා යටින් තියමු. ඔරිජිනල් රත්තරන් කුට්ටි දෙක අපි ගමු.

මහබැංකුවේ සේවකයෙක්
එහෙම බෑනේ සර්.

මහබැංකු අධිපති චූටියා
එහෙම කරලා තියෙනවා. ගේම් දීලා. ගමු ගමු දෙකක් ගමු.

මහබැංකුවේ සේවකයෙක්
බලමුකො සර් කියනවා නම් එහෙනම්. ඒක නෙවෙයි, සර් මොකක්ද අර ඕනේ කියලා කිව්වේ?

මහබැංකු අධිපති චූටියා
මට සැලරි ඇඩ්වාන්ස් එකක් ගන්න ඕනේ. මට කෝට් එකක් ගන්න ඕනේ. එකයි තියෙන්නේ. ඒකත් හෝම්කමිං එකට ඇඳපු එකනේ.

මහබැංකුවේ සේවකයෙක්
මමත් දැක්කා සර් මල් මල් දාපු දිලිසෙන කෝට් එකක් ඇඳගෙන එනවා. ඒවා අධිපති කෙනකුට ගැළපෙන්නේ නෑනේ.

මහබැංකු අධිපති චූටියා
ඉතින් සැලරි ඇඩ්වාන්ස් එකක් කොහොමද ගන්නේ?

මහබැංකුවේ සේවකයෙක්
සර් රික්වෙස්ට් කරලා ලියුම දාන්න.

මහබැංකු අධිපති චූටියා
කාටද දාන්නේ?

මහබැංකුවේ සේවකයෙක්
සර්ම, සර්ට රික්වෙස්ට් කරන්න. මහබැංකු අධිපති විසින්, මහබැංකු අධිපතිට රික්වෙස්ට් කරනවා. එතකොට මහබැංකු අධිපතිම ඒක අනුමත කරනවා.

මහබැංකු අධිපති චූටියා
එහෙම ඉතින් අපිම ඉල්ලලා, අපිම අනුමත කරගන්න පුළුවන්යැ?

මහබැංකුවේ සේවකයෙක්
එහෙම තමයි කරන්නේ…

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා මහ බැංකුව භාරගනී’. අදත් ගෝලයා එනවා උදේම ත්‍රීවීල් චූටියාව මුණගැහෙන්න.

මහබැංකුවේ සේවකයෙක්
ගුඩ් මෝනිං සර්..

මහබැංකු අධිපති චූටියා
ගුඩ් මෝනිං.

මහබැංකුවේ සේවකයෙක්
සර් මට එන්න කිව්වේ?

මහබැංකු අධිපති චූටියා
ඡන්දෙට කියලා අයින් කරපු සල්ලි කොහෙද තියෙන්නේ?

මහබැංකුවේ සේවකයෙක්
අයවැයෙන් බිලියන ගානක් අයින් කරනවනේ සර්.

මහබැංකු අධිපති චූටියා
ඔව්. ඒ සල්ලි කොහෙද තියෙන්නේ?

මහබැංකුවේ සේවකයෙක්
ඒ සල්ලි වෙනම අයින් කරලා තියෙනවා සේප්පුවක දාලා. අවශ්‍ය වුණොත් ගන්න. එකපාරම ඕනෙ වෙන්නෙත් නෑ. පොඩ්ඩ පොඩ්ඩනේ ඕනෙ වෙන්නේ.

මහබැංකු අධිපති චූටියා
අපි මෙහෙම කරමුද? මම හෙට එන්න කිව්වා චාලට් අක්කට.

මහබැංකුවේ සේවකයෙක්
කවුද චාලට් අක්කා කියන්නේ?

මහබැංකු අධිපති චූටියා
වත්තේ පොලී චාලට්.

මහබැංකුවේ සේවකයෙක්
වත්තේ කට්ටිය මෙහෙට ගෙන්නන්න එපා සර්. එදත් අර වත්තේ එකෙක් ඇවිල්ලා මෙතන සිකුරුටිට කුණුහරුපෙන් බැණලා තිබුණා ‘අඩෝ අධිපති අපේ ඩෝ’ කියලා

මහබැංකු අධිපති චූටියා
මෙහෙට නෙවෙයි, බංගලාවට එන්න කිව්වේ. අපි මේකෙන් ගමු කෝටි දෙකක්. අරගෙන දවසේ පොලියට එක එකාට දෙමු. අන්න එහෙම කෝටි දෙකක් දෙමු අගෝස්තු වෙනකන්. ඡන්දේ තියන්න යන්නේ අගෝස්තු සැප්තැම්බර් වගේනේ. තියයිද දන්නෙත් නෑනේ, මොකක් හරි ගේමක් ගහලා.

මහබැංකුවේ සේවකයෙක්
එතකොට සර් මොකක්ද කරන්න යන්නේ?

මහබැංකු අධිපති චූටියා
අපි මේ කෝටි දෙක ඩේලි පොලියට දෙනවා.

මහබැංකුවේ සේවකයෙක්
චාලට් අක්කට දුන්නම අපිට?

මහබැංකු අධිපති චූටියා
අපිට ඉතින් පොලියෙන් කමිෂන් එක හම්බවෙනවා.

මහබැංකුවේ සේවකයෙක්
එතකොට ඡන්දෙට අයින් කරපු සල්ලිවලින් ටිකක් චාලට් අක්කට දෙනවා?

මහබැංකු අධිපති චූටියා
ඔව්.

මහබැංකුවේ සේවකයෙක්
එතකොට අපිට සියේට කීයක් විතර එයිද?

මහබැංකු අධිපති චූටියා
2%ක් 3%ක් තමුසෙට දෙන්නම්.

මහබැංකුවේ සේවකයෙක්
ආ… එහෙනම් ඉතින් හෙමීට ඇදලා දෙමු.

පොඩි මල්ලි
මිනිස්සු දෙන්නෙකුට ඕනෙ වුණ පලියට එහෙම මහබැංකුවෙන් සල්ලි ගන්න පුළුවන්ද කියනවකො?

චූටි මල්ලි
මිනිස්සු දෙන්නෙකුට ඕනෙ වෙලා මහබැංකුවෙන් ඕනෙ තරම් සල්ලි අරගෙන තියෙනවා…

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

වල් බල්ලො ලක්ෂ 62ක්! මොකද කරන්නේ? I Sri Lanka Latest News

Next Post

කෝප් කමිටු සභාපති වෙන්න අත්දැකීම් විතරක් මදි! අධ්‍යාපන සුදුසුකම් තියෙන්නත් ඕන! අපි යෝජනා කළේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් තියෙන ගාමිණී වලේබොඩ! නමුත් ආණ්ඩුව පත්කළේ අගමැති කාර්යාලයේදී රාසමාණික්කම්ට ගහන්න පැනපු රෝහිත අබේගුණවර්ධනව! මම කල්පනා කරන්නේ ආපහු කෝප් කමිටුවට මම යනවද කියලා! මොකද කෝප් කමිටුවේදී මටත් ගැහුවොත් එහෙම? නලින් බණ්ඩාරට ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව මේ විට දින 76 කට ආසන්න...

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.