• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තලා තුන් දෙනෙක් දුවලා තුන් දෙනෙක්…

August 19, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
තාත්තලා තුන් දෙනෙක් දුවලා තුන් දෙනෙක්…
Share on WhatsAppShare on Facebook

‘පවුල’ යන සොඳුරු කුටුම්බය තුළ බොහෝ විට තාත්තලා වැඩිපුර ආදරය කරන්නේ දුවලාටය යන මතය සමාජය තුළ මුල් බැසගත්තේ අද ඊයෙක නම් නෙවෙයි. ආසියානු වශයෙන් හෝ ශ්‍රී ලාංකේය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද විද්‍යාත්මකව කරන ලද යම් පරීක්ෂණ හරහාද තාත්තා සහ දූවරු අතර තියෙන ඇල්ම සහ ළෙන්ගතුකම පුත්තු සහ තාත්තලා අතර තියෙන සබැඳියාවට වඩා බොහෝ හැඟීම්බර බව සනාථ වී ඇත.

එම පරීක්ෂණය ගැන තොරතුරු කෙටියෙන් සටහන් කරනවා නම් ඇමෙරිකාවේ එමොරි විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක වූ මහාචාර්ය ජෙනිෆර් මැස්කාරෝ මීට වසර කිහිපයකට පෙර තාත්තලා 52කගේ සහභාගිත්වයෙන් කරන ලද MRI ස්කෑන් පරීක්ෂණයකින් සනාථ කොට ඇත්තේ තාත්තලා හැමෝම වාගේ පුත්තුන්ට වැඩිය දූවරුන්ට ළැදියාවක් දක්වන බවය. එම පර්යේෂණය සඳහා සහභාගි වී තිබුණේ දියණියන් 32ක් සහ පුතුන් 22කි.

විද්‍යාත්මක පර්යේෂණ මඳකට පසෙකින් තැබුවද සාමාන්‍යයක් ලෙස සරලව ගත්තද තාත්තලා දූලා කොහොමත් එකිනෙකාට ළෙන්ගතුය. යම් නිෂ්පාදනයක් ජනප්‍රිය කරවීම සඳහා නිර්මාණය කෙරෙන දැන්වීම් කලාව දෙස මොහොතකට හැරී බලන්න. ඒ බොහෝ දැන්වීම් තනන්නේද වැඩිපුරම අම්මලාව පුතුන් සමගත්, තාත්තලාව දූලා සමගත් සබැඳියාවක් කරගනිමිනි. මඟ තොටක මෙන්ම අසල්වැසි නිවෙස්වල පවා එයට අවැසි නිදසුන් ඕනෑ තරමට දකින්නට පුළුවන. තවත් විදියකට කියනවා නම් පරම්පරාව ගෙනියන්න පුතකු පැතුවද හැම තාත්තලාම වාගේ සමස්තයක්ව ගත් කල සිය දූවරුන් සමග ඇති කරගන්නා ළෙන්ගතුකම් කොහොමත් අතිසංවේදීය. ඇසට කඳුළු උණන තරම්ම ළෙන්ගතුය.

ඇයි ඉතින් මේ තාත්තලා දූලා ගැන ළෙන්ගතු කතාවක් හදිසියේම වාගේ ‘මව්රට’ පිටුවක සටහන් කරන්නට හිතුවේ? කාටද ඒ ගැන එහෙම සටහන් කරන්න නොහිතෙන්නේ? හිතක් පපුවක් තියෙන කවුද ඒ ගැන තැන තැන කතාබහ නොකර ඉන්නේ?

ඔව්. සත්තකින්ම කියනවා නම් ඔයාලා අපි හැමෝම වාගේ මේ දවස්වල කලා ලෝකයේ නමක් තියපු තාත්තලා තුන්දෙනකුගේ දූලා ඒ තාත්තලා ගැන සෙනෙහසින් හෙලූ කඳුළු කතා ගැන තිගැස්සිලා ඉන්නේ.

කොහොමත් නැවතිල්ලෙ ටිකක් හිතලා බලනවා නම් ඒක ටිකක් අමුතු ආකාරයේ සංසිද්ධියක්. එකම කාලවකවානුවක දූවරු තුන්දෙනෙක් තාත්තලාගේ පළල් උරහිස් අද්දර හුඟාක් දුක හිතෙන විදියට සංවේදී වෙලා. ඔවුන්ගේ දිගැටි ඇස් කඳුළුවලින් පිරෙන ඒ හැඟීම්බර අවස්ථාවන් සමාජ ජාල වෙබ් අඩවිවල උණු කැවුම් ගානට ආලෙවි වෙන්නේ බලන අහන අයගේ හිත් කීරිගස්සන තාලයටයි.

‘හැම උපන්දිනයකටම වාගේ ඔයා මට සර්ප්‍රයිස් එකක් දුන්නා. මේ සැරේ උපන්දිනේටත් ඒ වාගේ මාව සර්ප්‍රයිස් කරන්න නැඟිටලා එන්න මගෙ අප්පච්චි…’

ඒ ජැක්සන් ඇන්තනීගේ එකම දූ මාධවී ඇන්තනී එයාගේ තාත්තා වෙනුවෙන් හෙළන දුක්බර කඳුළක සටහන.

තමන්ගේ හුස්ම ඉහළ පහළ හෙළන එක යන්ත්‍රවලට භාරදෙන්න කලින් මොහොතකට එක තත්පර ගණනකට මෙහා ඉන්න අතර මගේ අප්පච්චි වචන තුනක් කියලා තිබුණා.

‘දුවට එන්න කියන්න…’

‘මගේ හිතට අමුතු බයක් දැනුණා. හැබැයි ඒ දැනුණු බය ගැන කියන්නවත්, මට එන්න කිව්වේ ඇයි කියලා අහන්නවත් මගේ අප්පච්චි ඔයා තවමත් එතැනින් පස්සේ කතා කළේ නැහැ. ඇස් ඇරලා මං දිහා බැලුවෙත් නැහැ…’

මාධවී ඇන්තනී අප්පච්චිගේ ආදරය වෙනුවෙන් තියපු තවත් ශෝකජනක සටහනක එහෙම ලියැවී තිබුණා. බොහෝ දේ දරාගන්නට පුළුවන් හොඳ ආත්ම ශක්තියක් තියෙන, ඕනෑම අවස්ථාවක ඍජු තීරණ ගන්න මාධවී ඇන්තනී එයාගේ අප්පච්චිගේ ඇදවැටීම ඉස්සරහ හොඳටම කඩාගෙන වැටුණා. අන්‍යයන්ට කාරුණික වන, සංවේදී හිතක් තිබුණත් කිසිම තැනකදී කඳුළ ළඟ සැලෙන්නේ නැති මේ යෝධ අප්පච්චිගේ දුව දැන් තත්පරයෙන් තත්පරයට එයාගෙ දිගැටි ඇස් කඳුළින් තෙමන්නේ අප්පච්චිගේ සෙනෙහසත් එක්ක ඈ කළ සියුම් ගනුදෙනුව හුඟාක් සංවේදී මට්ටමක තිබුණු නිසයි.

’උපන්දින තෑග්ගක් වෙලා එන්න මගේ අප්පච්චි… ඔයාගෙ කෑමදාස ඔයා එනකල් බලා ඉන්නවා. මගේ මුළු ලෝකෙම කඩාවැටිලා අප්පච්චි…’

අගෝස්තු 06 වැනිදාට යෙදී තිබුණු තම උපන්දිනය ගැන මතක් කරවන ගමන් මාධවී අප්පච්චිගේ උරහිස ළඟ හිස තියාගෙන ඉකිගැහුවා.

‘විශ්ව ශක්තිය සත්‍යවාදී වේ නම්, සැබෑවක් නම් මගෙ අප්පච්චි නැඟිටිනවා සත්තමයි…’

මාධවී ඇන්තනී අගෝස්තු මස 09 වැනිදාවේ ඒ සටහන තැබුවේ සිය තාත්තාගේ සුරත මත තම සුරත සියුම්ව තෙරපමිනි. ඇයටත් හොරා ඇගේ ඇස්වලින් මහ ගොඩක් කඳුළු කඩාවැටිණි.

මාධවී දියණිය සිය තාත්තාගේ පණ යදිමින් එලෙස කඳුළු සලා හඬන විට අසේකා විජේවර්ධන නම් නාට්‍යාංගනාව චන්න විජේවර්ධනයන්ගේ උරහිස මත ඇගේ දෑසින් වැටෙන කඳුළක සලකුණ තැබුවේ උපන් දා පටන් වාසය කළ කැදැල්ල හැරදා පියමනින්නට වූ සුන්දර සමුගැනීම හමුවේ සංවේදී වූ හේතුවටය. මනාලයාගේ පාර්ශ්වය වෙත පියවර තබන්නට හිම කුමරියක මෙන් සැරසී සිටි අසේකා දෝණි, වරින් වර ඉකි ගසමින් සෙමින් හඬන ආකාරය දැක චන්න තාත්තා ඇගේ හිස ගෙන තම උර මත හොවාගන්නා දර්ශනය මුහුණු පොතෙහි විජේවර්ධන පවුලේ සමීපතමයකු විසින් මුදාහැර තිබුණේ එය ඇස ගැටෙන ඕනෑම අයකුගේ හිත සැලෙන ආකාරයටය.

විවාහ උත්සවය අවසාන වීමට ආසන්නයේ අසේකා තාත්තා සමග ජනප්‍රිය ගීත කිහිපයක් වෙනුවෙන් අලංකාර නර්තනයක යෙදුණේද ඇස් දෙකේ කඳුළු පුරවාගෙනය.

‘ඇයි මේ කඳුළු…? අඬන්න එපා. ඔය මේකප් එකත් හේදෙයි…’

චන්න විජේවර්ධන ඉතා ළබැඳිව දූට මුහුණමින් ඇගේ දෑස් අග ඇඟිලි තුඩින් පිසදමනකොට අසේකාට තවත් තදින් ඇඬුණේය. ඒ හැඬිල්ලට නම් ඇයට තාත්තාගේ උරහිස නැතුවම බැරි විය.

එකම කාලවකවානුවක තම තාත්තලාගේ උරහිස් අද්දර කඳුළු සැලූ තවත් එක් දුවණියක වූයේ ශ්වේතා පෙරේරාය. ඈ ප්‍රකට සංගීතවේදී නලින් පෙරේරාගේ එකම දූ පොඩ්ඩය. ශ්වේතාගේ කඳුළු කතාවද මාධවී ඇන්තනීගේ කඳුළුවලට සමාන නොවුණද, අසේකා විජේවර්ධනගේ කතන්දරයට සමාන විය. ශ්වේතාද දෙව් මැඳුර තුළ දෙවියන්ගේ අල්තාරය අබියස ඇගේ තාත්තාගේ උරෙහි හිස හොවා කිරි දරුවකුසේ හෝ ගා හැඬුවේ තම කැදැල්ලෙන් සමුගෙන යන දෝමනස්සයටය.

අසේකාට වැඩිය නලින්ගේ දුව ගොඩක් හැඬුවා නේදැයි කියා බස් එකේ, කෝච්චියේ ගෑනු කට්ටිය කතාවෙන තරමට ශ්වේතා තාත්තාගේ උර මත හැඬුවා. ඒ කඳුළුවල හයිය සහ ගැම්ම කොච්චරද කියනවා නම් දූගේ කඳුළුවල සීතල ළඟ එහි ශෝකවත් බව තුළ තම උරහිස තෙමාලූ සංවේදී බව තුළ නලින් පෙරේරාද තිගැස්සුණේය.

‘අඬන්න එපා පුතේ…’ කියා දූට කෙඳිරුවද තාත්තාද දූගේ කඳුළ ළඟ තම කඳුළ මුදාහැරියේය. දූ වෙනුවෙන් නලින් නිර්මාණය කළ ගීතය සජීවීව කියාගන්නට බැරිවන තරමට ශ්වේතාගේ දෙකම්මුල් මත ගලා ගිය කඳුළ තාත්තාව නිහඬ කොට තිබිණි.

තරුණ කතුන් තුන්දෙනකුගේ කඳුළ ගැන කියන මේ කතන්දරය කොහොමත් අමුතු සිදුවීමක් තමයි කියා මෙය කියවන ඔයාලටත් හිතුණා නම් එය පුදුම නැත. දූවරු තුන්දෙනාගේම තාත්තලා කලාකරුවන්ය. ඒ තාත්තලා තුන්දෙනාටම ඉන්නේද එකම එක දූ කෙනෙකි. ඒ දූලාද පවුලේ පළමු දරුවා ලෙස මෙලොවට බිහිවූවන්ය. තුන්දෙනාම කඳුළු සලා හඬන්නට ගත්තේද තාත්තලාගේ උරහිස් මතය. අනෙක් සියල්ල සිදුවූයේද එකම කාලසීමාවකය.

එකම කාලයක එකට කඳුළු සලන්නට ගත් මේ ප්‍රසිද්ධ දූවරුන් තුන්දෙනාගේ සංවේදී කතා පුවතෙහි වෙනසකට ඇත්තේ මාධවී ඇන්තනී තම තාත්තාට අභය දානය දෙන්නැයි කියා දෙවියන් හමුවේ කන්නලව් කරන විට අනෙක් සුකුමාල කෙල්ලන් දෙදෙනා තාත්තලාගෙන් සමුගෙන කැදැල්ල හැර යන දුකට හඬන එකය.

කොහොම වුණත් රටේ දහසකුත් එකක් තව ප්‍රශ්න තියෙද්දී හැම තැනකම වාගේ මේ කඳුළු කතන්දරය ගැන සංවේදී කතාබහ හැම තරාතිරමකම මිනිසුන් අතර හුවමාරු වෙන එක නම් සුවිශේෂ සිදුවීමක් බව නොකියාම බැරිය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනාධිපතිගෙ අශිෂ්ට දඩයමට එරෙහිව ඩලස් අගමැතිට ලියුමක් ලියයි!

Next Post

බුදුන් වහන්සේ වැඩ සිටි බුද්ධගයාව ලෝකෙට පෙන්වූ නූතන ඩිජිටල් සිත්තරා… (PHOTOS)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.