• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගෙ අශිෂ්ට දඩයමට එරෙහිව ඩලස් අගමැතිට ලියුමක් ලියයි!

August 19, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවෙන් ගැලවුණු ඩලස්-ජී.එල්. ඇතුලු 11ක කණ්ඩායම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි! ආණ්ඩුවෙන් එළියට බහින්න ගත් තීන්දුවට බලපෑ හේතු කියයි! (LIVE VIDEO)
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳව පවසා තිබෙනවා.

එහි පිටපත් ජනාධිපතිවරයා,කතානායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක, විපක්ෂයේ නායක මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංවිධානය (IPU) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPU) වෙතද යොමුකර තිබුණා.

එම ලිපිය මෙසේය.

“ගරු අගමැතිතුමනි,

පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීම.

නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ දී, ජුලි 20 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී මා වෙත සෘජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කොට තිබේ. එසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩණයට ගොදුරුව ඇති ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරවු කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනීසිටි මහජන නියෝජිතයන් බැවින් ඒ පිළිබඳව මාගේ කණගාටුව ද විරෝධය ද එයට උරුම වූ පිළිකුල ද පළමුවෙන්ම මම මෙසේ සටහන් කරමි.

ගරු කතානායකතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබූ ලේඛනවලට අනුව, පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව (Business Committee) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (Public Finance Committee) සඳහා පත්වීම් සිදු කිරීමේ දී මෙහෙයුම් කමිටුවේ අඛණ්ඩව දශක ගණනාවක් සේවය කළ මා ඉවත්කොට තිබීම අශීලාචාර වුව ද අසංස්කෘතික දේශපාලන පරිසරයක එය තේරුම් ගත හැකි කරුණකි. එහෙත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මා ගේ නම ස්ථිර කරනු ලැබූ මෙන්ම, මා මෙන්ම දිගු කාලයක් එම කමිටුව නියෝජනය කළ ජාත්‍යන්තරය පිළිගත් බුද්ධිමතෙකු වන පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරීස් මැතිතුමා ඉවත් කිරීම මෙන්ම ජනාධිපතිවරණයේ දී මා ගේ ගණන් කිරීමේ නියෝජිතයා වූ නීතිඥ ඩිලාන් පෙරේරා සහ මා ගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙකු වූ ආචාර්ය නාලක ගොඩහේවා යන මන්ත්‍රීන් දෙපළ ජාතික වගකීමක් සේ සලකා මහත් කැපවීමෙන් කටයුතු කළ ගිණුම් කාරක සභාවෙන් නෙරපා හැරීම නිසැකවම ස්වාභාවික යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයන් ද උල්ලංඝනය කිරීමකි.

කතානායකවරයා විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ ද, ඉහත සඳහන් කප්පාදු කිරීම්වලට අමතරව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුවේ (COPE) සභාපතිවරයා ලෙස දූෂණයන්ට එරෙහි අනම්‍ය පිළිවෙතක සිට කටයුතු කොට මහජන ගෞරවය ඉහළින් දිනාගත් මහාචාර්ය චරිත හේරත් මහතා ගේ නම ද ආණ්ඩුවේ ලේඛනයෙන් උගුල්වා පාර්ලිමේන්තුව වෙත යොමු කොට ඇති බව ද, ඔහු මා නියෝජනය කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ බව ද ඔබතුමාට රහසක් නොවේ. එසේම, මෙම කමිටුව නියෝජනය කරනු ලැබූ ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා ද මා ගේ සමීපතම ආධාරකරුවෙකු වීම හේතුවෙන් මෙහිදී ආණ්ඩුවේ උදහසට ලක්ව ඇත.

ගරු අගමැතිතුමනි, එක් අතකින් ගරු ජනාධිපතිවරයා විසින් රට ගොඩනැගීම සඳහා සියලු බේද පසෙකලා සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා යෝජනා කරන අතරතුර අනෙක් අතට, ජනාධිපතිවරණයේ ඔහු ගේ ප්‍රධාන ප්‍රතිවාදීයා ද, ඔහු ගේ සමීපතයන් ද මෙලෙස දඩයම් කිරීම තුළින් නැවත නැවතත් පිළිඹිබු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව, ගිලන්ව සිටින ශ්‍රි ලාංකේය කෛරාටික දේශපාලනයේ නෂ්ටාවශේෂ නොවේ ද?

මේ අනුව, නිසැකවම පැහැදිලි වනුයේ මීට දින 21 ට පෙර ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ අරුත්සුන් හිස් ප්‍රලාපයක් බව පමණි. එමනිසා, ජනසම්මත වාදය සහ ලිච්ඡවී ප්‍රතිපත්ති පිළිබඳව උස් හඬින් කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත ලෙස සළකන පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට “ජරාතන්ත්‍රවාදය’’ ආදේශ කිරීමකි යි යන මා ගේ නිර්වචනය කාරුණිකව පිළිගනු මැනවි.

ගරු අගමැතිතුමනි, පාර්ලිමේන්තුව තුළ මිතුරන් සේ අතට අත දෙන බොහෝ දෙනා ගේ ඇඟිලිකරු අතර නිර්වස්ත්‍රව පෙනෙන කුහකකම පසුකාලීනව හෝ හඳුනාගැනීමට හැකිවීම සතුටට කරුණකි. එම සතුට අපට දිරිය, සවිය හා ආරක්ෂාව සපයන යෝධ බලයන් වනවාද ඒකාන්තය. එබැවින්, කුමන කෙණෙහිලිකම් මැද වුව ද අචලව අනාගතය දෙස පමණක් සුබවාදීව බැලීමට අපි ඒකමතිකව තීරණය කළෙමු.

මෙම ලිපිය කිසිවෙකු ගේ සිත රිදවීමේ අරමුණින් හෝ අප කිසිවකු ගේ අහිමි කළ තනතුරු ඉල්ලා කරනු ලබන ආයාචනයක් ලෙස හෝ ඒ වෙනුවෙන් කරනු ලබන බැගෑපත්වීමක් ලෙස නොව වත්මන් දෙබිඩි පාලනයේ දෙබිඩි පිළිවෙතට එරෙහි “උණ්ඩයක්” ලෙස ඔබතුමා විසින් පිළිගනු ඇතැයි යන්න මා ගේ අවංක විශ්වාසයයි.

අවසාන වශයෙන්, මානව අයිතිවාසිකම් සහ පීඩනයන්ට එරෙහි සටනේ අද්විතීය චරිතයක් ලෙස ඔබතුමන් ගේ ද, මා ගේ ද නොමද ගෞරවයට පාත්‍ර වූ මාටින් ලූතර් කිං නම් ශ්‍රේෂ්ඨයා ගේ යුගාන්තරව නොමියෙන වචන කීපයකින් මෙම සටහන නිමා කරමි. “සතුරන් නිර්මාණය කිරීමට ඔබට යුද්ධයක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ ඔබගේ සිතුවිලි ඉදිරිපත් කිරීම පමණි”.

බෙහෙවින්ම ස්තුතියි,

මම – විශ්වාසී

ඩලස් අලහප්පෙරුම ( පා.ම)

SendShareShare
Previous Post

16ක් එළියට දමයි! වසන්තව රැඳවුම් නියෝග යටතේ තියාගනී!

Next Post

තාත්තලා තුන් දෙනෙක් දුවලා තුන් දෙනෙක්…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.