දිවයින පුරා විසිරී සිටින ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට දණ්ඩ නීති සංග්‍රහයේ නීතිරීති හරස් වීම නිසා එම මෙහෙයුම් නිසියාකාරව කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරිවරුන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්, වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මෙතෙක් අත්අඩංගුවට ගෙන හෝ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති ව්‍යාජ වෛද්‍යවරුන් සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාලේඛන කිසිවක් තම සංගමයට ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.
මේ සඳහා නීති පැනවීමට අදාළ කමිටු කිහිපයක් පත්කර මාස ගණනාවක් ගතව ඇතත් මෙතෙක් ඒවායින් ගෙන ආ යෝජනා නීති සංශෝධන සඳහා ඉදිරිපත්වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය නිසා රෝගීන්ට වැරැදි බෙහෙත් ලබාදෙන ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන් රෝගී ජීවිත අවදානමකට ලක්වීමේ ප්‍රවණතාවද ඉහළ ගොස් ඇත.
ව්‍යාජ වෛද්‍යවරුන් මර්දනය නොකිරීම තව තවත් පමා වීම නිසා මහජන සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී ඇති බවත්, එය රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ටද බලපා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරිවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න