• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංජා ගහන්න ගිය රටවල් වලට වෙච්ච ඇබැද්දිය I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපනයනය සඳහා පමණක් ගංජා පාදක නිෂ්පාදන සිදුකිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.(Sri Lanka Latest News)

වාර්තා වන අන්දමට ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භූමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා ගංජා වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගනු ඇතැයි ද සඳහන්ය.

විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති රටක් නිසාදෝ පසුගිය සතියේ මෙම පුවත මහත් කතාබහට ලක්වනු දක්නට ලැබිණි. රජයේ ඉඩම්වල ගංජා වැවීමට ප්‍රතිපාදන ඉදිරියේදී සකස්වන ආකාරය ගැන අපට අවබෝධයක් නොවේ. නමුත් ගංජා සඳහා ලෝකයේ පවතින ඉල්ලුම හා සැපයුම පිළිබඳ දළ අදහසක් ඇති නම් ගංජා ගැසූ එකෙක් මිස පියවි සිහියෙන් වැඩකරන එකෙක් ගංජා විදෙස් රටවලට අලෙවි කොට ඩොලර් උපයන්නට හිතන්නේ නැත.

ගෝලීය ගංජා වෙළෙඳපළේ ස්වරූපය

ගෝලීය ගංජා වගා වෙළෙඳපළ ප්‍රමාණය 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 392.1ක් ලෙස අගය කර ඇත. මීට අමතරව, ගංජා වගාවට අදාළ නීති ලිහිල් කිරීම, විවිධ භූගෝලීය ප්‍රදේශවල මරිජුවානා නීතිගත කිරීම ගංජා වගාව සඳහා වෙළෙඳපළ තල්ලු කරන සාධක බවට පත්වී ඇත.

නමුත්, වසර පහකට පමණ පෙර කැලිෆෝනියාවේ විශාලතම වෙළෙඳපොළක්ව තිබූ ගංජා අලෙවිය පළමු වරට අඩු වූ බව Forbes සඟරාව 2023 පෙබරවාරි 28 වැනිදා පළකළ වාර්තාවකින් කියා තිබිණි. කැලිෆෝනියා බදු සහ ගාස්තු පරිපාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව 2022 දී නීතිමය ගංජා විකුණුම් ඩොලර් බිලියන 5.3 දක්වා ළඟා වූ අතර, එය 2021 දී 8.2%කින් අඩු විය. මෙහිදී ගංජා සිල්ලර විකුණුම් පහත වැටීම යන්නෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයා අධික බදු ගෙවීමෙන් වෙහෙසට පත්ව සිටින බැවින් නීතිමය නිෂ්පාදන වෙනුවට එය මිතුරකුගේ මිතුරකුගෙන් හෝ කෙළවරේ සිටින පුද්ගලයාගෙන් මිලදී ගැනීමට පෙලඹී සිටීමය.

2022 දී Huckleberry Hillහි සියලු ගංජා නිෂ්පාදන විකුණා තිබියදීත්, Casali නම් ව්‍යාපාරිකයා විසින් වසර සඳහා ඩොලර් 50,000ක පාඩුවක් වාර්තා කළේය. කැලිෆෝනියාවේ ගංජා තොග මිල වසරින් වසර 26%කින් පහත වැටී ඇති බව Cantor Fitzgerald පවසයි.

පසුගිය ගිම්හානය වන විට, කැලිෆෝනියාවේ ගංජා තොග මිල 50%ට වඩා අඩුවී ඇති බව ආයතනික ශ්‍රේණියේ තොග මිල ගවේෂකයකු වන New Leaf Data Services පවසයි.

ෆෝබස් සඟරාව කියන කතාවක්

එහිදී Forbes සඟරාව මෙසේ කියයි.

‘මේ සියල්ලෙන් අදහස් කරන්නේ මිලියන 40ක පදිංචිකරුවන් සඳහා නීත්‍යනුකූල බෙහෙත් ශාලා 1,000ක් පමණ ඇති කැලිෆෝනියාවේ, එහි දේශසීමා තුළ නීත්‍යනුකූලව පරිභෝජනය කළ හැකි ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ගංජා වගා කරන බවයි.’

‘ගංජා අතිරික්තය නීතිමය කර්මාන්තයේ මිලට සහ නීති විරෝධී වෙළෙඳපොළෙන් දැඩි තරගයකට හේතු වී තිබේ.’

‘කැලිෆෝනියාවේ සහ වෙනත් ප්‍රාන්තවල බලපත්‍ර සහිත ආයෝජකයකු පවසන්නේ ෆෙඩරල් අපරාධයක් වන නීත්‍යනුකූල නොවන ගංජා වැඩි වශයෙන් අපනයනය කරන බව තමා දකින බවයි. එබැවින් රාජ්‍ය තුළ බෙදීගිය වෙළෙඳපොළක් වෙනුවට නීත්‍යනුකූල සහ නීති විරෝධී ක්‍රියාකරුවන් සහිත එකක්. මේ දෙක අතර වැඩි අන්තර් ක්‍රියාකාරිත්වයක් පවතී..’ යනුවෙනි.

කැමරිලෝහි වර්ග අඩි මිලියන 1.5ක හරිතාගාරයක් සහිත කැලිෆෝනියාවේ මෙගා ගංජා නිෂ්පාදකයකු වන ග්ලාස් හවුස් බ්‍රෑන්ඩ්ස්හි සමනිර්මාතෘ ග්‍රැහැම් ෆාරාර් පවසා ඇත්තේ 2021ට වඩා 2022 දී කැලිෆෝනියානුවන් අඩුවෙන් ගංජා දුම් පානය කළ බව ඔහු නොසිතන බවයි. ෆාරාර් සිතන්නේ මේ බිඳවැටීමට හේතුව නීති විරෝධී ගංජා වෙළෙඳපොළ බවයි. මිල අනුව නීත්‍යනුකූල වෙළෙඳපළ අභිබවා යමින් පාරිභෝගිකයන් අඩු මිල ගණන් සොයා යයි. ෆාරාර් පවසන්නේ තාවකාලික බදු විරාමයක් ඇත්නම් එය ගංජා කර්මාන්තයට උපකාරී වනු ඇති බවය.

ෆාරාර්ගේ මේ පැහැදිලි කිරීම්වලින් අදහස් වෙන්නේ මේ වන විට ගංජා සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇති බවය. එසේම නීති විරෝධී වගාවන් නිසා ලෝකයේ රටවල අතිරික්ත ගංජා නිෂ්පාදනයක් පවතින බවය.

අප ගංජා වවා පිටරට පටවමින් ගොඩයන්න හදන්නේ මේ ලෝක වෙළෙඳපළ තත්ත්වයක් තුළය.

ලෝක වෙළෙඳපළේ ගංජා අතිරික්තය

නීත්‍යනුකූලව ගංජා වවන මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජාත්‍යන්තර දැක්ම වන්නේ දිගුකාලීන ගංජා ව්‍යවසායකයන් සඳහා නීතිමය වෙළෙඳපොළ ප්‍රමාණවත් ආර්ථික දිරිගැන්වීමක් ලබා නොදෙන්නේ නම් මෙම ව්‍යාපාරය පවත්වාගත නොහැකි බවය.

‘නීත්‍යනුකූල වෙළෙඳපොළට ඇතුළු වූ පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ නීත්‍යනුකූල වෙළෙඳපොළේ රැඳී සිටීමටත් රාත්‍රියේ හොඳින් නිදාගැනීමටත්ය’ යනුවෙන් ප්‍රකට ගංජා ව්‍යවසායකයෙක් වූ කැසාලි පවසයි. ඔවුන් පවසන්නේ තත්ත්වය මෙය නම් ඔවුන්ට ඇති විකල්පය නීත්‍යනුකූල නොවන වෙළෙඳපළට ඇතුළු වීම බවය.

ලොව පුරා කංසා නීතිගත කිරීමත් සමග වෙළෙඳපොළේ නිෂ්පාදනය වැඩි වීමත්, අධික බදු හමුවේ නිපදවන නීතිමය නිෂ්පාදනවලට නීති විරෝධී නිෂ්පාදන සමග තරග කිරීමට නොහැකි වීමත් මේ වනවිට ලෝකය ඉදිරියේ ඇති ගැටලුව වී තිබේ. සමස්තයක් ලෙස අවසානයේ දී සිදු වී ඇත්තේ මුළු නිෂ්පාදනයන්හිම මිල අඩු වීමය. එමෙන්ම ලෝක මට්ටමින් අතිරික්ත කංසා නිෂ්පාදනයක් ඇති වී තිබීමය.

ඒසේම, OPB වෙබ් අඩවිය 2023 ජුනි 14 වැනිදා පළකළ ප්‍රවෘත්තියකින් කියන්නේ වසර හතකට පෙර මරිජුවානා කර්මාන්තය නීතිගත කිරීමෙන් පසුව ඔරිගන්හි විනෝදාත්මක ගංජා කර්මාන්තය නරකම ආර්ථික තත්ත්වයන්ට මුහුණ දී සිටින බවය.

මරිජුවානා ග්‍රෑම් එකක සාමාන්‍ය මිල ඩොලර් 4 දක්වා පහත වැටී ඇති බවත්, එය මෑත රාජ්‍ය අයවැය පුරෝකථනයකට අනුව වාර්තාගත අඩු අගයක් බවත් එම ප්‍රවෘත්තිය කියා සිටියි.

TJ Sheehy ඔරිගන්, මත්පැන් සහ ගංජා කොමිසමේ විශ්ලේෂණ සහ පර්යේෂණ අධ්‍යක්ෂවරයා වේ. ඔරිගන් සිල්ලර වෙළෙන්දන්ට නව පාරිභෝගිකයන් නැති වී යන බවත්, එය ඉල්ලුම අඩුකරන බවත් ඔහු එම වෙබ් අඩිවියට කියා තිබිණි.

‘මිලට වඩාත් සංවේදී වූ සහ නීති විරෝධී වෙළෙඳපොළට සාපේක්ෂව මිල මත පදනම්ව පරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ තීරණ කරනු ලබයි. ඔවුන් දැනටමත් එම වෙළෙඳපොළට ඇතුළු වී ඇත’ Sheehy පැවසීය. ‘ඒ නිසා අපිට පැත්තක ඉන්න අය තව දුරටත් අපේ වෙළෙඳපළට පැමිණෙන්නේ නැහැ.’ ඔහු කියා තිබේ.

Sheehy පැවැසුවේ ගොවීන් අවම වශයෙන් වසරකට පෙර මරිජුවානා වගා කිරීමට සැලසුම් කර ඇති නිසා, පාරිභෝගික ඉල්ලුමේ වෙනස්කම් අපේක්ෂා කිරීම දුෂ්කර බවය. එය වත්මන් අධික සැපයුම නිර්මාණය කිරීමට උපකාරී වී ඇත.

ඔරිගන්හි ගංජාවලින් 85%ක් පමණ එළිමහනේ වගාකරන බව ෂීහි පැවසීය. ෂීහිට අනුව පසුගිය වසරේ ඉල්ලුමට වඩා දෙගුණයක් පමණ ගංජා සැපයුමක් තිබිණි.

ඉලිනොයිස් නිම්නයේ නීත්‍යනුකූල ගංජා ගොවිපළක් ඇති වගාකරුවකු සහ නිෂ්පාදකයකු වන East Fork Cultivars හි ප්‍රධාන විධායක නිලධාරී මේසන් වෝකර් පැවැසුවේ, මේ වසර තුළ ඔවුන් බරපතළ අලාභයක් සහිතව කනගාටුවෙන් යුතුව නිමා කිරීමට අපේක්ෂා කරන බවය.

්පාරිභෝගික ඉල්ලුම අඩුවෙමින් පවතින නිසා බොහෝ සිල්ලර වෙළෙන්දන් ඔවුන්ගේ බඩු තොග සඳහා විශාල වට්ටම් ලබාදෙන බව මම සිතමි. සිල්ලර වෙළෙඳපළ මට්ටමේ මිල තරගයක් තිබේ.’ යනුවෙන් වෝකර් කියා තිබිණි. 2023 වසරේ අප්‍රේල් 01 වැනිදා බොස්ටන් නිව්ස් පළකළ ලිපියකින් කියන්නේද මැසචුසෙට්ස්හි ගංජා අධි සැපයුමක් පවතින නිසා වෙළෙඳපොළේ ගංජා මිල අඩු වී ව්‍යාපාරිකයන් අපහසුතාවට පත්වී ඇති බවයි.

රාජ්‍ය දත්තවලට අනුව මැසචුසෙට්ස්හි නීත්‍යනුකූල ගංජා සඳහා පාරිභෝගිකයන් ගෙවන මිල වසර පහකින් අඩු මට්ටමක පැමිණ ඇත. එය පාරිභෝගිකයන් සඳහා කෙටිකාලීන ජයග්‍රහණයක් වුවද, ව්‍යාපාර සඳහා දිගුකාලීනව එය නරක ආරංචියක් බව එම ප්‍රවෘත්ති ආයතනය කියා තිබේ.

භෝගයේ තොග වටිනාකම විශාල ලෙස අඩු වී ඇති අතර, සිල්ලර මට්ටමින්, ව්‍යාපාර විසින් කෙටි කලකට පෙර ඔවුන් ගෙන ආ ආදායමට සමාන කිරීමට කලින් ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ අලෙවි කළ යුතුව ඇති බවත් එහිදී කියැවේ.

මැසචුසෙට්ස්හි Nature’s Remedy හි මවු සමාගම වන Jushi හි ප්‍රධාන උපාය මාර්ග අධ්‍යක්ෂ ට්‍රනේට් වොලොවෙක් පැවසුවේ, ‘වෙළෙඳපොළ තුළ යම් යම් ස්වභාවික දිරාපත්වීමක් සිදුවනු ඔබ දකිනු ඇති’ බවයි.

කර්මාන්තයේ බහුවිධ ව්‍යාපාරික විධායකයන් NBC10 Boston වෙත පවසන්නේ නිෂ්පාදනයේ අධික සැපයුම මිල පහත වැටීමේ ප්‍රධාන වැරැදිකරු බවයි. 2023 පළමු මාස දෙක තුළ වැඩිහිටි භාවිත විකුණුම් ඩොලර් මිලියන 200කට ආසන්න නමුත් සැපයුම ඉල්ලුම අභිබවා යන බවට වාර්තා සපයා තිබේ.

ගංජා සඳහා අධි සැපයුමක් පවතින බවත් ඉල්ලුම් – සැපයුම් න්‍යාය කුලුගන්වමින් අධි සැපයුමට සාපේක්ෂව වෙළෙඳපොළේ ගංජා මිල බොහෝ සෙයින් අඩුවී ඇති බවටත් මේ ගෙනහැර දක්වා ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි. එයට උදාහරණ ඕනෑ තරම් google සෙවුමෙන් ඉතා පහසුවෙන් ඔබට සොයාගත හැකිය.

රජයේ ඉඩම්වල ගංජා වගාකොට විදෙස් රටවලට විකුණා ඩොලර් ගේනවා යැයි උජාරුවට පැවසීම පහසුය. නමුත් ලෝකයේ පවතින ගංජා අධි සැපයුම හමුවේ ශ්‍රී ලංකාවේ ගංජා නිෂ්පාදනය රුපියල් අස්සේ අලුක්කාල් පමණක් වනු ඇති බව ‌මොළයක් ඇති ඕනෑම පංචස්කන්ධයකට තේරුම් යනු ඇත.

ලලංක ජයකොඩි (ලංකාසර වෙබ් අඩවියෙනි)

SendShareShare
Previous Post

ඉස්සර වගේ හරියට තෑගි ඇදෙන්නෙත් නෑ කියලා මිනිස්සු චෝදනා කරන ලොතරැයිවල මිල විරෝධය නොතකා 6 වැනිදා සිට 100%කින් වැඩි කරයි! I Sri Lanka Latest News

Next Post

රනිල් කියපු කතාවෙයි මහබැංකු අධිපතිගෙ කතාවෙයි ලොකු පරස්පරයක් තියෙනවා! දාපු කැබිනට් පත්‍රිකාව වහාම එළියට දාන්න! මේ හදන්නේ EPF-ETF සල්ලි ‌ආපහු කොල්ලකන්න! මහින්දගෙ කාලෙ ඉඳන් දිගටම EPF-ETF එකෙන් මේ අය හොරා කෑවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.