මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තරව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ කණ්ඩායම් 30ක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලටද දේශීය නිරීක්ෂකයන් වැඩි සංඛ්‍යාවක් යෙදවීමටත්, ජංගම නිරීක්ෂණ කණ්ඩායම් සඳහා ලබාදෙන වාහන ප්‍රමාණය වැඩිකිරීමට තීරණය කොට ඇති බවද ඔහු සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් නොව මෙවර රාජ්‍ය බලයක් පාවිච්චි කිරීමක් සිදු නොවනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඒ නිසාම සාමකාමී මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ඉටුවන බවට විශ්වාස කළ හැකි බවද ඔහු පැවැසීය.
පසුගිය ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම පිළිබඳ මෙරටට පැමිණ සිටි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ පැසසුමට ලක්වූ බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










