රජයේ වාහන යළි රජයට භාර දෙන ලෙසත් එවැනි රථ වාහන පිළිබදව තොරතුරු දන්නේ නම් ඒ පිළිබදව දැනුම් දීම සදහා දුරකථන අංකයක් හදුන්වා දීමත් සමඟ, ඊයේ සහ අද රජයට අයත් වාහන දෙකක් අතර මග දමා ගොස් තිබීමේ පුවත් දෙකක් වාර්තා විය. Sri Lanka Latest News
ඊයේ රජයේ නිල ලාංඡනය සහිත රජයට අයත් වාහනයක් හෝමාගම රෝහල් පරිශ්රය තුළ දමා ගොස් තිබුණු අතර, අද තවත් රජයට අයත් වාහනයක් බෙලිඅත්තේ පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
බෙලිඅත්තේ දමාගොස් ඇති රජයේ වාහනය භාවිතා කර තිබෙන්නේ තංගල්ල ප්රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයෙකි.
මෙම උපසභාපතිවරයා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා හම්බන්තොට දිස්ත්රික්කයෙන් නාම යෝජනා භාර දී තිබෙන බවද වාර්තා වේ.










