• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිල ගෙවන්න විදියක් නෑ, වප් පෝයට පන්සල් ඔක්කොම කළුවර කරන්නයි හදන්නේ කෝ මේ සිංහල බෞද්ධ නායකයෝ…

October 4, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ලයිට් බිල ගෙවන්න විදියක් නෑ, වප් පෝයට පන්සල් ඔක්කොම කළුවර කරන්නයි හදන්නේ කෝ මේ සිංහල බෞද්ධ නායකයෝ…
Share on WhatsAppShare on Facebook

බෞද්ධයෝ ලෝකයේ බොහෝ රටවල දිවි ගෙවති. එහෙත් සිංහල බෞද්ධයන් වූ කලී ශ්‍රී ලංකාද්වීපයටම අනන්‍ය වූ අමුතුම ජන කොටසකි. ලෝකයේ අන් රටවල වෙසෙන බෞද්ධ ප්‍රජාව කිසිම අවස්ථාවක තමන් කතාකරන භාෂාව සහ අදහන ආගම මිශ්‍රකොට අමුතු ජන කොටසක් ලෙස නැඟී සිටීමට උත්සාහ නොගන්නාමුත් ශ්‍රී ලංකාද්වීපයේ වසන සිංහල බෞද්ධයෝ ඊට ඉඳුරාම වෙනස්ය. ඔවුන් සෑම තැනකදීම පෙරට දමන්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය. එමතුදු නොව මේ භූමියේ සහ බුදු දහමේ උරුමක්කාරයන් වන්නේද පොල්මඃකාරයන් වන්නේද ඔවුහුමය. ලංකාවේ දේශපාලනය, භාෂාව, සංස්කෘතිය හා සබැඳි කරුණුවලදී මතු නොව අන් ඕනෑම කරුණකදී තීරණාත්මක බලය තම අත තබා ගැනීමට මෙකී සිංහල බෞද්ධෝත්තමවාදීන් ගන්නා උත්සාහය සුළුපටු නොවේ.

මෑත කාලීනව ලංකාවේ දේශපාලනයේ බොහෝ සටන් පාඨ නිර්මාණය කරන්නට මුල් වූයේ මෙකී සිංහල බෞද්ධයෝය. වාර්ගික සහ ආගමික සුහදතාව නැතිභංග කරන්නට වෛරී මතවාද පැතිරවූ මොවුන් අතර ගිහියෝ මෙන්ම පැවිද්දෝද වූහ. පසුගිය කාලයේ සිංහල බෞද්ධෝත්තම ව්‍යාපාරයට නායකත්වය දුන් ගිහිපැවිදි දෙඇත්තෝ රටට කරන ලද විනාශය සුළුපටු නොවේ. මාගල්කන්දේ සුදත්ත, මැදගොඩ අභයතිස්ස, අතුරලියේ රතන සහ ගලගොඩඅත්තේ ඤාණසර වැනි භික්ෂූහු සිංහල බෞද්ධ ව්‍යාපාරයට පැවිදි නායකත්වය සපයද්දී උදය ගාම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, ඩෑන් ප්‍රියසාද් වැන්නෝ ඊට ගිහි නායත්වය සැපයූහ. මේ සියල්ලෝම රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් දේශපාලනයේ නියුතු වූවෝය. පොදු මහජනයා ‘වොයිස් කට් නිකාය’ ලෙසින් පෙර සඳහන් භික්ෂුන් හැදින්වූ අතර ඔවුන් වොයිස් කට් එකක් නොදුන් නාලිකාවක්, පුවත්පතක් සොයාගැනීම නොමළ ගේකින් අබ මිටක් සොයනවාට වඩා අසීරු කරුණක් විය. ඒතරමටම සිංහල බෞද්ධ නායකයෝ සමාජගතව සිටීහ. සිංහලයාට විරුද්ධ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන මුලින්ම රටට කීවේ ඔවුන්ය. කිසිදු ඉතිහාස පොතක ලියවී නැති, පුරාවිද්‍යා ගවේෂණයකින් තහවුරුව නැති මනෝ විකාර සාඩම්බර ඉතිහාසය ලෙසෙන් තරුණ පරපුරට කියා දුන්නේ ඔවුන්ය. සිංහල බෞද්ධ ජනයා වඳ කරන මුසල්මානුවන්ගේ කොත්තු රොටිය ගැන සමාජය දැනුවත් කළේ මොවුන්ය. ඊට එරෙහිව සටන් කළ හැකි දියසෙන් කුමාරයා කවුරුන්දැයි ලාංකේය ඡන්දදායකයන්ට යවහන් හැර පෙන්වා දුන්නේද ඔවුන්ය. ඔවුන් තෝරා ජනතාව අතට දුන් නායකයා වූ ගෝඨාභය රාජපක්ෂගේ පාලනය විසින් ඇතිකරන ලද ආර්ථික අහේනිය අවසානයේ මිනිසුන් නොව කොත්තු රොටිය වඳකර දමුවේය. ඒ ආකාරයෙන් රට ගිනිතියන මතවාද පතුරවමින් සිටි මෙකී සිංහල බෞද්ධ බලවේග මෑතක සිට පෙන්වනුයේ පුදුමාකාර නිහඬතාවකි.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆී නාඩගමේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළේ ඔවුන්ය. එකී නාටකය කෙතරම් තදින් සමාජගත වූයේද යත් මෙරට පතල හිමිනමක් වෛද්‍ය ෂාෆීට ගල් ගැසිය යුතු බවට කැති පොලු බණක් දෙසුවා අපට මතකය. අදටත් පාර්ලිමේන්තුවේ සිටින අතුරලියේ රතන හිමියෝ සිංහල බෞද්ධයන් වඳ කරනවාට එරෙහිව ‘කුරුණෑගල සටන’ ආරම්භ කළෝය. ඉන්ද නොනැවතුණු උන්වහන්සේ ගර්භාෂය සහ පැලෝපීය නාළ සහ සමස්ත ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ගැන විiුත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දනුවත් කළෝය. පැවිදි නායකත්වය එසේ ක්‍රියාකාරී වෙද්දී ගිහි නායකත්වයද නිකම් සිටියේ නැත. ගර්භාෂ යුද්ධය නමැති අලුත්ම වදන නිර්මාණය කරමින් සටනට එක්වූ විමල් වීරවංශද එදා නියෝජනය කළේ සිංහල බෞද්ධ ව්‍යාපාරයේ ගිහි පාර්ශ්වයයි. අවසානයේ දීර්ඝ කාලීන වැඩ තහනමකට ලක්ව සිටි වෛද්‍ය ෂාෆීට යළි හිඟ වැටුප් සමග රැකියාව හිමිවෙද්දී සිංහලයාට එරෙහි ගර්භාෂ යුද්ධය ගැන ටොන් ගණනින් බොරු කියූ ගිහි පැවිදි නායකයෝ සිටි තැනක් සොයාගැනීමට නැත. මුසල්මානුවෙක් වුවද වෛද්‍ය ෂාෆී සිය හිඟ වැටුප රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීමට පරිත්‍යාග කළේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවට වූ බුදු වදන බෞද්ධයන්ට ප්‍රායෝගිකව පසක් කර දෙමිනි.

මහින්දලාගේ ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයට එරෙහිව ලිබරල් කැම්පේන් එකක් කර එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේනද ඇඟට නොදැනීම සිය පීල්ල මාරුකර සිංහල බෞද්ධ ව්‍යාපාරයට එක් වූයේය. ඉන්ද නොනැවතී අධිකරණයට අපහාස කරන ලදැයි මහෙස්ත්‍රාත්වරයකු අභියාචනාධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවකට වැරදිකරු වී සය වසරක සිරදඬුවමක් විඳිමින් සිටි දැඩි මතධාරී සිංහල බෞද්ධ නායකයකු වූ ගලගොඩ අත්තේ ඤාණසාර භික්ෂුවට ජනාධිපති සමාවද ලබාදුන්නේය. ඊට හේතුව සිංහල බෞද්ධ බලවේග ඒ කාලයේ ඒ තරමටම බලවත්ව සිටීමය.

මහින්ද රාජපක්ෂ තනිකරම කළේ පන්සල් දේශපාලනයමය. අපේ හාමුදුරුවනේ කියා මිස අන් ඇමතුමකින් හේ ජන හමුවක ආමන්ත්‍රණය නොකළේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේදී ‘රිපෝටර්’ කියා පරිභව ලද මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධෝත්තමවාදීන් විසින් දියසෙන් කුමරා ලෙසින් අබිසෙස් කරනා ලද්දේය. වාර්ගික අර්බුදය ගිනි බලයෙන් මර්දනය කළ පසු සිංහල බෞද්ධෝත්තමවාදීනට මහින්ද රාජපක්ෂ නූතන දුටුගැමුණු ලෙස හඳුන්වා දුන්නේද ඔවුන්මය. ව්‍යවස්ථාමය බාධාවක් නිසා මහින්දට ජනාධිපති ධුරයට තරග කළ නොහැකි වූ තැන අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ කනිටු සොයුරු ගෝඨාභය කරළියට ගෙන එන්නේද මෙකී සිංහල බෞද්ධ ව්‍යාපාරය විසිනි. අවසානයේ ජනාධිපති ධුරයට පත් ගෝඨාභය දිවුරුම් දුන්නේද අනුරාධපුර රුවන්මැලි සෑය අබියසදීය. ඔහු පමණක් නොව සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් පෙනීසිටි මහින්ද රාජපක්ෂද සිය මැතිවරණ ක්‍රියාන්විතයේ වැදගත් තැන් සියල්ල සිද්ධස්ථාන මුල් කර සිදුකරන ලද බව රහසක් නොවේ. එහෙත් මේ වන විට සිංහල බෞද්ධ බලවේග රාජපක්ෂවරු අත්හැර ගොසිණි.

සිංගප්පූරුවේ ඒකාධිපති පාලකයාව සිටි ලී ක්වාන් යූ හෝ නාසි ජර්මනියේ ජන ඝාතකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් වැනි ඒකධිපති මිනිමරුවකුට මිස අනෙකකුට මේ රට ගොඩනැගිය නොහැකි බවට ජන මනස විකෘති කළේ ඔවුන්ය. මහතීර් මොහොමඩ්, පුටින් වැනි අනේකවිධ නම් පටබඳිමින් පුම්බන ලද ගෝඨාභය රාජපක්ෂ රටේ කෘෂිකර්මය විනාශ කරමින් රට හාමතට ඇදගෙන යද්දී ඔහුට කේවට්ටකම් කළ වෛද්‍ය පාදෙණිය සහ අතුරලියේ රතන යනු මෙකී සිංහල බෞද්ධ ව්‍යාපාරයේ පතාක යෝධයෝය. 2019 වසරේ ජනාධිපතිවරණය ඡන්ද හැටනව ලක්ෂයක් ලබා ජයගත් ගෝඨාභය කීවේ තමා ජයගත්තේ සිංහල බෞද්ධ ඡන්දවලින් බවය. එහෙත් ඔහු බලයට පැමිණ දෙවසරක් යන්නට මත්තෙන් එකී සිංහල බෞද්ධ ඡන්ද පදනම සහ එය සුපෝෂණය කළ සිංහල බෞද්ධෝත්තමවාදීන් බෙහෙතකටවත් සොයාගන්නට නොමැති තැනට සමාජයෙන් විතැන් වී ඇත්තේය. අවසානයේ ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ ගැලවීමට ඉතිරි වූයේ ලිබරල්වාදියකු වූ රනිල් වික්‍රමසිංහ පමණි. සිංහල බෞද්ධ ව්‍යාපාරයේ විතැන් වීම මේ දිනවල වඩාත් කැපීපෙනෙනුයේ පන්සල්වල විදුලි බිල වැඩි වීමට එරෙහිව ඕමල්පේ සෝහිත හිමියන් ගෙනයන සටනට අපේක්ෂිත බහුජන සහයෝගය නොලැබීම නිසාය. ගෙදර ලයිට් බිල ගෙවන්නට බැරිව සිටින මිනිසුන්ට පන්සලේ ලයිට් බිල ප්‍රශ්නයක් නොවීමේ පුදුමයක් නොවේ. එහෙයින් එළඹෙන පෝයට ලංකාවේම පන්සල් කළුවරේ තබා විරෝධය පෑමට ඕමල්පේ හිමියන්ගේ නායකත්වයෙන් යුත් භික්ෂුන් කරන තර්ජනයට මෙරට සමාජය තවමත් ප්‍රතිචාර දක්වා නැත. එහෙත් මින් පෙර ක්‍රියාත්මක වූ සිංහල බෞද්ධ ව්‍යාපාරය මේ වන විටත් සක්‍රීයව පැවතියේ නම් මේ වන විට අමාත්‍ය කංචන විජේසේකරගේ අමාත්‍ය ධුරයද උදුරාගෙන ඔහු දෙවුන්දර තුඩුවෙන් මුහුදට වීසිකර හමාරය. ගෝඨාභය රාජපක්ෂ ජනධිපති පුටුවට ගෙන එන්නට වාර්ගික සහ ආගමික පදනමින් ඇතිකළ කෘත්‍රිම රළ පහර සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාරයද සෝදා හරිමින් බැසගිය නිසා අදටත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නට ඔහුට හැකිව ඇත්තේය.

සිංහල බෞද්ධ ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ මතුවී නැතිවී ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙර 1950 දශකයේදීද එවැන්නක් රටේ සිදුවිය. ඊටද මුල් වූයේ භික්ෂුන්වහසේලාය. හෙන්පිටිගෙදර ඤාණසීහ, තල්පාවිල විමලවංශ, මීටියාගොඩ ගුණරතන වැනි හිමිවරු ඊට මුල්වූහ. සිංහල භාෂාවට බුද්ධාගමට තැනක් ලබාදීමේ අරමුණෙන් එදා ඇරඹි සිංහල බෞද්ධ ව්‍යාපාරයේ ඉලක්කය වූයේ ඩඩ්ලි සේනානායක බෞද්ධ නායකයකු ලෙස නඟාසිටුවා අදටත් ඇතැමුන් සිහින දකින බෞද්ධ රාජ්‍යය බිහි කරවා ගැනීමය. එහෙත් පරිණත බුද්ධියක් සහිත දෙශපාලනඥයකු වූ ඩඩ්ලි සේනානායකයන් සිංහල බෞද්ධෝත්තමවාදීන්ගේ ලණුව කෑවේ නැත. ඔහු එය ප්‍රතික්ෂේප කළා පමණක් නොව ‘ඔය වැඩේට බණ්ඩාරනායක නම් හොඳයි’ යනුවෙන් පැවසූ බව මීටියාගොඩ ගුණරතන හිමියෝ පවසති. (‘පොලිටිකල් මණ්ඩිය’ – චන්දන කාරියවසම් – 325 පිටුව)

අවසානයේ හෙන්පිටිගෙදර ඤාණසීහ හිමි ප්‍රමුඛ බෞද්ධ ව්‍යාපාරයේ සාමාජිකයෝ බණ්ඩාරනායක හමුවී සිංහල බෞද්ධ ව්‍යාපාරයේ නායකත්වය ගන්නයි ඉල්ලා සිටියහ. බණ්ඩාරානායක මහතා ශ්‍රීලනිපය පිහිටුවා දේශපාලන වංකගිරියක අතරමංවී සිටි අවස්ථාවක ලද මේ ඇරයුම අඬන්නට සිටි එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් බඳු විය. ඔහු වහා පැමිණ සිංහල බෞද්ධ බලවේගයට නායකත්වය දුන්නේය. අවසන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ධුරයට පත් වූ මුත් ඔහු මුළුමනින්ම හැසිරවූයේ සිංහල බෞද්ධ බලවේගය විසිනි. 1959 වසරේ පොලිස්පති ධුරය දරමින් සිටි ඔස්මන් සිල්වා විශ්‍රාම යාමට නියමිතව තිබූ අතර පොලිස්පති වීමට ඊළඟට සිටියේ සිඩ්නි සොයිසාය. එහෙත් කතෝලිකයකු වූ සිඩ්නි සොයිසා පොලිස්පති වනවාට සිංහල බෞද්ධ බලවේග කැමැති වූයේ නැත. ඔවුහු ඊට එරෙහිව අගමැති බණ්ඩාරනායකට කරුණු කීවෝය. කතරගම දේවාලයට සංදේශයක් රැගෙන ගියහ. පොලිස්පති වීමට සුදුසුකම් සහිත ලේඛනයේ අනුව සිංහල බෞද්ධයෙක් සිටියේ ස්ථාන 16ක් පහතිනි. එහෙයින් බණ්ඩාරනායක මහතා කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් වෝල්ටර් අබේකෝන් පොලිසියට බඳවාගෙන පොලිස්පති කිරීමය. සිංහල බෞද්ධයකු වූ ඔහු කැලණිය පන්සලේ දායකයකු විය. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉරාදමන තැනට බණඩාරනායකයන් පත්කළේද මේ සිංහල බෞද්ධ ව්‍යාපාරය විසිනි. 56 ආණ්ඩුව බිහිකරන්නට මුල්වූ සිංහල බෞද්ධ දේශපාලන රැල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ චීවරධාරියකු විසින් අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතය උදුරා ගනීමය. එහෙත් මෑත භාගයේ මතුවූ සිංහල බෞද්ධ ව්‍යාපාරය නිෂ්ක්‍රීය වූයේ මුළු රටම බංකොලොත් කරමිනි.

ලංකාවේ සෑම පාලකයෙක්ම සිංහල බෞද්ධ උගුලේ හසුවී රට අමාරුවේ දැම්මේ නැත. පෙර සඳහන් ඩඩ්ලි සේනානායක ඊට හොඳම උදාහරණයකි. බුද්ධාගම රාජ්‍ය ආගම කරන්නට ජේ.ආර්. ජයවර්ධන 1947 දී යෝජනා කළේය. එම අවස්ථාවේ ඇදහිලි සහ දේශපාලනය එකිනෙක පටලවා නොගත යුතු බව ඩී.ඇස්. සෙනානායකයන් ජේ.ආර්.ට අවවාද කෙරුවේලු. සිය පෞද්ගලික දේපළක්වූ කැලණිය මානෙල්වත්ත සඟසතු කළ ජේ.ආර්., නීති විරෝධී ඉඩම් ඇල්ලීමක් නිසා ගැටfඕ පන්සලට කම්බි ගැසුවේ එම අවවාදය හිස් මුදුනින් පිළිගනිමිනි. සිය දේශපාලනය පුරාම වාමාංශික පක්ෂවල සහාය ලැබීම සහ සිය සැමියා භික්ෂුවකගෙන් වෙඩිකෑම නිසා මැතිනියද උපරිම ආකාරයෙන් මෙකී සිංහල බෞද්ධ ව්‍යාපාරයෙන් ප්‍රවේශම් වූවාය.

වාර්ගික සහ ආගමික පදනම්වලින් පාලනය කරන්නට ගොස් විනාශ වූ රටවල් ලෝක සිතියමේ ඕනෑ තරම්ය. එහෙයින් ඒ ගැන කතා කරනවාට වඩා වාර්ගික සහ ආගමික මතවාද පසෙකලා දියුණුව කරා යමින් සිටින රටක් ගැන සඳහන් කරමින් මේ සටහන නිම කිරීම සුදුසු යැයි සිතමි. ටුට්සි හුටූ වාර්ගික අර්බුදයන් නිසා මස් මඩුවක තත්ත්වයට පත් රුවන්ඩාව ගොඩගැනීමට පෙරට ආ ජනාධිපති පෝල් කගාමේ මුලින්ම කළේ රට පුරා අටවාගෙන තිබූ පල්ලි වසා දැමීමය. පල්ලියක් යළි විවෘත කිරීමට නම් දේව ධර්මය පිළිබඳ සහතිකලාභී පූජකයෙක් එහි සිටීම අනිවාර්ය කරමින් නීති පැනවූ පෝල් කගාමේ ටුට්සි හුටූ ගෝත්‍ර අතර වර්ධනය වෙමින් පැවති වෛරයට තිත තැබුවේය. අද ඒ තීරණයේ ප්‍රතිඵල රුවන්ඩානුවන් භුක්ති විඳිමි සිටින්නේය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් ධීවරයන්ව පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

Next Post

මර්දනයට එරෙහිව කැළණියේදී පාරට බැස්ස අන්තරේ පාගමනත් මර්දනය කරයි! කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි! (VIDEOS)

MORE NEWS

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

Load More
Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ...

Read more
බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.