අනුරාධපුර රෝහලේදී පසුගියදා වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට පෙර එම රෝහලේ පවතින අනාරක්ෂිත බව ගැන අවස්ථා ගණනාවකදී වගකිව යුතු අංශ වෙත පෙන්වා දී තිබුණද නිසි පියවරක් ගෙන නොතිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
අදාළ සිද්ධියෙන් පසුව පොලිසිය, පොලිස් මුරපොළවල් ස්ථාපිත කරමින් අනුරාධපුර රෝහලට අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇතත් මෙවැනි අන්දමට තවත් රෝහල් ගණනාවක් අනුරාධපුර මෙන්ම පිට පළාත්වල අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි ඔහු සඳහන් කළේ.
ඒ පිළිබඳවත් ඉදිරියේදී සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට තම සංගමය තීරණය කොට ඇති බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවැසීය.
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය මත රජයේ වෛද්‍යවරුන් ගෙන ගිය සංකේත වැඩවර්ජනය එක් දිනකට සීමා වුවද රජයේ වෛද්‍යවරුන්ට මෙන්ම රෝගීන්ට ඇතිවිය හැකි අනාරක්ෂිත තත්ත්වයන්ට කඩිනම් පිළියම් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරගෙන යන බවද ඔහු පැවැසීය.
මේ වනවිට ආදළ සැකකරු සහ ඊට අනුබල දුන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රේමලාල් විජේරත්න










