ත්‍රිවිධ හමුදාවෙන් පලාගොස් සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ දිනවල සිදුකරගෙන යන මෙහෙයුම්වලදී පැනගොස් සිටි හමුදා සාමාජිකයන් 967 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය.Sri Lanka Latest News
පසුගිය වසර කීපය තුළ පලාගොස් සිටින ඇතැම් හමුදා සාමාජිකයන් රට තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ වී ඇති බවට දැනට හෙළිව ඇති තොරතුරු මත එම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.
දැනට සිදුකරගෙන යන හමුදා මෙහෙයුම්වලදී පොලිසියේ බුද්ධි අංශ එක්රැස් කරගෙන ඇති රහසිගත තොරතුරු පදනම් කරගෙන අදාළ වැටලීම් සිදුකිරීමේදී එම තොරතුරුවලට ප්‍රමුඛත්වය ලබාදීමට පියවර ගෙන ඇති බවද ආරක්ෂක ප්‍රධානියකු සඳහන් කළේය.
මෙම මෙහෙයුම් සඳහා යුද හමුදා පොලිසියද, යුද හමුදා වැටලීම් කණ්ඩායම්වලට සහාය ලබාදී තිබේ.
දැනට පැනගොස් සඟව සිටි යුද හමුදා සාමාජිකයන් තම ගම් ප්‍රදේශ වෙනස් කර වෙනත් ප්‍රදේශවල සැඟව ඇතත්, ඔවුන් සොයාගැනීමට හැකිවන පරිදි රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක කොට ඇත.
ඒ සඳහා පෙරට වඩා මහජන සහාය ආරක්ෂක හමුදාවලට ලැබෙමින් තිබෙන බවද සඳහන්ය.
ප්‍රේමලාල් විජේරත්න










