පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30 දා දක්වා වූ මාස 09ක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,993ක් බව කොමිසමේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
අදාළ පැමිණිලි අතර අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් 259ක්ද, විවිධ දූෂණ චෝදනා පිළිබඳ පැමිණිලි 466ක්ද, අයථා වත්කම් පිළිබඳ පැමිණිලි 86ක්ද වේ.
එම කාලසීමාව තුළ අල්ලස් ගැනීම් පිළිබඳ පැමිණිලිවලට අදාළව සිදුකළ වැටලීම් 81කදී සැකකරුවන් 67 දෙනකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් විමර්ශන නිලධාරීන්ට හැකිවී තිබේ.
අල්ලස් දැලට හසුවූවන් අතරේ පොලිස් නිලධාරීන් 21 දෙනෙක්, විදුහල්පතිවරයෙක්, වාරිමාර්ග ප්‍රාදේශීය ඉංජිනේරුවරයෙක්, කම්කරු නිලධාරියෙක්, සිවිල් පුද්ගලයන් 22ක්, ග්‍රාම නිලධාරීන් තිදෙනෙක් සහ ඉඩම් නිලධාරියෙක්, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් ඇතුළු රජයේ විවිධ ආයතනවල නිලධාරීන් පිරිසක්ද සිටින බව අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න










