පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් සිය ආදායම් සහ වියදම් විස්තර මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළහොත් මැතිවරණ නීතිය අනුව ඔවුන්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණවලට ඉදිරිපත් වීමට තිබෙන සුදුසුකම අහෝසි වී යන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. (Sri Lanka Latest News)
එමෙන්ම ඔවුන් විසින් ලබාදෙන ආදායම් වියදම් වාර්තා ව්‍යාජ බවට හෙළිදරව් වුවහොත් එයද ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වීමට නුසුදුසුකමක් වන බවද සඳහන්ය.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සං්‍යාව 8,887කි.
මහ මැතිවරණයට අදාළව තම සංවිධානයට ලැබී තිබූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි සංඛ්‍යාව 2,300ක් වුවද ඒවා බරපතළ තත්ත්වයේ ඒවා නොවන බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
පසුගිය 14 වැනිදා පැවැති මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් 30 දෙනකු තම සංවිධානය යටතේ මෙරටට පැමිණ සිටි බවත් මැතිවරණ කොමිසම යටතේ ජාත්‍යන්තර නිරීක්ෂකයන් 10 දෙනකු මෙරටට පැමිණ සිටි බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










