දිවයින පුරා විසිරී සිටින ව්‍යාජ වෛද්‍යවරුන් 40,000කට අධික පිරිස සොයා සිදුකරන වැටලීම් සමග එවැනි පුද්ගලයන්ට දඩ මුදල් නියම කිරීමට සහ සිර දඬුවම් ලබාදීමට නව නීති සංශෝධන කඩිනමින් ගෙන ඒම සඳහා 12 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
වෛද්‍යසභාවකින් නිකුත් කළ අනුමත සහතිකයක් නොමැතිව වෛiවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටින එම පුද්ගලයන්, ආර්ථික අගහිඟකම්වලින් පෙළෙන ජනතාවගෙන් අඩු මුදලක් අයකොට වැරැදි ඖෂධ නියම කරන බවද හෙළිව ඇත.
නව නීති සැකසීමේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අධිකරණ අමාත්‍යාංශය සමග දැනටමත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, වෛiවරුන්ගේ ලිඛිත පත්‍රිකාවක් නොමැතිව බෙහෙත් නිකුත් කරන බලපත්‍රලාභී ඖෂධ අලෙවිසල් පිළිබඳවද නීති දැඩි කරන බවයි ඔහු සඳහන් කළේ.
නව නීති ගෙන ඒමේ කමිටුවට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛi ප්‍රසාද් හේරත් මහතා පත්කොට තිබේ.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සතියක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න









