ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කර තිබෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ මෙම ප්ලාස්ටික් වතුර බෝතල් එකතු කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. රාජවීරන් පවසනවා.
ඔහු පැවසුවේ වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීමට කසල බඳුන් සවිකර තිබුණ ද ඇතැම් වන්දනාකරුවන් සිය කැළි කසල පරිසරයට මුදාහරින බවයි.
මෙම එකතු කළ ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැළි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඒවා පෞද්ගලික අංශය වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරනවා.










