• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩයනාගේ ඔටුන්න පාකර් දැම්මයි, සුද්දෝ පාරේ පිස්සු නටයි… රාජාභිෂේකයේ නොදැක්ක පැත්ත I Sri Lanka Latest News

May 18, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලෝකය රජවරු හිඟ ලෝකයක් නෙවෙයි. ඉතිහාසය පුරාම විවිධ රජවරුන්ගේ කතන්දර අපි අහලා තියෙනවා. රටක් විදියට ලංකාවෙත් රජවරු විශාල ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. ඇත්තටම රජවරුන්ගේ කතන්දර තවමත් අවසන් නෑ. මේ පහුගිය දවසක චාල්ස් රජ්ජුරුවන්ගේ රාජාභිෂේකය දැක්කට පස්සේ මට හිතුණු දෙයක්. ලෝකයේ අවසන් රජ්ජුරුවොත් මේ ලෝකෙන් නැතිවෙලා යන දවසක් කවදා හරි එයිද? ඇත්තටම එහෙම වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි දැන් මේ වෙනකොට ලෝකයේ රාජකීයත්වය කියන එක සංකේතයක් විදියට ආරක්ෂා කරන්න තීරණය කරලා ඉවරයි.(Sri Lanka Latest News)

ඒ නිසයි චාල්ස් රජ්ජුරුවෝ සංකේතාත්මකව රජ කෙනෙක් බවට පත්වෙන්නේ. ඇත්තටම චාල්ස් කියන රජ්ජුරුවන්ට බලයක් තියෙනවද නැද්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒකට උත්තර කිහිපයක් තියෙනවා. ඇත්තටම ඔහුට විවිධ බලපරාක්‍රමයන් තියෙනවා. ඔහුට බි්‍රතාන්‍යයේ දේශපාලනික තීන්දුවලට මැදිහත් වීමේ හැකියාව තියෙනවා. ඒත් මේ බි්‍රතාන්‍ය රජ පවුල දේශපාලනික තීන්දුවලට මැදිහත් නොවී ඉන්න එක තමයි අපි දකින සාමාන්‍ය ලක්ෂණය. ඒ වගේම ඔවුන්ට පුළුවන්කම තියෙනවා අගමැතිවරයා වෙනස් කිරීම ඇතුළු දේශපානික දැඩි වෙනස් කිරීම් සිදුකරන්න. නමුත් බි්‍රතාන්‍යයේ රජවරු කිසිසේත් එවැනි තීන්දු ගන්න යන්නේ නෑ.

ඔවුන් බොහෝ වෙලාවට පක්ෂ සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් දෙකත් එක්කම ඉතා සුහදශීලීව කටයුතු කරමින් දේශපාලන ක්‍රියාදාමයක නියැළෙන බව තමයි අපට දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම බි්‍රතාන්‍යයේ සේනාධිනායකත්වය හිමිවෙලා තියෙන්නේ රජවරුන්ට බවත් ඉතිහාස කතන්දරවලින් අපි අහලා තියෙනව. රජුට සහ රැජිනට යුද කිරීමත්, යුද නතර කිරීමත් සම්බන්ධව තීරණ ගත හැකි බව ඉතිහාසයේ සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. ජර්මනියට එරෙහි සටනේදී ඉතා තීරණාත්මක තීන්දුව ජෝර්ජ් රජු විසින් ගත් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඒ වගේම බි්‍රතාන්‍යයට විතරක් නෙවෙයි ඔස්ටේ්‍රලියාව, කැනඩාව වගේ රටවලට පවා තමන්ගේ නීති අණ පනත් ක්‍රියාත්මක කරන්න කලින් රජුගේ අස්සන සහිතව ඒවාට සහතිකය ලබාගැනීමේ අවශ්‍යතාව තියෙන බවයි අපි අහලා තියෙන්නේ. මේ රටවල් දෙක විතරක් නෙවෙයි තවත් රටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා, තමන්ගේ රජු විදියට චාල්ස් රජ්ජුරුවන්ව සලකන. ඒක නිසා මේක සුලුපටු පත්කිරීමක් නෙවෙයි. නමුත් මේ දේශපාලනික වශයෙන් මැදිහත් නොවීම කියන කාරණාව උඩ රජු දේශපාලනික චරිතයක් නොවී, රජු සංකේතාත්මක චරිතයක් බවට පත්වෙන තැනට එංගලන්තයේ පරිසරය නිර්මාණය වෙලයි තියෙන්නේ.

ඒ වගේම රජු ආශ්‍රිතව නිර්මාණය කරගත්තු ඔවුන්ගේ සංචාරක කර්මාන්තය, රාජකීයත්වය නැරැඹීම, රාජකීයත්වය දැකබලා ගැනීම වැනි සාම්ප්‍රදායික කර්තව්‍යයන් දක්වාම රජු සීමා වෙලා තියෙනවා. ඒ නිසා මේ රජ්ජුරුවෝ කියලා කියන්නේ මහා ලොකු චරිතයක් නෙවෙයි. හැබැයි මේ වෙනකොට අපි දැක්කා සමහර බි්‍රතාන්‍යයන් තමන්ගේ රජු පත්කිරීමට එරෙහිව ක්‍රියාත්මක වෙන ආකාරය. ඔවුන් කියනවා තවදුරටත් මේ රජු කියන මහා බර අපට දරන්න බෑ කියලා. සමහරු ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා කරනවා, ඉදිරිපත් කිරීම් කරනවා.

මේ අතරතුර රාජකීයත්වය සැමරීම සඳහාත් විවිධ උත්සව එංගලන්තයේ පැවැත්වුණා. ඒ උත්සවවලදී සමහරු විරෝධය පළ කළා. සමහරු විවිධාකාරයෙන් ඒකට සතුටු වුණා. ඒ අතරතුර එංගලන්ත සමාජය ඇතුළේ විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා ඩයනාට හිමිවිය යුතු කිරුළ කැමිලා පාකර්ට හිමිවීම සම්බන්ධයෙන්. ඔවුන් කියන්නේ ඔවුන්ගේ රැජින විදියට කිසිසේත්ම කැමිලාව පිළිගන්න සූදානම් නෑ කියලා. තවමත් ඔවුන්ගේ කැමැත්ත තියෙන්නේ ඩයනාට බව තමයි ඔවුන් කියන්නේ. මේක ඩයනාට හිමිවිය යුතු ඔටුන් කියලා ඔවුන් බොහෝ දෙනෙක් සටන් කරනවා.

මේ උත්සවය සඳහා හැරී කුමාරයා පැමිණියද ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පැමිණීම සිදු නොවුණු බව සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඔවුන්ගේ නොපැමිණීම, චාල්ස්ට එරෙහි වීමක්ද, කැමිලාට එරෙහි වීමක්ද කියන එක ගැන ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්න කරලා තිබුණා. කොහොම නමුත් මේ රාජාභිෂේකයට විරුද්ධව එංගලන්තයේ පැවැති විරෝධතාවලදී පුද්ගලයන් 50ක 60ක විතර පිරිසක් අත්අඩංගුවට ගැනුණු බවත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

Sri Lanka Latest News

මෙවර මේ උත්සවයේ අපූර්වත්වයක් ගැන සමහර තැන්වල සඳහන් වුණා. ඒකට හේතුව තමයි උත්සවය ප්‍රධාන වශයෙන් සංවිධාන කරන්නේ රිෂී සුනක් ප්‍රමුඛ කණ්ඩායමය. රිෂී සුනක් කියලා කියන්නේ ඉන්දියානු සම්භවයක් සහිත බි්‍රතාන්‍ය අගමැතිවරයා. ඇත්තටම ඔහු කවුද කියන එක හොයලා බලද්දී ඔහු ජීවත් වෙන්නේ එක්සත් රාජධානියේ. ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නෑ. ඔහු ඉපදිලා තියෙන්නේ එක්සත් රාජධානියේ. ඔහු 42 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු දීර්ඝ කාලීනව ජීවත් වෙලා තියෙන්නේ බි්‍රතාන්‍යයේ. ඔහු ඉගෙනගෙන තියෙන්නේ බි්‍රතාන්‍යයේ වින්චෙස්ටර් විද්‍යාලයෙන්.

ඒ නිසා ඔහු සම්බන්ධව දේශපාලනික වශයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ රිෂී සුනක්ගේ ඇදහීම් සම්බන්ධයෙන් කතා කරද්දී ඔහු හින්දු භක්තිකයෙක් බව සඳහන් වෙනවා. ඒ වගේම මේ රාජකීය උත්සවයටත් යම් කිසි හින්දු ස්වරූපයක් ඇතුළත් වෙලා තිබුණා කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. එංගලන්තයේ රජු පත්වීම සහ ඒ රාජකීය උත්සවය සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි ස්වරූපයකින් තමයි පවත්වන්නේ. නමුත් මේ වතාවේ ඒ ක්‍රිස්තියානි ස්වරූපය වෙනුවට හින්දු ස්වරූපයක් තිබුණා කියලා සමහරු සඳහන් කරලා තිබුණා. කොහොම නමුත් මේ සියලු දෙනාම එක තැනකින් එහෙට මෙහෙට පිටවෙලා ගිහිල්ලා තමන්ගේ වාසභූමි හොයාගත්ත අය නිසා එහි ගැටලුවක් නෑ. ඒ කියන්නේ ඇත්තටම දෙගම්මැදි ශිෂ්ටාචාරය බිඳවැටීමත් එක්ක එක්තරා කණ්ඩායමක් යුරෝපය බලා පිටත් වෙලා යනවා, තවත් කණ්ඩායමක් ආසියාකරයේ පදිංචි වෙනවා. එතකොට ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන් පාකිස්තානුවන් වැනි සියලු දෙනාම එක පැත්තකට ආපු කට්ටිය.

තවත් පිරිසක් අනෙක් පැත්තට ගියා. ඔවුන් තමයි අපි දකින්නේ සුදු ජාතිකයන් විදියට. ඇස්වල, හිසකේවල වෙනසක් නැති සාමාන්‍ය ජාතිකයෝ. එතකොට ඉන්දියානුවන් සහ එක්සත් රාජධානියේ වැසියන් අතර යම් සබඳතාවක් තියෙනවා.

ලෝකයේ ජන වර්ග ගත්තමCaucasoid, Negroid සහ Mongoloid කියන ජන වර්ග තුන ජීවත් වෙනවා. මෙතැනින් Caucasoid ජන වර්ගයට අපි දෙගොල්ලොම අයිතියි. මෙහි කිසිම වරදක් අපට කියන්න බෑ. ඒ වගේම ඉන්දියාව කියලා කියන්නේ රජවරුන් සඳහා විශාල නිර්මාණ කරපු, රජවරු වෙනුවෙන් කෝටි ගණන් අදටත් වියදම් කරන රටක්. ඒක නිසා එහෙම රටක මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම ටිකක් පුදුමසහගතයි. කොහොම නමුත් මේ රාජකීය පවුලට එරෙහිව දැන් වෙද්දී එංගලන්තය තමන්ගේ විරෝධය පළකරමින් ඉන්නවා. ඇතැම් අය ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධියේම විරෝධය පළ කරනවා. ඒ නිසා මේ වතාවේ නම් අපට තේරෙන කාරණාව තමයි මේගොල්ලන්ට ලේසි වෙන එකක් නෑ කියන එක.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මතකනෙ වඳ සැත්කම් පෙන්නලා එදා ජාතිවාදය අවුස්සලා කරපු විනාශය! ඒ අය ආයෙ එළියට ඇවිල්ලා! වැරැද්දක් කරලා තියෙනවා නම් ජෙරම්ට නෙමෙයි පීටර්ට හරි නීතිය ක්‍රියාත්මක කරන්න! අර සේනා.. මේ සේනා.. අර බළකා.. මේ බළකා.. එක එක පිස්සො ෆෝම් කරන්න එපා! හර්ෂණ මාධ්‍යවලිනුත් ඉල්ලීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

”අපේ රටේ හැම දේම අසාර්ථක වෙන්නේ තමන් ගැන විතරක් හිතා කටයුතු කරන නිසයි!” කැකිරාවේ රිය අනතුරෙන් මියගිය සිසුවාගේ පාසලේ විදුහල්පති (VIDEO) I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.