අප රටේ හැම දේකම අසාර්ථකත්වයට හේතුව අනෙකාගේ වටිනාකම ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම බව කැකිරාව මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කරනවා.(Sri Lanka Latest News)
ඉපලෝගම ප්‍රදේශයේදී ඊයේ (17) රිය අනතුරකට ලක්ව මියගිය මහඉලුප්පල්ලම – කුඹුක්ඇන්ද ගම්මානයේ පදිංචිව සිටි 15 හැවිරිදි පුශ්පික කසුන්ත සමරතුංගගේ අවසන් කටයුතු අද සිදුකෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් විදුහල්පතිවරයා මෙම අදහස් පළ කළා.
තලාව සිට කැකිරාව දෙසට ගමන්ගත් මෝටර් රථයක් රියැදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව ගමන්ගත් මන්තීරුවෙන් ඉවතට පැන, ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කළ පාපැදියක ගැටී සිදුවූ අනතුරෙන් අදාළ සිසුවා මියගොස් තිබුණා.
මියගිය පුශ්පික කසුන්ත කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියා.










