• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හුළං විතරක් ඉතිරි වුණු රටක ෆුට් බෝලෙට හුළං ගහපු ලෝකෙ වටෙන්ම ආපු අපේ කොල්ලෝ! Sri Lanka Latest News

April 1, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ක්‍රීඩා ගැන කතාකරද්දී ඉදිරියෙන්ම ඉන්නේ ක්‍රිකට්. අපි ජයග්‍රහණ ලබන්නෙත් ක්‍රිකට්වලින්. ක්‍රිකට් සම්බන්ධව අපේ තියෙන්නේ ලොකු උනන්දුවක්. ඒ වගේම ලොකු ආශාවක්. (Sri Lanka Latest News)

නමුත් ක්‍රිකට් විතරද ක්‍රීඩාවක් විදියට අපිට දියුණු කරන්න පුළුවන්? ක්‍රිකට්වලින් විතරද අපිට ඉදිරියට යන්න පුළුවන්? ඇත්තටම අපි ක්‍රීඩාව සම්බන්ධව කතා කරද්දී අද වෙද්දී අපිට පුළුවන් වෙලා තියෙනවා පාපන්දු ගැන කතාකරන්න. ඒකට හේතුව ලංකාවේ පාපන්දු දැන් වෙනස් වෙලා තියෙන නිසා. මේ ගැන අපි ලිපියක් ලියන්න තීරණය කළේ පහුගිය දවසක භූතානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය නිසා. මේ ජයග්‍රහණය ගැන අපි ටිකක් ලොකුවට වර්ණනා කරන්න ගත්තා. ඇත්තටම ලංකාවේ පාපන්දුව අද වෙනකොට තියෙන්නේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ 204 වැනි ස්ථානයේ කියලා අපි දකිනවා තැන් තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒක හරිම ඛේදනීය තත්ත්වයක්. ඒකට හේතුව, ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් පාපන්දු ක්‍රීඩා කරනවා. 204 වැනි ස්ථානය කියන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය තියෙන රටවලටත් වඩා අපි පස්සට ගිහින් තියෙනවා. ලෝකෙ තියෙන ඉතාම කුඩා රටවල් පවා අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. 2024 පෙබරවාරි 15 වැනිදා අපි ඉන්නේ ශ්‍රේණිගත කිරීම්වල 204 වැනි ස්ථානයේ. හැබැයි අපි 1998 අගෝස්තු වෙනකොට ලෝකයේ හිටියේ 122 වැනි තැන. මේ 204 ගැනත් අපි සතුටු වෙන්න ඕනේ. හේතුව 2022 ඔක්තෝබර් මාසේ අපි 207 වැනි තැනට පත්වුණා ලෝකෙන්ම.

ලංකාව පළමු පාපන්දු තරගය ක්‍රීඩා කරලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක. සිලෝන් කියන නම යටතේ. ඒ තරගය ඉන්දියාව ගෝල දෙකකින් ජයග්‍රහණය කරලා තියෙනවා. අපිට ගෝල ලබාගන්න ලැබුණේ නෑ. අපි ලබපු විශාලතම ජයග්‍රහණ විදියට සලකන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 2008 අප්‍රේල් 04 වැනිදා පැවැති තරගය. එහිදී අපි ගෝල 7ට 1ක් විදියට ජයග්‍රහණය කළා. ඒ වගේම ශ්‍රී ලංකාව භූතානය ගෝල බින්දුවකට 6ක් ලෙස ජයග්‍රහණය කරලා තියෙනවා. අපි පැරැදිලා තියෙනවා දැවැන්ත වශයෙන් 1964 ජනවාරි 12 වැනිදා පැවැති තරගයකදී. සිලෝන් කියන නමින් තරග වැදිලා ජර්මන් කණ්ඩායමත් එක්ක. එහිදී ගෝල 12ක් ජර්මනිය ලබාගනිද්දී අපිට ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නේ එක ගෝලයක් විතරයි. අපි මේ වෙනකොට පාපන්දුවෙන් ලොකු ගමනක් ගිහිල්ලා නෑ. නමුත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ටිකක් වෙනස් වෙලා කියලා අපි දන්නවා. ඒකට හේතුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෝකය පුරාම ඉන්න දක්ෂ ක්‍රීඩකයෝ කැඳවගෙන අලුත් පාපන්දු කණ්ඩායමක් නිර්මාණය කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙන බව අපි දැන් දන්නවා. මේ කාරණාව නිසා දැන් ශ්‍රී ලංකාවේ පාපන්දුව යම් ඉහළ තැනකට අරගන්න පුළුවන් වෙලා තියෙනවා කියනවා. මේක හොඳ තත්ත්වයක්. අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ තත්ත්වයක් සමහර විට ඇතිවේවි යැයි අපට විශ්වාස කරන්න පුළුවන්.

දැන් ලෝකයේ පුරාම ඉන්න ක්‍රීඩකයෝ විශාල ප්‍රමාණයක් අපි අපේ කණ්ඩායමට කැඳවාගෙන තිබෙනවා. ඒ අය ගැන විවිධ විස්තර සඳහන් වෙලා තියෙනවා. සුජාන් පෙරේරා වගේ ක්‍රීඩකයෝ දැන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය ලබමින් හොඳින් ක්‍රීඩා කරමින් ඉන්නවා. මේ තත්ත්වය ගැන අපට සතුටු වෙන්න සහ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් බව අපට දැනෙමින් තියෙනවා. භූතානය සමග අවසන් වශයෙන් පැවැති තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා 2ට බින්දුවක් ලෙස. මේ ජයග්‍රහණය වර්ණනා කළ යුතු ජයග්‍රහණයක්මද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද අපි භූතානයට එරෙහිව තරගය ජයග්‍රහණය කරලා තියෙනවා ගෝල 6ට බින්දුවක් ලෙස 2008දී. නමුත් භූතානය ඉන්නේ අපට වඩා ඉස්සරහින්. දැන් සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් තමයි අප්‍රේ ක්‍රීඩකයෝ පිටියට එන්නේ. හර්ෂ ප්‍රනාන්දු, චලන චමීර, ඔලිවර් ජේම්ස්, ඩිලන් ෂෙනාන් ඩි සිල්වා, අහමඩ් වසීම් රාසික්, ජූඩ් සුපුන්, ඇන්තනී සුරේෂ්, ජැක් ඩේවිඩ්, අද්වාන් රාජ්මෝහන්, ජේසන් ත්‍යාපරන් කියන ක්‍රීඩකයෝ තමයි අපේ පාපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ.

පාපන්දු තහනම් වෙලා, පාපන්දුව නැත්තටම නැතිවෙලා, පාපන්දුව අපිට අමතක වෙලා, පාපන්දු ක්‍රීඩකයෝ පාපන්දුව ඇතුළෙන් විශාල වශයෙන් හොරකම් කරලා, එක එක සෙල්ලම් දාලා තියෙන අස්සේ පාපන්දුව අද මේ දක්වා ඔසවා තැබීම ගැන ලොකු සතුටක් අපිට තියෙනවා. ඇත්තටම අපිට පුළුවන් නම් අඩුම තරමේ ෆිෆා ලෝක කුසලානයක අවසාන වශයෙන් තරග වදින්නවත් ඒක හොඳ දෙයක්. නමුත් ඒකට අපට හැකියාව ලැබෙයිද, කවදා දවසක ඒක පුළුවන් වෙයිද කියන එක ගැන අපි දන්නේ නෑ. හැබැයි ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල අද වෙද්දී අපිට පිටිපස්සෙන් ඉන්නවා වාම්ගුම් කියන රට, තර්කස් ඇන්ඩ් චේසස් අයිලන්ඩ් කියන දූපත. ඊට අමතරව වෙන රටවල් ගැන සඳහන් වෙන්නේ නැති තරම්. ලෝකයේ මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල අංක එකට ඉන්නේ ආජන්ටිනාව. අංක දෙක ප්‍රංශය, අංක තුන එංගලන්තය, අංක හතර බෙල්ජියම, අංක පහ බ්‍රසීලය.

එතකොට ලෝක ශ්‍රේණිගත කිරීම්වල දැන් සඳහන් වෙන්නේ රටවල් 2010ක් පමණයි. මේ 2010න් අපි ඉන්නේ දැනට 204 වැනි ස්ථානයේ. අපිට පුළුවන් නම් ටිකෙන් ටික ඉස්සරහට එන්න අපිට පුළුවන් වෙයි ඔළුව උස්සන්න. අපිට පුළුවන් වෙයි නැගිටින්න. බංග්ලාදේශය පවා අපට ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් ඉන්නේ 183 වැනි තැන. භූතානය ඉන්නේ 184 වැනි තැන. නේපාලය 175 වැනි තැන ඉන්නවා. මාලදිවයින 161 වැනි ස්ථානයේත්, ඇෆ්ගනිස්තානය 158 වැනි ස්ථානයේත්, හොංකොං 154 වැනි ස්ථානයේත් ඉන්නවා. මේ තත්ත්වයත් එක්ක ඉන්දියාව සහ පාකිස්තානයත් ඉතා හොඳින් පාපන්දුවල යම් ගමනක් යන බව පේන්න තියෙනවා. ඉතින් මේ තත්ත්වය ගැන සැලකිලිමත් වුණොත් ලංකාවට යම් වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සහ එහෙම වෙන්න කියලා අපි සුබ පතනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රාජපක්ෂලාගේ ගුබ්බෑයමට රනිල්ට රිංගන්න පුලුවන් වුණාට අපිට එහෙම බෑ! අපිට UNP එක්කයි රනිල් එක්කයි කිසිම සම්බන්ධයක් නෑ! සාකච්ඡාත් නෑ.. රහස් සාකච්ඡාත් නෑ…! සමහරුන්ට පුලුවන් ඕන ගුබ්බෑයමක රිංගලා ඕන කෙනෙක් එක්ක නිදියන්න! ඒත් අපිට එහෙම කරන්න බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් තමයි නායකයා! අපිට ඕනෙ රනිල්! සේමසිංහත් ඉදිරියට!  Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.