කඳාන පොල්පිතිමූකලාන ප්රදේශයේ නිවසකට වෙඩි ප්රහාරයක් එල්ලවී තිබේ.Sri Lanka Latest News
පොලීසිය පවසන්නේ අද උදෑසන කාලයේ කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත අයෙකුගේ නිවස ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
කෙසේ වෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇතිබවට තොරතුරු වාර්තාවෙයි..
වෙඩිතැබීම සඳහා රිවෝල්වරයක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපළ කරයි.
කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.