• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම්පිටිය කනත්ත අසලින් ඊළඟ රූකාන්ත බිහිවුණා… මනුවර්ණ උඹට තැනක් යූ හැබැයි ලියලා තියාගන්න මේ රටේ TV-FM කාරයෝ මේ කොල්ලව උස්සන්නෙ නෑ I Sri Lanka Latest News

September 24, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මගේ නම අර්ජුමාන්. මම ඉපදුණේ කනත්ත පාර, වැලිගම්පිටිය, ජාඇල…’ මේ පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවල හිට් වුණු චරිතයක් කර තිබූ සම්මුඛ සාකච්ඡාවක්. ඒ වගේම ඔහු මේ දවස්වල අතිශය ජනප්‍රිය ‘කොඩිගහ යට’ ටෙලිනාට්‍යයේ තේමා ගීයේ හිමිකරුවා.(Sri Lanka Latest News)

ස්වාධීන රූපවාහිනියේ සති අන්තෙට විකාශය වෙන ‘කොඩිගහ යට’ ටෙලිය ගැන ටිකක් කතාකරනවා නම් පළමුවෙන්ම කියන්න තියෙන්නේ ඒක නොම්මර එකේ වැඩක්. තවත් විදියකට කියනවා නම් අහරක් ඉහිරක් නැතිව ඔහේ විකාශය වෙන විලම්බීත ටෙලිනාට්‍ය ගොන්න අතරට ආව සුපිරියක්. කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් ඒක ජගත් මනුවර්ණ කරපු පට්ට වැඩක්. ඒ වාගෙම කොඩිගහ යට ටෙලිය ගැන කතා කරනකොට අමතක කරන්න බැරි තව එක දෙයක් තියෙනවා. ඒ තමයි එහි තේමා ගීතය.

‘චූටි කාලේ අපි
වැස්සෙ නානකොට
බුදු අම්මෝ කියපු
නැන්ද මාමලට
ආච්චි පුංචිලට
මම්මා පප්පලට
ආයුබෝවන් කිව්වා
සන්තෝ…’
කොහොමද ඒක…?

මහ පාරේ යන එනකොට ඇහුණත් ඇඟ නැටවෙනවා. හිතට දැනෙන්නේ අමතුම මිහිරක්. හරියටම කිව්වොත් ඒක ෆන් එකක්. එහෙමත් නැත්නම් අධිමාත්‍රාවක්.

තරුණ කොල්ලො අතර විතරක් නෙවෙයි තරුණ කෙල්ලො අතරත් ‘කොඩිගහ යට’ තේමා ගීතය මාර ජනප්‍රියයි. ඉස්කෝලවල ඕලෙවල් ඒලෙවල් පන්තිවල ඉන්න ගැටවර කොලු පැටව් ගුරුවරයෙක් පන්තියට එන්නැති වෙලාවක් අහුවුණාම ‘චූටි කාලෙ අපි’ සින්දුව හීනියට කියන්නේ ඩෙස්ක් එකට තට්ටු දදා හරි අපූරුවට තාලේ අල්ලන ගමන්මයි.

කොච්චරද කියනවා නම් ‘චූටි කාලෙ අපි’ සින්දුව අද ටේ‍රන්ඩ් එකක් වෙලා ඉවරයි. ටික්ටොක්වල, යූටියුබ්වල එකී මෙකී නොකී සෝෂල් මීඩියාවල ‘කොඩිගහ යට’ ටෙලියට නියම මොරාල් එකක් වෙච්ච ‘චූටි කාලෙ අපි’ සින්දුව වයිරල් වෙලා ඉවරයි.

පුදුමය කියන්නෙ මේ සින්දුව කියන්නෙ ප්‍රවීණත්වයට පත්වෙච්ච සුපිරි ගායකයෙක් නෙවෙයි. රියැලිටි ෂෝ එකකින් මතුවෙච්ච සුපිරි තරුවකුත් නෙවෙයි. විශාරද පට්ටම නමේ මුලට එන සින්දු ඔස්තාර් කෙනකුත් නෙවෙයි. එහෙනම් මිනිහා බයිලා චැම්පියන් කෙනෙක්ද?

නැහැ. මිනියා බයිලා චැම්පියන් කෙනෙකුත් නෙවෙයි. හැබැයි ‘චූටි කාලෙ අපි’ සින්දුව කින මේ තරුණ හාදයා උපන්නෙ නම් ලංකාවේ හිටපු බයිලා චැම්පියන් කෙනෙක් උපන්න ගම් ප්‍රදේශයක තමයි. ඒ බයිලා චැම්පියන් එම්.එස්. ප්‍රනාන්දු. ඔහුගේ ගම ජාඇල බව කවුරුත් දන්නවා. ‘චූටි කාලෙ අපි’ සින්දුව කියන සුපිරි වැඩකාරයා උපන්නේ ජාඇල පැත්තේ තියෙන වැලිගම්පිටිය කියන ගමේ. වැලිගම්පිටිය කනත්ත පාරේ ඉපදුණු හිටි අඩියේ හිට් වෙච්ච මේ අලුත් සින්දු කොල්ලගෙ නම සිතිජ මාලිමා අර්ජුමාන් ඩි සේරම්. කොඩිගහ යට තේමා ගීතයත් එක්ක ඔහු ජනප්‍රිය වුණේ ‘අර්ජුමාන්’ කියන තනි නමිනුයි.

‘නම ටිකක් අමුතුයි නේද අර්ජුමාන්’

පට් පට් ගාන කඩිනමට හිට් වෙච්ච අර්ජුමාන් සෝෂල් මීඩියාවලයි විද්‍යුත් මාධ්‍යවලයි ඉන්ටර්විව්වලට ආවම හැමෝම අහන ප්‍රශ්නයක් ඒක.

ඔව්. සත්තකින්ම ඔහුගෙ නම ටිකක් අමුතුයි තමයි. ඒ වගේම ඒ අමුතු නමට යටින් අපූරු කතන්දරයකුත් තියෙනවා. අර්ජුමාන් කියන විදියට ටජ්මහල් හින්දි චිත්‍රපටය වගේම සාජහාන් රජතුමා හදවපු ලෝකයේ පුදුම අතර එක් පුදුමයක් වුණු ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය ගැන අර්ජුමාන්ගේ තාත්තගේ හිතේ තියෙන්නේ අසීමිත ඇල්මක්. මොරටුව කැම්පස් එකේ කථිකාචාර්යවරයෙක් වෙලා හිටපු දැනට විශ්‍රාමිකව ඉන්න අර්ජුමාන්ගේ තාත්තා තරුණ කාලේ ඉඳලම හිතාගෙන හිටියලු කවදාක හරි එයාට ජාතක වන දූපුතුනට ‘ටජ්මහල්’ මැඳුරට මුල් වෙච්ච ආත්මීය පෙම් කතන්දරයේ ඉන්න රජතුමාගෙයි බිසවගෙයි නම් දානවය කියලා. ඒක ඔහුගේ හිතේ තිබුණු හරි අමතු ආශාවක් එහෙමත් නැත්නම් හීනයක්.

ඔය කියන හීනෙත් එක්ක හිටපු කථිකාචාර්යතුමාට පළමුව උපන්නේ පුතෙක්. හැබැයි ඔහු පුතාට දාන්නේ රජතුමාගේ නම වෙනුවට බිසවගේ නම. මුම්ටාස් කියලා අපි දන්න නම එක්ක. සාජහාන් රජතුමාගේ ආදරවන්තිය වූ බිසවට තවත් නමක් තිබුණා. ඒ තමයි ‘අර්ජුමාන්’. ඒ විදියට තමයි සිංහල හුරුවක් නැති අර්ජුමාන් කියන නම ඔහුට ලැබුණේ. අර්ජුමාන්ගේ නංගිගේ නම සාජහාන් කියලයි අර්ජුමාන් විද්‍යුත් මාධ්‍යයකට කියලා තිබුණේ.

ඇයි අර්ජුමාන්ගෙ තාත්තා පුතාට බිසවගේ නම තියලා දුවට රජතුමාගේ නම තිබ්බේ?

ඒක නම් කියන්න දන්නෙ නැහැ. හැබැයි ඒ කතාව මේ කියන්න හදන කතාවට අදාළත් නැහැ. එහෙම කියන්නේ අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ කොඩිගහ යට තේමා ගීතයත් එක්ක හිටි අඩියේ ටේ‍රන්ඩ් එකක් වෙච්ච අර්ජුමාන් පුත්‍රයා ගැනයි.

‘චූටි කාලෙ අපි වැස්සෙ නානකොට’ සින්දුව උමතුවක් තරමට මේ හැටි වයිරල් වුණේ කොහොමද?

ඒක ටිකක් අමුතුයි තමයි. අර්ජුමාන් කියන විදියට මේ වගේ වයිරල් වීමක් ඔහුගේ හිත අහලකවත් තිබිලා නැහැ. එහෙම දෙයක් ගැන ඔහු හීන මවලත් නැහැ. අර්ජුමාන් කියන්නේ ආතල් එකක් විදියට නිර්මාණ කරපු සින්දුකාරයෙක්. සින්දුවත් ලිව්වා, තනුවත් හැදුවා. හිතට හොඳයි කියලා හිතුණා. ඒක ඔහු තමාගෙම යූටියුබ් චැනල් එකේ මුදාහැරියා. අන්න ඒකයි ඔහුගේ ක්‍රමය. ඔහුගේ ස්ටයිල් එක. කවදාවත් අර්ජුමාන් මාධ්‍ය හරහා පිම්බෙන්න ගියේ නැහැ. කාගෙවත් සපෝර්ට් එකක් ඉල්ලුවෙ නෑ. කාගෙවත් කියලා මෙතැනදී හයිලයිට් කළේ එෆ්.එම්. චැනල් ගැනයි.

තමාගේ සින්දු ප්‍රචාරය කරන්නයි කියලා කවමදාකවක් මේ තරුණ ගායකයා එෆ්.එම්. චැනල්වලින් ඉල්ලුවෙ නෑ. ඔහු ආවේ හෙමින් ගමනක්. තමන්ගේම ගමනක්. හරියට ඒ කාලේ අපේ පොප් රජ්ජුරුවෝ රූකාන්ත ආවා වගේ. රූකාන්ත කළේ තමන්ගෙම නිර්මාණ. සින්දුවලට වචන ගැළපුවා. තනු හැදුවා. ඒවා ගායනා කළා. රසිකයෝ ඒ සින්දු කලාව ආදරයෙන් වැලඳ ගත්තා. මාධ්‍ය රූකාන්ත පස්සෙන් වැටිලා කතාබහකට දිනයක් ඉල්ලුවා මිසක රූකාන්ත තමන්ගේ සින්දුවක් හිට් කරලා දෙන්න කියලා කිසිම දවසක මාධ්‍යවලින් ඉල්ලා හිටියේ නැහැ. රූකාන්ත කියන්නේ අදටත් සංගීත කලාවේ උමතුවක්.

තවත් ඒ වගේ නිදසුන් ඕනෑ තරම් කියන්න පුළුවන්. ශිහාන් මිහිරංගත් එහෙමයි. රූකාන්ත තරම් ප්‍රවීණයකු නොවුණත් රූකාන්තගෙ සින්දු කියලා රියැලිටි ෂෝ එකක හිට් එකක් වෙච්ච ශිහානුත් කිරුළක් නැතිවම කොල්ලො කෙල්ලො අතර සුපිරි තරුවක් වුණා. තමන්ගෙම නිර්මාණ හරහා ඔහු අදටත් තමන්ගෙ ගමන වැටෙන්නෙ නැතිව යනවා. අර්ජුමාන් සින්දු හැදුවේ සම්මාන ගන්නවත් ලොකු ඇංකෝර් එකක් ගන්නවත් හීනෙක ඉඳන් නෙවෙයි. කාවවත් කොපි නොකර තමාගේම නිර්මාණ හරි නිදහසේ කරපු අර්ජුමාන්ට හිතපු නැති විදියට කොල්ලො හුරේ එක දැම්මා. ඇංකෝර් එක දුන්නා.

‘නියමයි අර්ජුමාන්, ඒක හිතට වැදුණු හොඳ ගැම්මක්…’

තරුණ කෙල්ලො අර්ජුමාන්ට දුන්නෙ ඒ තාලෙ කමෙන්ට්ස්.

‘නියම පුත්‍රයෙක්. දැන් තියෙන විලම්බීත සින්දු අතරට හොඳ වෙනසක්…’

වැඩිහිටි කට්ටියත් එහෙම කමෙන්ට්ස් දැම්මා. බස් එකක යනකොට අර්ජුමාන්ගෙ සින්දුව ඇහුණම වයස් භේදයක් නැතුව හැමෝම වාගෙ එය රස විඳින්නේ සීට් එකට අතින් තට්ටුවකුත් දාන ගමන්.

‘කොඩිගහ යට’ ටෙලිය අර්ජුමාන්ට මොරාල් එකක් වුණා කියලා හිතුවොත්,

එතැනදී නිර්මාණ දෙකේම අයවැය සමානයි. ‘චූටි කාලෙ අපි’ සින්දුව නිසා ‘කොඩිගහ යට’ ටෙලියත්, ටෙලිය නිසා අර්ජුමානුත් මාර්කට් වුණා. අර්ජුමාන්ම හැම තැනකම කිව්වා ‘කොඩිගහ යට’ ටෙලිය මගේ ටර්නින් පොයින්ට් එක කියලා.

ප්‍රවීණ නිර්මාණකරු සහ රංගන ශිල්පී ජගත් මනුවර්ණ අර්ජුමාන්ගේ අමුතු ගැම්මක් තියෙන සින්දු කලාව තේරුම් ගත්තා. සත්තකින්ම ඔව්. ජගත් මනුවර්ණගේ ඇහැට අර්ජුමාන්ව ක්ලික් වෙච්ච එක වාසනා මහිමයක්. මනුවර්ණ කළේ අගය කළ යුතු නියම වැඩක්.

‘කොඩිගහ යට’ වාගේ උසස් කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් ප්‍රවීණ විශාරදයකුට දෙන්න ඕනෑ ඉඩ මනුවර්ණ අර්ජුමාන්ට දුන්නා. එහෙම දෙන්න ඔහුගේ හිතට ගැම්ම දුන්නේ ‘චූටි කාලෙ අපි’ සින්දුවේ තියෙන අමුතු ආට් එක, සුපිරි මෙලඩිය. අනෙක මනුවර්ණ වාගෙ සියුම් ඇහැක් තියෙන කලාකරුවකුගේ ඇහැට හිතට යම් නිර්මාණයක් වදිනවා කියන්නේ ඒ නිර්මාණය ගැන කියන්න වචන නැහැ.

අර්ජුමාන් නිහඬව පාඩුවේ ආව ගමනට යම් ටාර්ගට් එකක් වැටෙන්න මෙතැනින්ද දැන්?

‘සිතිජ මාලිමා අර්ජුමාන් ඩි සේරම්’ එහෙම අලුතින් ටාර්ගට්වලට යන්න කලබලයක් ඇති කරගන්න ජාතියේ කැරැක්ටර් එකක් නෙවෙයි. හිතුවට වඩා තමන්ගේ සින්දුව වයිරල් වුණා කියලා ඔහු මෙතෙක් පැමිණි සරල ගමන හෝ තම ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න කොහොමටවත් හිතලා නැහැ.

‘මේ සින්දුව වයිරල් වෙච්ච එක මට මහ ලොකු දෙයක් නෙවෙයි. ආයේ මේ විදියේ වයිරල් වෙන සින්දුවක් කරන්න ඕනෑ කියන ස්ප්‍රිට් එකක් මගෙ හිතට ආවෙත් නැහැ. මම කළේ ලොකු දෙයක්, මම ලොකු වැඩ්ඩෙක් කියලා මට හිතුණෙත් නැහැ. ජගත් මනුවර්ණ වගේ ප්‍රවීණයෙක් ‘වරෙන් මචං උඹ නියමයි’ කියලා මට අඬගහපු එක මගේ ලොකු වාසනාවක්. ඒකට මම ඔහුට ස්තුති කරනවා. සින්දුව මාරයි කියලා ඒක රසවිඳපු අයටත් ස්තුති කරනවා. ආයෙම තව අලුත් සින්දුවක් කරන්න හිතුණොත් කරනවා. ඒක එතැනින් ඉවරයි. ලොකු ලොකු හීන තව තව ඉහළට යන්න ඕනෑ කියන ටාර්ගට් එතැන නැහැ. මම හරි සිම්පල් කෙනෙක්. එච්චරයි…’

අර්ජුමාන් කියන්නේ එහෙම කතාවක්. ඔව්, ඒක ඇත්ත. රාජ වංශයේ නමක් තාත්තා දැම්මට අර්ජුමාන් කියන්නේ සිම්පල් කොල්ලෙක්. රැඩිකල් විදියට කතා කළාට ඔහු ළඟ තවුසන්ඩ් ටෝක් නැහැ.

‘ඔහු හරි වෙනස්. අමුතු ආට් එකක පොරක් කියලා පෙන්නන සෝබන සීන් ඔහු ළඟ නැහැ. විද්‍යුත් මාධ්‍යයක කතාබහකට ආවත් ඔහු එන්නේ හන්දියෙ කඩේට පාන් ගේන්න යන ටයිප් එකට ටීෂර්ට් එකයි, පට්ට ගහපු ඩෙනිමයි ඇඳගෙන, කූලින් ග්ලාස් දාගෙන රැවුල අමුතු තාලෙකට වවාගෙන කොණ්ඩෙ බොබ් මාලේ ෆැෂන් එකට හදාගෙන හෑන්ඩ්ලූම් රෙදිවලින් මහපු සරමයි කමිසෙයි අඳින ඊයේ පෙරේදා දවසක ආව අමුතු පහේ විකාරයක් වේච රැල්ලකට අහුවුණු සමයං කලාවක් ඔහුට තිබුණේ නැහැ. අර්ජුමාන් හරිම සිම්පල්.

හැබැයි ඒ සිම්පල් කොල්ලා රජ වැඩක් කරලා අහවරයි. කොඩිගහ යට ඉඳන් සින්දුව කිව්වට මේ අපූරු කොල්ලා සංගීත කලාවේ ලොකු පෙරළියක් කරන ගමන් කොඩිගහ මුදුනටම නැගලා හැමෝටම පේන්න කොඩිය ගැහැව්වා.

ඒ වගේම අර්ජුමාන්ට අපි තවත් එක කතාවක් විතරක් මතක් කරනවා. ඒ, කලාවෙන් තමන් හොයාගත්ත ජනප්‍රියත්වය පාවිච්චි කරලා පරණ කලාකාරයෝ වගේ දේශපාලන මඩ වළේ වැටෙන්න නම් එපා කියලා. මොකද පසුගිය කාලේ අපි දැක්කා කලාවෙන් ජනප්‍රිය වුණු කලාකරුවන් දේශපාලකයන්ට පෝලිමේ කඩේ ගිහින් කරගත්ත විනාශය. ඒක එජාප වේදිකාවට නැගපු රූකාන්තලාට වුණා. රාජපක්ෂලාගේ වේදිකාවට නැගපු ජැක්සන් ඇන්තනීලටත් වුණා. ජවිපෙ වේදිකාවට නැගපු කලාකාරයන්ටත් වුණා. ඒ නිසා අපේ ඉල්ලීම පිළිගන්න නොපිළිගන්න එක අර්ජුමාන්ගෙ වැඩක්.

කාටත් දැනෙන්න තව අලුත් වැඩක් කරන්න, දුර ගමනක් යන්න අර්ජුමාන්ට ටාර්ගට් එකක් නොතිබුණත් තව ගැම්මක් ඇති වැඩක් කරන්න ඔහුට වාසනාව උදාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

කනත්ත පාරේ අර්ජුමාන්, ඔබට සුබ අනාගතයක්.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගාල්ලේ වෙඩි තබා මරා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩියව! වෙඩි 15ක් සිරුරට වැදිලා! I Sri Lanka Latest News

Next Post

සජිත් දෙවිනුවර දෙවොල් බිමට පැමිණෙයි! පුදබිමේ විදුලි බිල් ප්‍රශ්නය සොයා බලයි! දේවාලයේ සංවර්ධන සැලැස්ම ගැනත් කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.