විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) දින මාතර දෙවිනුවර විශ්නු දේවාලය සහ පන්සල වැඳ පුදා ගැනීමට එක් විය. එහි දී දෙවිනුවර දේවාලය හා පන්සල ආශ්‍රිතව මතුව ඇති විදුලි බිල් ගැටලුව සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු විය.Sri Lanka Latest News
ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සතර මහා දේවාල වැඳ පුදා ගෙන ආශිර්වාද ගැනීමට එක් විය. ඉන් අනතුරුව දෙවිනුවර දේවාලයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ද කටයුතු කළේය.