• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමන්ගෙ මළ ගෙදර කලින්ම බුක් කරලා දෙන ලංකාවේ කෝටිපති තරුණයා I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ එකම ගෝල්ඩ් එඩිෂන් හර්ස් එක… ආගමික නායකයන්ට 50%ක වට්ටමක්…

අද අපි කතාකරන්න යන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙදී තමන්ගේ අවමංගල්‍ය උත්සවය මෙන්න මේ විදියට කරදරයක් නැතිව සිද්ධ කරන්න කියලා ප්ලෑන් කරන්න සිස්ටම් එකක් හදපු ලංකාවේ අවුරුදු 27ක ළාබාලතම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයා එක්ක. අපේ කතා නායකයා කවිඳු පනාගොඩ. ඔහු අධි සුඛෝපභෝගී අවමංගල්‍ය සේවයක් සපයන මාලබේ පිහිටි චන්ද්‍රා පනාගොඩ පෞද්ගලික ආයතනයේ වත්මන් හිමිකරු.(Sri Lanka Latest News)

ඔබේ ආයතනයෙන් ලබාදෙනවා කියන මේ අධිසුඛෝපභෝගී සේවාව ගැන තමයි අපි මුලින්ම අහන්නේ. කෙනෙක්ගේ මරණය සිද්ධ වුණාට පස්සේ ඒ අවමංගල්‍ය උත්සවය කොහොමද අධිසුඛෝපභෝගී විදියට ඔබ සැලසුම් කරන්නේ?

පවුලේ කෙනෙක් මියගියාට පස්සේ එයාගේ ඥාතීන් බලන්නේ මියගිය කෙනා වෙනුවෙන් ඉහළම ගරු බුහුමන් දක්වන්න. අපි ගාවට එන හැම කස්ටමර් කෙනකුටම සාධාරණ මිලකට ඉහළම සේවයක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. මුදල් මතම පදනම් නොවී සාමාන්‍ය පවුලක කෙනකුට වුණත් ඉහළම සේවයක් අපි ලබාදෙනවා. අපි සතුව හැම කෙනකුටම ගැළපෙන විදියට හදපු සාමාන්‍ය පැකේජයේ සිට වී.අයි.පී. පැකේජය දක්වා තියෙනවා.

වී.අයි.පී. පැකේජ් එකට අයිති වෙන්නේ මොනවද?

වී.අයි.පී. පැකේජ් එකට අයිති වෙන මිනී පෙට්ටිය හදන්නේ තේක්ක ලීයෙන්. ඒකෙ හැන්ඩ්ල්ස් පවා පිටරටින් ආනයනය කරපු ඒවා. එම්බාම් එක, මේකප් එකත් විශේෂයි. රෝස මල් සහ රිබන්වලින් ලොකු ඩෙකරේෂන් එකක් තියෙනවා. ඊට අමතරව දකුණු ආසියාවේ තියෙන එකම බෙන්ස් ලිමොසින් අවමංගල්‍ය රථය තියෙන්නෙත් අපි ගාව විතරයි. පහුගිය දවස්වල සිදුවුණු එංගලන්තයේ මහරැජිනගේ අවමංගල්‍යයටත් යොදාගෙන තිබුණේ ඒ වර්ගයේ බෙන්ස් ගෝල්ඩ් එඩිෂන් නොවන අවමංගල්‍ය රථයක්. මේ වෙනකොට ලංකාවේ තියෙන හොඳම අවමංගල්‍ය රථය තියෙන්නේ අපි සතුවයි.

මේ වෙනකොට වී.අයි.පී. අවමංගල්‍ය උත්සව සෑහෙන ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඒ හැම අවස්ථාවක්ම මම පෞද්ගලිකව අධීක්ෂණය කරනවා.

කොහොමද අවමංගල්‍ය උත්සවයක් කලින් සැලසුම් කරන්නේ?

ඒ සඳහා වෙනම පෙර ගෙවුම් සේවාව කියලා එකක් අපි ළඟ තියෙනවා. සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම කලින් සැලසුම් කරන අය. ඒ අයට පුළුවන් තමන්ගේ අවමංගල්‍ය අවස්ථාව මේ විදියට වෙන්න ඕනේ කියලා කාටවත් කරදරයක් නොවන විදියට කලින් සැලසුම් කරන්න. ඒ කෙනා අපිත් එක්ක කතා කරලා එයාගේ අන්තිම කැමැත්ත අපට සටහන් කරලා දුන්නාම අපිත් එක්ක ගිවිසුමක් අස්සන් කරනවා. ඒ ගිවිසුමෙන් පස්සේ අවුරුදු 50ක් ගියත් එදා ගිවිසුම්ගත වෙච්ච මුදලටම ඔහුගේ මරණය වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය අපි කරලා දෙනවා. උද්ධමනයත් එක්ක මිල වැඩිවීමක් වෙලා තිබුණත් අපි ගිවිසුමෙන් පිට සතයක්වත් අයකරන්නේ නෑ.

එතකොට අද තියෙන මිල තව අවුරුදු 20කින් 30කින් විශාල ලෙස ඉහළ ගිහින් තියෙන්න පුළුවන් නේද. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

ඒ වගේ සිද්ධියක් වුණා. අපේ සීයගේ කාලෙ එක මළ ගෙයක් භාරගෙන තිබුණා රුපියල් 7,500ක මිලකට. ඒකෙ වර්තමාන වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වෙනවා. නමුත් අපි ඒක පහුගිය දවසක කරලා දුන්නා එදා පොරොන්දු වූ 7,500ක මුදලටම.

ඒ ගිවිසුම අස්සන් කරලා තිබුණේ කොයි කාලෙද?

එක්දහස් නවසිය අසූ ගණන්වල. මම එතකොට ඉපදිලත් නෑ.

මේ ආයතනය ආරම්භ කළේ කොයි කාලෙද?

1969 අවුරුද්දේ. මගේ සීයා තමයි මේක පටන් අරගෙන තියෙන්නේ. සීයා ව්‍යාපාර කිහිපයක් කරගෙන ගිහින් තියෙනවා. ඒකෙන් එකක් තමයි අවමංගල්‍ය උත්සව සංවිධානය. 2000 අවුරුද්දේ ඒ ව්‍යාපාරය මගේ තාත්තා භාරගත්තා. තාත්තගෙන් තමයි මම භාරගත්තේ. ඒ විදියට පාරම්පරිකව යන ව්‍යාපාරයක් මේක. අද ගොඩක් මල් ශාලාවල තියෙන ප්‍රශ්නයක් තමයි එම්බාම් එක හරියට කරගන්න බෑ, පෙට්ටිය කොලිටි නෑ. එහෙම වුණාම අවුරුද්දක් දෙකක් ගිහින් ඒ මල් ශාලා වැහිලා යනවා. නමුත් අපි දැන් අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ මේ ව්‍යාපාරය බොහොම සාර්ථකව කරගෙන එනවා.

ඔබ කිව්වා අසූ ගණන්වල අස්සන් කරපු ගිවිසුමකට අදාළ අවමංගල්‍යය මේ මෑතක සිදුවුණා කියලා. ඒ වගේ තවත් අය මේ ගිවිසුම්ගත වෙන්න ඉදිරිපත් වෙනවද?

සෑහෙන පිරිසක් ඉන්නවා. තමන්ගේ මරණය වුණාම ගෙදර අය ඉන්නේ ගොඩක් පීඩනයකින් සහ දුකකින්. සමහර වෙලාවට ඒ අය ළඟ මුදලුත් නෑ. ඒ නිසා ඒ කටයුත්ත ගෙදර අයට කරදරයක්, බරක් නොවන විදියට සැලසුම් කරන්න ඕනෙ කියලා විශ්‍රාම ජීවිත ගතකරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම විදෙස්ගතව ඉන්න බොහෝ පිරිසකුත් මාත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඒ අයගේ මවුපියෝ ඉන්නේ ලංකාවේ. ඒ අය මෙහෙම කරදරයකට පත්වුණාම දරුවන්ට ලංකාවට එන්න දවස් කිහිපයක් යනවා. ඒ නිසා ඒ කටයුත්ත අපට භාරදෙන විදෙස්ගත විශාල පිරිසක් ඉන්නවා. එතකොට දරුවෝ ලංකාවට එනකොට අවමංගල්‍යයේ සැලසුම් සියල්ල අපි සිදුකරලා තියෙන බව ඒ අය දන්නවා.

ඔබේ ආයතනයේ තියෙන මිල අධිකම පෙට්ටිය කීයක් වෙනවද?

බේසික්ම එක තේක්ක පෙට්ටිය. ඒක ලිමොසින් අවමංගල රථයත් එක්ක එනකොට ලක්ෂ 10ත් 15ත් අතර මිලක් වෙනවා. සමහරුන්ට චිතකයක් අවශ්‍ය වෙනවා. තවත් සමහර උත්සවවලට හෙලිකොප්ටරයෙන් මල් දාන්න ඕනෙ කියනවා. ඒ ඒ අවශ්‍යතා මත මිල වෙනස් වෙනවා. ඒ වගේ දේවල් ඉල්ලන්නේ ප්‍රභූ පන්තියේ කෙනෙක්ගේ අවමංගල්‍යයක් සඳහා විතරයි. නැත්නම් බොහෝ විට ඉල්ලන්නේ සාමාන්‍ය පැකේජ් එක.

කෙනෙක් හිතන්න පුළුවන් ඔබේ ආයතනයෙන් සේවය සපයන්නේ මිල මුදල් හුඟක් තියෙන අයට විතරයි කියලා?

අපෙන් සේවය ලබාගන්නේ වැඩිපුරම සාමාන්‍ය පන්තියේ මිනිස්සු. ඒ අයට අපි බජට් පැකේජ් හඳුන්වා දීලා තියෙනවා. රුපියල් 45,000, 65,000, 85,000 වගේ මිල ගණන්වලට ඒ පැකේජ තියෙනවා. ඒ පැකේජ්වල වුණත් එම්බාම් එක, හර්ස් එක, පෙට්ටිය, මල් සැරසිලි සියල්ල හොඳටම අපි කරලා දෙනවා.

අපි දැක්කා ඔබේ ආයතනය සතුව හර්ස් ගණනාවක් තියෙනවා. මොනවද මේ වාහන?

මම කලින් කිව්වා අපි සතුව විවිධ පැකේජ තියෙනවා කියලා. ඒ අතරින් සාමාන්‍යයෙන් රුපියල් 65,000 පැකේජයට ටොයොටා කැල්ඩිනා හර්ස් එක තමයි දෙන්නේ. රුපියල් 100,000 වගේ වැඩකට ටොයොටා ක්‍රවුන් හර්ස් එක දෙනවා. ඊට අමතරව වොල්වෝ වැගන් එකක් තියෙනවා. වී.අයි.පී. පැකේජ්වලට අපි ලිමොසින් රේන්ජ් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ අතර වොල්වෝ ලක්ෂරි ලිමොසින් එක තියෙනවා. ඊටත් ඉහළ අවමංගල්‍ය උත්සවවලට දකුණු ආසියාවේ එකම ගෝල්ඩ් එඩිෂන් බෙන්ස් ලිමොසින් රථයත් අපි සතුව තියෙනවා. මගේ අයියා ඉන්නේ එංගලන්තේ. එයත් එක්කත් කතා කරලා ලංකාවෙ නැති බෙන්ස් ලිමොසින් එක ගෙන්වන්න 2020 අවුරුද්දේ කටයුතු කළා.

ඔබේ ආයතනය වටිනා සත්ක්‍රියාවක් ආරම්භ කළා කියලත් අපට දැනගන්න ලැබුණා. ඒ ගැනත් කියන්න?

ඔව්. අපේ රටේ බොහෝ දෙනෙක් මුදල් හරි හම්බ කරනවා විතරයි. ඒ අයත් කවදා හරි මැරෙනවා කියලා හිතන්නේ නෑ. නමුත් මමයි තාත්තයි සාකච්ඡා කළා මේ ව්‍යාපාරය කරන අතරතුරම යම් පින්කමකුත් කරගන්න ඕනෙ කියලා. ඒ අනුව තමයි අපි තීරණය කළේ ආගමික නායකයන්ගේ අවමංගල්‍ය උත්සව මුළු වියදමෙන් 50%ක මිලකට සිදුකරන්න. මම මේක අවස්ථාවක් කරගන්නවා ලංකාවේ සියලු දෙනාට ඒ ගැන කියන්න. කවුරුන් හෝ ආගමික නායකයෙක් මියගියාම ඒ අවසන් කටයුතු 50%ක මිල අඩුකිරීමක් සහිතව අපි කරලා දෙන්න කටයුතු කරනවා.

කොහොමද කෙනෙක් ඔබේ ආයතනය හා සම්බන්ධ වෙන්නේ?

071 782 0820 කියන අපේ හොට්ලයින් එකට කතා කරලා විදෙස්ගතව ඉන්න කෙනෙකුට හෝ ලංකාවේ ඕනෙම කෙනකුට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔන්ලයින් හරහා අපි ඒ අයගේ තොරතුරු ලබාගෙන ඇග්‍රිමන්ට් එක හදලා ඒ අයට ඩී.එච්.එල්. හරහා යවනවා. ඉන් පස්සේ අවුරුදු ගානක් ගියත් එයාගේ අවමංගල්‍ය කටයුතු අදාළ සාමාජික අංකය ඉදිරිපත් කළාට පස්සේ අපි කරලා දෙනවා.

මීට අමතරව ඔබේ ආයතනයෙන් ලැබෙන සේවාවන් මොනවද?

අපි මුළු දිවයිනම ආවරණය වන විදියට අවමංගල්‍ය සේවා සපයනවා. යුද හමුදාවේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන අවමංගල්‍ය උත්සව සඳහාත්, නාවික හමුදාවේ මුළු දිවයිනේම තියෙන අවමංගල්‍ය උත්සව සඳහාත් අපි සේවා සපයනවා. ඒ කටයුතු යුද්ධය පැවැති කාලයේ පටන් මේ දක්වාම අපි සිදුකරගෙන යනවා.

කොවිඩ් වසංගත කාලේ කොහොමද ඔබේ ආයතනයේ කටයුතු සිදුවුණේ?

අයි.ඩී.එච්. රෝහල ළඟ අපේ ආයතනයේ ශාඛාවක් තියෙනවා. එදා පළමු කොවිඩ් රෝගියා මියගිය වෙලාවේ පාන්දර 1ට විතර සෞඛ්‍ය බලධාරීන් අපේ ආයතනයට කතාකරලා කිව්වා කොවිඩ් දේහයක් තියෙනවා භාරගන්න කියලා. ඒ වෙලාවේ අපේ සේවකයනුත් බය වුණා. මොකද කොවිඩ් කිව්වාම මාරාන්තික රෝගයක් කියලා තමයි ඒ දවස්වල හිතාගෙන හිටියේ. නමුත් අපි ඒ බොඩි එක ගෙනාපු ගිලන් රථයම සම්බන්ධ කරගෙන ඒ දේහය ආදාහනය කරන්න කටයුතු කළා. ඊට පස්සේ ගිලන් රථවලින් ගෙනියන්න බැරි තරම් කොවිඩ් මළ සිරුරු එන්න ගත්තා. ඒ අනුව අපි වෙනම කණ්ඩායමක් කොවිඩ් මරණ වෙනුවෙන්ම වෙන් කරන්න කටයුතු කළා.

ඔබේ ආයතනය අවමංගල්‍ය උත්සවයක සෑම පැත්තක්ම ආවරණය කරනවා. ඒ ගැනත් සඳහන් කරන්න?

මරණය කියන්නේ කවුරුවත් නොහිතන වෙලාවක සිදුවෙන දෙයක්. කවුරුවත් ඒ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නේ නෑ බොහෝ විට. ගෙදර පිළිවෙළට නැති වෙන්න පුළුවන්, ගෙදරට එන මාර්ගය දුෂ්කර එකක් වෙන්න පුළුවන්. ඒ සඳහා අපි අවමංගල්‍ය ශාලා හඳුන්වා දීලා තියෙනවා. අපට මරණ සහතිකය ලබාදුන්නට පස්සේ ඒ සඳහා අවශ්‍ය පුටු, කෑම බීම, ඇතුළු හැම දෙයක්ම අපි සපයලා දෙනවා. ඒ හරහා ඒ මරණය සිදුවුණු කෙනාගේ පවුලේ අයට තියෙන පීඩනය අඩුකරන්න අපි බැඳිලා ඉන්නවා.

විදේශිකයෙක් ලංකාවෙදී මියගියොත් ඒ දේහය සම්බන්ධයෙන් මොනවද කරන්න තියෙන විශේෂ දේවල්?

ඒ විදේශිකයගේ බොඩි එක තියෙන බහාලුම හොඳින් ආවරණය වෙන්න ඕනේ. එහි ඇතුළත සින්ක්වලින් හදන්න ඕනේ. ඒ වගේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා වෙනම බලපත්‍රයකුත් ගන්න ඕනේ. අපි සතුව ඒ බලපත්‍රය තියෙනවා. එහෙම අවස්ථාවක මියගිය විදේශිකයාගේ රටේ මල් ශාලාවක් එක්ක අපි සම්බන්ධ වෙලා ඒ දේහය අදාළ රටට යවන්න අපි කටයුතු කරනවා. මේ සේවය සපයන ආයතන බොහොම සීමිත සංඛ්‍යාවක් විතරයි ලංකාවේ තියෙන්නේ.

ඔබ කිව්වා සාධාරණ මිලට මේ කටයුතු කරනවා කියලා?

ඔව්. අපි අය කරන මිල වගේ තුන්ගුණයක් විතර අයකරනවා කොළඹ තියෙන අවමංගල්‍ය උත්සව සංවිධාන කරන ආයතන. නමුත් අපි ඉතා සාධාරණ මිලකට මේ කටයුතු කරනවා. සමාජ සේවයක් ලෙස සලකලා.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අදත් පොලිසිය කොළඹදී කඳුළු ගෑස් ගහයි! මෙදා පාර වෛද්‍ය පීඨ සිසුන්ට! I VIDEO ISri Lanka Latest News

Next Post

දියසෙන් කුමරුගේ පැමිණීම ගැන ඉන්දියානු ඍෂිවරයෙක් අනාවැකි පළකරයි I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.