හිමාලයේ බහිරව මුඛ ඍෂිවරු ලංකාවේ අනාගතය ගැන පැවැසූ විස්මිත අනාවැකිය…
අපි බොහොම කාලයක ඉඳලා දියසෙන් කියන අධ්‍යාත්මික නායකයෙක් ගැන අහලා තිබුණා. ඒ නායකයා ඇවිත් අපේ රටේ ජනතාව හොරුන්ගෙන් බේරගන්නවා කියන කතාව අපට දහස් වතාවකට වඩා අහන්න ලැබුණා. නමුත් අපි මේ කතාව විශ්වාස කළේ නෑ. මොකද මෙච්චර පවුකරන ජනතාවක් ඉන්න රටක අධ්‍යාත්මික නායකයෙක් බිහිවෙන්න තියෙන සම්භාවිතාව ඉතා අඩුයි කියලායි අපි හිතාගෙන හිටියේ.(Sri Lanka Latest News)
මගේ ගෙදරට එහා පැත්තේ හිටියා අවුරුදු 19ක විතර පිරිමි දරුවෙක්. මේ දරුවගේ කටේ නිතරම තිබුණේ දියසෙන් කුමාරයා ඇවිත් රට ගොඩනංවනවා කියන කතාව. කවුරු කිව්වත් මම නම් ඒ කතාව විශ්වාස කළේ නෑ. හැබැයි ඒක විශ්වාස නොකරන හේතුව මොකක්ද කියලා මගේ හිතෙන්ම මම හැමදාම ප්‍රශ්න කළා. ඔය කතාව ඇත්තද බොරුද කියන අදහස මැද මම වසර 6ක් පමණ හිරවෙලා හිටියා. ඇත්තටම කාලයත් එක්ක මට දියසෙන් ගැන කුතුහලයක් ඇතිවෙලා තිබුණා. දැන් මම දියසෙන් ගැන හොයන්න පටන් ගත්තා. ඒ කුතුහලය හරියට අඳුරු අහසේ පායලා තියෙන පුංචි තරුවක් වගේ වුණාට ඒ තරුව පෝය දවසට පායලා තියෙන පුන් සඳ වගේ ලොකු වුණා කියලා ඔයාලා දන්නවද? ඒක වුණේ මෙන්න මෙහෙමයි.
මම වැඩකරපු ආයතනයේ යම් කටයුත්තක් සඳහා මට දවසක් ඉන්දියාවට යන්න සිද්ධ වුණා. එහිදී මට විවේකයක් ලැබුණු අවස්ථාවක මම තීරණය කළා ඉන්දියාවේ සංචාරය කරන්න. ඉන්දියාවේ හිමාල කන්ද ළඟ තියෙනවා බහිරවමුඛ කියලා ගමක්. ඉන්දියාවේ අපේ ආයතනයේ යාළුවෝ එක්ක අපි යනවා මේ ගමට. පිටරට මිනිස්සු පවා ඇවිත් ඒ ගමේ සති දෙක තුනක් නතරවෙලා ගමේ සුන්දරත්වය විඳිනවා කියලා එහිදී අපට දැනගන්න ලැබුණා. ඇත්තටම මට හම්බවුණා පළමු දවසේ ඇමෙරිකාවේ ඉඳලා ආපු වින්සන්ට් කියලා මහත්මයෙක්.
එයා ඒ ගමට කොච්චර කැමැතිද කියනවා නම් ඔහු සහ ඔහුගේ බිරිය ඒ ගමට ඇවිත් මාසයක් ගතකරලා තියෙනවා. ඉතින් අපිත් ඒ ගමේ දවස් දෙක තුනක් සතුටින් කාලය ගතකළා. මේ කාලය තුළ මට දියසෙන් කුමාරයා තබා මගේ ගෙදර අයවත් මතක් වුණේ නැති තරම්. ඒ තරමටම මේ ගමේ රස විඳින්න දේවල් හදලා තිබුණා. හැබැයි ඒ හැම දේම මුදලට.
දෙවැනි දවසේ හවසේ සුරංගන කියන මගේ යාළුවත් එක්ක ගමේ තියෙන කන්දේ දේවාලෙට යන්න මම පිටත් වුණා. ඒ අතරමගදී තැඹිලි පාට, කහ පාට රෙදි ඇඳගත්තු පිරිසක් මගේ ළඟට ඇවිල්ලා අත දික් කරලා සාස්තරයක් බලන්න අත දෙන්න කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා. හැබැයි එයාලා ඒ සාස්තරය කියන්නේ නොමිලේ නෙවෙයි. මගේ ළඟ තිබුණු ඉන්දියානු රුපියල් 20ක් දීලා සාස්තරයක් බලන්න අත දිගුකළා. එහිදී ඒ කාන්තාව මට කිව්වා මම තවම විවාහ වෙලා නෑ කියලා. මම ඇයට කිව්වා ඒක වැරැදියි, මම විවාහකයි කියලා.
ඒත් එක්කම දේවාලය ඇතුළේ ඉඳලා ආපු කළු පාට රෙදිකෑල්ලක් පොරවගත්ත මනුස්සයෙක් මට බණින්න පටන්ගත්තා. ‘උඹ විවාහකයි කියන එක මම දන්නවා. උඹගේ බිරිඳගේ නම මලිති. ඒ ගෑනු කෙනත් ඉපදිලා තියෙන්නේ උඹ ඉපදුණු වර්ෂයේම තමයි. උඹේ නම සුමිත් නේද? මම හරි නේද?’ කියලා ඒ මනුස්සයා මහ හයියෙන් මට කෑගැහුවා. එයා කියපු හැම දේම හරි. මම ඔහු ළඟට දුවගෙන ගිහින් මගේ අත දිගුකළා. එතැනදී ඔහු මට හොඳටම බැන්නා. ‘උඹ මට අත දිගුකරලා මට අපහාස කරනවද? මම සාස්තරකාරයෙක් නෙවෙයි, මම භාවනානුයෝගියෙක්…’ කියලා ඔහු කිව්වා.
ඊට පස්සේ ඔහු මට මෙහෙමත් කිව්වා.
‘මම උඹට කතා කළේ විශේෂ දෙයක් කියන්නයි. උඹේ රට ශ්‍රී ලංකාව නේද? ඒ රටට හොඳ කාලයක් එන්නයි යන්නේ පුතේ. උඹලට වරදින්නෑ පුතේ. ලෝකෙ උඹලව ආක්‍රමණය කළත් උඹලව පරද්දන්න බෑ. එක පිට ආක්‍රමණ ආවත් උඹලා ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ ජීවිත පුදකළත් උඹලා එතුමාගේ හඬ මේ ලෝකෙට කියාදෙන එක නවත්තන්නෙ නෑ. අපිට ඒක කරන්න බැරිවුණා. උඹලගේ රජාගේ හඬ ආයේ පාරක් ලොව ආලෝකවත් කරන කාලයක් එන්න යන්නේ. ඒ උත්තමයා තරම් මහා වීරයෙක් නෑ. මගේ ජීවිතේ මෙච්චර කාලෙකට එතුමා තරම් ගුණධර්ම තියෙන උත්තමයෙක් මට මුණගැහිලා නෑ.
උඹලා ජීවිත පුදකරලා මහා සංඝරත්නය රැකගත්තා. උඹලගේ පුරාණයේ හිටපු රජවරු මැරුණේ නිකන් නෙවෙයි පුතේ. ආයෙ ආයෙත් ඉපදිලා බුද්ධ ශාසනය රකිනවා කියන පොරොන්දුව දීලයි මැරුණේ. ඔය රටේ බුදු දහම අයින් කරන්න පුළුවන් වීරයෙක් මේ විශ්වයේ නෑ. බුදුන්ගේ දේශය තමයි ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව මහා වීරයන්ගේ දේශය….’ මේ විදියට කියපු ඒ කළු පාට රෙදි කෑල්ලක් ඇඳගෙන හිටපු මනුස්සයා පොළොවේ දණගහලා වඳින්න පටන්ගත්තා. ඒක දැකපු තැඹිලි පාට රෙදි ඇඳගෙන හිටපු අනෙක් අයත් ‘නමෝ බුද්ධාය’ කියමින් බිම වැඳවැටුණා.
මමයි සුරංගයි එදා දේවාලය ඇතුළට යන්න හැදුවත් කළු පාට රෙදිකඩ ඇඳගෙන හිටපු කෙනා අපට යන්න දුන්නේ නෑ. ඔහු කිව්වා ‘ඍෂිගේ දරුවෝ කුණු ගොඩවල්වල රිංගන්න සුදුසු නෑ, පලයව්… මේ ගැන හැමෝටම කියාපියව්’ කියලා. ඒ අනුව අපි ආපහු හැරිලා එනකොට ඔහු කිව්වා ‘මේ කාලේ මේ උත්තමයගේ ගුණ ලෝකෙට දැනගන්න සලස්වන යම් කෙනෙක් වේද, එතුමාගේ ධර්ම ශක්තිය ගැන ලෝකයට කියන යම් කෙනෙක් වේද ඔවුන් මහා වීරයෝ වන්නේය’ කියලා. ඉතින් මට ඔබට කියන්න ඕනෙ වුණේ මම ඉන්දියාවෙදී අත්දැකපු මේ සිදුවීම ගැනයි.
මේ සිද්ධියෙන් පස්සේ ගෙදර එනතුරුම මට දියසෙන් කුමාරයා ගැන මතක් වුණේ නෑ. මම ගෙදර ඇවිත් මේ ගැන මගේ බිරිඳට කිව්වා. ඒ වෙලාවේ ඇය මට කිව්වේ ඔය කියන විදියට බුදු දහම නැවත බලවත් වෙලා බැබළෙනවා නම් අනිවාර්යයෙන්ම ගොඩක් ශක්තිමත්, ගුණවත්, කාටවත් බය නැති නායකයෙක් රටේ බිහිවෙන්න ඕනෙ කියන එක. මේ කතාව ගැන මම මගේ අල්ලපු ගෙදර ඉන්න කොලු ගැටයට කිව්වට පස්සේ ඔහු කිව්වා ඔය කතාව නිසා මගේ හිතේ ඇතිවුණු සතුටට වඩා දසදහස් ගුණයක සතුටක් ඔයාගේ හිතේ රැඳේවා කියලා. මම ඔහුට හිනාවෙලා කිව්වා ‘කොල්ලෝ උඹ කතා කරන්නේ රජකාලේ වචන නේද?’ කියලා. ඔහු ඒ වෙලාවේ මට කිව්වා, ‘එහෙම නෙවෙයි මාමේ, මේ දහමෙන් ටිකක් ගෑවුණත් අපි තුළින් පිටවෙන මෛත්‍රිය, කළගුණ සැලකීමේ ගුණයයි මේ’ කියලා.
Diyasen Time යූටියුබ් නාලිකාවෙනි










