• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් දරුවන් කාගෙද වෙනසක් නෑ මේ ආදරයේ පාඩම්…

October 18, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් දරුවන් කාගෙද වෙනසක් නෑ මේ ආදරයේ පාඩම්…
Share on WhatsAppShare on Facebook

පහුගිය 07 වැනිදා ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සමුළුව පැවැත්වුණා. ඊට කලින් අපේ ගුරුසේවා සංගමේ කීප දෙනෙක් ඒ ගැන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුම්වත් කරන්න පාසල්වලට ගියා අපේ පෞද්ගලික නිවාඩු අරගෙන. කුරුණෑගල නගරය අවට පාසල් කීපයකට තමයි ගියේ. ඒ ගමනෙදී ලබපු හැබෑ අද්දැකීම් කීපයක් ලියන්න හිතුණා.
එකක්…

මේක කුරුණෑගල නගරය ආසන්න පාසලක්. අපි ගියෙ යතුරුපැදිවල. ගේට්ටු මුරකාරයෝ නෑ. ඒක මං කිව්වෙ පාසලේ තත්ත්වය පැහැදිලි කරන්න. ඒ පාසලේ ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නය දරුවන් පාසලට ගෙන්වා ගන්න එක. උදේට කන්නයි, පාසලට ගේන්නයි කෑම නැති නිසා ගොඩක් දරුවන් පාසලට එන්නෙ නෑ. එක ගුරු මවක් එයාගෙ සමාජ මාධ්‍ය ගිණුමේ ඉන්න විදේශීය මිතුරු කණ්ඩායමක උදව් අරගෙන පාසලේ කෑම දෙන වැඩපිළිවෙළක් හදලා. දරුවන්ට දිනපතා උදේ ආහාර වේලක් දෙන්න පටන් අරන්. එයාට එක කෑම වේලකට රුපියල් හැත්තෑපහක් අර මිතුරු කණ්ඩායම ලබාදෙනවා. ඒ ගුරු මව ඒකට සරිලන කෑම වේලක් දරුවන්ට දෙනවා. හැමදාම ඒ කෑම එකේ පින්තූරයක් මිතුරු හවුලේ සමාජ මාධ්‍ය සමූහයට එකතු කරනවා. ලොකු වැඩක්. දරුවන් පාසල් පැමිණීම සතුටුදායකයි.

ඇය අප සමග මේ ගැන කියද්දී මල් ගවුමක් ඇඳගත්ත පුංචි දැරියක් ගේට්ටුව අද්දරට වෙලා පාසල දිහා බලාගෙන ඉන්නවා. එයා ළඟ එයාගෙ අම්මා කියලා අනුමාන කළ හැකි කාන්තාවකුත් ඉන්නවා. ගුරුතුමිය අපට පොඩියකට ඉන්න කියලා ගේට්ටුව ළඟට ගියා. මමත් ජංගම දුරකතනය කනේ ගහගෙන කතා කරනව වගේ පෙන්නගෙන එතැනට කිට්ටු වුණේ එතැන මොකක් හරි වෙන බව දැනුණු හින්දා.

‘ටීචර්, අද දුව ඉස්කෝලෙ එව්වෙ නෑ. ඇඟ ටිකක් රත්වෙලා. ඒත් එයාට ඉස්කෝලෙන් දෙන බත් එක කන්න ඕනෙලු…’

ඒ අම්මා බිම බලාගෙන කියනවා. ගුරුතුමිය ගේට්ටුවෙන් එළියට ගිහින් පුංචි දැරියගෙ අතින් අල්ලාගෙන පාසල ඇතුළට එක්කරගෙන ගියා. ටික වෙලාවකින් ආයෙම ගුරුතුමිය වැට ළඟට ආවෙ ඒ දරුවත් එක්කම. අර අම්මා අතට පාර්සලයක් දුන්නා. ඒ දෙන්නා ගුරුතුමියට අහිංසක විදියට හිනාවෙලා යන හැටි මම බලාගෙන හිටියේ හිතේ කුතුහලයක් එක්ක. ආපහු ගුරුතුමිය ළඟට ගියපු මම ඇහුවෙ එයා අර අම්මට දීපු පාර්සලය ගැන.

‘දරුවට කන්න දුන්නා. ඒත් එයා ඒක ඔතාගෙන යන්න ඕනෙ කිව්වා. ඇයි කියලා ඇහුවම ගෙදර කන්න දෙයක් නෑ, ඊයේ රෑටත් තේ වතුර බීලා නිදාගත්තෙ, අම්මටත් බඩගිනි ඇති කිව්වා. මම දරුවට කන්න කියලා අම්මට බත් එකක් දෙන්නම් කීවා. ඒ දරුවා බත් ටික කෑවා සර්. මම දවල්ට කන්න ගෙනාපු මගෙ බත් එක තමයි ඒ අම්මට දුන්න පාර්සලය….’

අර අම්මා තමන්ගෙ දරුවත් අරගෙන පාසලට එන්න ඇත්තේ තමන්ගෙ බඩගින්න නැතත් දරුවගෙ බඩගින්න නිවන්න වෙන ක්‍රමයක් නැති හින්දා. ඒ අයට ස්ථිර ආදායමක් නැති බවත්, කුලී වැඩ කරලා දවස ගෙවන බවත් දැනගත්තේ අර ගුරුතුමියගෙන්.

මේ තව කතාවක්…
මේ පාසලට යද්දී පුංචි දරුවෙක් වෙනම තැනක තියාගෙන ගුරුතුමියක් ඒ දරුවා සතුටු කරන්න උත්සාහ කරනවා. දරුවගේ ඇස්වල කඳුළු. ගුරුතුමිය හිනා වෙනවා. දරුවා හිනස්සවන්න එක එක දේවල් කරනවා. අපි එතැනින් විදුහල්පති කාර්යාලයට යද්දී ඒ දිහා බලාගෙනයි ගියේ. එතකොටයි මම දැක්කේ ඒ ගුරුතුමිය මගේ මිතුරියක්. අපි ආපහු එද්දී ඒ දෙන්නා එතැනම හිටියා. හැබැයි අර දරුවා හිනස්සවන්න උත්සාහ කරපු ගුරුතුමිය ඒ දරුවා තුරුළු කරගෙන එයාට නොපෙනෙන්න අඬනවා. මාව දැකපු මගේ මිතුරිය කඳුළු හංගාගෙන මට හිනාවක් පෙන්නුවා. මම එදා හවස මගේ මිතුරු ගුරුතුමියට දුරකතන ඇමතුමක් ගත්තේ ඒ ගැන දැනගන්න. ඒක මහා දුක හිතෙන කතාවක්. ඇය මට කියූ කතාව.

‘මේ දරුවා දවස් ගානක් එක දිගට පන්තියේ ඇඬුවා අයියේ. කාටවත් කියන්නෙ නෑ. ඊට පස්සෙ ඒ දරුවා මිතුරු කරගෙන හේතුව හොයාගන්න මට තමයි පැවරුණේ. දවස් ගානක් උත්සාහ කළා. එදා අයියලා ආපු දවසෙ තමයි එයා හේතුව කීවෙ. ඒ දරුවගෙ තාත්තා නෑ අයියෙ. අම්මට රස්සාවක් නෑ. දන්නව ද ඒ අම්මා කරන රස්සාව? එයාගෙ ස්කූටිය හන්දියේ තියාගෙන මිනිස්සු හයර් කරනවා. පොඩි එකා මට කියනවා අම්මට කරදරයක් වෙයි කියලා බයයිලු. නපුරු මිනිහෙක් අම්මව මරයිද ටීචර්… කියලා ඇහුවා අයියෙ. මගෙ පපුව කඩාවැටෙන්න ආවා. ඒ දරුවගෙ බය නැති කරන්න මට බෑ. අපි හරි අසරණයි. අවසානෙට ඇහුවෙ මට අම්මත් නැතිවුණොත් ටීචර්… කියලා. මම ඔයාව බලාගන්නම් කියලා මම ඒ දරුවා තුරුළු කරගත්තා….’

මම දුරකතනය විසන්ධි කළා.

ළමා දිනේට නැටුවෙත් ඒ ටීචර්ලම තමයි. ටීචර්ලා කියන්නෙ කටු අකුලක පිපුණු මල්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෙච්චර කල් තිබ්බේ 16,000ට! දැන් ගෙදරකට අලුතෙන් වතුර ගන්නවා නම් 27,200ක් ලෑස්ති කරගන්න!

Next Post

අන්තරේ 7ක් අදත් අල්ලන් ගිහින්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.