නව ජල සම්බන්ධතාවක් ලබාදීම සඳහා අයකෙරෙන ගාස්තු ඉහළ නැංවීමත් සමග අඟල් භාගයේ ජල සබඳතාවක් ලබාගැනීම සඳහා වන නව ගාස්තුව රුපියල් 27,200ක් දක්වා ඉහළ යන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මීට පෙර එම ගාස්තුව රුපියල් 16,000ක්ව පැවැතියා.
එසේම අඟල් තුන්කාල ජල සබඳතාවක් ලබාගැනීමේ නව ගාස්තුව රුපියල් 51,000ක් වන අතර, මීට පෙර ඒ සඳහා අය කරනු ලැබුවේ රුපියල් 30,000ක මුදලකි.








