ඉන්දීය මාධ්‍යයකින් එළියට දාපු අලුත්ම ගේම් එක…
ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දමිළ පවුල් 15ක පමණ සාමාජිකයෝ 2022 නොවැම්බර් මස මුලදී ස්විට්සර්ලන්තයේ වෙසෙන තවත් දමිළ හිතවතකුගේ නිවෙසට සවස් වරුවේ රැස්වූහ. ඔවුන් සියල්ලෝම කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ.) ශ්‍රී ලංකාවේ යුදමය වශයෙන් ක්‍රියාකාරීව සිටියදී එම සංවිධානයට දැඩි සහයෝගයක් සහ අනුකම්පාවක් දැක්වූ අය වූහ. එසේම මෙම පිරිසේ බොහෝ දෙනකුම දැනට අසල්වැසි පවුල් සහ කලක් පුරා එකිනෙකා දන්නා අයද වූහ.(Sri Lanka Latest News)
එදින සවස දමිළ ජනතාව සම්බන්ධයෙන් කරන ලද ‘මුක්කිය අරිවිප්පු’ (වැදගත් නිවේදනය) ගැන අසන්නට සත්කාරක පාර්ශ්වය විසින් ඔවුන්ට ආරාධනා කර තිබිණි. මෙම නිවේදනය සිදුකිරීමට තවත් සුළු වේලාවකින් කවුරුන් හෝ එහි පැමිණෙන බැව් සත්කාරකයා විසින් පිරිසට ප්‍රකාශ කරන ලදී. ටික වේලාවකින් ස්විට්සර්ලන්තයේ වෙසෙන එල්.ටී.ටී.ඊ. කොටි ක්‍රියාකාරීන් දෙදෙනෙක් එහි පැමිණියහ. ඔවුහු ඉහත පැවැසූ වැදගත් නිවේදනය කියවන්නට වූහ. ඔවුන්ගේ බසින්ම එම ප්‍රකාශය මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
‘ශ්‍රී ලංකා රජය විසින් වාර්තා කරන ලද පරිදි ‘තමිස් ඊසා තේසියත් තලෙයිවර්’ (දමිළ ඊළාම් ජාතික නායකයා) ලෙස විස්තර කරන ලද එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මියගොස් නැති බව අපි ප්‍රකාශ කර සිටිනවා. ඔහු ආරක්ෂිත රටක අප්‍රසිද්ධව ජීවත් වූ අතර, දැන් බරපතළ ලෙස රෝගී තත්ත්වයකට පත්ව සිටිනවා. මේ නිසා මෙම නායකයාගේ මිල අධික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධික මුදලක් අවශ්‍ය වී තිබෙනවා.
ඔහු පමණක් නොව, ප්‍රභාකරන්ගේ බිරිය මධිවදනි සහ එකම දියණිය වන ද්වාරකාද ජීවතුන් අතර සිටින බවත්, ඔවුන්ද ප්‍රභාකරන් සමග ජීවත්ව සිට ඇති බවත් දැන් අනාවරණ වී තිබෙනවා. ප්‍රභාකරන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් මුදල් සපයා ගැනීමේ හදිසි අවශ්‍යතාව මව සහ දියණිය ප්‍රකාශ කර තිබෙනවා. මේ නිසා ඔවුන් සානුකම්පිත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දේශප්‍රේමී දමිළ ජනතාවගෙන් පිහිට පතා සිටිනවා. තව සුළු මොහොතකින් ඔවුන් දෙදෙනා ඔබ සමග කතාකරනු ඇති….’
ගතවූයේ තවත් මොහොතකි. එක් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයකු තමන්ගේ නවීන ජංගම දුරකතනය ගෙන එහි ඇති ශබ්ද විකාශන (ස්පීකර්) මෙවලමට පරිවර්තනය කළේය. ඉන් පසු ඔහු දුරකතන ඇමතුමක් ලබාගත්තේය. ක්‍රියාකාරිකයා යමෙකුට කතා කළ අතර, අනෙක් කෙළවරින් අසන්නට ලැබුණේ කාන්තාවකගේ කටහඬකි. ප්‍රභාකරන්ගේ බිරිය මධිවදනි ලෙස තමා හඳුන්වා ගන්නා කාන්තාවක් ඉතා ශෝකයෙන් හඬා වැලපෙමින් කතා කරන්නට වූවාය.
‘මම මධිවදනි, ප්‍රභාකරන්ගේ බිරිය. අපේ දුව ද්වාරකාද මෙතැන ඉන්නවා. අපි පසුගිය කාලයක් රහසිගතව ජීවත් වුණා. දැන් ප්‍රභාකරන් දරුණු ලෙස රෝගී තත්ත්වයට පත්වෙලා ඉන්නවා. ඔහුට ඉතා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍යයි. මේ සඳහා අපට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. අනේ කරුණාකරලා අපට උදව් කරන්න…’ යැයි ඇය හඬා වැලපෙමින් කියන්නට වූවාය.
ඇය හඬාවැටෙන අතරේ ඒ අසලින් තවත් කාන්තා කටහඬක්ද ඇසෙන්නට විය.
‘අම්මා අම්මා අලතේයුංගෝ (අම්මා අම්මා අඬන්න එපා)…’ ඇයද ශෝකී හඬකින් කතා කරමින් කියා සිටියේ තමන්ගේ පියාගේ රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙසයි. මව සහ දුවගේ ඉල්ලීම බොහෝ පැහැදිලිව දුරකතනයේ ස්පීකරය හරහා පිරිසට ඇසෙන්නට විය. ඒත් සමගම දුරකතනය විසන්ධි වූ අතර, එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයා ප්‍රකාශ කර සිටියේ මධිවදනි සහ ද්වාරකා දැන් මෙම නිවෙසින් පිටත වාහනයක සිටින බවත්, ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටතදී සුළු මොහොතකට ඔබට පෙනී සිටින බවත්ය.
ඒත් සමගම ක්‍රියාකාරිකයා කියා සිටියේ පිරිසට මේ දෙදෙනා බැලිය හැකි බවත්, එහෙත් ඔවුන් සමග කතාබස් කිරීම නොකළ හැකි බවයි. ගතවූයේ තවත් මොහොතකි. පිරිස නිවෙසින් එළියට පැමිණියහ. පාරේ අනෙක් පැත්තේ නවතා තිබුණු වාහනයකින් එළියට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් පිරිසට තම අත්ල එකට තබා ආචාර කළහ. විනාඩියකට අඩු කාලයකදී කාන්තාවන් දෙදෙනා රැගත් වාහනය එතැනින් වේගයෙන් පිටව ගියේය.
නිවෙස තුළ සිටි බොහෝ පිරිස දැඩි මනෝභාවයකට පත්ව සිටියහ. කාන්තාවන් කිහිප දෙනකු හැඟීම්බරව කඳුළු සලන්නට වූහ. සියලු දෙනා ඒකමතිකව වහා තීරණය කළේ එල්.ටී.ටී.ඊ. නායකයාගේ සුවය වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරන්නටය. ඉතා ඉක්මනින් ස්විස් ෆ්‍රෑන්ක් 25,000ක පමණ මුදලක් එකතු විය. මෙම වසරේදී ස්විස් ෆ්‍රෑන්ක් එකක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 382ක් පමණ විය. එනම් රුපියල් ලක්ෂ 95ක් පමණ විය. එම මුදල ප්‍රභාකරන්ගේ බිරිය මධිවදනි සහ දියණිය ද්වාරකා වෙත ලබාදෙන බව ක්‍රියාකාරිකයන් පොරොන්දු වූ අතර සභාවේ කටයුතු එතැනින් නිමාවිය.
ආන්දෝලනාත්මක වගතුගක් හෙළිකළ කුමක්ද මේ අපූරු කතාන්දරය? ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධය නිමාවී දැනට වසර 14ක් ගතවී ඇත. එම යුද්ධයේ බොහෝ තොරතුරු අප රටේත් ලෝකයේ බොහෝ රටවලත් හොඳින් දනිති. එවන් පසුබිමක් තිබියදී හරියටම මෙයට මාස 10ක් පමණ සමීප කාලයක් තිබියදී මෙම වගතුග අසන්නට ලැබීම පුදුමය උපදවයි.
පසුගිය කාලයේ මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යයට ලියා තබන්නේ ප්‍රවීණ ශ්‍රී ලාංකික මාධ්‍යවේදියකු වන දැනට කැනඩාවේ වෙසෙන සහ එහි සිට මාධ්‍ය කටයුතු සිදුකරන ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි. ඔහු මෙම වගතුග ලියා තබන්නේ තමන්ට රහසිගත මූලාශ්‍රවලින් ලැබුණු පුවත් කිහිපයක් හරහා යැයි ඔහු ප්‍රකාශ කර තිබිණි. එසේම පසුව තමන් මේ සිදුවීම ගැන සොයාබැලීමේදී එය සම්පූර්ණ සත්‍යයක් ලෙසට ඔප්පු වී ඇත. දැනටද ක්‍රියාත්මක වන එල්.ටී.ටී.ඊ. හිතවාදී ක්‍රියාකාරීන් විසින් මෙය සිදුකළ බවටද කරුණු ප්‍රකාශ වී තිබිණි.
මෙලෙස මෙම ක්‍රියාකාරීන් කුඩා කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලාංකික දමිළ පවුල් රැස්කරගෙන යුද්ධයේදී ප්‍රභාකරන්, ඔහුගේ බිරිය මධිවදනි සහ දියණිය ද්වාරකා මියගොස් නැතැයි ප්‍රකාශ කරමින් මෙසේ අරමුදල් රැස්කරති. පිරිස අතර මෙලෙස කෙටි වේලාවක් පෙනී සිටි කාන්තාවන් දෙදෙනා මුහුණු ආවරණ භාවිත කරමින් අර්ධ වශයෙන් තම මුහුණු ආවරණය කරගෙන සිටි බවටද කරුණු ප්‍රකාශ විය.
පසුගිය කාලයේදී ඩී.බී.එස්. ජෙයරාජ් විසින් මෙම පුවත වාර්තා කරන විටදී පසු වදනක් ලෙස ඔහු ප්‍රකාශ කර තිබුණේ යුද්ධයෙන් වසර 13ක් ගතවී තිබියදීත් එම දමිළ පවුල් මෙතරම් රැවැටිලිකාර තත්ත්වයකට පත්වූයේ කෙසේද යන්නය. පැහැදිලිවම එම පවුල් නිර්ලජ්ජිත ආකාරයෙන් රැවැටිල්ලකට ලක්වූ බවද ඔහු තම පසුවදනේ ලියා තිබිණි. එසේම ඔහු අවසාන වශයෙන් සඳහන් කර ඇත්තේ 2009 යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් සහ එම පවුලේ සියලු දෙනා මරණයට පත්වූ බවය.
දැන් ඔබට එම වගතුග හොඳින්ම පැහැදිලි වනු ඇත. එසේ නම් මෙම වටපිටාවේදී දැනට සිදුව ඇති අලුත්ම කතාවේ වගතුග කුමක්ද? මේ වගතුග අපට ඇසෙන්නේ මෙයට දින කිහිපයකට ඉහතදී ඉන්දියාවෙන් ඇසුණු සුවිශේෂ පුවත් කිහිපයක් හරහාය. අද මෙම පුවතද ලොව කලඹන ආන්දෝලනාත්මක වගතුගක් වී ඇත. ඉන්දීය මාධ්‍ය මේ අපූරු කතාව කියා සිටින්නේ මෙසේය.
‘දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා යැයි විශ්වාස කළ හැකි කාන්තාවක් සිය සැමියා සහ දරුවන් තිදෙනා සමග දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට රහසිගතව පැනගොස් පසුව අනවසර බෝට්ටුවකින් ශ්‍රී ලංකාවටද පැනගියේ යැයි පැවැසෙන පුවතක් ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා කරයි. ඉන්දීය ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම සිදුවීම මත දැඩි කම්පනයකට පත්ව ඇත.
දකුණු ඉන්දියාවේ රාමේශ්වරම්හි ඇති මණ්ඩපම් සරණාගත කඳවුරෙහි මෙම පවුල පසුගිය වසර දෙකක් පුරා වාසය කර ඇත. ප්‍රභාකරන්ගේ දියණිය 2009 යුද්ධයේදී මරණයට පත්වූයේ නැති යැයි පසුගිය කාලයේ විවිධ වාර්තාවන් කියා සිටියේය. එසේම ඇයත් ඇගේ මව වන මධිවදනිත් (ප්‍රභාකරන්ගේ බිරිය) මෙලෙස යුද්ධයේදී මරණයට පත් නොවූ බවත්, ඔවුන් වෙනත් රහසිගත ක්‍රමයක් හරහා එකල රටින් පැනගියේ යැයිද ප්‍රකාශ වී තිබිණි.
මෙයට දින කිහිපයකට ඉහතදී ඇතිවූ සිදුවීම සත්‍ය වගතුගක් බවට හෙළිව ඇත. මෙලෙස එම පවුලම මේ වන විට ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයට පැනගොස් ඇතැයි ආරක්ෂක හා බුද්ධි අංශ කරුණු හෙළිකරගෙන ඇත. මෙම සිදුවීමට අදාළ සියලු තොරතුරු මේ වන විට ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙතද යොමුකර ඇත. ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා යන මෙම කාන්තාව වෙනත් අනන්‍යතාවක් හරහා පසුගිය කාලය පුරා ජීවත්ව ඇත.’
ඒ ආකාරයට ඉන්දීය මාධ්‍ය රැසක්ම පසුගියදා මෙම පුවත වාර්තා කර තිබිණි. ඔබට මෙම ලිපියේ මුලින් ලියා තැබූ වගතුග මතක ඇතැයි සිතමි. එනම් එයද මෙම වගතුග නැවත ආවර්ජනයට ගැනීමට පෙරගමනක් තබයි. දැන් එසේ නම් සත්‍ය ලෙසම මෙම ප්‍රභාකරන්ගේ දියණිය යැයි පැවැසෙන අබිරහස් කාන්තාව කවුද? එම කතාව ගලායන්නේ මේ ආකාරයටය. දැනට 27 වැනි වියෙහි පසුවන මෙම කාන්තාව පුසගිය කාලයක් පුරාම ඉන්දියාව තුළ පෙනීසිටින්නේ උදයකලා යන නාමයකිනි. එනම් ඇය ප්‍රභාකරන්ගේ දියණිය යැයි ප්‍රකාශ නොකරයි.
එහෙත් ඇය ගැන සැක පළකරන පාර්ශ්ව කියා සිටින්නේ ඇය අනිවාර්යයෙන්ම ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා බවත්, ඇය විවාහ වී සිටින්නේ හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයකු වන කේ. දයාබර් රාජ් සමග බවත්ය. මොහු ශ්‍රී ලංකාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවට අදාළව උපාධියක්ද හිමිකරගෙන ඇත. ඔහු පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී කටයුතු කර ඇත. මෙම යුවලගේ සම්බන්ධතාව කෙසේ ඇතිවුණේදැයි පැහැදිලි තොරතුරක් නැත. එහෙත් පසු කාලයේ දෙදෙනා විවාහ වී කොටි බුද්ධි අංශයට සේවය කළ බව පැවැසෙයි.
ඉන්දියාවට මොවුන් පැමිණ ඇත්තේ මෙරට යුද්ධය පරාජය වීමෙන් පසුවය. මෙම වටපිටාව ගතවෙමින් තිබියදී සමහර ඉන්දියානු පාර්ශ්ව ප්‍රකාශ කර ඇත්තේ මෙම කතාව සම්පූර්ණයෙන්ම ගොතන ලද මහා බොරුවක් බවය. මෙලෙස පෙනීසිටින කාන්තාව ද්වාරකා නොවන බවත්, ඇය ස්ථිර ලෙසම උදයකලා නමැති කාන්තාව බවත් එම පාර්ශ්ව කියයි. මෙම උදයකලා නමැති කාන්තාව දැන් ශ්‍රී ලංකාව තුළදී මෙන්ම ඉන්දියාවේදීද යම් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමේ චේතනාවෙන් ජනතාවගෙන් අරමුදල් රැස්කරගෙන ඇත. එහිදී ඇය සමහරුන් විසින් ප්‍රභාකරන්ගේ දියණිය ලෙස හඳුන්වා දුන් පසු ලැබෙන අරමුදල් සහ වෙනත් ප්‍රතිඋපකාරයන්ද බොහෝය.
2009 වසරේදී යුද්ධය ජයග්‍රහණය කරන විටදී ප්‍රභාකරන්ගේ පවුලේ සියලු සාමාජිකයන් මියගියේ යැයි ශ්‍රී ලංකා හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි. එසේම එම මතය මෙරට සහ විදේශීය පාර්ශ්ව රාශියකින් පිළිගනු ලැබීය. එවැනි වටපිටාවක් තිබියදී තවත් සමහර දමිළ ඩයස්පෝරා පාර්ශ්ව කිහිපයක්ම ප්‍රකාශ කර සිටියේ ප්‍රභාකරන්ගේ බිරිය සහ දියණිය තවමත් ජීවතුන් අතර සිටින බවය. ඔවුන් කියා සිටින්නේ මෙම දෙදෙනාගේ සිරුරු යුද්ධ භූමියේ කිසිදු තැනකින් සොයා නොගත් බවයි. එහෙයින් මෙය සැබැවින්ම අබිරහසක් වුණේ යැයිද එම පාර්ශ්ව කියා සිටිති. මෙවැනි වටපිටාවක් යටතේ මෙම සිදුවීමද දෙකෙළවර බලා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ
එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ එකම දියණිය වන ද්වාරකා ප්‍රභාකරන් 2009 වාර්ගික යුද්ධයේදී මියගියේ නම් එවිට ඇගේ වයස අවුරුදු 23ක්ව තිබිණි. එසේ වන්නේ ඇය උපන් වර්ෂය 1986 ලෙස සඳහන් වන බැවිනි. යම් හෙයකින් ඇය මියගොස් නැතිනම් දැන් ඇගේ වයස අවුරුදු 37ක් වනු ඇත. එය ඉහත උදයකලා නමැති, සමහරුන් ද්වාරකා ලෙස හඳුන්වන කාන්තාවගේ වත්මන් වයස හා සැසඳෙයි. සත්‍ය ද්වාරකාගේ උස අඩි 05යි අඟල් 04ක් ලෙසත්, හිසකෙස් කළු වර්ණයෙන් යුත් බවත් පැවැසෙයි. ඇගේ දෙනෙත්ද කළු වර්ණයෙන් යුක්තය. ද්වාරකා යැයි හඳුන්වාගත් ඉහත කාන්තාවටද ඒ හා සමාන දේහ ලක්ෂණ ඇති බව පැවැසෙයි. දියණිය ද්වාරකා සහ ඇගේ මව මධිවාදනි 2009 යුද්ධයේදී මරණයට පත්වුණේ නැතැයිද ශ්‍රී ලංකා හමුදාව වරෙක කියා සිටියේ ඔවුන්ගේ දේහයන් කිසිදු තැනකින් සොයාගැනීමට නොහැකි වූ හෙයිනි. මෙම කතාව සැබැවින්ම මහත් අබිරහසකි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු
Chennai: Dwaraka, daughter of Liberation Tigers of Tamil Eelam (LTTE) chief late Velupillai Prabhakaran, and her husband Dhayabara Raj who were under security cover in Rameswaram’s Mandapam refugee camp, escaped to Sri Lanka secretly in an illegal ferry, according to DT next news report.
“After the escape of South Koreans and a Bulgarian from under the watch of State authorities, TN officials have now learned that a couple — believed to be once part of the LTTE intelligence wing — has escaped from Mandapam camp to Sri Lanka,” the report read.
It further said that the Tamil Nadu police officers came to know about the escape only after a video surfaced on social media in Lanka depicting the escaped woman as Dwaraka, daughter of slain LTTE leader Prabhakaran.
The Sri Lankan couple identified as K Dhayabara Raj and his wife Udayakala were in a Tamil Nadu refugee camp.
In 2016, Raj who was in Tiruchy special camp, had gone on an indefinite fast alleging illegal detention of his family at the special quarantine camp in Mandapam, Ramanathapuram. Following his request, the Madurai bench of Madras High Court directed the State to shift Raj, who’s wanted by Interpol, to Mandapam camp without 24×7 security cover.
“The two were supposed to be in Mandapam under the watch of the revenue department. But a video of Udayakala has now surfaced. In the video, she was described as Dwaraka, the daughter of the late LTTE leader Prabhakaran. It looks like she has launched a political party there in the Island nation,” sources told DT Next.
The news report suggested that the couple along with their three kids, seem to have left Mandapam camp secretly on an illegal ferry to their native nearly two years ago.
The DT Next report further says the duo were allegedly collecting huge money from local Tamils in Lanka promising to get the release of the latter’s relatives from the custody of Lankan forces after the civil war came to an end in the Island nation.
https://www.dtnext.in/news/city/ltte-chiefs-daughter-hubby-hoodwink-tn-cops-flee-to-lanka-735931