• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වැඩිපුර සල්ලිත් ගෙවලා ගේ ඇතුළෙන්ම ගෙනැත් තියාගත් අලුත්ම බෝම්බය!

November 29, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අදත් ගෑස් ටැංකියක් පුපුරයි! මේ පාර නිකවැරටියේ!
Share on WhatsAppShare on Facebook


කාලයත් එක්ක මිනිස්සු වෙනස් වුණා. ලෝකෙ දියුණු වුණා. ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සු තමන්ගෙ පහසුවට බොහෝ දේවල් හොයාගත්තා. ඒ අතර උයන්න පිහින්න, කන්න බොන්න, ජීවත් වෙන්න අපි විවිධ උපක්‍රම හදාගත්තා. ඒ හැම උපක්‍රමයක්ම අපි හදාගත්තේ අපේ ජීවිත පහසුවෙන්න, ජීවිත ආරක්ෂා කරගන්න, විශේෂයෙන්ම අපේ ගෙවල්වල ඉන්න උදවියගෙ ආරක්ෂාවත් තහවුරු වෙන විදියට. එහෙම නැතුව අපි ජීවිතයට ළං කරගත්ත බොහෝ දේවල් අපට ඉතාම ඉක්මනින් ඈත් කරන්න සිද්ධ වුණා.
උයන පිහන වැඩේ අපි ඉතිහාසෙ ඉඳන්ම කරගෙන ආපු දෙයක්. ලෝකෙ දියුණු වෙන්න පටන් අරගන්නකොට මිනිස්සු මස් මාංශ, අල පුච්චලා, එහෙම නැත්නම් උයලා, වෙන විදියකට තම්බලා කන්න පටන්ගත්තා. ඊටත් කලින් අපි ගත කළේ ගල් යුගය. ඒ කාලෙ මිනිස්සු අමුවෙන් මස් කෑවා. අමුවෙන් අල කෑවා. අමුවෙන් ගෙඩි, පලා කොළ කෑවා. හැබැයි අද වෙනකොට අපි උයලා පිහලා කන ජාතියක්. ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලෝකෙ අනෙක් රටවලට සාපේක්ෂව වැඩිපුර උයන රටක්. සාමාන්‍යයෙන් විදේශිකයො කියන්නේ අපිට වඩා උඹලා, තුනපහ දාලා රස කරලා වෙනස් කරලා කෑම කන අය කියලා. එහෙම කන අපිට අපේ ගෙවල්වලට අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වුණේ ගෑස්.
ගෑස් ගැන කතා කරනකොටත් දැන් බය හිතෙනවා. ඒකට හේතුව තමයි ගෑස් කියලා කියන්නේ එක කාලෙක හොයාගන්න බැරි වෙච්ච දෙයක්. එක කාලෙක ගෑස් කියලා කියන්නේ මිල හිතාගන්න බැරි විදියට වැඩිවෙච්ච දෙයක්. දැන් මේ මොහොතේ අපි ගෑස් ගැන කතා කරන්නේ මිල වැඩිවීම ගැනවත්, ගෑස් හොයාගන්න බැරි එක ගැනවත් නෙවෙයි. ගෑස් ටැංකි පුපුරන එක ගැන. මේ විදියට විවිධ අය විවිධ කතා ගෑස් පුපුරන එක සම්බන්ධව කියලා තියෙනවා

නොවැම්බර් මාසෙ 04 වැනිදා වැලිගමදී මුලින්ම ගෑස් ටැංකියක් පුපුරා යනවා. ඒ ගෑස් ටැංකිය පුපුරා යෑමත් එක්ක විශාල හානියක් ඒ අදාළ ස්ථානයට සිදුවෙනවා. ඒ වගේම රත්නපුරේදි 16 වැනිදා ආයෙත් ගෑස් ටැංකියක් පුපුරා යනවා. මේ ගෑස් ටැංකි පිපිරීම සම්බන්ධව මිනිසුන්ගෙ අවධානය ටිකක් යොමුවෙන්න පටන් අරගන්නවා. නොවැම්බර් මාසෙ 20 වැනිදා කොළඹ තුරඟ තරග පිටිය අසල ප්‍රසිද්ධ අවන්හලක ගෑස් ටැංකි පුපුරා යනවා. ඒ ගෑස් ටැංකි පුපුරා යෑමත් එක්ක කොළඹ අග නගරයේ සිද්ධ වෙච්ච ඒ සිදුවීම විශාල කලබලයක් ඇති කරනවා. බොහෝ දෙනෙක් යන එන ප්‍රධාන මාර්ගයක් අසල මේ සිදුවීම සිද්ධ වෙච්ච නිසා ඒ දුම්රොටු ඉහළට නගින වාරයක් වාරයක් පාසා මිනිස්සු ගැස්සෙන්න තිගැස්සෙන්න පටන් අරගන්නවා. හැබැයි ඒ ගින්න නිවිලා දවස් පහක් යද්දි පන්නිපිටියෙ ආයෙත් ගෑස් ටැංකියක් පුපුරා යනවා.

මේ ලියන මොහොත වන විට තවත් ගෑස් ටැංකි පුපුරා යෑමක් ගැන වාර්තා වෙලා තියෙනවා. ඒ ගෑස් ටැංකිය පුපුරා යෑම වාර්තා වෙන්නෙත් කොළඹින්. මේ ගෑස් ටැංකිය පුපුරා යෑමත් එක්ක රටේ යම් කිසි විදියක අවධානයක් මේ සම්බන්ධවත් යොමු වෙන්න පටන් අරගන්නවා. හෝකන්දර ප්‍රදේශය තමයි 25 වැනිදා අලුයම හතරට මේ ගෑස් ටැංකිය පුපුරා යෑම සිදුවෙන්නේ. ඒ, කොළඹ රාජකීය විiාලයේ හිටපු ප්‍රවීණ ගුරුවරයකු වෙච්ච දයාරත්න හෙන්නායක මහත්තයගෙ ගෙදර මුළුතැන්ගෙය තුළ. මේ පිපිරීමත් එක්ක එම නිවෙසට විශාල හානියක් සිදුවෙලා තිබුණු බවත් සඳහන් වෙනවා.

මේ සම්බන්ධව විවිධ පර්යේෂණ, විවිධ කතන්දර මතුවෙන නමුත් තාමත් නිසි පියවරක් අරගෙන තියෙනවද කියන එක අපට ප්‍රශ්නයක්. කොළඹ මැක්ඩොනල්ඩ් අවන්හලේ, ඒ වගේම හික්කඩුවෙ අවන්හලේ ඇතුළු සිද්ධි ගණනාවක් වාර්තා වෙද්දිත් බොහෝ විට බොහෝ දෙනෙක් නිහඬව හිටිය බව තමයි අපට කනගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ.
මෙරට ගෑස්වල බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය ගෑස් සමාගම් මගින් අත්තනෝමතික විදියට පහුගිය අප්‍රේල් මාසෙදි වෙනස් කිරීමත් එක්ක මේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෝම්බයක් වගේ පුපුරා යෑමට හැකියාව තියෙනවා කියලා විද්වතුන් කිහිප දෙනකුම බොහෝ තැන්වල කියලා තිබුණා. නමුත් ඒ සම්බන්ධව නිසි බලධාරීන් නිසි වෙලාවට අවධානය යොමු කළාද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට මාධ්‍යවේදීන් විදියට පුළුවන් මේ සම්බන්ධයෙන් කියන්න විතරයි. බලධාරීන්ට තමයි මේ සම්බන්ධ බලය තියෙන්නේ.

ගෑස් සංයුතියේ තියෙන භයානකකම ගැන පසුගිය අප්‍රේල් මාසෙ ඉඳලම දිගින් දිගටම පාරිභෝගික කටයුතු භාර අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධනට සහ ලසන්ත අලගියවන්නට පෙන්වා දුන්නු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහත්තයා චෝදනා කරනවා. ඔහු කියන්නේ සීත රටවල භාවිත කරන ගෑස් සංයුතියත් එක්ක ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල භාවිතයට ඉඩ දීමෙන් කරන මේ අකටයුත්තට අපි හැමෝටම වගකියන්න සිදුවෙන බව. මේ පිළිබඳ ලිඛිතව දැන්වීමට එතුමා කටයුතු කරලා තිබුණු බවයි ඔහු කියන්නේ.

ඔහු මෙහෙම කියනවා. මුලින්ම ලිත්‍රෝ ගෑස් සමාගම සිලින්ඩර්වල ධාරිතාව වෙනස් කරලා වංචාවක් කළා. ඒක රටම දන්නවා. එහිදී ඔවුන් කියපු කතාවක් තමයි ලීටර් 18 ටැංකියට වැඩියෙන් ආහාර පිසීමේ හැකියාවක් ඇති බව. එහි සංයුතිය වෙනස් කිව්වා. කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරේ සාම්ප්‍රදායික විදියට එන එකක් කියලත් කිව්වා. එහි සංයුතිය වෙනස් වෙන්නෙ නෑ කියලත් කිව්වා. නමුත් මේ මහත්තයා කියන විදියට මේ සම්බන්ධව ඔවුන් කරන රසායනාගාර පරීක්ෂාවෙදි මේ කතාව බොරුවක් බවයි ඔවුන් තහවුරු කරගෙන තිබෙන්නේ.

ඒ, කලින් තිබුණු ප්‍රොපේන් 20%, බියුටේන් 80% වෙනුවෙන් බියුටේන් සහ ප්‍රොපේන් 50% බැගින් මේ ගෑස් ටැංකිවල සංයුතිය ලෙස ඉදිරිපත් කළ බවයි ඔහුගේ අදහස වෙන්නේ. මේ සංයුතිය ශීත රටවලට ගැළපුණාට ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට නොගැළපෙන බවයි ඔහු කියන්නේ.

කෙහොම නමුත් මේ කතාවෙ ඇත්ත නැත්ත පිළිබඳ පරීක්ෂණ කරන්න දැන් මේ වන විට පස්වැනි ගෑස් පිපිරීමත් එක්ක බලධාරීන් පියවර අරගෙන තියෙන බව 26 වැනිදා වෙනකොට අපට දැනගන්න ලැබුණා. ඒ අනුව අදාළ සමාගම් දෙකෙන් ලබාගෙන ඇති ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති මණ්ඩලයට මෙම ගෑස්වල සංයුතිය සහ ගුණාත්මක බව පරීක්ෂා කිරීම සඳහා සුදුසුකම් සහිත රසායනාගාර ලියාපදිංචි කරවීමටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දවසක දැනුම්දීමක් කර තිබුණා. ඒ අනුව ගෑස් පරීක්ෂාව මේ වන විට සිද්ධ වීමට නියමිතයි.

ඔබ ගෑස්වලට බිය විය යුතුද, ඔබ ගෑස්වලින් ආරක්ෂා විය යුතුද යන්න කියන්න අපි දන්නෙ නෑ. හැබැයි මේ වෙද්දි ගෑස් ටැංකි 5ක් මාසයක් ඇතුළතදි පුපුරා ගිහින් අවසානයි. අපි කියන්නේ නෑ පුපුරා යන ඊළඟ ගෑස් ටිංකිය ඔබේ මුළුතැන් ගෙයි තියෙනවා කියලා. හැබැයි ගෑස් ටැංකියක් පුපුරා යා හැකි බව දැන් ඔබට හොඳටම විශ්වාසයි. ඒ නිසා ආරක්ෂා වීම ඔබේ අතේ තියෙන්නේ. අපේ රටේ බලධාරීන් ගැන කොහොමත් අපිට ලොකු විශ්වාසයක් නෑ. ඒ නිසා බලධාරීන් ගැන විශ්වාසයක් නැත්නම් කොහොමද අපි මුළුතැන් ගෙයි තියෙන ගෑස් ටැංකිය ගැන විශ්වාසය තියන්නේ? ඒ නිසා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.

වැලිකන්ද ප්‍රදේශයේ තරුණියක පසුගිය දිනෙක ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලබා පසුගිය 25 වැනිදා සවස මියගිය බව පුවත්පත මුද්‍රණයට යවන්න සුළු වේලාවකට පෙර අපට දැනගන්නට ලැබිණි. ඒ, ඇය මීට දින කිහිපයකට පෙර සිය නිවෙසේ ගෑස් උදුන දැල්වීමට යෑමේදී ඇතිවූ ගින්න හේතුවෙනි. ඇය පොළොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ පදිංචිව සිට ඇති අතර, අදාළ අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබිණි.

මේ අතර නිකවැරටියෙන්ද තවත් පුපුරා යෑමක් වාර්තා විය. එයද ගෑස් ටැංකියක් පුපුරා යෑමක් වන අතර, එම පිපිරීමෙන් නිවෙසට දැඩි හානියක් සිදුව ඇති බව මේ ලියන මොහොත වන විට දැනගන්නට තිබේ. පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නැති අතර, පුවත්පත මුද්‍රණයට යන මොහොත වන විට තවත් සිදුවීම් දෙකක් වාර්තා වීම ඛේදජනක තත්ත්වයකි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නෙස්ලේ, පොල් වගාකිරීමේ මණ්ඩලය සමග එක්ව තවත් ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ සලසයි…

Next Post

මහින්ද නිදිද බන්…! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.