• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද නිදිද බන්…! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

November 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්ද නිදිද බන්…! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

‘ඇත්තට නිදියන මිනිහා අවදි කරන්න ලේසියි. හැබැයි හොරට නිදියන මිනිහා නැගිට්ටවන්න අමාරුයි…’

මේ අපේ ජන වහරේ එන පැරැණි ප්‍රසිද්ධ කියමනකි.

මේ කියමන මතක් වූයේ ගෝඨාගේ ආණ්ඩුව බලයට පත්වූදා සිටම මහින්දගේ චරිතය දිහා බලන් ඉන්න පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට තියෙන ප්‍රශ්නයක් නිසාය. ඒ වෙන මොකක්වත් නොව ආණ්ඩුව බලයට පත්වූ දා සිටම මහින්ද සිටින නිශ්ශබ්දතාවයය. මොකද මහින්ද යනු මෙහෙම නිහඬව ඉන්න චරිතයක් නොවේ. මහින්ද යනු හොඳ වීදි සටන්කාරයෙකි. එළියට බැහැලා ආණ්ඩු පෙරළපු චරිතයකි. අවුරුදු 10ක් එක දිගට ආණ්ඩුව අරන් ගිය චරිතයකි.

ඒ නිසා ආණ්ඩුවේ නායකයා නොවුණත් ආණ්ඩු කරන කලාවේ මහින්ද යනු කෙළ පැමිණියෙකි. මොන ආණ්ඩුවේ සිටියත්, මොන තනතුර දැරුවත් ආණ්ඩුව නිසි මඟ යවන ආකාරය පිළිබඳ මහින්දට හොඳ දැනුමක් අවබෝධයක් තිබේ.

ඒකට හොඳම නිදසුන චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්ද කැබිනට් අමාත්‍යවරයකු විය. ඒ කාලයේ ආණ්ඩුවේ බොහෝ දෙනා මහින්දව හැඳින්වූයේ කැබිනට් රිපෝටර් ලෙසය. චන්ද්‍රිකාද අවස්ථා කිහිපයකදීම මහින්දට මේ නම පටබැඳ තිබිණි. බොහෝ දෙනා ඒ කාලයේ මහින්දට චෝදනා කළේ ආණ්ඩුව ඇතුළේ තොරතුරු, කැබිනට් එකේ තොරතුරු මහින්ද විපක්ෂයට දෙනවා යැයි කියාය.

ඒකට හේතුව වුණේ චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලය ගන්නා වැරැදි තීන්දුවලට, ජනතා විරෝධී තීන්දුවලට මහින්ද ඒ කැබිනට් එකේම ඉඳගෙන විරෝධය පළකිරීමය. එසේ විරෝධය පළ කළා පමණක් නොව, මහින්ද ඒවා මාධ්‍යවලට ලබාදී ඒවාට විශාල ප්‍රචාරයක්ද ලබාදීමට කටයුතු කළේය. මහින්ද ඒ වැඩේ කළේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ජනතා විරෝධී තීන්දු කෙසේ හෝ වළක්වාගෙන ආණ්ඩුව ආරක්ෂා කරගත යුතු නිසාය. මහින්ද කරපු මේ වැඩෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව අරගෙන තිබූ ජනතා විරෝධී තීන්දු රැසක් රිවර්ස් කරගැනීමට චන්ද්‍රිකාට සිදුවිය. ඒකෙන් ආණ්ඩුව ආරක්ෂා වුණා පමණක් නොව මහින්ද ජනතාව අතර ජනප්‍රිය චරිතයක් විය.

මේකේ ප්‍රතිඵලය වුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙ හිටපු චන්ද්‍රිකා හිතවාදී කැබිනට් ඇමැතිවරුන් පවා මහින්දව අනුගමනය කරමින් චන්ද්‍රිකා ජනතා විරෝධී යෝජනා ගෙන එන විට ඒවාට විරෝධය පළ කිරීමට කටයුතු කිරීමය. ඒවාට එරෙහිව සටන් කිරීමය.

මේ විදියට මහින්ද සටන් කළේ කැබිනට් එක ඇතුළේ පමණක් නොවේ. ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පවා ජනතා විරෝධී යෝජනා ගෙන එන විට, ජනතාවට සහන නොදෙන විට මහින්ද දුම්මල වරම අතට ගෙන යකා නැටුවේය. වරක් මහින්ද ආණ්ඩු පක්ෂ රැස්වීම අවසන් වී එළියට යමින් සිටි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ටයි පටියෙන් අල්ලා ගහන්නට පැන්නේ ජනතාවට සහන දීමට කටයුතු කරන්නේ නැතැයි කියාය. එදා මහින්ද වටේ සිටි මැති ඇමැතිවරුන් වහාම මැදිහත්ව මහින්දව වාරුකර නොගත්තේ නම් එදා ඒ අමාත්‍යාංශ ලේකම්වරයාගේ දත් කිහිපයක් කඩන්නට මහින්ද කටයුතු කරනවා නොඅනුමානය. එදා ඒ වෙලාවේ මහින්ද කරපු වැඩේට මහින්දට අත්පුඩි ගැහුවේ වෙන කවුරුවත් නොව, චන්ද්‍රිකාගේ අගසවුවන්ගෙන් අයකු බවට පත්ව සිටි එස්.බී. දිසානායකය. මොකද අමාත්‍යාංශ ලේකම්වරුන් ආණ්ඩුව වැරැදි පාරේ අරන් යනවා කියන එක ඒ ඇමැතිවරුත් එදා දැන සිටියහ.

හැබැයි මහින්ද වාගේ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්ට විරුද්ධ වෙන්න, චන්ද්‍රිකා ඉදිරියේ කතා කරන්න ඒ ඇමැතිවරුන්ට හයියක් තිබ්බෙ නැත. ඔවුන් මේ කරුණු ප්‍රසිද්ධියේ කියන්න බය විය. ඔවුන්ට එහෙම කරන්න කොන්දක් තිබුණේද නැත.

නමුත් මහින්දට ඒ දේශපාලන කොන්ද සහ හයිය හොඳටම තිබිණි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව එක් වැඩි ඡන්දයකින් පමණක් තිබිලාත් යූ.ඇන්.පී.යට ඒ ආණ්ඩුව වට්ටගන්නට බැරි වුණේ ඒකය.

එදා වගේම අදත් මේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වන්න, නිලධාරීන්ගේ කුමන්ත්‍රණ එළියට දාන්න අගමැති හැටියට මහින්දට හොඳටම පුළුවන. අදටත් මහින්දගේ ඒ දේශපාලන කොන්ද හොඳ හැටි හයියය. හැබැයි මහින්ද ඒක නොකරන්නේ එහෙම කළොත් තමන්ගේ සහෝදරයාගේම ආණ්ඩුවේ කකුලෙන් අදින්න මහින්ද කටයුතු කළාය කියන චෝදනාව සමහරුන්ගෙන් ඒමට ඉඩ ඇති නිසාය. මහින්ද හොරාට නිදාගෙන ඉන්නවා කියා ලිපිය ආරම්භයේදීම සටහන් කළේ ඒකය.

ඒ වුණත් හැමදාම එහෙම හොරට නිදාගෙන ඉන්න බැරිය. දැන් පැමිණ ඇත්තේ මහින්ද නැගිටින්න අවශ්‍ය කාලයය. මොකද දැන් ජනාධිපතිවරයාම තමන් කියන දේ නිලධාරීන් කරන්නේ නැතැයි කියා ප්‍රසිද්ධියේම කියන තැනට පත්ව තිබේ. ඇමැතිවරුන් වැඩ කරන්නේ නෑ කියා ආණ්ඩුව ඇතුළෙන්ම චෝදනාවක්ද එල්ල වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හරිහමන් ටීම් එකක් නොමැති වීමද තවත් චෝදනාවකි. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන කාටවත් නොව මහින්දට විතරය.

ඒ නිසා මහින්ද දැන්වත් මේ හොර නින්දෙන් නැඟිටින්නේ නැත්නම් ඔක්කොටම වෙන්නේ ගෙදර ගිහින් හැමදාම නිදාගෙන ඉන්නටය. එහෙම කරලා මේ ආණ්ඩුව නැඟිට්ටුවොත් ආණ්ඩුව ගොඩදාන එක මහ ලොකු කජ්ජක් නොවේ. හැබැයි එහෙම නොකළොත් ඒ ඓතිහාසික වැරැද්දට මහින්දටත් චෝදනාව එල්ල වීම වැළැක්විය නොහැකිය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

වැඩිපුර සල්ලිත් ගෙවලා ගේ ඇතුළෙන්ම ගෙනැත් තියාගත් අලුත්ම බෝම්බය!

Next Post

පොහොට්ටුවේ දැන් අයිතිකාරයො වෙලා ඉන්නේ එක එක ගුබ්බෑයම්වල රිංගලා හිටපු අය! බලය තියෙන කොට ‌මොළේ නෑ! දැන් මුල මතකත් නෑ! ආණ්ඩුවට ඇතුළෙන්ම සැර ප්‍රහාරයක්! (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.