• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ කටින් එළියට පැන්න අනුර ගහපු ඉන්දියානු ඩීල් එක I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතර ජාතික ජන බලවේගයට මේ වන විට ජනතා ප්‍රසාදය වැඩි වශයෙන් ලැබෙමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබේ. එම පක්ෂය මූලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාදක කරගෙන ගොඩනැගී ඇති දේශපාලන පක්ෂයක් වන අතර, ඔවුන් මීට පෙර දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබිණි. ඉන්දු – ලංකා සාම ගිවිසුම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අතර, ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි මතවාදයක්ද ඔවුන් මෙහෙයවනු ලැබීය.(Sri Lanka Latest News)

ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණු 13 වැනි සංශෝධනය මගින් මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමටද එකල ජනතා විමුක්ති පෙරමුණ සිය දැඩි විරෝධය පළකළහ. කෙසේ වෙතත් මේ වන විට ජාතික ජන බලවේගය ඉන්දියාව සම්බන්ධයෙන් මීට පෙර දැරූ දේශපාලන මතවාද යම් වෙනසකට බඳුන්කර ඇති ආකාරයක් නිරීක්ෂණය වේ. ඒ, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 05 වැනිදා ඉන්දියාවට ගොස් එරට දේශපාලන ප්‍රබලයන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයන් කිහිප දෙනකුම මුණගැසීම හරහාය.

ඒ අනුව, දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මෙරට ඇතැම් දේශපාලනඥයන් චෝදනා කළ අතර, ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඔහු ඉන්දියාවට ගිය බවට වූ ප්‍රකාශයක්ද එම චෝදනා අතර දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත්, රට තුළ ආන්දෝලනයක් ඇතිකළ එම ඉන්දීය සංචාරයට අදාළ සියලු චෝදනා, ප්‍රශ්න, ගැටලු පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා සමග සිදුකළ සාකච්ඡාවක් Newsfirst Sri Lanka යූටියුබ් නාලිකාවේ ‘මුහුණට මුහුණ’ වැඩසටහන හරහා පසුගියදා විකාශය කෙරිණි. සිය ඉන්දීය සංචාරය පිළිබඳ බොහෝ දෙනා නොදත් කරුණු රාශියක් දිසානායක මහතා එහිදී මාධ්‍යයට හෙළිකළ අතර, පහත පළවන්නේ Newsfirst Sri Lanka යූටියුබ් නාලිකාවෙන් උපුටාගත් එම සාකච්ඡාවේ කොටසකි.

ඔබේ ඉන්දීය සංචාරය ශ්‍රී ලාංකේය දේශපාලනය තුළත් ජනතාව තුළ එක වරම තිගැස්මක්, කම්පනයක්, දැඩි අවධානයක් වගේ දෙයක්, එතැනට යෙදිය යුතු වචනය මට මතකයට එන්නේ නෑ. ඔබ හිතන්නේ ඇයි එහෙම තිගැස්මක් රට තුළ ඇතිවුණෙ?

ඇත්තටම ඒ වචනය එන්නේ නැත්තෙත් ඒකට තුඩුදෙන ප්‍රකාශයන් සහ හැඟීම් ගණනක් මිශ්‍ර වෙලා තියෙන නිසා. අපිත් එක්ක සමීපව කටයුතු කරපු අයගේ සැකයක් තිබුණා අපට ජාත්‍යන්තර සබඳතා තියෙනවද කියලා. තවත් පිරිසකට ජාතික ජනබලවේගයට ජාත්‍යන්තර සබඳතා ගොඩනගාගත හැකි බවත්, ඔවුන් කෙරෙහි විදේශ රටවල විශ්වාසයක් තිබෙන බවත් ගැන සතුටුදායක හැඟීමක් තිබුණා. විපක්ෂයේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන් දෙනෙක් නියෝජනය කරන ව්‍යාපාරයක් නිසා විපක්ෂයේ ඇතැමුන්ට සැකයක් තිබුණා, අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. සමහර අයගේ තිබුණා තමන්ම අත්පත් කරගෙන තිබෙන භූමියක් තියෙනවා මේ දේශපාලනයේ.

ඒවා අපට අකැප භූමි. දූෂිත ප්‍රභූ කල්ලියට අයිති භූමි ඒවා. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ අපි ඒගොල්ලන්ගේ භූමියට කඩාවදී කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ භූමියට කඩාවැදුණා. ඒකෙන් ඒගොල්ලෝ විශාල කලබලයකට පත්වුණා. මම හිතන්නේ ඒක තමයි ඔබට මේ සංචාරය විසින් සමාජයේ ඇතිවුණු කලබැගෑනියට හොඳම හචනය හොයාගන්න බැරි. ඒගොල්ලන්ගේ භූමියට කඩාවැදීම ඒගොල්ලෝ අපේක්ෂා කළා ඉන්දියාවත් එක්ක සබඳතාවන්, ජාත්‍යන්තර සබඳතාවන් අපි වගේ කුඩා මිනිස්සුන්ට අයිති නෑ කියලා. ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලන්ගේ ලෝකයට කඩාවැදීම තමයි ඒගොල්ලෝ අතිශය කලබලයට පත්කළේ. ඒ නිසා මා බැලුවා සජබය වෙන්න පුළුවන්, රනිල්ගේ කණ්ඩායම වෙන්න පුළුවන්, මහින්දගේ කණ්ඩායම වෙන්න පුළුවන්, ඒ සියලු දෙනා අතිශය කලබලයට පත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ගුවන් තොටිල්ල ගැස්සෙන්න පටන්ගත්තා.

රටේ ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩු කරන දේශපාලන පක්ෂයක් තියෙනවා. රටේ ප්‍රධාන විපක්ෂයක් තියෙනවා. විපක්ෂ නායකවරයෙක් ඉන්නවා. ඒ වගේම මේ වසරේ ජනාධිපතිවරණයක් එන්න නියමිතව තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අසල්වැසි ප්‍රබල ඉන්දියාව ජාතික ජන බලවේයට එන්න කියලා ආරාධනාවක් කරනවා. ඒ තත්ත්වයට ජාතික ජන බලවේගය පත්වුණේ කොහොමද?

සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරවල ශක්තිය ප්‍රබලතාව මනින නිර්ණායක බවට පත්වෙලා තිබුණේ ඔවුන් ජනාධිපති ධුරය හොබවනවා නම් ඒක ශක්තිමත්. ඔවුන්ගේ ව්‍යාපාරය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හොබවනවා නම් ඔවුන් ශක්තිමත්. ඔවුන්ට පාර්ලිමේන්තුව පළාත් සභාව තුළ විශාල නියෝජනයක් තියෙනවා නම් ඒක ශක්තිමත්. හැබැයි ඒක බිඳිලා ගිහිල්ලා. ජනාධිපතිවරයා ජනතාවගේ ජන වරමක් නියෝජනය කරන කෙනෙක් නෙවෙයි. ව්‍යවස්ථාවෙන් ලැබුණු බලය විතරයි. පාර්ලිමේන්තුව ගත්තත් එහි ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් ජනතාවගේ සැබෑ මතය නියෝජනය වෙන්නේ නෑ. ඒ නිසා සාම්ප්‍රදායිකව දේශපාලන පක්ෂයක බලය මැනපු නිර්ණායකයන් අවලංගු වෙලා. ඉන්දියානු රජය මනිනු ලබන්න ඇත්තේ සාම්ප්‍රදායික බලය නෙවෙයි, සැබෑ මහ පොළොවේ යථාර්ථවාදීව ගොඩනැගෙමින් තිබෙන බලය කුමක්ද කියන සාධකය හේතුවෙන්න ඇති අපට මේ ආරාධනාව ලබාදෙන්න කියලා මම හිතනවා.

එසේ නොවුණා නම් ඔබට මේ ආරාධනාව ලැබෙන්නේ නැද්ද?

ඒක යම් දේශපාලන ව්‍යාපාරයක් අසල්වැසි රාජ්‍යයකට වැදගත් වෙන්නේ ඔවුන් ඒ රටේ කවර භූමිකාවකට පණපොවනවද කියන සාධකය මත. යම් දේශපාලන භූමිකාවකට ප්‍රබල ලෙස පණපොවන්නේ නැත්නම් අසල්වැසි රාජ්‍යයක ඒ තරම් ප්‍රබල බලපෑමක් සාධකයක් ඇතිවෙන්නේ නෑ එවැනි අයත් එක්ක සබඳතාවන් හදාගන්න. ඒ නිසා මහජනයත් එක්ක මොන තරම් ප්‍රමාණයකට ප්‍රබල දේශපාලන භූමිකාවකට පණපොවනවද කියන සාධකය වැදගත් වෙනවා, ඕනෑම රාජ්‍යයක් ආණ්ඩුවක් එක්ක, දේශපාලන ව්‍යාපාරයක් එක්ක සාකච්ඡා සබඳතා පවත්වාගෙන යන්න.

ඔබේ ඉන්දීය සංචාරයේදී ඔවුන් ඔබ සම්බන්ධයෙන් තියෙන තක්සේරුව ගැන මොනවද ඔබට දැනුණේ?

දේශපාලන හමුවීම් වගේම ආර්ථිකයට අදාළ සමහර තාක්ෂණික ක්ෂේත්‍රයන් පිළිබඳ හමුවීම් ගණනාවක් ඒ දින 5 ඇතුළත අපි කළා. ඒ දින 5 ඇතුළත අපට පෙනුණු එක ප්‍රධාන සාධකයක් තමයි ඉන්දියාව අපි වගේ නෙවෙයි. ඉන්දියාව භූ දේශපාලනයේ තරගකරුවෙක්. අපි භූ දේශපාලනයේ තරගකරුවෙක් නෙවෙයි. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන් අපේක්ෂා කරනවා ඔවුන් භූ දේශපාලනයේ තරගකරුවෙක් බවට පත්වෙනකොට ලංකාවේ භූමිය ඔවුන්ට එරෙහි බල කඳවුරක වුවමනාවන් සඳහා උපයෝගී නොවෙයි කියලා. ඒක සාධාරණ බලාපොරොත්තුවක්.

ඒක තමයි මේ සංචාරයේ හරය විදියට අපට දැනුණේ. ඒ වගේම ඒ සාකච්ඡා කිරීම සඳහා ඇයි අපිවම වුවමනා වෙන්නේ? මම හිතනවා ඉන්දියාව අපේ රටේ සමීප දේශපාලන ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන රටක්. සමහර තොරතුරු ලංකාවටත් කලින් ඉන්දියාවට සන්නිවේදනය වෙනවා. අපේ රටේ අනාගතයේ දේශපාලනය පිළිබඳ ඉන්දියාවේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු තියෙනවා. ඒ නිසා ඔවුන්ට දැනෙන්න ඇති අනාගතයේ කවර දේශපාලන ව්‍යාපාරයක් එක්ක ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරයිද කියන එක.

ඔවුන් ඒ පණිවුඩය ඔබට සන්නිවේදනය කළාද?

ඒ ඇරයුමේම ඒක නේද තියෙන්නේ? අපි වගේ දේශපාලනයකට ආරාධනා කිරීම තුළම තියෙන්නේ ඒ හැඟවුම කියලා.

ඇරයුම පිළිගැනීම තුළ තියෙන්නේ මොකක්ද?

අපි සූදානම් කියන එක. අපි ආන්තික දේශපාලන ව්‍යාපාරයක් නොවේ. අපි රටේ අභිලාෂයන්, ජනතා අභිලාෂයන් ඉදිරියට ගෙන එමින් එය ආරක්ෂා කරමින් ඕනෑම රාජ්‍යයක් එක්ක පැකිලීමකින් තොරව ගනුදෙනු කරන්න සූදානම් ව්‍යාපාරයක්. හැබැයි වෙලා තිබුණේ අපි ගැන නිර්වචන හදලා තිබුණේ අනිත් එය. අපි නෙවෙයි. මේ ඇරයුම මීට අවුරුද්දකට කලින් ලැබුණත් අපි ඒක පිළිගන්න සූදානම්. හැබැයි අනෙකා අපි ගැන හදලා තියෙන චිත්‍රය තමයි මේගොල්ලෝ විදෙස් රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරන්න සූදානම් නෑ, මේගොල්ලන් විදෙස් රාජ්‍යයන්වල සබඳතා සැලකිල්ලට භාජනය කරන්නේ නෑ වගේ මතයක්. හැබැයි අපි නිරන්තරයෙන්ම ජාත්‍යන්තර දේශපාලනයත් එක්ක විවිධ දේශපාලන පක්ෂ, සංවිධාන, ආණ්ඩුවත් එක්ක අපි ගනුදෙනු කරන්න උත්සාහ කරලා තියෙනවා. සමහර ඒවා සාර්ථක වෙලා තියෙනවා, ඇතැම් ඒවා අසාර්ථක වෙලා තියෙනවා. අපි ඕනෑම විටක ඕනෑම රාජ්‍යයක් එක්ක ගනුදෙනු කරන්න සූදානම් දේශපාලන ව්‍යාපාරයක්.

ජාතික ජනබලවේගය සූදානම්ද ඉන්දියාවත් එක්ක ගමනක් යන්න?

අපි ආර්ථික වශයෙන් විශාල ලෙස කඩාවැටුණු රටක්. නමුත් අපට කියන්න පුළුවන් අපි ස්වාධීන, ස්වෛරී, ශක්තිමත් රාජ්‍යයක් කියලා. ඒක ඇත්ත. හැබැයි යථාර්ථය ගත්තොත් මොකක්ද සිදුවී තිබෙන්නේ? අපට ඉන්දියාවෙන් එන ඖෂධ නැතුව ජීවත් වෙන්න බැහැ. පහුගිය ආර්ථික අර්බුදයේදී ඉන්දියාවෙන් එන ආහාර නැතුව ජීවත් වෙන්න බැරිව ගිය රටක්. ඒ කියන්නේ අපේ අයවැය ලේඛනය තුළත් අපේ විදෙස් සංචිත තුළත් අපට පෙන්නුම් කරමින් තිබුණා අපි අර්බුදයට ගිහින් තිබෙන රටක් කියලා. ඒ නිසා මම හිතනවා ඒ අර්බුදයෙන් ගොඩඑන්න අපට මොන තරම් ස්වාධීන ශක්‍යතාවන් ස්වාධීන වුවමනාවන් තිබුණත් මේ නිශ්චිත මොහොතේදී ශක්තිමත් ජාත්‍යන්තර සබඳතාවන් නැතුව අපට ගොඩ එන්න බැහැ කියලා. ඒ අනුව මා හිතනවා අපට මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සමීපතම මිතුරෙක් හැටියට ඉන්දියාව උපයෝගී කරගත යුතුව තිබෙනවා කියලා.

ඉන්දියාවද අපේ ගැළවුම්කරු?

ගැළවුම්කරුවා මේ රටේ දේශපාලකයා. මේ ව්‍යසනයට අපේ රට පත්කළේ දේශපාලකයන්. මේ ව්‍යසනයෙන් ගොඩ ඒමේ ගැළවුම්කරුවන් බවට පත්වෙන්නේ රටේ ජනතාව සහ ආණ්ඩුව. ඊට අතුරු සහාය දෙන ඉන්දියාව, චීනය, ජපානය, විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වගේ විවිධ කණ්ඩායම් අවශ්‍යයි මේ අර්බුදයෙන් ගොඩ එන්න. එහෙම නැතුව අපි මේ වැටිලා ඉන්න ගැඹුරු අගාධයෙන් අපට තනිව ගොඩ එන්න බෑ.

ඉන්දියාව සම්බන්ධයෙන් ජවිපෙ හිටිය මතය වෙනස් වෙන්න ගන්නේ කොතැනදීද?

මම දැක්කා ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පන්තියක්. ඇත්තටම මම 1987 අගභාගයේ තමයි පක්ෂයට සම්බන්ධ වෙන්නේ. මම මූලික පන්ති පහ කළා. එතකොට ඒ පන්තිය තිබුණේ නැහැ 1987දී.

ඉන්දියානු ව්‍යාප්තවාදය ඔබ ඉගෙනගත්ත පන්ති පහ ඇතුළේ තිබුණේ නැද්ද?

නැහැ. නමුත් 1987දී අපේ ඉන්දියාවට එරෙහි ක්‍රියාකාරීත්වයක් තිබුණා. වර්තමාන ලෝකයත් එක්ක බලපුවාම ඒක අපභ්‍රංශයක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි එදා මොකක්ද තිබුණේ? එදා නිශ්චිත ලෙස අපේ ගුවන් සීමාව ආක්‍රමණය කරනවා. බලහත්කාරයෙන් අපේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා අපට බලහත්කාරයෙන් පරිප්පු දැම්මා. ජේ.ආර්. ජයවර්ධන දණගස්සලා ගිවිසුමක් අස්සන් කළා. ඉන්දියානු හමුදාව එක්ලක්ෂ හැත්තෑපන්දහසකට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ගොඩබැස්සා. උතුරු නැගෙනහිර කලාපයේ හමුදාව ඉවත් කරලා ඉන්දීය හමුදාවේ අණදෙන නිලධාරියාට මුළු පාලනයම යටත් කළා. ඒ වෙනකොට ටිබෙටය පිළිබඳ අත්දැකීම අපට තිබුණා.

ඒ නිසා ඒක ස්වාධීන සිවිල් රාජ්‍යයක අභිමානය දරන කිසිදු පුරවැසියකුට ඒක අනුමත කරන්න බෑ. හැබැයි ඒකට එරෙහි විය යුතු වන්නේ කවුද? ආණ්ඩුව. හැබැයි ආණ්ඩුව ඒකට එරෙහි වුණේ නෑ. ජේ.ආර්. ජයවර්ධන අවසාන මොහොත දක්වාම කල්පනා කළේ තමන්ගේ ජනාධිපති ධුරය ආරක්ෂා කරලා දෙනවා නම් ඕනෙ දේකට සූදානම්. ඒක තමයි ඔවුන්ගේ මතය බවට පත්වෙලා තිබුණේ. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අදත් කවර හෝ රාජ්‍යයක් අපේ රාජ්‍යයට ඒක කරනවා නම් අපි නැගිටින්න ඕනේ. අපි අපේ විරෝධය ප්‍රකාශ කරනවා.

ඔබේ ඉන්දීය සංචාරයේදී සිදුවූ තීරණාත්මකම හමුව මොකක්ද?

විදෙස් අමාත්‍යාවරයා, විදෙස් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක අජිත් දෝවාල් සමග කළ සාකච්ඡා තමයි වැදගත්ම සහ තීරණාත්මකම සාකච්ඡා වුණේ.

ඔබේ සංචාරයේදී පළාත් සභා ක්‍රමය ගැන, 13 වැනි සංශෝධනය ගැන සාකච්ඡා වුණේ නැද්ද?

ඒක අවධානයට නොගැනුණු ප්‍රශ්නයක්. අපටත් පුදුමයක් තියෙනවා ඒ ගැන සාකච්ඡාවට නොගැනුණු එක ගැන. එක අවස්ථාවකදී දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලබාගැනීම සඳහා අපට තිබෙන වැඩපිළිවෙළ මොකක්ද කියලා ප්‍රශ්නයක් යොමුවුණා.

ඉන්දියානු සංචාරයෙන් පස්සේ ඔබේ පක්ෂයට තිබුණු ජන ප්‍රසාදය අඩුවුණාද? වැඩි වුණාද?

අපේ සාර්ථකත්වය මනින හොඳම මිම්ම තමයි සතුරාගේ කලබල වීම. මම ඉන්දියාවේ ඉන්නකොට ආණ්ඩුවේ ඇමැතිවරයෙකුත් ඉන්දියාවට ඇවිත් හිටියා. මම ඉන්දියාවෙන් ආපු විගස තවත් මන්ත්‍රීවරයෙකුත් ඉන්දියාවට ගියා. ඒ කිසිවක් ආන්දෝලනයට තුඩු දෙන ප්‍රශ්න බවට පත් නොවී, මේක ආන්දෝලනයට තුඩුදෙන ප්‍රශ්නයක් බවට පත්වීම හරහා සතුරාගේ කලබලවීම තමයි මෙතැන තියෙන ප්‍රධානම සාධකය. ඒක තමයි මම කිව්වේ ඒ අය ගොඩනගමින් තිබුණා මිථ්‍යා මතයක්. ජාතික ජන බලවේගයට ජාත්‍යන්තර සම්බන්ධතා අහිමියි කියලා. මේ ඉන්දියානු සංචාරයෙන් ඒ මතය මුළුමනින්ම සුනුවිසුනු වුණා. අපි ආණ්ඩුවක් නෙවෙයි, අපි විපක්ෂ නායකවරයෙක් නෙවෙයි, අපි මන්ත්‍රීවරු තුන්දෙනෙක් පමණක් නියෝජනය කරන ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයට ආරාධනා කිරීම හරහා ඔවුන් අපි කෙරෙහි හදලා තිබුණු මිථ්‍යා මත සියල්ල සුනුවිසුනු වුණා.

ඔබේ කණ්ඩායම බලය ලබාගැනීමට යන මේ ගමනේදී වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට, වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක පුද්ගලයෙක්ට ජාතික ජන බලවේගය විවෘත නැද්ද?

පක්ෂවලට විවෘත නෑ. පුද්ගලයන්ට විවෘතයි. හැබැයි පැටිකිරිය බලන්න ඕනේ.

පැටිකිරිය හොඳයි කියන අයට ඔබ ආරාධනා කරනවද?

අනිවාර්යයෙන්.

ඔබේ කණ්ඩායමට එන්න එවැනි අය දැනටමත් ඉන්නවද?

සමහර අය කතාකරනවා. නමුත් අපි තවම අවසන් තීරණයක් අරගෙන නෑ.

ඉන්දියානු සංචාරයේදී ඔබ නොයා යුතුව තිබුණු තැනක් ගැන ඔබට හිතෙනවද?

අමුල්. මම අමුල් එක අධ්‍යයනය කරන්න අමුල් එකට ගියේ මීට අවුරුදු 18කට විතර කලින්. අමුල් සමාගම පිළිබඳ චිත්‍රපටයක් හදලා තියෙනවා. ඒ චිත්‍රපටය අනූ ගණන්වල අපේ පක්ෂය ඇතුළේ අධ්‍යාපන සාකච්ඡාවල පෙන්නපු චිත්‍රපටයක්. අමුල් ව්‍යාපාරය ගොඩනැගෙන්නේ සමුපකාර ක්‍රමයකට. එය විශාලම සමුපකාර ජාලයක්. මම ඒ විෂයට ඉතා කැමැතියි. මම දවස් තුනක ඒ සංචාරයේදී ඒ ගම්වලට ගිහින් ගොවීන් එක්ක සාකච්ඡා කරලා මේක අධ්‍යයනය කළා. මෙවර අපේ ඉන්දීය සංචාරයේ න්‍යායපත්‍රය හැදුවේ ඉන්දිවෙන්.

අපි එහෙන් ගොඩබහිනකොටම ඒ සංචාරය භාරව ඉන්න කෙනා ඒ න්‍යායපත්‍රය අපට දීලා කිව්වා ‘මේක ඔබතුමන්ලාගේ සංචාරය, ඔබතුමාලා අකැමැති ඕනෙම දෙයක් තියෙනවා නම් කියන්න අපි ඒක වෙනස් කරන්න ලෑස්ති’ කියලා. ඕනෙ නම් අපට අමුල් අයින් කරන්න තිබුණා. අපි කිව්වා වෙනස් කරන්න අවශ්‍ය නෑ, අපි කැමැතියි කියලා. ඒ අනුව අපි අමුල් එකට ගියා. ඒකෙ ප්‍රධාන ඉංජිනේරුවත් එක්ක අපි සාකච්ඡා කළා.

ඔබේ සමස්ත ඉන්දීය සංචාරය තුළ ඔබ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරලා නැද්ද?

කවදාවත් අපේ දේශපාලනයේ අපට දෙබිඩි පිළිවෙතක් නෑ. මේ ඉන්දීය සංචාරයේදී විතරක් නෙවෙයි. අපි ඇතුළට එකක් කියලා එළියට තව එකක් කියන ව්‍යාපාරයක් නෙවෙයි. අපි කියන්නේ අපි ගැන අධ්‍යයනය කරන්න කියලා. චන්ද්‍රිකා කුමාරතුංගගේ සාකච්ඡාවකදී අපිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 5ක් ලැබුණා. චන්ද්‍රිකා කිව්වා අපේ පක්ෂය පොඩි අසීරුතාවක පත්වෙලා තියෙනවා. මේ ජාතික ලැයිස්තුව ටිකක් අඩුකරන්න බැරිද කියලා. අපි කිව්වා 2ක් ඔයාලා තියාගන්න කියලා.

කවුරුවත් කරන්නේ නෑ පක්ෂයක් විදියට. ෆොන්සේකා මහත්තයගේ මන්ත්‍රී ධුරය වෙලාවෙදී ෆොන්සේකා මහත්තය හිරේට ගියා. ඒ වෙලාවේ ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. ලැයිස්තුවේ ඊළඟට හිටියේ අපේ ලක්ෂ්මන් නිපුණආරච්චි. ඒක ලක්ෂ්මන්ට අයිතියි ව්‍යවස්ථානුකූලව. නමුත් අපි කිව්වා අපට එපා කියලා. ඔයාගේ පක්ෂයේ ඊළඟට ඉන්නේ ජයන්ත කැටගොඩ, අපේ ලක්ෂ්මන් ඉල්ලා අස්වෙලා ජයන්ත කැටගොඩට මන්ත්‍රී ධුරය දුන්නා. අපි ඕවා තැන තැන ගිහින් කියලා නෑ. අපි හැම වෙලාවෙම ප්‍රතිපත්ති ආරක්ෂා කරලා තියෙනවා.

සැකසුම චානක ලියනගේ

SendShareShare
Previous Post

චෝදනා තියෙන අයෙක් පොලිස්පති කරලා නීතීඥයෙක් වූ ජනාධිපතිතුමා අධිකරණ තීන්දුව නොසලකා හැරලා! පොලිස්පති පත් කරන්න ඡන්දය දුන් නිමල් සිරිපාල-සාගර කාරියවසම් කියන්නේත් නීතීඥවරුන්! මේ අය නීතියත් එක්ක සෙල්ලම් කරනවා! ඉරාන් ජනාධිපතිටයි-කතානායකට‌යි සුද්ද සිංහලෙන්ම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළා! සජබ ආණ්ඩුවක් යටතේ වත්මන් පොලිස්පති ගැන අපි තීන්දුවක් ගන්නවා! කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.