පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වූ විට ව්‍යවස්ථාදායක සභාවේ 4 දෙනෙක් පක්ෂව ඡන්දය ලබාදුන් අතර දෙදෙනෙක් විරුද්ධ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. දෙදෙනෙක් මතයක් ප්‍රකාශ නොකර නිහඩව සිටි බවයි ඔහු කියන්නේ.Sri Lanka Latest News
“මුලික අවස්ථාවේ කතානායකවරයාට ඡන්දයක් නෑ. කතානායකවරයාට ඡන්දය ලබාදෙන්න පුළුවන් වෙන්නේ ඡන්දය සම වුණොත් විතරයි. ඡන්දය සම නොවුන අවස්ථාවක කතානායකවරයාට ඡන්දය ලබාදීමට අවස්ථාවක් නෑ. නමුත් කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඡන්දය භාවිතා කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න වැඩකටයුතු මේ වනවිට සූදානම් කරලා තිබෙනවා.
මානව හිමිකම් චෝදනා තිබෙන පුද්ගලයෙක් තමයි පොලිස්පතිවරයා ලෙස පත්වෙලා සිටින්නේ. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් ආදර්ශමත් පුද්ගලයින් විය යුතුයි. නීතිය කඩන පුද්ගලයෙකුට එම ආදර්ශය ලබාදීමට නොහැකියි. පොලිස්පති ධුරයට අවශ්‍ය කීර්තිමත් චරිතයක් තිබෙන පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙකුට තමයි නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ වර්තමාන පොලිස්පතිවරයා පිළිබඳ අපි තීන්දුවක් ගන්නවා”යි ඔහු පවසනවා.










