• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාමා වෙනුවෙන් ඩොලර් මිලියන 217ක් වැය කොට අයෝධ්‍යාවේ ඉදිකළ හින්දු වතිකානය I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාම දෙවියන් ඉපදුණු ස්ථානය බවට හින්දු භක්තිකයන් විශ්වාස කරන දැඩි ආරක්‍ෂාවකින් යුත් තාවකාලිකව ඉදිකරන ලද සිද්ධස්ථානය වෙත ගොඩවැදීමෙන් පසු දරාගත නොහැකි සීතලකින් පිරීගිය උදෑසනක යෝගේන්ද්‍ර ගුරු වාහන තදබදයක පිළිසරණක් නොමැතිව සිරවී සිටින බවක් පෙනෙන්නට විය.(Sri Lanka Latest News)

මේ මොහොතේ උතුරු ඉන්දියාවේ පිහිටා ඇති අයෝධ්‍යා නගරයේ වඩාත්ම කැපීපෙනන ලක්ෂණය වන්නේ, එහි සෑම තැනකම පාහේ උමතුවෙන් මෙන් සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතුය. වන්දනාකරුවන් පිළිගැනීමට විශාල මධ්‍යස්ථානයක්, ආරුක්කු හැඩයක් ගන්නා වැලිගල් දොරටු, රාම දෙවියන් වෙනුවෙන් ඩොලර් මිලියන 217ක (පවුම් මිලියන 170ක්) පිරිවැයකින් ඉදිකෙරුණු සුවිසල් නව දෙවොලකට දිවෙන පුළුල් කොරිඩෝවක් ඒ අතර වෙයි. ඇතැම් හින්දු ජාතිකවාදී නායකයන් හඳුන්වන පරිදි එය ‘හින්දු වතිකානයක්’ බවට පත්කිරීමට, ඩොලර් බිලියන ගණනක් වැයකර සිදුකළ මෙම පරිවර්තනය සඳහා නගරයේ බොහෝ භූමි ප්‍රමාණයක් ඩෝසර් කර තිබේ.

ගුරුට පවුලේ සාමාජිකයින් 24 දෙනකුද සමග මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරේනා දිස්ත්‍රික්කයේ පිහිටි තම ගම්මානයේ සිට අයෝධ්‍යා නගරය වන්දනා කිරීම සඳහා පැමිණීමට පැය 14ක කාලයක දුෂ්කර බස් ගමනක නිරත වීමට සිදුවිය.

‘මට සතුටුයි අවසානයේ අපිට අලුත් දෙවොලක් ලැබෙනවා. නිදහස් හැඟීමක් අත්විඳිමින් හින්දු භක්තිකයෝ අවදි වෙලා වගේ. මීට කලින් අපිට නැගිටින්න ඉඩක් දුන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය’ ඔහු මා හා පැවැසීය.

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් (ජනවාරි 22 වැනිදා) විවෘත කරනු ලැබූ ඉන්දියාවේ වඩාත්ම මතභේදාත්මක ආගමික ස්ථානවලින් එකක් වන මෙහි කලකට පෙර පැවති 16 වැනි සියවසේ මුස්ලිම් පල්ලිය ප්‍රතිස්ථාපනය කරමින් විවෘත කළ මන්දිරය හරහා දශක ගණනාවක් පුරා බලා සිටි හින්දු ජාතිකවාදී ප්‍රතිඥාවක් ඉටුකරනු ඇත.

1992 වසරේදී හින්දු කලහකාරී පිරිසක් එහි වූ බාබ්රි මස්ජීදය විනාශ කරනු ලැබුවේ, එය මුස්ලිම් ආක්‍රමණිකයන් රාම දෙවොලක නටබුන් මත ඉදිකරන ලද බව පවසමින් වන අතර එම සිදුවීම ජීවිත 2,000කට ආසන්න සංඛ්‍යාවක් බිලිගත් රට පුරා කැරලි ඇති කිරීමට තුඩු දුන්නේය. එහි වූ මුස්ලිම් පල්ලිය කඩා දැමීම ‘නීතියේ ආධිපත්‍යය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්’ බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදීත්, හින්දු සහ මුස්ලිම් වැසියන් අතර එහි අර්බුදකාරී හිමිකාරිත්වය පිළිබඳ ආරවුල අවසන් වන්නේ, 2019 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය හින්දු භක්තිකයින්ට ලබාදෙනු ලැබීමත් සමගය. (අධිකරණය මුස්ලිම් වැසියන්ට අයෝධ්‍යාවේ පිහිටි වෙනත් ඉඩමක් මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා ලබා දුන්නේ ය.)

මෝදි මෙම මන්දිරය විවෘත කරනු ලැබුවේ, සිය භාරතීය ජනතා පක්ෂය තෙවන වරටත් වාර්තාගත ලෙස එරට පාලන බලය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින මහ මැතිවරණයට මාස කිහිපයක් තිබියදීය. ඔහු පවසන්නේ මෙම නව මන්දිරය ‘රට එක්සත් කරන’ බවය. මෙම සිද්ධස්ථානය ‘ඉන්දියාවේ සංස්කෘතික පුනර්ජීවනයේ ආරම්භය සහ ජාතික අභිමානය ප්‍රතිෂ්ඨාපනය කිරීම’ සනිටුහන් කරනු ඇති බව’ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රාජ්නාත් සිංගේ විශ්වාසයයි.

විවේචකයන් පවසන්නේ, විවෘත කිරීමේ කාලය සැලකූ විට එය ආගමික වැදගත්කමට වඩා මැතිවරණයට පෙර හින්දු ජාතිකවාදී ගාමක බලවේගයක් ගොඩනගන දේශපාලන මූලෝපාය දෙසට නැඹුරු වන බවය. ඉන්දීය දේශපාලනය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ස්ථානයකට තල්ලු කිරීමට මෙම මන්දිරය ගොඩනැගීමේ ව්‍යාපාරය ප්‍රධාන සාධකයක් වූ බවට ඔවුහු තර්ක කරති.

‘කූඩාරමක දිවි ගෙවූ රාම දෙවියන්ට දැන් නියම වාසස්ථානයක් හම්බවෙලා තියෙන්නේ. ඒක අපි හැමෝගෙම ඉවසීම ගැන සිදුකළ පරීක්ෂණයක්,’ යැයි පසුගිය දශක තුනක කාලය පුරා ප්‍රමාණයෙන් කුඩා රාම දෙවියන්ගේ පිළිමයක් තැන්පත් කර තිබූ මෙම තාවකාලික මන්දිරයේ ප්‍රධාන පූජක 86 හැවිරිදි සත්‍යයෙන්ද්‍ර දාස් පැවසීය.

මෙම නව මන්දිරය ඒ තරමටම සුවිසල්ය. අක්කර 70ක සංකීර්ණයක අක්කර 7.2ක් පුරා විහිදෙන, රෝස වැලිගල්වලින් ආවරණය වී ඇති කළුගල් අත්තිවාරමක් මත පිහිටා තිබෙන තෙමහල් ගොඩනැගිල්ල, උස් කුලුණුවලින් සමන්විත වන අතර වර්ග අඩි 70,000ක් (වර්ග මීටර් 6,503) පුරා අතුරා ඇති උසස් තත්ත්වයේ සුදු කිරිගරුඬ පොළොවකින් ද සමන්විතය. එහි අඟල් 51ක් (අඩි 4.25) උස රාම දෙවියන්ගේ පිළිමයක් කිරිගරුඬ පීඨිකාවක් මත තබනු ඇත.

අගමැති මෝදි විසින් ජනවාරි 22 වැනිදා විවෘත කරනු ලැබූවේ, මෙහි බිම් මහල පමණක් වන අතර, ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු, ඒ වෙත වසර අවසානය වන විට, දිනකට සංචාරකයන් (වර්තමානයේ පැමිණෙන ගණන මෙන් හත් ගුණයක්) පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගංගා නම් නදියේ ගංගාවක් වන සර්යු ගංගා ඉවුරේ පිහිටි නිසංසල වන්දනා නගරයක් වන අයෝධ්‍යාව, නිලධාරීන් හඳුන්වන පරිදි ‘මිනිසුන් වන්දනාකරුවන් ලෙස සහ සංචාරකයන් ලෙස පැමිණෙන සහ ඉතා උසස් මට්ටමේ නගරයක්’ බවට පරිවර්තනය කිරීමට මෝදිගේ රජය අසීමිත උත්සහයක් දරයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 3.85ක (පවුම් බිලියන 3.01) වියදමකින් සිදුකෙරෙන මෙම පරිවර්තනයට පුළුල් කරන ලද මාර්ග, ආකර්ෂණීය නව ගුවන් තොටුපළක්, දැවැන්ත දුම්රිය ස්ථානයක් සහ තට්ටු කිහිපයකින් යුක්ත රථ ගාලක් ඇතුළත් වේ. මන්දිරයට පිවිසෙන අලුතින් නම් කරන ලද කිලෝමීටර් 13ක (සැතපුම් 8) ‘රාම් පාත්’ ඇතුළුව ප්‍රධාන මාර්ග හතරක් පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීමට නිවාස, සාප්පු සහ ‘ආගමික ස්වභාවයේ ගොඩනැගිලි’ 3,000කට වැඩි ගණනක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් කඩාදමා ඇත. ලා කහ පැහැති වර්ණය දැන් ගොඩනැගිලිවලට සමරූපී මෙන්ම, සෞම්‍ය පෙනුමක් ලබාදෙයි.

Radisson සහ Taj වැනි හෝටල් දාමයන් නව හෝටල් සහ සංචාරකයන්ට නවාතැන් ගත හැකි නිකේතන 50ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර පැරණි තත්ත්වයේ ඇති නවාතැන්පොළවල් විශාල ගණනකට නව මුහුණුවරක් ලැබෙනු ඇත. ඉඩම්වල මිල ගණන් දැනටමත් තුන් ගුණයකින් ඉහළ ගොස් තිබීම පුදුමයක් නොවේ.

‘ඔබට මෙතන හඳුනා ගන්න බැහැ, ඒ තරමටම දැන් වෙනස් වෙලා. ඇත්ත වශයෙන්ම මේ සියල්ල සිදුවී තිබීම ගැන තරමක කම්පනයක් හා විස්මයක් දැනෙනවා’ යැයි 2016 වසරේ සිට අයෝධ්‍යා නගරයේ සංචාරය කරන Ayodhya; City of Faith, City of Discord ග්‍රන්ථයේ කර්තෘ වාලේ සිං පැවසීය.

රාමගේ ජීවිතය නිරූපණය කරන බිතුසිතුවම් 162කින් සමන්විත උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන ඇවිද යා හැකි මං තීරුවක්, සර්යු ගංගාවේ පිහිටි දූපතක ස්ථාපනය කෙරෙන ‘වෛදික ශිෂ්ටාචාරය පිළිබඳ අවබෝධයක්’ ලබාදෙන මධ්‍යස්ථානයක්, මංගල උත්සව පැවැත්වීමට නගරයක් සහ ස්වභාවික චිකිත්සක ක්‍රම ඇතුළත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම ඇතුළු අමතර ආකර්ෂණීය ස්ථාන නව මන්දිරය වටා නිර්මාණය කිරීමේ සැලසුම් ද පවතියි.

‘අපට අවශ්‍ය වන්නේ ලෝකයේ ලස්සනම නගරය නිර්මාණය කිරීමට’යි. අයෝධ්‍යාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ගෞරව් දයාල් පවසයි.

අක්‍රමවත් නගරයක් මුරකිරීමට මෙන් අහස උසට නැගෙන දෙවොල් සහ පූජකවරුන් වීදි සංචාරය කරන අයෝධ්‍යාවේ සෑම ජීවිතයක්ම භක්තියෙන් පිරීයනු ඇත. අවම වශයෙන් වසරකට දෙවරක් හෝ වන්දනාකරුවන් දසදහස් ගණනක් නගරය වටා ගමන් කරනු ඇත. සෑම තැනකම පාහේ සිටින රිළවුන්ට නිදහසේ සැරිසැරීමට තවදුරටත් ඉඩහසර ලැබෙනු ඇත. කඩපොළවල් ආගමික වටිනාකමකින් යුක්ත මල්, සඳුන්, ආගමික පොත්, දේවතා අනුරූ අලෙවි කරන වෙළෙන්දන්ගෙන් පිරීයනු ඇත.

සිං එය ‘ශක්තිමත් නොවන, වන්දනාකරුවන් මත යැපෙන ආර්ථිකයක්’ ලෙස විස්තර කරයි. ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ ෂිලොන්ග් නගරයේ ජීව විද්‍යාව හදාරන ශිෂ්‍යාවක වන දිෂා චක්‍රබෝර්ති එහි සිදුකළ පළමු සංචාරය ගැන මා හා මෙසේ පැවැසුවාය. ‘අවංකවම කිව්වොත් මේ ප්‍රදේශය ජරාවාස වෙලා. ඒත් මිනිස්සු සෑහෙන්න භක්තිවන්ත වෙලා නිසා ඒක කමක් නැහැ කියමුකෝ. මිනිස්සු අතරේ සාමූහික විශ්වාසයක් තියෙනවා දේව ප්‍රතිමාව ගැන’.

‘එහෙත්, විශාල හා කුඩා ප්‍රමාණයේ දෙවොල් දහස් ගණනකින් සහ මුස්ලිම් පල්ලි 45කින් පමණ සහ උත්සව හා සල්පිල්වලින් යුත් මෙම නගරයේ, පැරණි දේ අලුත් දේ සමග මුසු කරමින් පරිවර්තනයක් සිදුවෙමින් පවතියි.’

‘පච්චා කෙටීමේ ස්ථාන සහ ආහාර පාන මිලට ගත හැකි ස්ථාන මෙන්ම Dark Cloud නමැති අවන්හලක් සහ Stylish Chand Mens Parlour නමැති විවිධ විලාසිතා අනුව කොණ්ඩා කැපීමේ ස්ථානයක් ද එහි තිබේ. අඳුරු වැටුණු පසු ලේසර් සංදර්ශන අහස ආලෝකවත් කරයි. මෙම ස්ථානය තරගකාරී යූටියුබ්කරුවන් සහ ඉන්ස්ටග්‍රෑම් රීල් නිර්මාණය කරන්නන්ගෙන් පිරී ඇති අතර, ඔවුහු එකිනෙකා මෙම ස්ථානය ‘සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කිරීමට’ උත්සාහ කරති.

භක්තියෙන්, සම්ප්‍රදායෙන් සහ කුතුහලයෙන් ආනුභාව ලත් මිලියන සංඛ්‍යාත බැතිමත්තු සහ සංචාරකයෝ මෙම නව මන්දිරය විවෘත කිරීමත් සමග අයෝධ්‍යා නගරය වෙත පැමිණීමට අපේක්ෂා කරති. නමුත් මතුපිටින් සියලු දෑ සාමකාමී බවක් පෙනෙන්නට තිබුණ ද, මිනිසුන් තෘප්තිමත් නොවන බවට වන ඇඟවීම් ද තිබේ. වන්දනාකරුවන් සඳහා මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නගරය හරහා සිදු වූයේ බුල්ඩෝසර් මගින් කඩා දැමූ නිවාස සහ සාප්පුවලට අත්වුණු ඉරණම පෙන්නුම් කරමිනි.

ප්‍රදේශයේ සාප්පු හිමියන්ගේ සංගමයක ප්‍රධානියා වන ආනන්ද් කුමාර් ගුප්තා පැවැසුවේ, ඔවුන්ගෙන් 1,600ක් පමණ ‘අවතැන් වී ඇති අතර, යන්නට තැනක් නොමැති බව’ය. අලුත්වැඩියා කටයුතු කර ගැනීම සඳහා ඔවුන්ට සාමාන්‍යයෙන් රුපියල් 100,000 (ඩොලර් 1,200) මුදලක් ගෙවන ලද බව ඔහු පැවසීය. ‘මේ නැවත ගොඩනැගීම අපට බාධාවක් වෙලා’ ඔහු පැවැසීය.

වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයක පුළුල් කිරීමේ කටයුතු හේතුවෙන්, නගරයේ දෙවොල්වල රැකියා කටයුතුවල නිරතව සිටින පුද්ගලයන්ගේ නිවාස 36ක් පමණ අර්ධ වශයෙන් විනාශ විය. එම වීදිය කාන්දු වන පයිප්පවලින් නිකුත් වන අපද්‍රව්‍යවලින් පිරී යමින් පවතියි. ඒ මේ අත පැද්දෙන අඩමානයට ඉදිකර ඇති උණ පාලම් මඩ සහිත අගල්වලට ඉහළින් විහිදේ. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාසවල හිමිකරුවන්ට දුරින් ඉඩම් ලබා දී ඇත.

විශාල් පාණ්ඩේ සඳහන් කළේ, මාර්ගය පුළුල් කිරීම සඳහා තමන්ට පරම්පරාවෙන් උරුම වූ කාමර හයකින් යුත් නිවෙසින් අඩක් කඩාදමා ඇති බවය. බලපෑමට ලක්වූ කොටස සඳහා රුපියල් ලක්ෂ 7කට ආසන්න වන්දියක් ලබාදී තිබියදීත්, අට දෙනකු දිවි ගෙවන මෙම පරම්පරාගත වාසස්ථානයට වූ හානිය ආපසු හැරවිය නොහැකි බව ඔහු තවදුරටත් පැවැසීය. ‘ප්‍රදේශවාසීන් කෝපයෙන් ඉන්නේ’ පාණ්ඩේ මා හා පැවැසීය. ‘ඒත් රාමට අන්තිමට ස්ථීර නිවෙසක් ලැබෙන එක ගැන අපිත් සතුටුයි. එයා මෙච්චර කල් කූඩාරමක හිටියේ. දැන් අපේ වාරය ඇවිත් දුක් විඳින්න’.

‘විනාශය තියෙන තැන සංවර්ධනය තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා’

තම නිවෙසින් අඩක් අහිමි වූ කාන්ති දේවිගේ හඬ තියුණුය. ‘අපි කොහෙත්ම සතුටු නැහැ’ ඇය පවසයි. ‘නිලධාරීන් පවා ඇවිත් කියනවා අපි ඔබට විශාල වේදනාවක් දෙනවා කියලා.
දෙවොල හදපු එක හොඳයි, ඒත් ඒක අපිට පිහිට වෙන්නේ කොහොමද? අපි මොනවා හැදුවත්, ඒ අය තවත් වන්දනාකරුවන් නගරයට අරගෙන එන්න ඒවා විනාශ කරලා දාලා’.

කඩා දැමූ වාසස්ථාන සහ වෙළෙඳසල්වල පදිංචිකරුවන්ට රජයේ යෝජනා ක්‍රම යටතේ මුදල් සහ නව නිවාසවලින් වන්දි ලබාදී ඇති බව නිලධාරීහු පවසති. ‘සියලු වන්දි ලබාදීලා තියෙන්නේ. පවුල් ආරවුල් සම්බන්ධ නඩු නිසා සමහර අවස්ථාවල ඒවා ප්‍රමාද වෙනවා. හැම දේම කරලා තියෙන්නේ’ දයාල් පවසයි.

හින්දු සහ මුස්ලිම් වැසියන් මිශ්‍රව අසල්වැසි ප්‍රදේශවල දිගු කලක් ජීවත් වූ අයෝධ්‍යාවේ ඉරණම, බොහෝ ආකාරවලින් පිටතින් පැමිණෙන මිනිසුන් විසින් තීරණය කොට තිබේ.

එය 1992 දෙසැම්බරයේදී මුස්ලිම් ජාතිකයන් 18 දෙනෙකුගේ මරණයට සහ ඔවුන්ගේ නිවාසවලට ගිනි තැබීමට හේතු වූ බව කියනු ලබන කඩා බිඳ දැමීම සහ පසුව ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ට එල්ල වූ ප්‍රහාරය නොතකා විඳදරා ගැනීමට ඉඩ සෑදීය. එය ආගමික ප්‍රචණ්ඩත්වයේ ප්‍රකට ස්ථානය බවට පත් වූ නගරයකි.

‘අපි ඒ දේවල් අත් ඇරලා ඉදිරියට ගිහින් තියෙන්නේ. ඒ කොහොම වුණත්, ඒ සිදුවීම් අපට වේදනාවක් ලෙස පවතීවි’ සමාජ සේවකයකු වන ඛලීක් අහ්මඩ් ඛාන් පැවැසීය.

ඛාන් විශ්වාස කරන්නේ, හින්දු සහ මුස්ලිම් වැසියන් සියවස් ගණනක් පුරා අයෝධ්‍යාවේ සහයෝගයෙන් සිටි බවය. ‘රාම කෙරෙහි තියෙන හින්දු භක්තිය මුස්ලිම් වැසියන්ගේ සහයෝගයත් සමග බැඳිලා තියෙන්නේ. විශේෂයෙන් මේ මන්දිර ඔවුන්ගේ වෙළෙඳ කටයුතුවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා ආර්ථිකය තුළ. මේ ප්‍රජාවන් දෙක වෙන් කරන්න බැහැ’.

ප්‍රදේශයේ විද්‍යාලයක මහාචාර්යවරයකු වන රගුවංශ මනිගේ අදහස ද ඊට සමාන විය.

‘බෙදුම්වාදී ප්‍රශ්නය ආවේ පිටතින්. මෙහේ ඉන්න මිනිස්සු ඒකට සම්බන්ධ නැති තරම්’. නව මන්දිරය අයෝධ්‍යාව ලෝකයට විවෘත කිරීම අරමුණු කරගත් බැවින්, පිටස්තරයන් ඔවුන්ගේ ඉරණම තීරණය කරන බව හැඟෙන ඇතැම් ප්‍රදේශවාසීහු ද ඊට සමාන අදහස් පළ කළහ.

‘කාලයත් එක්ක දැනගන්න ලැබේවි’. පාණ්ඩේ පවසයි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිපල නිකුත් වුණා! දකුණු ආසියාවේ වැඩිම ලයිට් බිල ලංකාවේ! I Sri Lanka Latest News

Next Post

බණ්ඩා කොළඹ ගියා! අනුර ඉන්දියාවේ ගියා! කට්ටිය කලින් කියපුවා අමතක වුණා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.