ජන ජීවිත අවුල් කරමින් පොල් ඵලදාවේ සිට වගා හානි හරහා නිවෙස්වල බත් මුට්ටි සොරාගෙන යන රිළවුන්, වඳුරන් ඇතුළු මොනරා, දඬුලේනුන්ට එරෙහි මෙහෙයුමක් විද්‍යාත්මකව ක්‍රියාත්මක කරමින් සෑම දිස්ත්‍රික්කයකම එක් දිනක එක් වේලාවක එම සතුන් පිළිබඳ සංගණනයක් කිරීමේ තීරණාත්මක දිනය මේ මස අගදී හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ මහත්මිය ‘මව්රට’ට පැවැසුවාය. Sri Lanka Latest News
වන සත්ව හානි අවම කිරීමේ කමිටුව නමින් කමිටුවක්ද පත්කර ඇති අතර, ඒ සඳහා වනජීවී, පශු සම්පත්, පොල් වගාකිරීමේ මණ්ඩලය ඇතුළු ආරක්ෂක ගොවි කටයුතු අංශ නියෝජනය වන පරිදි නිලධාරී සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇත.
වඳුරන්, රිළවුන් කූඩුකර වන්ද්‍යකරණය කර එක තැනකට වසර පහක් කූඩුගත කිරීමේ යෝජනාවක් ඇතුළු යෝජනා ගණනාවක් දැනට ඉදිරිපත් වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අදාළ සංගණන ක්‍රියාවලිය සඳහා ගම්මුන්ගේ සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීන්ගේද සහාය ලබාගැනීමට නියමිතය.
මෙම සංගණනයට පෙර ඉංගිරිය ප්‍රදේශයේදී පසුගියදා රිළවුන්, වඳුරන් පිළිබඳ පෙරහුරුවක්ද පැවැත්වූ බව ඔහු සඳහන් කළේය.
මෙම වඳුරු රිළා, දඬුලේනුන් සිදුකරගෙන යන වගා විනාශයන් පිළිබඳ ප්‍රශ්නය වසර ගණනක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන නමුදු මේ දක්වා කඩිනම් විසඳුම් නොමැති වීමෙන් සිදුව ඇති පාඩුව මිල කළ නොහැකි බවයි මහජනයා පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










