• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලිකාර සාදුලට, දේශපාලකයන්ට, මුදලාලිට කෝටි ගණන් වෙට්ටු දාලා මට්ටු කරපු සෙල්ලම…

October 16, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
සල්ලිකාර සාදුලට, දේශපාලකයන්ට, මුදලාලිට කෝටි ගණන් වෙට්ටු දාලා මට්ටු කරපු සෙල්ලම…
Share on WhatsAppShare on Facebook

සල්ලි, ලස්සන, කාන්තා බව කියන මේ තුනම එක තැනක පිහිටලා තිබුණොත් එයාට පුළුවන් ලෝකෙ කාලා වතුර බොන්න. ඒක තව පාරක් ඔප්පු කරපු සිදුවීමක් තමයි මේ දිනවල ටිකෙන් ටික එළියට එමින් තියෙන්නේ. ඒ වගේම ඒකෙ තියෙන වැදගත්ම දේ තමයි අපේ රටේ ඉන්න ගොඩාක් අයියලා මල්ලිලා ගෑනියෙක් ඉස්සරහා දෙකට නැමෙන හැටි මේකෙන් පැහැදිලි වෙනවා. ඇත්තටම ව්‍යවසායකයෙක් විදියට ඈ ප්‍රයෝජනයට ගන්නේ අන්න ඒ දුර්වලතාව. ඒ දුර්වලතාව තියෙන්නේ ඈ ළඟ නෙවෙයි, පිරිමි ළඟ. ගොඩක් වෙලාවට අමාරුවෙන් සල්ලි හොයන පිරිමි මේ වගේ ඉතා උපක්‍රමශීලී කාන්තාවො ඉස්සරහාදී තමන්ගේ සියලු දක්ෂතාවන්ගෙන් පරාජයට පත්වෙලා ඉතා අසරණ වෙනවා. ඊට පස්සේ ඒ ගෑනිට බැණලා, ඒ ගෑනි නරකයි කියලා, ඒ ගෑනිව එල්ලා මැරුවත් වැඩක් නෑ. පිරිමින්ට වෙන්න ඕනෙ හරිය එතකොට වෙලා ඉවරයි.

මේ කතාව අපි පටන්ගන්නවා අගින්. සාමාන්‍යයෙන් කතාව පටන් ගන්නේ මුලින් නේ. මුලින් පටන්ගන්නවට වඩා අගින් පටන්ගන්න එක හොඳයි කියලා හිතුණේ මේ කතාව දැන් සෑහෙන දුරකත් ගිය කතාවක් නිසා. මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ විමර්ශන මේ වන විටත් සිදුවෙමින් තියෙනවා. පොලිස් පරීක්ෂණ සිදුවුණත් නීතිමය ක්‍රියාමාර්ග ඉතා නිශ්චිතව ගත්තත් මේක අවසානයේ මොනවා වෙන්න පුළුවන් කතාවක්ද? ඒ ගැන අපි හෙව්වා. ඒ ගැන හොයද්දී දැනගන්න ලැබුණු සමහර කාරණාවල නීතිමය පැත්ත අපි පැහැදිලි නොකළත් මෙතෙක් සිදුව ඇති මෙවැනි වෙනත් වංචා සිදුවීම් දෙස බැලුවම අපට පේන්න තියෙන දේ තමයි ඇය වංචා කළ මුදල් අයකර ගැනීමේ නිවැරැදි සහ නිශ්චිත ක්‍රමවේදයක් නැති බව. ඒ කියන්නේ අදාළ කාන්තාවට මේ මෝඩ තකතීරු මිනිස්සු දීපු මුදල් යළි අයකර ගැනීම සඳහා වන නිශ්චිත වැඩපිළිවෙළක් නීතියේ ප්‍රතිපාදන අනුව නැහැ. යම් විදියකින් ඈට දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් ඈට පුළුවන් වුණොත් ඔප්පු කරලා පෙන්වන්න කිසිදු මුදලක් තමන් සතුව නැති බව, ඈව හිරේ දාන්න වෙන්නෙත් ඒ සල්ලි දීපු කට්ටියටමයි. දවසකට රුපියල් 157යි ශත ගණනක් ගෙවලා. ඒක තමයි ලංකාවෙ නීතිමය ක්‍රමවේදය. ඒ නිසා මේ මූල්‍ය ගනුදෙනුවලදී ඔබ ඉතා කල්පනාකාරී විය යුතුයි. ඔබ ඉතා නීත්‍යනුකූල විය යුතුයි. ඈට පුළුවන් වුණොත් තමන් සතුව සල්ලි නෑ, තමන් බංකොලොත් බවට පත්වුණු කෙනෙක් බව ඔප්පු කරන්න, ඒ හරහා ඇගේ නිදන ඇඳ ඇතුළු භාණ්ඩ කිහිපයක් හැර අන් සියල්ල ඈවර කරන්නට සිදුවේවි. ඒත් එය සිදුකළ හැකිද යන්න ගැටලුවක්. එවැනි දෙයක් කරන්න නොහැකි වෙන විදියට මේ වගේ බොහෝ සල්ලිකාරයෝ උපක්‍රමශීලී වෙනවා. ඒ කොහොමද කියන එක කියන්න නොයන්නේ එය නීතිමය කාරණාවක් හින්දා.

කොහොම නමුත් දැන් අපි හැරෙමු මුලට. මුලදී මම කියපු කරුණු තුනට තව කරුණක් එකතු වෙන්න ඕනෙ කියලා මේ ටික ලියද්දී මට හිතුණා. ඒක තමයි ආගම. අපි දැඩි ආගමික භක්තියක් සහිත රටවලින් ඉදිරියෙන්ම ඉන්න රටක්. දැඩි ආගමික භක්තියක් සහිත මිනිසුන් වෙසෙන රටවල් ලැයිස්තුවෙ බොහෝ විට ඉන්නේ ලෝකෙ තියෙන දුප්පත්ම රටවල්. ලෝකෙ වැඩියෙන්ම අපරාධ සිදුවෙන රටවල්. දැඩි ආගමික භක්තිය කියන එක අපි අභියෝගයට ලක්කරන්නේ නෑ. ඒක එහෙම තමයි. මිනිස්සු සතුව විශාල ආගමික භක්තියක් තියෙන්න ඕනෙ. මිනිස්සු ඉතා ගුණයහපත් වෙන්න ඕනෙ. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ දැඩි ආගමික භක්තිය හඳුනාගත්තු ආගමික පූජකයොත් මේ රටවල ඉන්න එක. ඒගොල්ලෝ අපේ රටේ ඉන්න දැඩි ආගමික භක්තිය සහිත මිනිස්සුන්ව ඉතා හොඳින් හඳුනාගෙන තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ආගමේ තියෙන ඉෂ්ටාර්ථ ඉතා පහසුවෙන් අලෙවි කළ හැකි තැනට පත් කරගන්නවා. ඒක ලෝකෙ ඉතා නොදියුණු සහ ගෝත්‍රික රටවල මිනිස්සු සිදුකරන දෙයක්. ලංකාවෙත් එය ඉතා හොඳින් සිදුවෙනවා.

ලංකාවෙ මිනිස්සුන්ට පන්සලක් හදන්න සල්ලි වියදම් කරන්න කිව්වාම ඒ අය දෙපාරක් හිතන්නේ නැතුව ඒක කරනවා. ලංකාවෙ මිනිස්සු බඩගින්නේ මැරෙනකොට, මන්දපෝෂණයෙන් අපි ලෝකයෙන්ම හයවැනි තැනට පත්වෙනකොට අපේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර නොලැබෙන බව හැමෝම කියනකොට සල්ලි තියෙන අය මොකද කරන්නේ? චෛත්‍යයට පලතුරු පූජාවල් කරනවා. වෙහෙර මළුවේ සයන පූජාවන් කරනවා. රුපියල් හය හත්දාහකටත් වැඩිය වියදම් කරලා කවදාවත් සෙරෙප්පු දෙකක් නොදාන බෝධියකට, කවදාවත් මිරිවැඩිසඟලක අවශ්‍යතාවක් නැති මැටි පිළිමෙකට සෙරෙප්පු දෙකක් පූජා කරනවා. අපේ රටේ තියෙන ප්‍රසිද්ධ විහාරස්ථානවල බෝධිය පාමුල, පිළිම ගෙවල්වල, විශාල දාගැබ්වල පේසාවළලු වටේ අටපිරිකර වැහි වහිනවා. ඒවායෙ වටිනාකම ගණන් බැලුවොත් සමහර විට කෝටි ගානක්. බිස්නස් එක සම්පූර්ණයෙන්ම කරන්නේ පන්සලේ හාමුදුරුවෝ. ඒ බිස්නස් එකෙන් ලාභ ලැබෙන්නේ පන්සලට. ඒ ලාභ ගමේ මිනිස්සුන්ට බෙදන්නේ නෑ. ඒ ලාභවලින් කොටසක් පන්සල හදන්න වියදම් වෙන්නෙත් නෑ. ඒ ලාභයත් එක්ක දුක කෙළවර කරන්න හාමුදුරුවරු සැප පුරවගන්නවා. මේ වතාවෙත් එහෙම කතන්දරයක් තමයි තියෙන්නේ.

බුදු වෙන්න පෙරුම්පුරපු සුදු හාමුදුරු කෙනෙක් අපට මතකයි පහුගිය කාලෙ එළියට ආවා. සමාජ ජාලවල ඇතැම් තරුණයො ලියලා තිබුණා ‘හාමුදුරුවනේ පුළුවන් නම් බුදුවුණු හැටි නෙවෙයි, සුදු වුණු හැටි කියන්න’ කියලා. දැන් ඒ හාමුදුරුවොත් මේ කාන්තාවත් එක්ක මූල්‍ය ගනුදෙනු කරලා තියෙනවලු. එහෙම වෙන්නේ ඇයි? අපි දන්නවා හොරෙක් විදියට හිටියොත් මිනිස්සු ඒ හොරාට හොරා කියලා කියනවා. හැබැයි හොරෙක් ඡන්දෙ ඉල්ලුවොත් අපට ඒ හොරාට හොරා කියන්න බෑ. හොරෙක් මහණ වුණොත් අපට ඒ හොරාට හොරා කියන්න බෑ. හොරෙක් මහණ වුණොත් කවුරු හරි ලොකු පන්සලක හාමුදුරු කෙනෙක්ව දකුණු පැත්තෙන් තියාගෙන පින්තූර ගන්න පුළුවන් වුණොත් ගොඩක් අය ඒ හාමුදුරුවන්ට තියෙන ළෙන්ගතුකම නිසාම අර හොරාට හොරා කියන්නේ නෑ. ඒ උපක්‍රමය හරි පහසුවෙන් ලංකාවෙ ක්‍රියාත්මක වෙනවා. කෝටි ගානක් හොරකම් කරපු කෙනකුට ලක්ෂයක් දෙකක් වියදම් කරලා කුලියට ගන්න පුළුවන් හාමුදුරුවරු ගොඩක් ලංකාවෙ ඉන්නවා. හැබැයි එහෙම සල්ලිවලට නොවිකිණෙන, විනයධර හාමුදුරුවරු ලංකාවෙ නෑ නෙවෙයි. ඕනෙ නම් අපට කතා කරන්න, අපි ඕනෙ තරම් උදාහරණ කියන්නම්. අපට උන්වහන්සේලා මුණගැහිලා තියෙනවා. ඒත් මේ වෙලාවේ මේ කතා කරන්නේ ඔය ජාතියේ බඩුවක් ගැන.

ඒ වගේම මේ කාන්තාවගේ හැසිරීම සහ පින්තූර බැලුවට පස්සේ අපට පේන තව කාරණයක් තමයි ඇය ඉතා ළඟින් දේශපාලකයන් ඇසුරු කරලා තියෙන බව. දේශපාලකයන් ඇසුරු කිරීම කියන කාරණාවෙදී අපි හැමෝම දන්නවා මේ දේශපාලකයට තමයි ලංකාවෙ බලය තියෙන්නේ කියලා. බලය සැරසෙන්නේ ධනය නිසා. බලය සහ ධනය කියන දෙකම එක තැනකට එකතු වුණොත් ඔවුන් ඉතා ශක්තිමත්. සාධාරණ බලය සහ සාධාරණ මුදල්වලට වඩා, අසාධාරණ බලය සහ අසාධාරණ මුදල්වල ශක්තිය වැඩියි. ලංකාවේ සාධාරණ මුදල් තිබුණත්, සාධාරණ මුදල් එක්ක ඉතා ඉක්මනට එකතු වෙන්නේ අසාධාරණ බලය. ලංකාවේ සාධාරණ බලය තිබුණත්, ඒ සාධාරණ බලයත් එක්ක ඉතා ඉක්මනට එකතු වෙන්නේ අසාධාරණ මුදල්. ඒ නිසා මේ තත්ත්වයේ තියෙන භයානකම අවස්ථාව තමයි අසාධාරණ මුදල් සහ අසාධාරණ බලය. මේ අසාධාරණ මුදල් සහ අසාධාරණ බලය එකතු වෙන අවස්ථාවක්. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් කියන්න ඕනෙ. ඒක තමයි මේ කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා විසින් ලබාගත් සියලු පින්තූරවල සියලු තැන්වල ඉන්න දේශපාලකයන් අපි හිතනවා මේ කතන්දරේට වගකිව යුතු නැහැ කියලා. ඒකට හේතුව තමයි මනුස්සයෙක් ඇවිල්ලා තමන් එක්ක පින්තූරයක් ගන්නකොට ඒ කෙනාගෙ වගතුග හොයන්න තරම් අපේ රටේ දේශපාලකයෝ උනන්දු නැහැ. කොහොම නමුත් යම් කිසිවෙක් කියනවා නම් මේ පින්තූරවල ඉන්න අය මේ කතන්දරයට සම්පූර්ණයෙන් වගකිව යුතු නැතැයි කියලා, එහෙම කියන්න පුළුවන්කමක් නෑ. ඇතැම් අය ඇතැම් අවස්ථාවල ඇතැම් ප්‍රමාණයන්ගෙන් මේවාට වගකිව යුතුව ඇති. කෙසේ නමුත් මේ වෙනකොට හොරකම එළියට ඇවිල්ලා ඉවරයි. මේ මහා හොරකමෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ගෙ අනුවණකම් සහ ජඩකම් තවමත් එළියට එනවා. මේ තමයි ලංකාවෙ තියෙන ඉතා කනගාටුදායක තත්ත්වය.

වැඩේ තීරණාත්මකම දේ ඕක නෙමෙයි. මේ කාන්තාවට කොහෙන්ද මේ තරම්ම හයියක් කියන එකත් නෙමෙයි. ස්ථානීය පරීක්ෂණයකට මේ කාන්තාව කැන්දගෙන එන පොලීසිය මාංචු දෙකක්වත් නොදැම්මෙ ඇයි කියන එකත් නෙමෙයි. මේවා ඔක්කොම ප්‍රශ්න තමයි. ඒත් බරපතළම ප්‍රශ්නය මේ සල්ලි මුන්ට කොහෙන්ද කියන එක. විශේෂයෙන්ම මිනිස්සුන්ගෙන් සිවුපසය ලබන භික්ෂුන්ට මේ සල්ලි ලැබුණෙ කොහොමද? මේ දේශපාලකයන්ට මේ සල්ලි කොහෙන්ද? මේ මොකෙක්වත් කෝටි ගණන් සල්ලි හොයලා තියෙන්නෙ දුක් මහන්සියෙන් නෙමේනෙ. මේ මිනිස්සු ආතල් ගන්නෙ රටේ සල්ලිවලින්. මේ සල්ලි ආපහු ගන්න පුළුවන්ද කියල නීතිය පිළිබඳ අවබෝධයක් සහිත අය දන්නවා.

තිළිණ ප්‍රියමාලි මේ වංචා වැල පටන්ගන්නෙ ඇල්ටො කාර් එකක් කුලියට අරගෙන. ඊට පස්සෙ ෂෙඩ් එකක වංචාවක් ගැන කියනවා. මේ කාන්තාවගෙ හැඳුනුම්පත එක තැනකත් රියදුරු බලපත්‍රය තව තැනකත් තියෙද්දී මේ තරම් සෙල්ලම් දාන්නෙ කොහොම ද කියන එක ගැටලුවක්. මේ වෙනකොට මේ කාන්තාවගේ හොරකම් උල්පතක් වගේ දවසින් දවස අලුතෙන් මතුවෙනවා. ජීවිතේ පළමු වතාවට මේ ලිපිය ඉවර කරන්නෙ කොහොමද කියලා හිතෙන තරමට තොරතුරු වැඩියි. ඒ නිසා තව දුරටත් සවිස්තරව අපි කියවමු ඉදිරි දිනයක.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හොරා කාපු සල්ලි දියව් කියලා කෑගහපු නාවලපිටියෙ15ක් පොලිසිය අත්අඩංගුවට අරන් ! (VIDEO)

Next Post

මහින්දට විරෝධය පළ කළාට පොලිසියෙන් දවල් අල්ලපු සජබ 15 දෙනාම උසාවිය හවස මුදා හරී!

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.