බිත්තර මිල නැවත වරක් ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව වෙළෙඳපළේ බිත්තරයක මිල දැනට පවතින මිලට වඩා රුපියල් දෙකකින් ඉහළ දැමෙන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘මව්රට’ට පැවැසීය.
මේ අනුව රුපියල් 24ක්ව තිබූ සුදු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 26 දක්වාද, රතු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 28 ලෙසද ඉහළ යනු ඇතැයි සභාපතිවරයා කීවේය.
බිත්තර නිෂ්පාදකයන්ගේ තීරණය අනුව සුදු බිත්තරයක තොග මිල රුපියල් 29ක් වන අතර රතු බිත්තරයක තොග මිල රුපියල් 31 වන බවද සභාපතිවරයා කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










