• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට සමාවෙයන් කිරිකැටි පුතුනේ මම උඹව බිහිකළාට උන්ට බැරිවුණා උඹව රැකගන්න I Sri Lanka Latest News

August 19, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දස එකඩ මසක් ඈ රැකි සෙනෙහසේ නිධානය වෙස් මුහුණු තුළට වූ බහිරවයින් නුහුරු බස් තෙපළමින් වට වෙමින් අඬූ නියෙන් පැහැර සඟවන අතර, බලා සිටියෙමි කොනක ගොළු වෙමින් අසරණව…

දරුවෙක් කුසට ආ දා පටන් අම්මා කෙනෙක් ඒ දරු ගැබ ආරක්ෂා කරන්නේ හරියට නිධානයක් රකිනවා වගෙයි. දරුවා බිහිකරන දවස උදාවෙන තුරු අම්මා ඇඟිලි ගනිමින් සිහින මවමින් බලන් ඉන්නවා. දරුවා තුරුලු කරගෙන නළවන්න, උණුසුම ලබාදෙන්න ඒ අම්මා පෙරුම් පුරනවා. මාස ගානක් තිස්සේ දරුවාට ඇඳුම් පොඩි සූදානම් කරගෙන සිහින දකිනවා. පන්සල් දේවාල ගානේ ගිහින් බාරවෙන්නේ කිසිම කරදරයක් නැතිව දරුවා ලැබෙන්නට හිතාගෙනයි.(Sri Lanka Latest News)

දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳගෙන කිරිකැටි දරුවෙක් මෙලොවට බිහි කළත් ඒ දරුවාට ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නට සිදුවූ සිදුවීමක් පසුගියදා අපට අසන්න ලැබුණේ අනුරාධපුර ප්‍රදේශයෙන්. අනුරාධපුර රඹෑව කල්ලංචිය ගම්මානයේ පදිංචි තක්ෂිලා උදයංගනී දරු ප්‍රසූතිය සඳහා දහසක් බලාපොරොත්තු සිහින ඇතිව කල්ලංචිය රෝහලට ඇතුළත් වුණේ පසුගිය 10 වැනිදායි.

ඇය දරුවා ප්‍රසූත කිරීමට ඉතා ආසන්න තත්ත්වයේ පසුවූ නිසා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණා. ඇය ප්‍රසූත වේදනාවෙන් දැඩිව පෙලුණු නිසා ඇයව කඩිනමින් ප්‍රසූතිකාගාරය වෙත ඇතුළත් කිරීමටයි වෛiවරුන් පියවර ගෙන තිබුණේ. සුළු මොහොතකින් ඇගේ කුසින් පුත් රුවනක් මෙලොවට බිහිවුවත් ඉන් පසුව සිදුවූයේ අම්මා කෙනකුට කිසිදා අත්දකින්නට බලාපොරොත්තු නොවන ඉතා අනුවේදනීය සිදුවීමකටයි. බිහිවූ සැණින් දරුවා බිමට ඇදවැටී ඇති අතර, හෙදියන් කිහිප දෙනකු එම ස්ථානයේ සිටියද ඒ කිසිවකුට දරුවා ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබී නැහැ.

හොරු අරන් ගියා සේ මේ පුංචි පුතා මෙලොව හැරගොස් තිබුණේ දෛවයේ සරදමකට මෙනි. රෝහල් කාර්ය මණ්ඩලය තම දරුවාගේ වියෝවට වගකිව යුතු යැයි මේ අම්මා සහ තාත්තා හඬාවැටෙමින් කියා සිටියා. මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳ දරුවාගේ මව වන තක්ෂිලා උදයංගනී මෙලෙස පවසා සිටියා.

‘මාව මෙහෙට ඇතුළත් කළාට පස්සේ ට්‍රොලියකින් ඇඳට දැම්මා. මට කිව්වා බබා එන්න ළඟයි අම්මා කකුල් දෙක අල්ලගන්න කියලා. මට අමාරු වුණ නිසා බබා ඉක්මනට ලැබුණා. බබා ලැබෙනකොට වැටුණේ බිමට. මිඩ් වයිෆ්ලා වටේම හිටියා. ඒත් බබාව අල්ල ගන්න බැරිවුණා…’

පසුව මේ බිලිඳා දින තුනක් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජීවිතය හැරගොස් තිබුණා. වෛද්‍යවරු පවසා තිබුණේ දරවා නිසි පරිදි වර්ධනය වී නොමැති නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දරුවාගේ පියා වන කුමාරසිංහ දිසානායක හැඬූ කඳුළින් මෙසේ පවසා සිටියා.

‘ලේබර් රූම් එකෙන් බාරගන්න බෑ කිව්වා. අපි චැනල් කළ ඩොක්ටර්ගේ ලේබර් රූම් එක නෙවෙයි වෙනස් එකක් කියලා පැය භාගයක් විතර නෝනා අමාරුවෙන් එතැන ඉඳලා තියෙනවා. මිසීලා ඇඳ පහත් කරලා තියෙනවා. ඇඳ පහත් කළාට පස්සේ බබාව වැටිලා තියෙනවා. ඔළුව බිම වැදිලා මිසීලා එහෙමම බබාව අරගෙන දැඩිසත්කාර ඒකකයට අරන් දුවලා තියෙනවා. අම්මාටවත් බබාව පෙන්නලා නැහැ. ඩොක්ටර්ලා පිළිගන්නවා දරුවා බිම වැටිලා කියලා….’ ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේ තම දරුවා වෙනුවෙන් සාධාරණය ඉටුවීමයි.

මේ අම්මා තාත්තාටත් මුදල් තිබුණා නම් පුද්ගලික රෝහලකට ගිහින් මීට වඩා සුවපහසු ආකාරයෙන් දරුවා මෙලොවට බිහි කරන්නට තිබුණා. නමුත් ඔවුන්ට එතරම් මුදලක් නොතිබෙන්නට ඇති. අගහිඟකම් ළඟ ඔවුන් අසරණ වන්නට ඇති.

දස මාසයක් ආරක්ෂා කළ දරු ගැබෙන් මෙලොව එළිය ලබලා ඒ දරුවා රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් මෙලොව හැර යනවා නම් කොයි අම්මාටද කොයි තාත්තාටද එය දරාගන්නට පුළුවන්? ඒ වේදනාවට මුහුණ දුන් මවුපියන්ට විතරයි ඒ දුක දැනෙන්නේ.

දරුවාගේ පියා තවදුරටත් මෙලෙස පවසා සිටියා.

‘මම රෝහල් අධ්‍යක්ෂතුමා ළඟට ගියා. මම වෙන මොනවාත් නෙවෙයි කිව්වේ. මගේ දරුවා නිරෝගීව මට දෙන්න කිව්වා. එතකොට ඔහු හරි අපි බලමු කිව්වා. ඒත් අද දරුවා නැතිවෙලා. මට වෙච්ච දේ වෙන දරුවන්ට කරන්න එපා. අපි අසරණයි. අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න…’

කෙසේ වෙතත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන දුලාන් සමරවීර මහතා මාධ්‍යයට පවසා තිබුණේ වෙනත් දෙයකි. මෙම දරු ප්‍රසූතිය සිදුව තිබුණේ ගැබිනි මාතාව ට්‍රොලියෙන් ඇඳට දමන අවස්ථාවේදී බවත්, එහිදී ඇතිවූ අධික පීඩනයකින් දරු ගැබේ සිට දරුවා එළියට වීසි වී ඇති බවත්, ඒ සමග දරුවා ලිස්සා ගොස් බිම වැටී ඇති බවත් දුලාන් සමරවීර මහතා පවසා ඇත. දරුවා හා මව අතර පෙකණි වැලද අඩියක් පමණ කොටසක් කැඩීගොස් ඇති බවත්, මෙම මරණය නොසැලකිල්ල නිසා සිදුව ඇතැයි තමන්ට පැවැසිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ ලෝකේ කොයි අම්මාත් කොයි තාත්තාත් දරුවන්ට ආදරෙයි. අම්මෙක්ගේ ආදරය අසාමාන්‍ය ආදරයක්. අම්මා කවදාවත් පිළිගන්න නැතුව ඇති දරුවා මියගිය බව. දරුවාව නැගිට්ටන්න හදන්නට ඇති. මේ අම්මා ඒත් දරුවා නැගිටින්නේ නැතිකොට මුළු ජීවිතයම කඩා වැටෙන්නට ඇති. හිතින් කියන්න ඇති ‘අනේ මගේ පුතේ කිරි නොබී ඉන්න එපා කිරි බොන්න’ කියලා. මැරුණු දරුවාට කතා කරන්නට ඇති.

මේ දුක්ඛිත කතාව අහද්දී අපේ සිහියට නැගෙන්නේ දයාසේන ගුණසිංහ මහතා රචනා කළ ‘රන්තැටියක කඳුළු’ නම් කවි පන්තියයි. එහි සඳහන් වෙනවා තමන්ගේ මියගිය බිලිඳා වෙනුවෙන් හඬාවැටෙන තාත්තා කෙනෙක්ගේ සෙනෙහසක වේදනාව කොයි වගේද කියලා. දරුවා මියගියත් ඒ තාත්තාට දරුවා කනත්තේ තනිකරලා එන්න හිත් දෙන්නේ නැහැ.

‘මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්…’

හඳහාමි කිරියි පැණියි ගේනවා කියලා අපේ අම්මලා තාත්තලා දරුවන් නළවනවා. ඒත් අද දරුවා වෙනුවෙන් හඳහාමි ගේන්නේ සතුට වෙනුවට කඳුළු ගංගාවක්. මේක මවුපියන්ට දරාගන්න අමාරුයි.

‘මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදි වන ඇසි පියෙන්
බිඳී සුන්වන ලොවක,
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකි බිඳියි කම්පාව…’

අම්මා කෙනෙක් පෙරුම් පුරන්නේ දරුවෙක් මේ ලෝකෙට ආ දා පටන්ම නැළවිලි ගීවලින් දරුවා සතුටු කරන්නයි. තමන්ගේ උණුසුම දරුවාට ලබාදෙන්න රුධිරය කිරි බවට හැරුණත් ඒ කිරි දෙන්න දරුවා අද තමන් ළඟ නැහැ කියලා අම්මා හූල්ලනවා. අම්මාගේ අහිංසක සිහින බලාපොරොත්තු බොඳවෙලා ගිහින්. ඇය කොහොමද හෙට දවසට මුහුණ දෙන්නේ….?

‘දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුළට වූ බහිරවයින්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬූ නියෙන්
පැහැර සඟවන අතර,
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව….’

අනේ මේ අම්මා දස මාසයක් දරු ගැබ රැක්කේ නිධානයක් රකිනවා වගෙයි. මේ අමමා වෛද්‍යවරුන්ව දැක්කේ තම දරුවාව ඩැහැගන්න වෙස් මුහුණු පැලඳගෙන ආ බහිරවයන් වගෙයි. අම්මාට තමන්ගේ කිරිකැටියාව යකඩ අඬු දාලා රිද්දනකොට දරාගන්න බැහැ. දරුවාට පොඩි සීරිමක්වත් වෙනවාට අම්මා කෙනෙක් අකැමැතියි. අනේ මේ අම්මා අසරණයි. ඇය රෝහල ඇතුළේ තනිවෙලා. කොයි වෙලේ හරි දරුවාට පණ බිඳක් ලැබෙයි කියලා ඇය බලාපොරොත්තු තියාගන්න ඇති.

‘සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැලි පෙරළන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දරුවකු සිඟිති
කිරි ගරුඬ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න පුතණුවනි…’

තාත්තාගේ අම්මාගේ හීන බොඳවෙලා. මේ කිරි දරුවා මෙලොව හැරයද්දී දැනෙන වේදනාව මහා කම්පනයක්. අම්මාට තාත්තාට දරාගන්න බැහැ. දරුවා කනත්තට ගෙනගොස් වළට දාලා පස් දානකොට ඔවුන් හිතන්නේ අනේ මගේ දරුවාට රිදෙයි මෙහෙම පස් දානකොට දරාගන්න අමාරුයි කියලා. මේ දරුවාට අම්මාගේ උණුසුම දෙන්න බැරි වුණා. හවස් යාමේ මගේ දරුවාව කනත්තේ තනියම වළදාලා එනකොට හරිම වේදනාකාරියි.

දරුවාගේ තනියට තියෙන්නේ මළවුන් වෙනුවෙන් සිහිවටන ලෙස සාදන ලද කිරිගරුඬ කොත් විතරයි. ‘අනේ මගේ පුතේ… ඔයාට මේවා පුරුදු නැහැ. අපි කොහොමද ඔයාව තනිකරලා යන්නේ මේ අඳුරේ…’ කියා දහස් වරක් ඒ අම්මා තාත්තාගේ හිතට නැඟෙනවා.

අපි හැමෝගෙම මේ ජීවිතය තාවකාලික නවාතැන් පොළක් පමණයි. ඒ බව මේ මවුපියන්ට අවබෝධ කරදී, ඔවුන්ගේ දුක තුනී කරගැනීමට ඔවුන්ගේ ආදරණීයයන් සහාය වනවා නම් එයයි ඔවුන් වෙනුවෙන් අපි හැමෝටම කරන්නට පුළුවන් ලොකුම උපකාරය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

යුක්රේන – රුසියා යුද ගැටුම් උග්‍ර අතට! මොස්කව් නුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්!

Next Post

ජෙරම් කරපු වැරැද්දට අම්මයි තාත්තයි ඇවිත් ඕමල්පේ හිමියන්ගෙන් සමාව අයදී! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.