සිය පුත්‍රයා ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියෝ සමාව අයැද සිටියහ.Sri Lanka Latest News
ඒ, රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට පැමිණ පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් බැහැදකිමිනි.
ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වන විටත් සිටින්නේ දිවයිනෙන් බැහැරවයි.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති පසුබිමකය.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේවගැතිවරයා සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදුකරමින් සිටියි.











