• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙමළ ඩයස්පෝරාව වෙනස් වුණාද? නැතිනම් අපේ ආණ්ඩුව වෙනස් වුණාද? දැන් ඉතින් අපි එකට යමුද? I Sri Lanka Latest News

December 18, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදියා
ඉන්දු-ලංකා සාම ගිවිසුම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?(Sri Lanka Latest News)

සුරේන් සුරේන්දිරන්
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ කොටසක්.

මාධ්‍යවේදියා
1989 ජූලි මාසයේ ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන අවස්ථාවේ ඔබ සිටියේ කොහෙද? එවිට ඔබගේ වයස කොපමණද?

සුරේන්ද සුරේන්දිරන්
මම එංගලන්තයේ හිටියේ. එතකොට මට වයස අවුරුදු 25යි.

මාධ්‍යවේදියා
ඔබ නියෝජනය කරන GTF සහ BTF යන සංවිධාන අතර සම්බන්ධය කුමක්ද? ඒවා ආරම්භ වූයේ කුමන කාලයේද?

සුරේන්ද සුරේන්දිරන්
GTF (Global Tamil Forum) යනු ලොව පුරා ඇති දෙමළ ඩයස්පෝරා සංවිධානවල එකතුවක්. BTF (British Tamils Forum) යනු බි්‍රතාන්‍යය (එංගලන්තය) තුළ තිබෙන දෙමළ ඩයස්පෝරා සංවිධානයක්. GTF ආරම්භ වුණේ 2009 අගෝස්තු මාසයේදී සහ BTF ආරම්භ වුණේ 2006 වසරේදීයි.

මාධ්‍යවේදියා
2009 ජනවාරි මාසයේදී LTTE කොටි කිලිනොච්චියෙන් පලායෑමට පෙර ඩයස්පෝරාව සහ බටහිර බලවතුන් කිසි විටෙකවත් වගවීමේ ප්‍රශ්න මතුකළේ නැහැ. නිශ්චිත පරාජය තෙක්ම එම පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ LTTEයට ශ්‍රී ලංකා හමුදාවේ සටන් සමූල ඝාතනය කළ හැකි බවයි.

සුරේන් සුරේන්දිරන්
ඔබ උඩඟු ප්‍රකාශයක් සිදුකරන බවයි මට හැඟෙන්නේ. GTF එක ආරම්භ වුණේ යුද්ධය අවසාන වුණාට පස්සේ. මම ඒ කාලය ඔබට කිව්වා. ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේදී ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීති, ජිනීවා ප්‍රඥප්ති හා ගිවිසුම් විවෘතව උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වුණා.

මාධ්‍යවේදියා
GTF මුලින්ම ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටියේ කවදාද?

සුරේන් සුරේන්දිරන්
යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අපි ඉල්ලා සිටියේ 2009 වසරේ අගෝස්තු මාසයේදීයි. GTF ට අවශ්‍ය වුණේ යුද්ධයේදී දෙපාර්ශ්වය විසින්ම සිදුකරන ලද යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමටයි. අපි ඒකපාර්ශ්වික වුණේ නැහැ.

මාධ්‍යවේදියා
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උත්සාහය සැබෑ එකක් යැයි ඔබ සිතනවාද?

සුරේන් සුරේන්දිරන්
නැහැ. ඒක අව්‍යාජ එකක් යැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඔහු තුනෙන් දෙකක බලයක් ඇති ජනප්‍රිය ජනාධිපතිවරයෙක් ලෙස ඔහුට දේශපාලන අධිෂ්ඨානය සහ ධෛර්යය තිබුණා නම් දෙමළ දේශපාලන ප්‍රශ්නය පහසුවෙන් විසඳන්න තිබුණා. එහෙත් එවැන්නක් සිදුවුණේ නැහැ.

මාධ්‍යවේදියා
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද අපරාධ සිදුකළේ යැයි කියන චෝදනා මත ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඔහු ඉදිරිපත් කළ යුතු යැයි ඔබ ප්‍රකාශ කර තිබුණා. ඔබ විදේශ මාධ්‍යයට එසේ කියා තිබුණා?

සුරේන් සුරේන්දිරන්
ඔව්, මම එවැන්නක් ප්‍රකාශ කර තිබුණා. යම් හෙයකින් යුද අපරාධ චෝදනාවලට අදාළව ඔහු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (International Criminal Court – ICC) ඉදිරිපත් කළ යුතු යැයි මතය ප්‍රකාශ කළා. ඒක සත්‍යයක්.

කුමක්ද මේ උද්වේගකර සංවාදය? මෙය අපගේ සවනට වැටෙන්නේ කොතැනකින්ද? මෙම සංවාදය අපට ඇසෙන්නේ මෙයට වසර 11ක් පමණ පෙරදී වන අතර, එනම් 2012 වසරේ ජුනි මාසයේදීය. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය නිමවී (2009 ජුනි) හරියටම වසර 03ක් ගතවීමෙන් පසුව මෙම මාධ්‍ය සංවාදය ඇතිවී තිබිණි. මෙරට එක්තරා ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සමග මෙම සාකච්ඡාව පැවැති අතර, මෙහි අනෙක් සහභාගි වූ සුවිශේෂ පුද්ගලයා වන්නේ ගෝලීය දෙමළ සංසදයේ (Global Tamil Forum) එවක මාධ්‍ය ප්‍රකාශක වූ සුරේන් සුරේන්දිරන්ය. දැන් එසේ නම් මෙම වගතුග අදට අපට වැදගත් වන්නේ කුමන හේතුවක් උදෙසාද? එය නම් මෙයට දින කිහිපයකට ඉහතදී මෙරට තූළ සිදුවුණු සිදුවීමකි. එම කතාන්දරය කුමක්දැයි සොයා බලමු.

මෙයට දින කිහිපයකට ඉහතදී මෙරට සහ විදේශීය මාධ්‍ය හරහා අපට අසන්නට ලැබුණේ අපූරු පුවතකි. එනම් විදේශ රටවල සිටින දෙමළ ඩයස්පෝරා සංවිධානවල යම් නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමේ වගතුගකි. එම සිදුවීමේ අනෙක් විස්මයජනකම පුවත වූයේ මෙම දෙමළ නියෝජිතයන් මෙරට සිටින ප්‍රධාන මහානායක හිමිවරුන් සමගද දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබීමය.

සැබෑ ලෙසම මුළුමහත් සමාජයම මහත් දැඩි ආන්දෝලනයකට පත්කළ මෙම කතාව කුමක්ද? දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇත. මෙම ලිපියේ මුලින්ම ඔබට ලියා තැබූ සුරේන් යන නාමය දැන් ඔබට හොඳට මතක ඇත. මෙයට වසර 11කට පෙර එම පුද්ගලයා විසින් ප්‍රකාශ කළ මතයන්ද ඔබට මතක ඇත. එනම් පසුගියදා මෙරටට පැමිණ ජනාධිපතිවරයා සහ මහානායක හිමිවරුන් සමග සාකච්ඡා පැවැත්වූයේ එම සුරේන් සුරේන්දිරන් ප්‍රධාන දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් පිරිසකි. මෙයට වසර 11කට පෙරදී එංගලන්තයේ පිහිටා තිබෙන දෙමළ ගෝලීය සංසදයේ (ග්ලෝබල් ටැමිල් ෆෝරම් GTF ) මාධ්‍ය ප්‍රකාශක වූ සුරේන් සුරේන්දිරන් අද එම සංවිධානයේ සභාපතිවරයාය.

එනම් එහි ප්‍රධානතම උසස් තනතුර දරන්නාද වෙයි. GTF යනු ලෝකයේ රටවල් රැසක පිහිටා තිබෙන දෙමළ ඩයස්පේාරා සංවිධාන රැසකම ප්‍රධාන මෙහෙයුම් සංවිධානය වෙයි. අනෙක් සියලු සංවිධාන ස්ථාපිතව ඇත්තේ මෙම ප්‍රධාන සංවිධානයේ කුඩය යටතේය. මේ හෙයින් වර්තමානයේදී සුරේන් සුරේන්දිරන් යනු ඉතා ප්‍රභල පිළිගත් පුද්ගලයකු ලෙස සැලකෙයි. දෙමළ ඩයස්පෝරා සංවිධාන යනු දැනට දශක ගණනාවක සිටම ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වූ LTTE කොටි සංවිධානයට තම උපරිම සහාය ලබාදුන් පාර්ශ්ව ලෙස චෝදනා ලබා ඇත. එය පැහැදිලි සත්‍යයක්ද විය.

දැන් එසේනම් මෙම දෙමළ නියෝජිත පිරිස පසුගියදා මෙරටට පැමිණ සිදුවූයේ කුමක්ද? ගෝලීය දෙමළ සංසදයේ සභාපති සුරේන් සුරේන්දිරන් ප්‍රධාන මෙම නියෝජිත පිරිස පසුගියදා මෙරටට පැමිණ මුලින්ම මෙරට මහා සංඝරත්නයේ නියෝජිත පිරිසක් හමුවී ඇත. එහිදී ‘යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදය’ නමින් මෙරට ස්ථාපිතව ඇති බෞද්ධ සංවිධානයක නියෝජිත පිරිස හමුවී ඇත. මෙම සංවිධානයේ නියෝජිතයන් වූ අමරපුර නිකායේ පූජ්‍ය මාදම්පාගම අස්සජි, පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර, පූජ්‍ය වාද්දුවේ පියරතන, පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර, පූජ්‍ය කළුපහන පියරතන, පූජ්‍ය කිතලගම හේමසාර, පූජ්‍ය නාරම්පනාවේ ධම්මාලෝක සහ පූජ්‍ය වලතර සෝභිත යන හිමිවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

දෙමළ ඩයස්පෝරා පාර්ශ්වය වෙනුවෙන් මහා බි්‍රතාන්‍යයේ වෙසෙන සුරේන් සුරේන්දිරන්, භවාන් භබකුගන්, වේලුපිල්ලේ කුගනේන්ද්‍රන්, ඔස්ටේ්‍රලියාවේ ආචාර්ය කේ. මුගුන්දන්, ප්‍රකාශ රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසංගම්, ඇමෙරිකාවේ ආචාර්ය රාජ් ජෙයරාජා යන දෙමළ ජාතිකයෝ සහභාගි වූහ. මෙම සියල්ලන්ම මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවෙන් එම රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන අතර, දැනට ඔවුන් එම රටවල පුරවැසිභාවය උසුලයි.

එසේම මෙම පිරිස විදේශීය දෙමළ ඩයස්පෝරාවේ ප්‍රභලයන් පිරිසක් ලෙසත් සැලකෙයි. එසේම මොවුන් දැන් මෙරටට පැමිණ සිටින්නේ ප්‍රධානතම ඩයස්පෝරා සංවිධානය වන ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධානතම තනතුරු තානාන්තර දරන පිරිස ලෙසිනි. එහෙයින් මෙහිදී පෙනී යන්නේ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති හමුවේදී ලෝකය පුරා විසිරී සිටින දෙමළ ඩයස්පෝරා සංවිධාන සියල්ලම සහභාගි වී ඇති ආකාරයය.

මෙම දෙමළ ඩයස්පෝරා කතාව ඔබට ලියා තබද්දී අප යම් මොහොතකට පසු ආවර්ජනයක් සඳහා යා යුතුය. මෙම දෙමළ ඩයස්පෝරාවේ බහුතරයක් ප්‍රධානීන් පසුගිය දශක ගණනාවක් පුරාම තම සහාය දැක්වූයේ මෙරට මහා විනාශයක් කරා ගෙනගිය එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත බව රහසක් නොවේ. ඔවුන් කිසි විටෙකවත් මෙරට පාලන රජයක් කෙරෙහි සහායක් දැක්වූයේ නැත. නිරන්තරයෙන්ම කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන ඔවුන් විශාල සහයෝගයක් දක්වා සිටියේය.

විශේෂයෙන්ම එහිදී කොටි සංවිධානයට රුපියල් කෝටි ගණනින් අරමුදල් පරිත්‍යාග කිරීමේ සිට අනෙකුත් ක්‍රියාවලීන් සඳහාද විශාල සහායක් දැක්වීය. යුද අපරාධ මතය ජාත්‍යන්තරයට ගෙනගොස් එකල රජයන් මහත් අසීරුතාවකට පත්කළේ මෙම පිරිස විසිනි. ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් සියල්ලක්ම මෙහි ලියන්නට ඉඩක් නැත. එහෙත් මේ අතීතය කිසිවකුටත් අමතක වන්නේද නැත. කෙසේ හෝ එවැනි වටපිටාවකදී පසුගියදා මෙරටදී සිදුවූ සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙයි. එහි ඉතිරි වගතුගද සොයා බලමු.

මෙම දෙමළ ඩයස්පෝරා ප්‍රබලයන්ගේ සිදුවීමේ සුවිශේෂම අවස්ථාව උදාවී ඇත්තේ මෙතැනදී බව පැවැසෙයි. එනම් දෙමළ නියෝජිතයන් මුලින් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා එම පිරිස ඉන් අනතුරුව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්ගේ මහානායක හිමිවරුන් හමුවීමට ගොස් ඇත. මෙලෙස මහානායක හිමිවරුන් දෙපළ හමුවී සාකච්ඡාවක්ද සිදුකර ඇත. ඔවුන් එම අවස්ථාවන්ට සහභාගි වී සිටින ආකාරය ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින්ද පැහැදිලිව දක්නට හැකිය.

මෙහිදී දෙපාර්ශ්වයන්ම විවිධ විෂයන්ට අදාළව තම සාකච්ඡාවන් සිදුකර ඇත. එහිදී සුරේන් සුරේන්දිරන් මහානායක හිමිවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය දෙමළ සංසදය යනු ප්‍රචණ්ඩත්ව විරෝධී සංවිධානයක් බවත්, එම සංවිධානය ඉදිරියේදී මෙරට සියලු ජන කොට්ඨාසයන් සමගම එකට එක්වී සුහදත්වයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංඝරත්නය සමග සමීපව කටයුතු කරන බවටද පොරොන්දුවී ඇත.

එතැනින් පසුව සිදුව ඇත්තේ මෙම කතාවේ කූටප්‍රාප්ති වගතුගයි. එනම් පසුව මෙම ඩයස්පෝරා නියෝජිතයන් සහ බෞද්ධ සංඝරත්නය එකට එක්ව පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත. එහිදී මෙම නියෝජිත පිරිස විසින් ඒකාබද්ධ හිමාල ප්‍රකාශනය (‘Joint Himalayan Declaration’) නම් ලියවිල්ල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. මෙම විශේෂ ලියවිල්ල මගින් අර්ථවත් කර ඇතේතේ සියලු ප්‍රජාවන්ගේ යහපැවැත්ම සක්‍රීයව ප්‍රවර්ධනය කරන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම යන තේමාව බව අවධාරණය කර ඇත.

ජාතියේ ඓතිහාසික වැරැදි පියවරයන් තුළින් ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කරමින් වගවීම සහතික කෙරෙන ක්‍රියාමාර්ග ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම ප්‍රකාශනය මගින් සිදුකරන බව නියෝජිත පිරිස අවධාරණය කර ඇත. මෙවැනි කාලෝචිත පියවරක් ගැනීම ගැන ජනාධිපතිවරයා නියෝජිත පිරිසට තම ප්‍රසාදය පළකර ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය නිමවීමෙන් පසුව විදෙස් රටවල ස්ථාපිතව තිබූ දෙමළ ඩයස්පෝරා සංවිධාන 06ක් පූර්ණ තහනමකට ලක්කරන ලදී. එයින් ප්‍රධානම දෙමළ සංවිධානය වූයේ ගෝලීය දෙමළ සංසදයයි. එහෙත් පසුව 2022 සැප්තැම්බර් මාසයේදී වත්මන් රජය එම තහනම ඉවත් කළේය. ඒ අනුව දෙමළ ඩයස්පෝරාව ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා යන්නට විය. පසුගියදා සිදුවූයේද එම නාටකයේ එක් ජවනිකාවක් පමණි. තවත් ජවනිකා රැසක් ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලාංකිකයන් 56ක් මියැන්මාරයේ ත්‍රස්ත කණ්ඩායමක ග්‍රහණයට හසුවෙලා! අමානුෂික දඬුවම් දෙමින් දවසට පැය 17ක් වැඩගන්නවා! මේක වහල් කඳවුරක්! අනේ අපිව ලංකාවට ගෙන්නගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.