තායිලන්තයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු මියැන්මාරයේ ත්‍රස්ත කල්ලියක ග්‍රහණයට ලක්ව සිටින බව වාර්තා වනවා. (Sri Lanka Latest News)
පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා බව පවසා ඔවුන් තායිලන්තයට ගෙන්වා ගෙන ඇති අතර, ත්‍රස්තවාදීන් විසින් පාලනය කරනු ලබන මියැන්මාරයේ Cyber Criminal Area නම් ප්‍රදේශයේ වහල් කඳවුරක ඔවුන් මේ වන විට රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.
ඉතා අමානුෂික ලෙස ඔවුන් පීඩාවට පත්කරමින් සිටින ත්‍රස්තවාදීන්, ඔවුන්ව නිදහස් කිරීමට නම් එක් අයකුගෙන් ඩොලර් 8000ක මුදලක් ඉල්ලා සිටින බවද වාර්තා වනවා.










