• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනා ලංකාවට දුන් වුෂු සෙල්ලම බෙලි කපාගෙන මඩ ගාගෙන ලංකාවෙම අය නැති කරයිද? ඇයි මෙහෙම වෙන්නේ? ලංකාවේ වුෂු ලොක්කා මානෙල් ධර්මකීර්ති කතා කරයි…

July 12, 2022
in News
Reading Time: 4 mins read
A A
චීනා ලංකාවට දුන් වුෂු සෙල්ලම බෙලි කපාගෙන මඩ ගාගෙන ලංකාවෙම අය නැති කරයිද? ඇයි මෙහෙම වෙන්නේ? ලංකාවේ වුෂු ලොක්කා මානෙල් ධර්මකීර්ති කතා කරයි…
Share on WhatsAppShare on Facebook

වුෂු හෙවත් කුංග්ෆු ලංකාවෙ ප්‍රධාන ධාරාවේ ක්‍රීඩාවන්ට අයත් වූ ක්‍රීඩාවක් නොවේ. බොහෝ පහළ සමාජ ස්ථරයන්ට චණ්ඩිකම් පෙන්වීමේ අවියක් ලෙස තිබූ මෙම ක්‍රීඩාව මෙරට මෙන්ම අන්තර්ජාතික තලයේ ජයග්‍රහණ ලබාදෙන වැදගත් ක්‍රීඩාවක් බවට පත්කිරීමේ කාර්යයේදී එහි ප්‍රබලම භූමිකාවක් ඉටු කළ අයකු ලෙස මානෙල් ධර්මකීර්ති සමග කරන ලද සංවාදයක් මෙසේ පළකර සිටිමු.

ඔබ ලංකාවෙ අයට කුඩාවට පෙනුණට ජාත්‍යන්තර වුෂු ක්ෂේත්‍රයේදී දැවැන්තයෙක්. ඔබ කොහොමද මේ තරම් දුරක් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගියේ?
මම ලංකාවේ වුෂු සම්මේලනයේ වර්තමාන සභාපති. ඒ වගේම මේ සම්මේලනය පිහිටුවන්නට දැවැන්ත අරගලයක් කරලා එහි ආරම්භක මහලේකම්, ඒ වගේම වර්ෂ 2000දී දකුණු ආසියානු වුෂු සම්මේලනය ආරම්භ කරන්නට මූලික වූ කිහිප දෙනාගෙන් කෙනෙක්. වර්ෂ 2003 සිට එහි මහලේකම් ලෙස අදටත් නිතරගයෙන් පත්වී ඉන්නෙ. මගෙ තනතුරට කවුරුත් අභියෝග කරන්නෙ නැහැ. වර්ෂ 2010දී මම ආසියානු වුෂු සම්මේලනයේ තාක්ෂණික කමිටුවට පත්වූයේ නිතරගයෙන්. අද දක්වාත් මම එහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ලෙස පත්වන්නේ නිතරගයෙන්. ඒ වගේම මම ලෝකයේ රටවල් 155ක් සාමාජිකත්වය දරන අන්තර්ජාතික වුෂු සම්මේලනයේ අලෙවි හා සංවර්ධන කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කළේ එහි සභාපති හා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපති යු සායිචිං මැතිතුමා. මම වර්ෂ 2001 දීයි පළමු වරට අන්තර්ජාතික වුෂු විනිසුරුවරයකු වන්නේ. ඒ අවුරුද්දෙම මම ආර්මේනියාවේ පැවැති 06 වැනි ලෝක ශූරතාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළා. එහිදී මගේ නිපුණතාව නිසා එවක අන්තර්ජාතික වුෂු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස කටයුතු කළා. ලෝකයේ හොඳම වුෂු පුහුණුකරුවා ලෙස අවිවාදයෙන් සැලකෙන ඒ වගේම Jet Li ගේ පුහුණුකරුද වන මහාචාර්ය වූ බිං (Prof. Wu Bing) මාව ඊළඟ වසරේ පැවැති පළමු ලෝක සන්දා කුසලානයේදී ‘විශිෂ්ට වුෂු විනිසුරු මඬුල්ල’ට (Elite Panel) ඇතුළත් කළා. ඒ තනතුරට පත්වූ ප්‍රථම දකුණු ආසියානු විනිසුරුවරයා මමයි. එදා සිට මම 2008 ඔලිම්පික් තරගාවලිය ඇතුළු ලෝක හා ආසියාතික තරග රැසක විනිසුරුවරයකු ලෙස Elite Panel හි සේවය කර තිබෙනවා. මට මේ සියල්ල ලැබුණේ මගේ තාක්ෂණික දැනුම සහ කැපවී වුෂු දියුණු කිරීමේ හැකියාව නිසා යැයි මම විශ්වාස කරනවා.

ලංකාවේ වුෂු ක්‍රීඩාවේ ඉතිහාසය දෙස බැලීමේදී එය එතරම් යහපත් ඉතිහාසයක් හිමි ක්‍රීඩාවක් නෙවෙයි නේද? ඔබ කොහොමද මේ ක්‍රීඩාව මෙලෙස ජාතික තලයේ ක්‍රීඩාවක් බවට පත් කළේ?
ලංකාවේ වුෂු ක්‍රීඩා ඉතිහාසය අදියර තුනකට බෙදිය හැකියි. මම ඉතාම කෙටියෙන් ඒ ගැන කියන්නම්.

  • වුෂු සම්මේලනය පිහිටුවීමට පෙර අවධිය – වර්ෂ 1980 සිට වර්ෂ 1993 දක්වා කාලය.
    මේ කාලය වුෂු හෙවත් චීන කුංග් ෆු ක්‍රීඩාව කිහිප දෙනකුගෙ බිස්නස් එකක්. ඒක හොඳටම කරපු අය අදටත් මම තමයි ලංකාවට වුෂු ගෙනාවේ කියලා එහි කීර්තිය හා සන්නාමයේ වටිනාකම (Brand Value) තමන්ගේ සාක්කුවට දාගෙන ඒකෙන් ජීවත් වුණු හා ජීවත් වෙන අය. මේ කාලයේ ඔවුන් කළේ තමන්ගේ අය තමයි හොඳම කියලා බිස්නස් එක කරගෙන යෑම.
  • වුෂු සම්මේලනය ගොඩනැගුණු 1993 සිට වර්ෂ 2000 තෙක් කාලය.
    මෙහිදී සම්මේලනය ගොඩනගන්නට මටත්, නයනානන්ද එදිරිසිංහ, ජානක ප්‍රනාන්දු හා ජයන්ත අබේකෝන් වැනි අයටත් ලොකු අරගලයක් කරන්න සිදුවුණා. මොකද සම්මේලනයක් නැතුවත් සම්මේලනයක් ඇතැයි චීනයට පෙන්වා ප්‍රතිලාභ ලබාගත් අය නිසා. නමුත් ක්‍රීඩා ඇමැති නන්ද මැතිව්, අමාත්‍ය ගාමිණී ලොකුගේ වැනි අයගේ උදව්වෙන් අපි සම්මේලනය ගොඩනැගුවා. නමුත් ඊට පෙර අවධියේ මෙන්ම සම්මේලනයෙන් මෙරට ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙතක් වුණේ නෑ. අපි 1994 පළමු ජාතික වුෂු තරගාවලිය පවත්වනවා. එතැන් සිට ජාතික තරගාවලීන් 05ක් පැවැත්වූවා 1999 දක්වා. මෙයින් ඉතා විශිෂ්ට ක්‍රීඩකයන් වූ එල්විස් වැන්කියුෆර්බර්ග්, උත්පල මුණසිංහ රුබේරු, දමයන්ති සමරවික්‍රම, කේසර පෙරේරා, සුජිත් මංජුල කුමාර, බුද්ධි ඩන්ස්ටන් වැනි අය බිහි වුණා. නමුත් මේ කිහිප දෙනකුට කිසිම ලෝක හෝ ආසියාතික තරගයකට යන්න එවක සම්මේලනයේ සිටි බලධාරියකු ඉඩ දුන්නේ නෑ. ඔහුට අයත් සංගමයේ අය පමණයි පිටරට තරගවලට ගියේ. පුහුණුකරු, විනිසුරු වැනි අන්තර්ජාතික පාඨමාලාවලට ගියේ. ඒ ගියෙත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසර නැතිව, හොරෙන්. මම ලේකම් වෙලා හිටියත් ඔවුන් ලංකාවට ඇවිත් පත්තරවල දැම්මම තමයි දැනගන්නේ මෙයාලා ලෝක ශූරතාවලට ගිහින් කියලා. මේ තමයි ලංකාවේ වුෂු ක්‍රීඩාවේ ඛේදජනකම කාලපරිච්ඡේදය.
  • වසර 2000දී වුෂු අන්තර්පාලන කමිටුව ගොඩනැගීම හරහා බිහිවුණු වර්තමාන ජයග්‍රාහී කාලපරිච්ඡේදය.
    මේක ආරම්භ වෙන්නේ ටී.බී. ඒකනායක ඇමැතිතුමාගෙ නායකත්වය යටතේ. කලින් වුෂු සම්මේලනයේ පැවැති ඒකාධිපති පාලනය අවසන් කරලා වර්ෂ 2000දී තමයි අපි පළමු ජාත්‍යන්තර තරගයට නිල වශයෙන් ශ්‍රී ලංකාව අරගෙන යන්නේ. ජාතික තේරීම් තරගයක් තියලා ක්‍රීඩා අමාත්‍යතුමාගේ නිල අවසරය අරගෙන ගිය පළමු තරගාවලිය තමයි නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති පළමුවැනි දකුණු ආසියානු තරගාවලිය. ඒ තරගාවලියට මම අර කලින් කියපු ජාතික තරග දිනපු අවස්ථා නොලැබුණු ක්‍රීඩකයො හැමෝම ගියා. හැබැයි අපි ඒකට යද්දී ඒක නවත්තන්න හිටපු ඒකාධිපතිලා උසාවි ගිහින් එන්ජොයිනින් ඕඩර් ගත්තා. ඒවා බිඳගෙන අපි ගියා. ගිහින් සමස්ත තරගාවලියේ අනුශූරතාව දිනාගත්තා. ඊට අවුරුදු 03කට පස්සේ නවදිල්ලියේ තිබුණු දෙවැනි දකුණු ආසියාතික තරගාවලියේදී අපි ඔය සියලු රටවල් පරද්දලා ශූරතාව දිනුවා. 2001 මැකාටෝවල පැවැති අන්තර්ජාතික වුෂු විනිසුරු පරීක්ෂණයට සංගම්වලින් තෝරලා කට්ටිය යැව්වා. මාත් ගියා. අපි සමත් වෙලා ඇවිත් 2001 දී ලංකාවෙ ජාතික වුෂු විනිසුරු පරීක්ෂණයක් තියලා ජාතික වුෂු විනිසුරු කවුන්සිලය හැදුවා. වර්ෂ 2006දී දකුණු ආසියා ක්‍රීඩා උළෙලට වුෂු ඇතුළත් කරලා එහි සම ශූරතාව දිනුවා. ඉන් පසුව ඉතා විශාල ආසියාතික ලෝක වුෂු තරගවලදී පදක්කම් දිනුවා. ලෝක සන්දා කුසලාන තරගවලදී පදක්කම් දිනුවා. මේ රටේ තමයි දැනට දකුණු ආසියාවෙ ඉන්න වැඩිම අන්තර්ජාතික වුෂු විනිසුරුවන් ඉන්නෙ. ඔවුන් එක සංගමයක අය නෙවෙයි. අනුරාධපුරේ ගල්කුලමෙ, නිකවැරටියෙ, මාතර, ඌවෙ, සබරගමුවෙ වගේ ගම්වලින් ආපු දක්ෂයො අපි නිර්මාණය කළේ. ඒ වගේම මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් අපි රුපියල් මිලියන 05ක ක්‍රීඩා භාණ්ඩ බෙදාදුන්නා සාමාජික සංගම්වලට මෑතකදී. ඒව මගේ පෞද්ගලික යාළුකම් හරහා චීනයෙන් ලබාගත්ත දේවල්. කොවිඩ් කාලෙ පුහුණුකරුවන්ට පවා මූල්‍යාධාර දුන්නා අපිට හැකි විදියට.

ඔබ වුෂු ක්‍රීඩාවේ වර්තමාන නායකයා ලෙස ඔබට විරුද්ධ අයගෙන් පලිගන්නවද? එහෙම චෝදනාවක් තියෙනව නේද?
ඕකට මම හොඳම උදාහරණයක් දෙන්නද? අපි අතුරු පාලක කමිටුව පිහිටෙව්වාට පස්සේ ගිය පළමු ජාත්‍යන්තර තරගාවලියට යන්න බැරි වෙන්න අපට එරෙහිව නඩු මඟට ගියපු, මටත්, සම්මේලනයටත් එරෙහිව වෙනත් නඩු පැවරූ අයගෙන් කෙනෙක් අද සම්මේලනයේ උපසභාපති. අනෙක් කෙනා අපේ තේරීම් කමිටුවේ සභාපති. තව කෙනෙක් අපේ තරග කමිටු සහකාර ලේකම්. මේ හැම කෙනෙක්ම සම්මේලනයෙන් නීත්‍යනුකූලව දීපු සංචාරවලට මම යවලා තියෙනවා. ඔවුන්ට කතා කරලා සම්මේලනයට ඇවිත් වැඩ කරන්න කීවෙ මමයි. මොකද මිනිස්සු වැරැදි කරා කියලා සදාකාලිකව දඬුවම් විඳින්න ඕනෙ නෑ. ඔවුන්ට දක්ෂකම් තිබුණා නම් ඒවා රටේ ප්‍රයෝජනයට ගන්න ඕනෙ. මම විශ්වාස කරන්නෙ එහෙම අවස්ථාවන් දුන්නාම ඔවුන් ඒවා රටේ ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරයි කියලා.

මෑතකදී එක්තරා ඉංග්‍රීසි පුවත්පතකට වුෂු සම්මේලනයේ හිටපු පුහුණුකරුවො දෙන්නෙක් ඔබට චෝදනා කරලා තිබුණා ඔබ සම්මේලනයේ මුදල්වලින් යැපෙනවා, ඔබ දූෂණ කරනවා කියලා. ක්‍රීඩා අමාත්‍යාංශයටත් පැමිණිලි කරලා තිබුණා මේ ගැන. ඔබ මොකද කියන්නේ?
හොඳ ප්‍රශ්නයක්. මීට පිළිතුරක් දිය යුතුමයි. මෙයින් එක පුහුණුකරුවෙක් ජාතික සන්දා පුහුණුකරු. ඔහු 2021 දෙසැම්බර් මස වෙනකනුත් ජාතික සන්දා පුහුණුකරු ඒ වර්ෂ 2009 විතර ඉඳලා. හැබැයි වසර 12කට වැඩි කාලයක් ඔහු සම්මේලනයේ ප්‍රධාන තනතුරක් දැරුවා. මා ගැන හෝ සම්මේලනයේ පරිපාලනය ගැන එක චෝදනාවක් කරලා නෑ. මොකද ඔහු තමන්ගේ තනතුර, තමන්ගේ ආදායම් මාර්ගය කරගෙන තිබුණේ. වුෂුවලින් මම හම්බ කළේ නැති වුණාට පුහුණුකරුවො නීත්‍යනුකූලව ජීවිතය සරිකරගන්න එක මට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තමන්ගෙ ජොබ් එක හරියට කරන්න ඕනෙ. අපිට තියෙන කුඩාම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල තමයි දකුණු ආසියා ක්‍රීඩා උළෙල. ඔහු එම ක්‍රීඩා උළෙල 03කදී ජාතික සන්දා පුහුණුකරු. ඒ 2011 බංග්ලාදේශ්, 2016 ඉන්දියාව හා 2019 නේපාලය. මේ කිසිම තරගයකදී ඔහුට බැරි වුණා එකම රන් පදක්කමක්වත් දිනාගන්න ක්‍රීඩකයෙක් බිහිකරන්න. 2019 නේපාලයේ තරගාවලියට පෙර මම ඔහුට අවවාද කළා එම තරගයේදී ඔහු රන් පදක්කම් දිනන්න බැරි වුණොත් ඔහුව ඉවත් කරන්න වෙනවා කියලා. ඒ වගේම ඔහු එතැනත් ෆේල් වුණා. ඉතින් මට සිද්ධ වුණා එම සන්දා අංශය Restructure කරලා අපිට ලෝක සන්දා තරගවල පදක්කම් දිනාගත් ක්‍රීඩකයකු බිහි කළ නිශාන්ත පතිරාජට එම තනතුර දෙන්න. කලින් පුහුණුකරු මට ඉතාම හිතවත්ව හිටපු කෙනෙක්. හැබැයි යාළුකමයි රටේ ක්‍රීඩාවයි දෙකක්. ඔබට ඔබගේ තනතුරේ පර්ෆෝම් කරන්න බැරි නම් වහාම ඉවත් වෙන්න. ඒකයි කාටත් මගේ පණිවුඩය.

අනෙක් පුහුණුකරු ඇත්ත වශයෙන්ම කිසිදු පුහුණුකරු සුදුසුකමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි ඔහු කලක් ශ්‍රී ලංකාව නියෝජනය කළා.

අපි ඔහු ළඟට අරගෙන මම ඔහුව බීජිං ක්‍රීඩා විශ්වවිiාලයටත් යැව්වා 2006 දී ක්‍රීඩකයකු ලෙස. හුඟාක් ජාත්‍යන්තර තරගවලට යන්න අවස්ථාවක් දුන්නා. නමුත් ඔහුට කිසිම ලෝක හෝ ජාත්‍යන්තර තරගයක ජයග්‍රහණයක් ගේනන බැරි වුණා. ඔහුට 2008 ඔලිම්පික් තරගයට Wild Card අවස්ථාව පවා ලබාදුන්නෙ මම. නමුත් එහිදීත් ඔහු අන්තිමයා. ලංකාවෙ හුඟක් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරයට යන්න පටන් ගත්ත ගමන් තමන්ගෙ පසුබිම අමතක වෙනවා. ඒ වගේම ඔහු ජාතික තරගවලදී පරාජය වූ ක්‍රීඩකයන්ගෙන් දෙදෙනකුට මම විධායක සභාවේ අවස්ථාවන් දුන්නා. පුහුණුකරු සුදුසුකම් ලැබූ පුහුණුකරුවකු ලෙස වැඩ කරන්න අවස්ථාව දුන්නා. මේක ඔහුට දරාගන්න බැරි වුණා. ඔහු රත්නපුරයේ ජීව බුබුලක පුහුණුව ලැබූ ජාතික සංචිතයේ ක්‍රීඩකයන් රැස්කොට නීති විරෝධීව රැස්වීමක් පවත්වා ක්‍රීඩකයන්ට බල කළා මට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයට යන්න කියලා. මේ ගැන සියලුම ජාතික සංචිතයේ ක්‍රීඩකයන් මට පැමිණිලි කළා. ඒ අනුවයි ඔහුව තාවකාලිකව ඉවත් කළේ පරීක්ෂණයකට යටත්ව. මේ ගැන පරීක්ෂණයක් තියෙන නිසා වැඩිපුර ඒ ගැන කියන්න මම කැමැති නෑ.

මේ මූල්‍ය වංචා ගැන දෙන්න තියෙන හොඳම උත්තරෙ තමයි අපේ පසුගිය වසරවල විගණන වාර්තා බලන්න. අනෙක මම පෞද්ගලික අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස මාසයකට රුපියල් මිලියනයකට වඩා වැටුපක් ගන්න කෙනෙක්. මගේ සල්ලි මේ ක්‍රීඩාවට දාලා මිස මේකෙන් මම සතපහක් අරගෙන නෑ.

අනෙක ඔය චෝදනා ගැන ක්‍රීඩා අමාත්‍යාංශය ‘ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් කාර්යාංශය’ට පැමිණිලි කරලා තියෙන්නේ. එහිදී ඔවුන් පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල තවම ඇවිත් නෑ. මම හිතනවා ඒ ප්‍රතිඵලය ඉතා ඉක්මනින් ලබාදෙයි කියලා. මම මේ ගැන අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් කිවා හැකි ඉක්මනින් එම පරීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්න කියලා. එහිදී මම වැරැදිකරු වුණොත් මම ඉල්ලා අස්වෙන්න සූදානම්. ඒ ගැන කිසිම විවාදයක් නෑ.

ඔබ යටතේ වුෂු ක්‍රීඩාව පහළට වැටිල කියලා ඔවුන් චෝදනා කරනවා. ඒ ගැන කියන්න පුළුවන්ද?
ඒවා ද්වේෂයෙන් කරන දේවල් මේ කිහිප දෙනෙක්. 2017 රුසියාවේ පැවැති ලෝක වුෂු ශූරතාවයේදිත් අපි ලෝකඩ පදක්කමක් දිනාගත්තා. 2018 ලෝක සන්දා කුසලාන තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තා. 2019 චීනයේ පැවැති ලෝක කුංග්ෆු තරගාවලියේදී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් හයක් දිනාගත්තා. 2019 නේපාලයේ තිබුණු දකුණු ආසියානු තරගාවලියේදී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් පහක් හා ලෝකඩ පදක්කම් 06ක් දිනාගත්තා. මේ මගේ සභාපතිත්වය යටතේ. මට කියන්න මේ ඇචීව්මන්ට් ගත්ත එකම සටන් කලා ක්‍රීඩාවක් මෑත අතීතයේ.

මොනවද ඔබේ අනාගත සැලසුම් වුෂු ක්‍රීඩාවේ දියුණුවට?
මගේ ප්‍රධාන ඉලක්කය වෙලා තිබුණේ චීනයේ හංජෝ නගරයේ පැවැත්වෙන්නට තිබුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දෙකක් දිනාගැනීම. අපි ඒ සඳහා ඉරානයෙන් පැමිණි අන්තර්ජාතික සන්දා පුහුණුකරු සමග හොඳ සූදානමක හිටියා. අවාසනාවට එම තරගාවලිය කල් ගියා. නමුත් ඒක තමයි අපේ ප්‍රධාන ඉලක්කය දැනට. ඒ වගේම පාසල්වල තහනම්ව තිබුණු සන්දා ඉසව්ව යළි පාසල්වල ක්‍රීඩා කරන්න අවසර ලැබුණා. ඒ අනුව අපේ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරගාවලියක් පවත්වලා ඔවුන් ජාතික සංචිතයට Absorb කරගැනීමේ වැඩපිළිවෙළකට යන්න අදහස් කරනවා. එමෙන්ම අපි දැනට ජාතික සංචිතයේ පුහුණුවීම් නොකඩවා කරගෙන යනවා. කනිෂ්ඨ පුහුණු සංචිතයක් පවත්වාගෙන යනවා. මේ දුෂ්කර කාලපරිච්ඡේදයක් මුළු රටටම. එතැනත් සියලු දුෂ්කරතා මැද්දේ ක්‍රීඩාව නොවැටී පවත්වා ගැනීම තමයි අපේ මූලික අභිප්‍රාය දැනට.

ඒ සඳහා ඔබට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ලැබෙනවද?
සත්තකින්ම. පසුගිය සතියේත් අලුත් ඇමැතිතුමා අපි සමග සාකච්ඡා කළා. ඒක බොහොම ධනාත්මක සාකච්ඡාවක්. අපේ Presentation එකෙන් පස්සේ එතුමාම කිව්වා වුෂු කියන්නේ ජාත්‍යන්තර පදක්කම් දිනන්න වැඩ කරන සංගමයක්, ඒක පෙන්වලා තියෙනවා. ඒක නිසා ඔහුගෙ පූර්ණ සහාය දෙනවා කියලා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මැතිතුමා, අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මැතිතුමන්ලා අපට නිදහසේ වැඩ කරන්නටත් අවශ්‍ය සියලු ආධාර උපකාර කරනවා. ඒක විශේෂ දෙයක් මේ වගේ ක්‍රීඩාවකට. එසේම ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමානියම්, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවෙ නිලධාරීන් හැමෝම අපි ගැන හොයලා බලනවා. අපට උපකාර කරනවා. මේ සියලු දෙනාට ස්තුතියි කියනවා අපේ වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්.

විශේෂ වාර්තාකරුවකු විසින්

SendShareShare
Previous Post

විපක්ෂයේ සියලුම කණ්ඩායම් විපක්ෂ නායක කාර්යාලයට රැස්වෙයි! සර්වපාක්ෂික ආණ්ඩුව ගැන තීරණාත්මක සාකච්ජාවක්! (VIDEO)

Next Post

පාන් 20කින් වැඩිකරපු එක කවුරුත් දන්නවා! ඒත් පාන්පිටි ‌කිලෝවක් රුපියල් 34කින් වැඩිකරපු එක කවුරුත් දන්නේ නෑ!

MORE NEWS

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.