• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලේ කිරි කරා පුතුනේ මට නිදි නැතුවා…
උඹ උස් මහත් වෙන හැටි සිහිනෙදු දුටුවා…
මොහොතකට හෝ නුඹ ඇහැරෙනු පමා වෙනා…
හද හැඟෙනවා අසනීපයක්ද මගෙ පුතා…
දහසක් වැඩ අතරේ නුඹගේ සුව පැතුවා…
මමත් නොකා නුඹේ කර දඬු උස් කෙරුවා…
කාලය සමඟ මගෙ උණුසුම මඟ ඇරියා…
මගෙ මරණයද නුඹ හට රන් සේ වූවා…
කුමටද නොමැරී මා ජීවත් වූවා… I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනෙක් වතුරේ ගිලිලා ඉන්න කොට ඇයව ගොඩට ගන්නවා වෙනුවට, ඇගේ අවමඟුල වෙනුවෙන් සූදානම් වුණු පිරිසක් පිළිබඳ ඛේදනීය පුවතක් පසුගිය 20 වැනිදා උදෑසන අපට අසන්නට ලැබුණේ කුරුණෑගල කටුපොත පොල්පිටිය ප්‍රදේශයෙන්. 79 හැවිරිදි දෙදරු මවක් පසුගිය 20 වැනිදා අතුරුදන්ව ඇති අතර, ඒ පිළිබඳ ඇගේ පවුලේ අය දැනගෙන ඇත්තේ එදිනම උදෑසන 6.30ට පමණය. ඔවුන් නිවෙසේ සහ ගෙවත්තේ සෑම තැනකම තම මව සොයා විපරම් කළද ඇයව සොයාගැනීමට ඔවුන්ට හැකිවී නැහැ. තම මව නිවෙසේ නොසිටි බව දැනගත් ඔවුන් ඇය කොහේ ගියාදැයි සොයන්නට වුණා.(Sri Lanka Latest News)

ඒ අතර එම නිවෙසට මීටර් 100ක් පමණ දුරින් පිහිටි පොල්පිටිය වැව ආසන්නයේ තම මව භාවිත කරන අත්වාරුව සහ පාවහන් යුගල තිබෙන අයුරු නිවැසියන්ට දැකගන්නට ලැබී තිබුණා. එම හෝඩුවාව අනුව තම මව වැව ආසන්න ලඳු කැලෑවේ සිටිනු ඇතැයි සිතූ දරුවන් සහ ඥාතීන් වන ලැහැබ පීරමින් ඇයව සොයන්නට වුණා. ටික වේලාවකින් ඔවුන්ට දැකගන්නට ලැබී තිබුණේ තම මව වැව ආසන්නයෙන් ගලාබසිනා ඇළ මාර්ගයක වැටී සිටින ආකාරයයි. පාසිවලින් ගැවසීගත් තරමක් ගැඹුරු එම ඇළ කිසිවකුට ගමන් කළ නොහැකි ලෙස වල් බිහිවී ඇති එකකි.

එහි පාසි අතර රැඳී සිටියදී සොයාගත් ඇගේ පවුලේ ඥාතීන්, ඇය මියගොස් ඇති බවට තීරණය කර තිබෙනවා. ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් එලෙස නිගමනය කළ ඥාතීන්, දේහය ගොඩබිමට ගෙන ඒම පසෙක තබා කටුපොත පොලිසියට මෙම සිදුවීම පිළිබඳ දැනුම් දෙන්නට කටයුතු කර තිබුණා. එසේම ඔවුන් දේහය ගොඩට ගෙන ඒම පසෙක තබා ඇගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සංවිධාන කරන්නට වුණා.

මෘත දේහය නිවෙසට රැගෙන ඒමට කඩිනමින් පියවර ගත් ඔවුන්, අවමංගල්‍ය උත්සවය සඳහා අවශ්‍ය පුටු සහ හට් ඇණුවුම් කර අදාළ නිවෙසට ගෙන්වා ගැනීමටද පියවර ගෙන තිබුණා.

මේ අතර, පෙරවරු 10ට පමණ පොලිසිය පැමිණ අදාළ කාන්තාවගේ දේහය ගොඩට රැගෙනවිත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කටයුතු සූදානම් වන විටද, දිය මත වැටී තිබුණු ඇගේ සිරුර සොයාගෙන පැය 3කට ආසන්න කාලයක් ගෙවීගොස් ඇත.

එතෙක් තම මවගේ සිරුර ගොඩට ගෙන ඒමට පවුලේ කිසිවකු කටයුතු කර නොතිබීම පුදුමයට කරුණකි. පැය ගණනක් පුරා ඇය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිට ඇති බව සියලු දෙනාම දැනගත්තේ බොහෝ වේලාවකට පසුවය. මේ වයෝවෘද්ධ කාන්තාව සිහි මඳ ගතිය හේතුවෙන් එලෙස වැව ආසන්නයේ වැටී සිටින්නට ඇත. ඒ කිසිවක් ගැන නොතැකූ ඇගේ දරුවන් ඇතුළු ඥාතීන් ඇය මියගොස් ඇතැයි නිගමනය කර, ඇගේ අවසන් කටයුතු සඳහා සූදානම් වීම කොයි තරම් කනගාටුදායක සිදුවීමක්ද?

‘අනේ මම කොහොමද වතුරෙන් ගොඩට එන්නේ… කවුද මාව බේරගන්න එන්නේ… පේන තෙක් මානයක කවුරුවත් නැහැ… දරුවෙක්වත් ඇවිත් මාව බේරගනී…’ මේ අහිසංක අම්මා හිතින් දහස් වර එලෙස හිතන්නට ඇති. ඇය මරණ බයෙන් වෙවුලන්න ඇති. ජීවිතයත් මරණයත් අතර පැය ගණනක් ඇය සටන් වැදුණා. ඇය ගොඩට ගන්නට කවුරුත් කයුතු නොකළේ ඇයි?

නුවණැති දරුවන් මෙවැනි විපතක් දුටු සැණින් කළයුතුව තිබුණේ වහාම තම අම්මාව රෝහල වෙත රැගෙන යෑමයි. ඒත් මේ දරුවන් එහෙම කරන්නට කටයුතු කර තිබුණේ නැහැ. ඇගේ හුස්ම පොද තවමත් රැඳී තියෙද්දී ඇයට ක්ෂණික ප්‍රතිකාර ලබාදෙන්නට තරම් කරුණාවක්, ආදරයක් ඒ මොහොතේ කිසිවකුගේ හිතේ හටගෙන නොතිබීම කනගාටුවට කරුණකි.

අපි අහලා දැකලා තියෙන්නේ කෙනෙක් වතුරට වැටුණාම, දියේ ගිලුණාම මුලින්ම කරන්නේ ඔහුව ගොඩට ගෙනැවිත් රෝහල්ගත කිරීමයි. නමුත් මේ කාන්තාව සොයා වෙහෙසුණු පිරිස සිදුකර තිබුණේ ඇය ජීවතුන් අතර සිටියදීම ඇයට මරණ සහතික ලියා, අවමංගල්‍යයට සූදානම් වීමයි.

මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාවගේ ඥාති පුතෙක් ඇය මඩ වගුරේ වැටී සිටිනු දැක ඇති අතර, ඔහු ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව දැන ඇය මියගොස් ඇති බවට නිගමනය කර තිබුණා.

ඔහු එම සිදුවීම මාධ්‍ය වෙත මෙලෙස විස්තර කළා.

‘පාසි වැවිලා තියෙන ඇළ දිගේ ගිහින් බැලුවාම පාසි උඩට වෙලා ඉන්නවා දැක්කා. මම ඔළුවෙන් ඇල්ලුවා. මම හිතුවේ මැරිලා ඇති කියලා. මම කතා කළා. කතා නැති නිසා මම ආපහු හැරිලා ගෙදර ආවා. ඊට පස්සේ පොලිසියට ගිහින් කටඋත්තරයක් දීලා එනකොට පැය තුනක් විතර ගියා. ඒ ඇවිත් මෙගොඩට ගන්නත් වැඩි වේලාවක් ගතවුණා. මළගෙදර කටයුතු කරන්න හට් පුටුත් ගෙනාවා. මල් ශාලාවේ පිරිසත් ආවා…’

සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඇති අතර, ඔවුන් පවුලේ ඥාතීන් සමග එක්ව අදාළ කාන්තාවගේ සිරුර ගොඩට ගෙන ඒමට සූදානම්ව ඇත. ඒ සමගම කාන්තාව වැටී සිටි ස්ථානයේ පාසි සෙලවෙන අයුරු පිරිසට නිරීක්ෂණය වී ඇති අතර, ඇය මියගොස් නොමැති බව ඒ අනුව සියලු දෙනාට හැඟී ගොස් තිබුණා. මෙම සිදුවීමත් සමග රැස්ව සිටි බොහෝ දෙනා මවිතයට පත්වුණේ මියගිය කාන්තාවට නැවත පණ ලැබුණේ කෙසේදැයි විමසමිනි.

කාන්තාවගේ සිරුර ගොඩගැනීමට පැමිණ සිටි කටුපොත ගම්මානයේ තරුණයකු මෙම සිදුවීම විස්තර කළේ මෙලෙසින්.

‘මෙහෙ මිනියක් තියෙනවා කියලා මට ගන්න එන්න කිව්වා. ඒ වෙලාවේ පොලිසියත් ඇවිත් හිටියා. එතැන සෙනඟ පිරිලා හිටියා. පස්සේ පොලිසියේ කට්ටිය කිව්වා මට බහින්න කියලා. ඉස්සෙල්ලාම මම බැස්සේ. ඊට පස්සේ තුන්හතර දෙනෙක් ඉදිරිපත් වුණා. මම දැක්කා දඟල දඟල ඉන්නවා. මම හිතුවේ කබරයෙක් හරි කිඹුලෙක් හරි ඇවිත් දඟලනවා ඇති කියලා. පස්සේ මම දැක්කා මේ කෙනා දඟලනවා.

මගෙන් එයා ඇහුවා වැවකන්ද කොහේද කියලා. ඊට පස්සේ මම මේ තියෙන්නේ වැවකන්ද, එන්න යන්න කියලා වතුරෙන් ඇදගෙන ගොඩට ආවා. පණ පිටින් ඉන්නවා දැකලා මම අනිත් අයටත් ඒ ගැන කිව්වා. එක පාරක් කිව්වා හීනෙන් ආවා කියලා. මම කරෙන් ඇදගෙන ගොඩට අරන් ආවා. මට අමාරුවක් නැහැ කියලා එක පාරක් කිව්වා. තව සැරයක් කිව්වා කකුල රිදෙනවා කියලා. කොහොම හරි ගොඩට ගත්තා…’

ඒත් සමගම එහි රැස්ව සිටි පිරිස මවිතයට පත්ව කෑ මොර දෙන්නට වුණා. අනතුරුව කඩිනමින් වාහනයක් ගෙන්වාගෙන ඇයව කටුපොත ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන්නට පියවර ගැනුණා. ඇය මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි දැනගන්නට ලැබුණේ.

රැස්ව සිටි බොහෝ දෙනකුගේ සැකයට භාජනය වූ කාරණය වුණේ මෙතරම් වයෝවෘද්ධ කාන්තාවක් එම වැව අසලට ගියේ කෙසේද යන්නයි. එසේම ඇය සිහිනෙන් ඇවිද ගොස් තිබුණද තෙත පෑගුණු සැණින් අවදි විය යුතු යැයිද බොහෝ දෙනා පැවසුවා. ඇය වැටී සිටි ඇළට තරමක් දුරින් ඇගේ අත්වාරුව වැටී තිබීමද සැකය තීව්‍ර කරන තවත් කරුණක් වුණා.

තමන්ටත් වඩා කල් අම්මා තාත්තා ජීවත් වේවා කියා බොහෝ දරුවන් සිතනවා. දරුවකුට තම අම්මා තාත්තා තරම් වටිනා වස්තුවක් මේ ලෝකයේ තවත් නැහැ. සමාජයේ ඇතැම් දරුවන් කටයුතු කරන්නේ ඉතා කෲර ලෙසයි. යහපත් ගුණධර්ම, මවුපිය සෙනෙහස වර්තමානයේ දරුවන්ගේ සිත්වලින් පලාගිහින් ඇති බව බොහෝ දෙනා පවසන කරුණක්.

මේ කනගාටුදායක සිදුවීම සමාජ මාධ්‍ය තුළද බොහෝ විවේචනයට ලක්වූ අතර, වර්ෂා දිසානායක මහත්මිය සිය විවේචනය ඉදිරිපත් කර තිබුණේ මේ ආකාරයටයි.

‘මැරිලා බව දැනගෙනත් මිනියත් රෝහලට ගෙනියනවා මිනිස්සු. පුළුවන් නම් පණ දෙන්න හදනවා. ඒ, මනුස්සයෙක් මැරෙනවා දකිනවාට වඩා ජීවත්වෙනවා දකින්න තියෙන කැමැත්ත නිසා. සිරුර වතුරේ තියෙද්දී හට් ගහපු මේ මිනිස්සු ගැන මොනවා කියන්නද? එහෙම බැලුවාම පවු. ඒ අම්මා දිහා හොඳින් බලාගෙන ඉඳලා, ඇය දඟලන බව දැකලා, කිඹුලෙක්ද දන්නැහැ කියද්දී ඒ අවදානම අරගෙන වතුරට බැහැලා ඇයව ගොඩට ගෙනාපු තරුණයාට ගොඩක් පින්…’

අද සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි අවදානම්සහගත ක්‍රියාවන්ට ඉදිරිපත් වන්නේ නැති තරම්ය. එවන් පසුබිමක මේ කාන්තාවගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් නොබියව ඉදිරිපත් වුණු තරුණයාව අගය කළ යුතුමය.

රන්දු දුනුපිටිය සිය අදහස සමාජ මාධ්‍යයේ පවසා තිබුණේ මෙලෙසය.

‘ගැටලුසහගතයි… මට හිතෙන දේ ලියන්නේ නැහැ. ලිව්වොත් හෙට උදේට පොලිසියෙන් අපේ ගෙදරට එයි…’

‘මේක නම් හාස්කමක්. කළ පින් පලදුන්නා. බුදු බණ සත්‍යය. මැරිලත් ඉපදුණු අම්මා කියන්න තමයි ඕනේ. අම්මේ කරන්න තව තව පින්… තෙරුවන් සරණයි ආයෙ නම් අනතුරක් වෙන්නේ නැහැ…’ මල්ලිකා සමරකෝන් සමාජ මාධ්‍යයක එසේ අදහස් ලියා තිබුණා.

‘ලේ කිරි කරා පුතුනේ මට නිදි නැතුවා
උඹ උස් මහත්වන හැටි සිහිනෙන් දුටුවා
මොහොතකට හෝ නුඹ ඇහැරෙනු පමා වෙනා
හද හැඟෙනවා අසනීපයක්ද මගේ පුතා
දහසක් වැඩ අතරේ නුඹගේ සුව පැතුවා
මමත් නොකා නුඹේ කරදඬු උස් කෙරුවා
කාලය සමග මගේ උණුසුම මඟහැරියා
මගේ මරණයද නුඹ හට රන් සේ වූවා
කුමටද නොමැරී මා ජීවත් වූවා…’

චතු ශ්‍යාමා සිය අදහස පැදි පෙළකින් ලියා තිබුණේ එලෙසය.

අම්මා කෙනෙක් තමන්ගෙ දරුවන් පුංචි කාලේ හදන්නේ දහසක් දුක් විඳලා. සමහර විට කුසට අහරක් නැතුව. දරුවා ගැන විතරයි හින්නේ. දරුවාගේ බඩ පුරවන්නේ කොහොමද ලොකු කරගන්නේ කොහොමද කියලා නිතරම හිතනවා. පුංචි කාලේ අඬනකොට දරුවන් වෙනුවෙන් කොයි තරම් නම් නිදිවරන්න ඇතිද? අම්මා කෙනෙක් පුංචි කාලේ දරුවෙක් ඇහැරෙන්න පරක්කු නම් දහස් වාරයක් හිතන්න ඇති අනේ මගේ දරුවාට අසනීපයක්ද දන්නේ නැහැ කියලා.

එහෙමයි අම්මාලා දරුවන්ව පුංචි කාලේ හදන්නේ. ආදරය දෙන්නේ. ඒත් දරුවන්ට ඇයි අම්මා ගැන එහෙම හිතන්න බැරි. අම්මා තාත්තා ළඟ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ තියෙනවා. දරුවන් මොන වරද කළත් අම්මා තාත්තා ඉවසන්නේ ඒ උතුම් ගුණයන් නිසයි.

නමුත් කාලයත් එක්ක මවුපිය දූදරු බැඳීම ගිලිහිලා ගිහින්. මවුපිය ගුණ සුවඳ නොහඳුනන දරුවන්ට අම්මාගේ මරණයත් රන් ආකරයක් ලැබුණා වගේ දැනෙනවා ඇති. මෙවැනි දරුවන් ඉන්න මවුපියන් මේ මිහිපිට ජීවත් වුණත් මැරි මැරී ජීවත් වෙන්න සිදුවන බවට මේ සිදුවීම කදිම සාක්ෂියක්.

අපි ජීවත් වන කෙටි කාලය තුළ තවත් කෙනකුගේ ජීවිතයකට වටිනාකමක් එක්කළ යුතුමයි. තමන්ගේ ආදරණීයයන් ආදරයෙන් රැකබලාගෙන, ඔවුන්ට කරුණාවෙන් සලකන්න. ඔවුන් ගැන නිතර සොයා බලන්න. මේ උදාවී ඇත්තේ තමන් මෙලොවට බිහිකළ ‘අම්මා’ කියන උත්තරීතර මාතෘත්වයට අවමානයක් නොකරන කෘතවේදී දරුවන් සමාජයට බොහෝ සෙයින් අවැසි කාලයකි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කෙරේ I Sri Lanka Latest News

Next Post

SLT-MOBITEL Mobile වෙතින් අසීමිත ප්‍රතිලාභ රැසක් සමග පෙරළිකාර ‘ONE SHOT’ පැකේජය හඳුන්වා දෙයි I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.