• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහේතු කාලේන කජ්ජේන පූලං I Sri Lanka Latest News

November 26, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සැවැත් නුවර ධම්මික නම් සැදැහැති උපාසක කෙනෙක් විසුවේය. හෙතෙම සිල්වත්ය. ගුණවත්ය. ඔහු සිය දූ පුතුන් හා දන්සල් ආදී බොහෝ කුසල් කරමින් වාසය කෙළේය. පසු කලෙකදී ලෙඩවූ ඔහු මරණයට ළංව බණ අසනු රිසි වූයෙන් භික්‍ෂුන් වහන්සේලාද වඩම්මවා ගත්තේය.(Sri Lanka Latest News)

උන්වහන්සේලා සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්ම දේශනාව ආරම්භ කළ කල්හි සදෙව් වැසි දෙවියෝ දිව්‍ය රථ සයක් ගෙනැවිත් තම තමන්ගේ දිව්‍ය ලෝකවල ගුණ කියකියා කැඳවූහ. උපාසකතෙම කලුරිය කර තුසිත දෙව් ලොව උපන.

කෙනෙකු මියයාමට ආසන්න වූ විට දම් පින් කරත්. සිල්ගනිත්. තවත් අයෙක් වියපත් වන බව හැඟුණු වහාම සියල්ල අතහැර මහණ දම් පිරීමටද යන්නෝය.

මඛාදේව ජාතකයේ මඛාදේව රජතුමා හිසේ නරකෙසක් දුටු පමණින්ම රජකම පවා අතහැර (සබ්බං පහාය ගමනීයං) තපස් රැකීමට වනගත වූවේය. අපේ ගොයියලා නං හිස පමණක් නොව අස්සක් මුල්ලක් නෑර කළුකර ගනිත්)

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව ඊළඟ අත්බැව්හි (ආත්ම භාවයේ) ප්‍රතිසන්ධිය (ඉපැදීම) සඳහා මුල්වන්නේ කෙනකු මියයන මොහොතේ අවසාන සුසුම් පොද (රැළ) සිරුරින් බැහැර වන අවස්ථාවේ සිතෙහි ඇතිවන අවසාන සිතුවිල්ල (අවසාන චුතිචිත්තය) මුල් කරගෙන බවය. පවුකාර සිතුවිල්ලක් (අකුසල චෛතසිකයක්) හිතට ආවොත් ආයෙ කිසි සමාවක් නැත. සතෙකු සිව්පාවකු වී හෝ නිරයේ (අපායේ) හෝ ඉපදීම ලබ්බට ඉරටෙන් ඇන්නා වගේ ෂුවර්ය.

බුදුන් වහන්සේ සමග ඉතාම කිට්ටුවෙන් සිටිමින් බණ පොතේ කියන හැටියට වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් ඉදිකර දුන් කෝසල රජතුමාට අවසාන මොහොතේ ලෙල්ලට තදවී කේන්තියෙන් මියගිය නිසා හිමාල වනාන්තරයේ මහ තඩි පිඹුරෙක් වී උපන්නේලු. එක්තරා ගෙම්බෙකු (මණ්ඩුක) බුදුන් ධර්ම දේශනා කරනු අසා සිටියදී හදිසි අනතුරකින් මියගියෙන් දෙව්ලොව ඉපිද “මණ්ඩුක” නම් දිව්‍ය රාජයා නම් වූයේලු.

පාරිලෙය්ය වනයේදී බුදුන්ට වද දුන් පිනෙන්, ‘වද’ කීවාට මේ මී වද දුන් හෙයින් වානර පිංවතාත් දෙව් ලොව ගියේලු. වානර නයිදෙලාත් මේ සේ දෙව් ලොව ගියේ නම් අපේ කෙහෙළියට, බන්ධුලට, ඇයි ඩයනා නෝනාට මේ කරන කුසල පුණ්‍යසම්භාරයට දෙව්ලොව නොගොහිං ඉන්න නම් බැරි කමක් නැත.

ඊළඟ ආත්මයේ උපතට අවසාන චුති චිත්තය මුල්වන බව බුදුන් වදාළ සේක් වුවද වර්තමානයේ බුද්ධ ධර්මයට නව අර්ථකථන දෙමින් කෙරෙන ධර්ම දේශනා එමට බැවින් ඒ ධර්මය (උපත් ක්‍රමය) වෙනස් වී ඇති සෙයක් ද පැවසේ.

බුදුන් වහන්සේ ලංකාවේ කොහේදෝ ගුබ්බෑයමක උපන් බවක් එක උන්නාන්සේ කෙනෙක් දෙසාබාන්ට පටන් ගත්තෝය. අරනායක මහ කන්දේ උපන් බවක්ද මීට ඉස්සර මතයක් රට පුරා පැතිරුණේය.

වර්තමානයේ එකුදු පන්සලක් හෝ දක්නට නැතත් නම්කරනු ලබන්නේ පන්සල් වශයෙනි.

අතීතයේ පන්සල් වූයේ පංවලින් ඉදිකළ හෙයින් ඒවා පන්න සාලා වූ බැවිනි. දැන් ආරාමය. අසපුය. අසපු යනු සපුන් නොවන්නෝය. ආරාම සහ අසපුවල වහන්දැලා උන්නාන්සේලා ගිහියන්ගේ මළගමකට හෝ නොවඩින්නෝය. පිණ්ඩපාතික නොවන්නෝය.

බුදුන් කල භික්‍ෂුන්වහන්සේලා ගිහියන්ගේ සිව්පසයෙන් යැපුණත් යථෝක්ත ස්ථානවල වැඩවසන වහන්සේලාට ගිහියන්ගෙන් කිසිම දෙයක් අවශ්‍යද නැත. සියල්ල Self Sufficent. කොරියාව වගේය. මේවායේ පවුල් පිටින් වෙසෙන හෙයින් පවුල් පංසල්ය.

ඕවා ගැන කියන්න ගියොත් කිසිම තේරුමක් නැත. තවත් එකක් විතරක් කියඤ්ඤං. බුදුන් වහන්සේ පස්පව්වලින් මුල්ම එක වශයෙන් සතුන් නොමරන ලෙසට (පානාතිපාතා) වදාළහ. එහෙත් අපේ ධර්මය මොඩිෆයි කළ වහන්දැ කෙනකුන් බාබෙක්‍යු දැමූ සූකර මද්දව ආදියෙන් සජ්ජිත හැටපස් අමුණකට සරිලන Lunch දානයක් දුන් බවක් ටික කලකට උඩදී මාධ්‍යවලද පළ විය.

මේ සියල්ල කියන්නට හේතු වූයේ අබුද්ධෝත්පාද කාලය එළඹෙන විට නිර්මල බුදු දහමද විකෘති වන බව කීමටය. අවසාන චෛතසිකය අනුව ඊළඟ ආත්මයේ උපත සිදුවේ නම් අපේ අහවල් දිහා දැං ඉන්න දෙසිය විසිපස් දෙනාගෙන් වැඩිදෙනෙක් දෙව් ලොවම යන්නෝය. ඊට හේතුව ඔවුන්ගේ සිත්වල මේ ලොවේ වෙන කිසිම දේක මතකයක් නැතිව එකම එක චිත්තයක් හෙවත් චින්තනයක් පමණක් හිතේ ධාරණ මණ්ඩනව ඇති බැවිනි. සම්මා සතිය මේ භුක්ති විඳින්නාවූ සැප සම්පත ගැන පමණක් හෙයිනි. ඒ මතුමත්තේම චිත්තධාරා පවත්නා හෙයිනි.

රටේ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැති බව මතකයක් ඇත්තේ කීයෙන් කී දෙනාටද? මේ රටේ උං රට හැර යන බව මතක කාටද? ඒ ගැන ඔවුන් දන්නෙවත් නැත. ඒත් එපා. සත විසිඅටකට තිබූ සීනි රාත්තල දැන් කිලෝව වී රුපියල් 320ක් බව දන්නේ කවුරුද?

ඔවුනට සිහිය නොහොත් මතකය හෙවත් සම්මා සතිය ඊළඟට යන ටුවර් එක ගැනය. නැතහොත් මිලට ගන්නා වාහනය ගැනය. ඒ නිසා ඔවුන් සියලු දෙනා මෙහෙන් සැව (චුතව) නොහොත් මිය පරලොව ගොස් “බෲස්”ගා ගොස් උපදින්නේ තව්තිසා දෙව් ලොවේය. නැත්තං පරනිර්මිතයේය. යාමයේය.

එසේ උපදින්නේත් කුකුළු මස්, තාරා මස්, කළුකුං මස් ආදියෙන් සහ සිම්ප්ලානා, බනානා, තෝනිලුලාස්, ඔතරම්ප්‍රයිස්, කිඹි චිප්ස්, කොක්කො ප්‍රයිස්, බෝල්ටෝස්, කංකරි ආදී විවිධ රටවල විවිධ කෑමබීම ගිලදැමූ ආකාරය සිහිපත් වීම නිසා උපන් චිත්තයෙන් පරිපූර්ණ භෝජන මේසයක රන් හැන්දක් අතේ තියාගෙනය.

ඒ නඳුන් වනය (නන්දන වනය) ආසන්නයේ හොටෙල් එකකය. නිරන්තරයෙන් ඒ වනාන්තරය ගැන සිහිපත් කරමින් පර්චස් දහ පහළොවක් ගන්නේ කෙසේද යන්න සිහිකර දම්පිං කළ නිසාය.

කළුවර ගසක අරටුව මෝරා වැවෙන්නට අවම වශයෙන් අවුරුදු දෙසීයක් තරම් කාලයක් ගත වුවත් නන්දන වනේ ඇති පරසතු රුක මේවන විට අවුරුදු මිලියන ගණනක් පරණ හෙයින් කපාගත්තොත් ගොඩේ ගොඩය. අපේ උන්නැහේලාට මතක තියෙන්නේ ඔන්න ඕවාය. ඒ නිසා ඊළඟ ආත්මයේ උපදින්නේ ඔන්න ඔහොමය.

පාරේ වැරදි පැත්තෙන් වාහනය පැදෙව්වොත්, හෙල්මට් නැතිව හදිස්සි ගමනක් යනවිට අල්ලා රුපියල් දාහකට දඩයක් ගැහුවොත් එහි වින්දිතයා දවස ගෙවන්නේ සිහිමුර්ඡාවන්නේ ඊළඟ වේල පිරිමසා ගන්නා අයුරු සිතමිනි. එහෙත් මේ රටේ සිටින අඩුම තරමින් කෝටි දෙකහමාරක් තරම් මහජනයාගේ මුදල් (සම්පත්) ගසාකෑමට දඬුවමක් වශයෙන් එක් අයකුට රුපියල් එක්ලක්‍ෂ පනස් දහස බැගින් ගෙවන ලෙසට අධිකරණයෙන් තීන්දු කළ කල්හි සිහිය අවුල් නොවී සිටිය හැක්කේ කාටද?

එහෙත් බලව් යකුනේ මේකා “අටනිකා” බ්‍රහ්ම ලෝකයේ ගෑවෙන නොගෑවෙන තරම් උස කේක් ගෙඩියක් උපන් දිනේට කපාපු හැටි. අර වගේ දඩයක් ගැසූ එකෙකුට ඔය වගේ වැඩක් කරනු තබා කෙළිං ඉන්නවත් හැකියාවක් වෙත්ද? ඔවැනි අන්දමේ චිත්ත චෛතසිකයක් ඇති බව මා අසා ඇත්තේ ඇග්ග්‍රිපිනා නැන්දම්මාගේ පුතාට පමණි.

ඔබ ඇග්ග්‍රිපිනා ගැන අසා නැද්ද? ඇය වනාහි මයිනා කාක්කා ජාතියේම පුත්‍රයකු බිහිකළ කාන්තාවකි. පාං නැත්නං කේක් කාපල්ලා යැයි කී මාරි ඇන්ටෝනයිට් වැනි බඩ්ඩක් ප්‍රසූත කළ මාතාව වගේම කෙනෙකි. ඇග්ග්‍රිගේ පුත්‍රයාගේ නම කී සැණින් ඔබ ඇය කවුරුන්දැයි දැනගනී. අර රෝමය ගිනි ගනිද්දී වීණා ගැහුවේ ඇගේ පුත්‍රයාය. පුතා මතකනේ නීරෝය.

මාධ්‍යවලින් එළියට නුදුන්නාට දැනුත් බෙහෙත් නැතිව මිනිස්සු මැරෙන්නෝය. ගෙහෙඩියා ඉවත් කළාට ප්‍රශ්නය විසඳුණේ නැත. විශ්වාස භංගයෙන් වැඩේ ගොඩ දාගත්තද ලෙඩ්ඩු මියෑදෙති. දරුවන්ගේ පාසල් ප්‍රශ්න එසේමය. අවුරුදු විස්සක් තිහක් රාජකාරිකර විශ්‍රාම ගත්ත උන්ගෙන් ඇතැමෙක් ලබන මාසිකය රුපියල් තිස් දහසටත් අඩුය. විදුලි බිල ජල බිල අහස උසටය. කෑම වේල පිරිමසා ගන්නා අන්දම ගැන ළතැවෙති. බේත් ටික ගන්නේ කෙසේ දැයි දහඅතේ කල්පනා කරති. දෙන්නකුට මේ මුදල සති දෙකකට හෝ විශ්‍රාම වැටුප නොසෑහේ. ඇතැම් විට මෙවැන්නන්ගෙන් යැපෙන අවිවාහක දරුවෝද, ආබාධිත දරුවෝද, දරු මුණුබුරෝද සිටිති. ඔවුහු මෙවර අයවැයෙන් කීයක් හෝ අතට ලැබෙතැයි යන අපේක්‍ෂාවෙන් උන්හ.

රෙද්ද තමයි….

ඒකත් අපේ ලොක්කා 2048 වනතුරු හිටපල්ලා යැයි කියන කියමනටම සමානය. මෙවැනි තත්ත්වයක් පවත්නා රටක කිසියම් කෙනෙකුට සාද පවත්වන මනෝභාවයක් ඇත්නම් ඒ උන්මත්තකයෙකි.

කිසියම් රටකට තානාපති සේවයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පත්කරනු ලැබ යවන්නේ තම රටේ නියෝජිතයා වශයෙනි. ඔහුගේ හෝ ඇයගේ හෝ රාජකාරිය තමා නියෝජනය කරන රටේ නායකත්වයෙන් කළ යුතු රාජකාරි කිරීමය. එසේ තියෙද්දී කැස්සටයි කිඹිස්සටයි (සෙම්ප්‍රතිෂ්‍යාවටයි, හිසේ ඇම්මටයි) රටේ නායකයා මහජන මුදල් නාස්ති කරමින් සවාරි ගැහීම වනාහි මවු දේවින්නාන්සේට හැමදාම උදේ හවා වඳිනවා වැනි ක්‍රියාවකි (ඕනෑ කෙනකු ඕනෑ දෙයක් සිතාගනිත්වා)

අපේ ලොක්කා එසේ රවුමක් ගසා අහස්යාත්‍රාවෙන් පොළොවට පයගැසූ හැටියේම වී පැදුරට යන කුකුළා සේද, (තවත් හොඳ හොඳ උපමා ඇත) දුවගෙන ගියේ කේක් කපන සාදයටය. මේවා ගැන කිව යුතු දේ බොහෝය. ගම්මු කියන අන්දමට කට කහනවාය. එහෙත් කරන්න දෙයක් නැත. බලය ඔවුන්ගේය.

මෙසේ සිදුවන්නේ අපේ කරුමයටය. ‘අහේතු කාලේන කජ්ජේන පූලං’ (අහේතු කාලයට කජ්ජ ගහේ තිබියදී පුහුලම බිම වැටේ) කියන්නේ ඒකටය.

රටක රජුට (පාලකයාට) උපදෙස් දීමටම නොව හොඳ නරක කියාදීමට උගත් පිරිසක් සිටිති. ඒ ඉතා හිතවත් කණ්ඩායමය. ඔවුන්ගේ මෙහෙය (යුතුකම) මහජන හිතාය, මහජන සුඛාය යන පරිද්දෙනි.
අපේ රටෙත් එවැන්නා් සිටිත්. හැබැයි ඒ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට සිටි කේවට්ටයාගේ පරම්පරාවේ උන්ය.

හොරාගේ කටයුත්ත හොරකම් කිරීමය. අම්මේ මුත්තේ කීවද ඌ ඉන් වැළකෙන්නේ නැත. ස්ත්‍රී දූෂකයාද එසේමය. මංපහරන්නාද එසේමය. මාල කඩන්නාද, කසිප්පු පෙරන්නාද එසේමය. එහෙත් අපට හිතට කේන්ති ඒවා හරි යැයි කියමින් තව තවත් උඩගෙඩි දෙන වෘක්‍ෂ සුනඛයන් ගැනය. ධාතු සුනඛයන් ගැනය. තෘණ සුනඛයන් ගැනය.

නොහඬනු මැනවි මිනිසුනේ, බොරුවට වංචාවට එතරම් ආයුෂක් නැත.

ටික දෙනකු බොහෝ කාලයක් රැවටිය හැකිය. බොහෝ දෙනකු ටික කාලයක් රැවටිය හැකිය. එහෙත් බොහෝ දෙනකු බොහෝ කාලයක් රැවටිය නොහැකිය.

දෙන්නම් කියා නොඅඩුව බත බුලත වත
තුන් සිංහලය රවටන හැටි මතකෙ ඇත
බම් මන්නෙකුව හැසිරෙන මහ එකා කැත
මින් මතු නො එව පෙරළන්නට පරණ පොත

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඉල්ලා අස්වෙලා ඕස්ට්‍රේලියාවේ ඉන්න හිටපු ක්‍රිකට් ලේකම්ගෙන් ක්‍රීඩා ඇමැතිට කෝල් එකක් ඇවිත්! රොෂාන් ක්‍රිකට් සුද්ද කරන ඊළඟ සටනට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කොලොන්නාවේ කරන්ට් කපන්න ආ ගෙදරක ලයිට් බිල් ටික මරික්කාර් පාර්ලිමේන්තුවට අරන් එයි! මෙහෙම ලයිට් බිල් මිනිස්සුන්ට ගෙවන්න පුලුවන්ද? විදුලි බල මණ්ඩලයේ හොරකම්-මාෆියාව ගැනත් හෙළිදරව්වක් කරයි! ජනවාරි පළමුවැනිදා ඉඳන් පෙට්‍රල් ලීටරය 64.90කින් වැඩිවෙන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.