• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නළු නිළි කෝලම ඉවරයි… රණවිරු කෝලමක් එපා I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලනය සමග ඈඳුණු කලාකරුවන් ගැන ‘මව්රට’ අපි කොතෙක් නම් දේ ලියා ඇතිද? ඒ කොයිතරම් ලිව්වත් අපට එහි ඇතිවීමක්ද නැතිවා සේය. ඇතිවීමක් නොදැනෙන්නේ කලාකරුවන් විශේෂයෙන් නළු නිළියන් දේශපාලනය සමග ඇතිකරගන්නා ඇඟෑලුම්කම් සහ සම්බන්ධතාවන් කිසි දවසකවත් තවමවත් ඉවරයක් නැති නිසාමය.(Sri Lanka Latest News)

නළු නිළියන් දේශපාලනයට සම්බන්ධ වීම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල ඉඳන්ම සිදුවන්නකි. ඒ සිදුවූ දෑ අද ‘දේශපාලනය සහ නළු නිළියන්’ අතර සිදුවන දේ තරම් නීරසව තිබුණේ නැත.

මොකක්ද ඒ කියන ‘නීරස’ නැති ‘රසය’?

එදා නළු නිළියන් පක්ෂයට හරියටම සරිලන පාට ඇඳගෙන වේදිකාවට ආවේ කිසිදුම ආකාරයේ ප්‍රතිලාභයක් හෝ අල්ලසක් නොමැතිවය. ‘වර්කිං ඩිරෙක්ටර්’ තනතුරු හෝ ලක්ෂ සියයේ දෙසීයේ සල්ලි මලුවලට දේශපාලන වේදිකාවට නගින කලාවක් එදා සුපිරි සිනමා තරුවලට තිබුණේ නැත. ඔවුන් ජේ.ආර්. ජයවර්ධනලාගේ මෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායකලාගේ වේදිකාවලට නැග්ගේ පපුවෙන්ම ආ සපෝට් එකටය. කැම්පේන් එක අවසානයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අහවල් දේශපාලන නායකයා ඇතුළු සගයන් නළු නිළියන් වෙනුවෙන් පවත්වන සුපිරි රාත්‍රී සාදයෙන් පසුව ඔවුන්ගේ දේශපාලනය අවසාන විය. අද වාගේ ගසාකෑම් සහ වංචා දූෂණ එදා තිබුණේ නැත.

එදා නළු නිළියන් තුළ ඒ ලස්සන දේශපාලන කලාව වෙනස් වන්නට ගත්තේ රාජපක්ෂලාගේ දේශපාලන කලාවත් සමගය. නළු නිළියන්ට සල්ලි බෑග් පිටින් පුදමින් ඔවුන්ව වේදිකාවට ගෙන්වන දූෂිත කලාව පුරුදු කළේ රාජපක්ෂලාය. අර තනතුර දෙන්නම්, මේ තනතුර දෙන්නම් කියා විශාල අල්ලසක් ගැනීමේ අවිනීත කලාවට නළු නිළියන්ව හුරු කළේද රාජපක්ෂලාය. ගෝඨාභයට ලක්ෂ 69ක ඡන්ද ගෙන දුන් ජනාධිපතිවරණයේදී නළු නිළියන්ව ඉතා ලැජ්ජාසහගතව විවිධ අල්ලස්වලට අලෙවි වන්නට විය. ඒ අල්ලස්වල රස කොතෙක් අප්‍රසන්නදැයි කියනවා නම් නිළියෝ තම තමන්ගේ දේශපාලන මත මූලික කොටගෙන එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගත්හ. නළු නිළි පොරය පටන්ගත්තේ එලෙසිනි.

අල්ලස් දූෂණ කොමිසමෙන් නළු නිළියන් කැඳවන විට යම් යම් ගසාකෑම්වලට එරෙහිව නළු නිළියන්ට චෝදනා එන විට ඔවුන්ට ආදරය කළ ප්‍රේක්ෂකයන්ට, රසිකයන්ට ඔවුන් වහ කදුරු වන්නට විය. සහෝදරයන් සහෝදරියන් මෙන් එකා වාගේ හිටපු නළු නිළියන් එක පොරයට කුලල්කා ගනිද්දී ප්‍රේක්ෂකයන්ට ඔවුන්ව තිත්ත විය. අති විශිෂ්ට නිර්මාණකරුවකු සහ රංගවේදියකු වූ ජැක්සන් ඇන්තනී, මහින්ද රාජපක්ෂව බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කරද්දී ඔහුට ආදරය කරපු ප්‍රේක්ෂකයන්ට ඔහුව නයාට අඳු කොළ තරමට අප්‍රසන්න විය. මරණාසන්න මොහොතේදී නිවන් සුව පතන්නට තරම් ඒ පිළිකුල් බව දරුණු වෛරයකට පෙරළිණි.

ඒ හැම සංගදියක්ම අවසාන වෙන්න ගත්තේ රාජපක්ෂලාගේ ඇදවැටීමත් සමගමය. එක්කෙනෙක් දෙන්නෙක් අද දේශපාලන වේදිකාවට නැග්ගද එකිනෙකා පරයා නැගී සිටින්නට දඟලන නළු නිළි පොරය මේ වන විට අවසන් වී ඇත. දේශපාලනය ගැන කතා කරන්න බය හිතෙන තරමට අප්පිරියා හිතෙන තරමට නළු නිළියන් දේශපාලනය මුල් කොට ඇතිකරගත් පොර ඇල්ලිල්ල අවසන් කර ඇත.

ඇත්තටම නළු නිළි පොරය අවසන්ද?

ඔව්, නළු නිළි පොරය අවසානයි. හැබැයි එයිටත් වැඩිය දුකට හේතුවක් වෙලා තියෙන්නේ සමාජයේ වැදගත්ය කියන පිරිසක් අතර ඇතිවෙලා තියෙන වෙනත් පොරයක් දිගින් දිගටම ඇවිළිලා යන එකයි.

මොකක්ද ඒ අලුත් පොරය?

අලුත්ම පොරය දැන් දැන් සෝෂල් මීඩියාවලත් වසංගතයක් වෙලා අහවරයි. කවුරුත් ඒකට කියන්නේ ‘රණවිරු පොරය’ කියලයි.

රණවිරු පොරය, ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු දේවත්වයෙන් අදහන කොටි නායකයන්ට දුවන්නම බැටේ දුන්න අපේ රණවිරුවො දේශපාලන පොරයකට සෙට් වෙලාද?

ඒකනේ කියන්නේ. යුද්ධය තියෙන දවස්වල රටට දේවතා එළියක් වෙච්ච අපේ හමුදාවේ ඇත්තෝ අතරත් ඔන්න දේශපාලනය නිසා මහ විශාල පොරයක් ඇතිවෙයි කියලා කවුද හිතුවේ. ඇත්තටම මේක මහ විශාල ලැජ්ජාවක්. පිළිකුලක්. ලංකාවේ නළු නිළියන්ට වඩා අපේ මිනිස්සු රණවිරුවන්ට ආදරය කළා. විශේෂයෙන් සරත් ෆොන්සේකාට පණ වුණත් දෙන්න සූදානමින් ඒ දවස්වල අපේ මිනිස්සු හිටියේ.රණවිරු පොරය අවුලවන්න මුල් වුණේ උන්නැහේ තමයි.

යුද්ධය ජයග්‍රහණයෙන් පස්සේ ලංකාවේ මිනිස්සු උන්නැහේට කොයි තරම් ආදරය කෙරුවද? මහින්ද රාජපක්ෂට විරුද්ධව යූ.ඇන්.පී. එකෙන් එතුමාව පොදු අපේක්ෂකයා කරන්න රනිල් වික්‍රමසිංහට හේතු පාඨය වුණේ මිනිස්සු හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට දක්වපු ඒ ගෞරවයයි. ඒ ආදරයයි. මැතිවරණය පරාජය වුණත් ඒ ගෞරවය ආදරය තඹ දොයිතුවක්වත් අඩු වුණේ නැහැ. රාජපක්ෂලා ඔහුව හිරේ විලංගුවේ දැම්මට පස්සේ කූඹිත් එක්කයි ඔහුට බත් එක දෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඒ ආදරය ගෞරවය තවත් වැඩිවුණා කිව්වොත් හරියටම හරිය. ඉතින් එහෙම උත්තමයෙක් ඇයි මේ රණවිරු පොරයකට මැදි වුණේ?

කෙටියෙන් කියනවා නම් හිටපු හමුදාපතිවරුන් වූ දයා රත්නායක සහ දයා සඳගිරි සජිත් ප්‍රේමදාසගේ දේශපාලන මතය අනුමත කරමින් සමගි ජන බලවේගයට එකතු වුණු එකට ෆීල්ඩ් මාර්ෂල් එහෙමත් නැත්නම් සජබේ සභාපති කොහොමවත් මනාප නැත. තවත් විදියකට කියනවා නම් සරත් ෆොන්සේකාට සිය සහෝදර හමුදා නායකයන් දෙදෙනාව රුස්සන්නේ නැත.

ඒකට සාධාරණ හේතුවක් තියෙනවද?

සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ දයා රත්නායක එකල ගෝඨාභය රාජපක්ෂගේ මිනිහෙක්ය කියලා. හැබැයි එහෙම බණිනවා නම් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද කාලයක් ගෝඨාභය සහ රාජපක්ෂලා හැමෝගෙම සමීපතම හිතවතකුව සිටියේය. ඒ හිතවත්කම මත අනෝමා ෆොන්සේකාගේ ආටිකල් බොහොමයක් කාන්තා සහ ජාතික පුවත්පත්වලද පළවිය. යුද්ධය දිනුවාට පසුව පොදු අපේක්ෂකයකු ලෙස රනිල්ට මිතුරු වී ජනාධිපතිවරණයට එන තුරුම සරත් ෆොන්සේකාට රාජපක්ෂලාගේ ආදරණීය අනුග්‍රහය ලැබුණේය. එහෙම බැලුවොත් ඔහුද ගෝඨාභයගේ මිනිහෙකි.

දයා සඳගිරි සමග සරත් ෆොන්සේකාගේ තියෙන ආරවුල කුමක්ද?

ඒකට හේතු කාරණාවක් නැති තරම්ය. කොහොමත් සරත් ෆොන්සේකා තම සහෝදර හමුදා නායකයන් ගැන බොහෝ විට වහසිබස් දෙඩූ අයෙකි. ඔවුන් සමග අමනාපකම් ඇතිකර ගැනීමට සමත් වූ අයෙකි. යුද්ධය දිනූ හමුදා ජ්‍යෙෂ්ඨයන් අතර සරත් ෆොන්සේකා පමණක් නොව දයා රත්නායක මෙන් දයා සඳගිරිද සිටියහ. ඔවුහුද අභීත යුද ජයග්‍රහණයේ වීරයෝ වෙති. සරත් ෆොන්සේකා කළා වගේම ඔවුහුද තම දිවි දෙවැනි කොට සටන් කළහ. යුද ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂලා සමග මිත්‍රශීලීව සිටියහ. පසු කලෙක සරත් ෆොන්සේකා රනිල් වික්‍රමසිංහ සමග එක්ව යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ආවේය.

පරාජිතව රාජපක්ෂලාගේ කෙනෙහිලිකම්වලට ගොදුරුව ඉන් නිදහස් වූ පසුව ජවිපෙ සමග එක්වූහ. එයින් නොනැවතී විවිධ මං ඔස්සේ ගිය ඔහුගේ දේශපාලන ගමන අද සමගි ජන බලවේගයෙහි සභාපති ධුරය සමග සිය දේශපාලනය කරගෙන යයි. හිටපු හමුදාපතිවරුන් වූ දයා රත්නායකට සහ දයා සඳගිරිටද තමන් කැමැති දේශපාලන පක්ෂයක් හා සබැඳිව දේශපාලනය කරන්නට ඕනෑ විය.

තමන්ට හරි යැයි හිතුණු පක්ෂයක් වූ සමගි ජන බලවේගය සමග එක්ව ඔවුහු සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නට කැමැත්ත පළ කළහ. සරත් ෆොන්සේකාගේ හැඟීම වන්නේ දේශපාලනයට පැමිණිය හැකි එකම යුද සෙන්පතියා තමා බවද? එහෙමත් නැත්නම් ඔහු සිතනවා ඇත්තේ යුද ජයග්‍රහණයේදී කැපවීමෙන් යුතුව ජීවිතය පරදුවට තැබූ එකම යුද සෙන්පතියා තමා පමණක් කියාද? ඔහු මොනවා හිතුවද දේශපාලනයට එන්නට දේශපාලනය කරන්නට ඔහුට සේම අනෙක් හිටපු හමුදාපතිවරුන්ටද අයිතියක් ඇත.

හමුදා නායකයන් දේශපාලනයට එන රැල්ල හැදුවේද සරත් ෆොනේසේකාමය. නළු නිළියන් මෙන් නොව හමුදාවේ සහ පොලිසිවල නිලධාරීන් දේශපාලනයට ආවේ ඉතා සුළු වශයෙනි. එය රැල්ලක් වූයේ සරත් ෆොන්සේකා දේශපාලන වේදිකාව ආක්‍රමණය කිරීමත් සමගමය. අද විශේෂ කාර්ය බළකායේ නායක තනතුරු දැරූ නිමල් ලෙව්කේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, දයා රත්නායක සහ දයා සඳගිරිද දේශපාලනයට පය තබා සිටිති. තෝරාගත් මාර්ගය කුමක් වුවද ඒ ඔවුන් දරන දේශපාලන මතය වේ.

සරත් ෆොන්සේකා එහි වරදක් දකින හේතුව කුමක්ද? තමා දරන දේශපාලන මතය දේශපාලනයට එන හැම අයකුම දැරිය යුතු යැයි කියා ඔහු හිතනවාද? එහෙම නැත්නම් දේශපාලනය කිරීමට සුදුසු එකම යුද සෙන්පතියා තමා පමණකැයි කියා ඔහු සිතනවාද? ඒ කිසිවක්ම නෙවෙයි නම් යුද ජයග්‍රහණයට උරදුන් එකම හෝ හොඳම රණවිරුවා තමා පමණකැයි යන සිතුවිල්ල තුළ ඔහු සිටිනවාද?

කොහොම වෙතත් නළු නිළි පොරයට වඩා රණවිරු පොරය අශ්ලීලය. නළු නිළියන් ගැන ගොසිප් අහන්නට ප්‍රේක්ෂකයා මනාප වුවද, රණවිරුවන්ට ගෞරව කරන ආදරය කරන අපේ මිනිස්සු ඔවුන් කුලල්කනවා දකින්නට කැමැති නැත. ප්‍රවීණ ගායක, විශාරද සුනිල් එදිරිසිංහ ගයන ‘රන් මලක් ලෙස’ සින්දුවේ සීඩී තැටි දහස් ගණන් එකල අලෙවි වූයේ රණවිරුවන්ට මිනිස්සු ආදරය කළ නිසාය. එලෙස ආදරය කළ රණවිරුවන් වලිවලට සෙට් වෙන එක බලන්නට ඔවුන් මනාප වන එකක් නැත. සෝෂල් මීඩියාවල රණවිරුවන් විහිළුවක් වෙනවා දකින්නට ඔවුන් කැමැති වන්නේ නැත. රණවිරුවන් දේශපාලනයට එන එක වරදක් නැත. හැබැයි රණවිරුවන් පොර අල්ලනවා දකින එක ඔවුන්ට ආදරය කළ මිනිස්සුන්ට දරාගන්නට බැරිය. අවසානයේදී සිදුවන්නේ රණවිරුවන් උපහාසයට ලක්වන එකය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි පරිණත යුද සෙන්පතියකු මේ ගැන බුද්ධිමත්ව සිතිය යුතුය. පලකට නැති පොරයකට සෙට් වීම හෝ අත වැනීම රණවිරුවන්ට සුදුසු නැත. නළු නිළියන් නම් ගොසිප්වලට ආස නිසා පොර ඇල්ලුවද රණවිරුවන්ට ඒ පොර අල්ලන්නේ නැත. එහෙම කියන්නේ ඔවුන් යුද සෙන්පතියන් ලෙස ගරු බුහුමන් ලැබ සිටින අය නිසාය.

ඒ හින්දාම නළු නිළි පොරය අවසානයේ රණවිරු පොරයක් කෙසේවත් පැමිණිය යුතු නැත.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

භාරත් ලංකා නිවාස ව්‍යාපෘතියේ හතර වන අදියර ඇරඹේ! PHOTOS I Sri Lanka Latest News

Next Post

කොටකෙතන ඝාතන රැල්ලේ තවත් ඝාතකයකුට වසර 12කට පසු මරණ දඬුවම! I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.