• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාන බුරුස් I Sri Lanka Latest News

June 19, 2023
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මගතොට මඟුල් හාවීම් Love match ඉතා විරල අතීතයේ match capstain “කපු මහත්තයා” සර්ව බලධාරී වූවේය. නොගැළපෙන දෙදෙනකුගේ කේන්දර හොඳට ගැළපෙන්නට ලියා නොවෙන්නට ගිය විවාහ යෝජනා වෑල්ඩිංකර පුරුද්දාදීමට අතිදක්‍ෂයකු වූ එතුමා හොඳට හම්බ කෙළේය.(Sri Lanka Latest News)

තරුණ දූවරු දෙදෙනකු සිටි බොහෝ පවුල්වල අක්කාගේ විවාහය පමා වූයේ ගෙදරට කැටුව එනු ලබන (කපුරාල විසින්) මනමාලයන් දැක්ක ගමං “ගිලින්න” හදන්නේ නංගි නිසාය. මේකට කපු මහත්තයාගෙ සූත්තරේ මනමාලයාට නංගි පෙන්නා අක්කා බංදා දීමය.

“නංගි පෙන්නා අක්කා දෙනවා” යන නැණැති කියමනේ (ප්‍රස්තාව පිරුළ) නිරුක්තියට හේතුව ඕකය.

“අන්දනවා, වටේ යවනවා” යන පදද ඊට බොහෝ දුරට පරියාය (සමාන) ඒවාය.

ගතවූ වසර හැත්තෑ ගණනක කාලපරිච්ඡේදයේ දී අපේ දේශපාලනඥයන් අපට බෙදුවේ ද ඔය ඇන්දීමේ සිද්ධාන්තයෙනි. මැතිවරණ වේදිකා උඩ මවාපාන්නේ සුරපුරයකි. තල්ලු කරන්නේ අවීචි මහා නරකාදියටය.

“අපෙ අම්මා ළඟ එනවා ආපු ගමං දෙක දෙනවා” යැයි හඳෙන් හාල් දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පී.බී.ජී. කළුගල්ල (මුදල් ඇමැති) එසේ කීවේය.

“අපෙ අප්පා ළඟ එනවා ආපු ගමං ඇට දෙනවා” අශෝක කරුණාරත්න (සමාජ සේවා ඇමැති) ඊට එසේ පිළිතුරු දුන්නේය.

එහෙත් රාජපක්‍ෂ පවුල බලයට එන්නටත් එසේ ආපසු යළි යළි බලයට එන්නට පමණක් නොව මතු මත්තේ එන තම පරම්පරාවේ උන් වෙනුවෙන් ද ඒ පවුලටම ආවේණික රහස් වට්ටෝරුවකට අනුව අඹරා හැදූ මහා බලගතු ඖෂධයක් (ගුළියක්) ඔවුන්ට තිබේ. ඇතැම් අයෙක් ඒ ගුළිය කෑදරකමෙන් තලුමරමරා ගිලිති. එහෙත් ඒ ගුළිය ගිල්ලොත් ගිල්ලාමය. පංචස්කන්ධයටම පත්තියං (ජීර්ණය) වේ.

එමෙන් දපනේ වැටෙන්නකි. තව්තිසාව අත ළඟම පෙනෙන්නකි. හරියට කුප්පමේනියා ගස දුටු බළලකු සේය. එබැවින් ගුළි වෙදාලා අත්කරගත් බලය ද රැකගත හැකි තරම්යැයි සිතෙන පරිද්දෙනි.

වශීකෘත වූවන්ට දක්වන ඕනෑම මායා ජාලයකට ඇස් දල්වා කට බලියා වල්ගාධිය දෙකකුල් අස්සේ (අහවල් එකේ ගෑවෙන්නටම) රඳවා ලාවුළු කෑ වානරයෝ සේද, ඇටි කෙහෙල් කෑ උගුඩුවෝ සේද බලා සිටින්නාහ. (අත් දුටුවයි. ප්‍රත්‍යක්‍ෂයි)

අඹු දරුවන් සිටින බවක් පවා නොමතක වන්නේය. මහා අගාධයක මුවවිටේ සිටින බවද නොදකින්නෝය. දරුමල්ලන් හුවගාතේ (කුස ගින්නේ) සිටින බව ද නොදක්නෝය. කන්න නැති බව වැටහීමක් නැත්තෝය. දරුවන්ට අධ්‍යාපනයක් නැති බව නොදන්නෝය. බේත්හේත් ටික නැතිකමෙන් තමතමන්ගේ පවුලේ උන් පවා මියැදෙන බව පසක් කර නොගන්නෝය.

නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණත් යන පදමට ඇතැම් ස්ත්‍රීහු සිටිත්. පුරුෂ පක්‍ෂය ලේගියං කෑවා සේය.

ලෑ (ළය) විරේක කළත් (දේශීය වෛද්‍ය ක්‍රමයේ විෂ හරණ ක්‍රමයකි) අම්මේ මුත්තේ කීවත් විෂ ඉවත් කළ නොහැකිය. ඒ තරමින් නිධන්ගත වීමට තරම් ප්‍රබල ඔසුවකි. හැබැයි, බෙහෙත ගිල්ලවීමට පෙර වෙදා ආතුරයාට පෙනෙන්නට දෑතින් පපුවට ගසාගත යුතුවීම අනිවාර්යය.

“ජාතිය සහ ආගම ආරක්‍ෂාව” ගුළියේ වෙළෙඳ නාමය වේ.

Sri Lanka Latest News

මුළු ලොවම අමතක කරවන ඔය ගුළිය ගිල්ලවූ මහජනයාට ගතවූ කාලයේම පෙන්වූයේ අර කියන ජාතිමාමක vision ජාලාය.

එක් ජාතියකට (ඡන්ද ගොඩ වැඩි) ආරක්‍ෂාව වනාහි ජාතිවාදයයි. ඉන් ජාතීන් ගණනාවකට මරණ භීතියයි. ජාතිවාදයේ නිවුන් සොහොයුරා වෛරයයි. වෛරයේ වැඩිමල් සෙහොයුරා පලිගැනීමයි.

පාස්කු ප්‍රහාරය වෛරයේ ඇවිළෙන ගින්නට පිදුරු නොව පැට්ට්‍රෝල් බවුසර් ගණන් පොම්ප කිරීමය. ඒ මහා ගින්න ඇවිළීමට වක්‍ර මගින් ආගමික ප්‍රධානීන් පවා අනුශාංගික කරවා ගත්හ. පානදුරේ ගින්න පැතිරුණේ ඒ අන්දමිනි. ඔය සියල්ල සිදුවූයේ ගුළි “ඕවර් ඩෝස්” (මාත්‍රාව වැඩිපුර) ගත්තවුන් නිසාය.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එල්ල කෙරුණු වඳ සැත්කම් චෝදනාව මුළු ලංකාවම එකම ගිනි මැලයක් ලෙස ඇවිළෙමින් ජාත්‍යන්තරයටද පැතිර ගියේය. ගම් නියම්ගම් නගර ගිනිබත් විය (අම්පාර, දිගන). මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල වූවේය. තැත් තැන්වල බුදු පිළිම බිඳුණේය.

සහෝදරත්වයෙන් විසූ සිංහල සහ මුස්ලිම් ප්‍රජාව (අල්ලපු නිවැසියා වුවත්) එකිනෙකා දෙස බලන්නට වූයේ සැකයෙන් පමණක් නොව ද්වේශයකිනි. මුස්ලිම් වෙළෙඳසල්වලින් මිලට ගැනීම් අත්හිටෙව්වා පමණක් නොව ඒ ආයතන දෙස නොබැලීමට පවා වගබලා ගත්හ.

නගර කීපයක විශාල වෙළෙඳ ආයතන ගණනාවක් වැසී ගියෙන් ඒවායේ සේවය කළ සිංහල කතාකරන විශාල පිරිසක් ද මහමඟට වැටුණෝය. ඔය අතර තුරේ දී උතුරු ප්‍රදේශයේ බුදුපිළිම කඩා බිඳදමන ප්‍රවෘත්තියක්ද සමාජගතවූවේය.

වඳ සැත්කම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට නගා තිබුණේ පදනම් විරහිත චෝදනා බව පරීක්‍ෂණයේදී හා විමර්ශනයේ දී නිරීක්‍ෂණය වූයෙන් හෙතෙම පසුගිය මැයි 30 වැනිදා සිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නාරි සහ ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා වශයෙන් යළි රාජකාරියට ආවේය.

වන්ද්‍යාකරණ භීතිකාව බහුතරයේ චිත්තාවලිය ආවේගශීලී තලයට වෙනස් කිරීමේ මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයේ Turning systemtla අයිතමයක් එසේ වුවත් තවත් අතුරු ක්‍රියාවලියක් ද ඊට සමගාමීව ක්‍රියාත්මකවෙමින් තිබුණේය.

ආහාර ද්‍රව්‍යවලට කෑම බීමවලට පවා වඳකාරක යොදන බව වසංගතයක් මෙන් රටපුරා පැතිර යාමෙනි. කෑම බීමවලට පමණක් නොව ටොපි චොක්ලට්වලට සේම කාන්තා පුරුෂ දෙපක්‍ෂයටම අයත් යට ඇඳුම්වලට පවා වන්ද්‍යකරණීය රසායනික ද්‍රව්‍ය යොදා ඇති බැව් වෛරසයක් මෙන් සමාජගතව තිබුණේය. ඒ නිසා අල්ලපු ගෙදර වෙසෙන ඉස්ලාම් භක්තිකයා දුටුවේ ද වෛරක්කාරයකු පරිද්දෙනි.

ඔය අතරතුරේ බුදු පිළිම වනසන බවට පැතිරුණු වෛර මූලික පුවතද ඔද්දල්ව රට දෙවනත් කෙළේය.

ඔය කවර ආරංචියක් හෝ ඇසූ පමණින් සියලු ප්‍රශ්න හැරපියා ඇඳිවත අංශක විසිතුනහමාරටත් චුට්ටක් උඩට වන්නට කැටි කරගත් දෑහිතකාමීහූ සතුරන් පොලු ගසන්නට පනින්නාහුය.

හඳුනාගත් හෝ හඳුනා නොගත් හෝ උන්ගෙන් කෙරෙන ඝාතනවලින් ඇතිකරවනු ලැබූ භීතිය වනාහි බලයේ රැඳී සිටීමේ අටියෙන් මහජනයා මංමුළා කරවනු ලැබීමට ඇටවූ මළපුඩු වූයේය. භීතියෙන් මුසපත් වුවනට ජීවිතය විනා අන් දෙයක් නොපෙනෙන නොසිතෙන හෙයිනි.

මත්ස්‍යයාට ජලය නැතිව ජීවත් විය නොහැක්කා සේ අහවල් උදවියට බලයේ රැඳීසිටීමට නැතිවම බැරි ජාති ආලය හුවා දැක්වීමේ තවත් ගේමකි ෆාදර් කෙනකුන් නොවූවත් එනමින් හඳුන්වනු ලබන පාස්ටර් ජෙරමියන්ගේ කේස් එක.

බුදුන්ට බුද්ධත්වය ලැබීමට නාසරෙත්හි ජේසුතුමන්ගේ ආභාසය ඇවැසි වූ බවත් බුදුරජාණන් වහන්සේට වඩා ජේසුස් වහන්සේ බලවත් බවත් එහෙයින් බෞද්ධයන් ජේසුස් වහන්සේ ඇදහිය යුතු බවත් පාස්ටර් ජෙරම් කීවේ යැයි කියන කතාවක් නිසා බෞද්ධ ප්‍රජාව යළිදු කුපිත වූහ.

එසේ කළ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම සfදාස් (fදා්ශ සහිත) එකක් යැයි නොකියාම බැරිය.

එහෙත් මේ කතාව මොන දෙයක් අදහස් කර කීවේ දැයි යන්න අදහාගත නොහැකිය. මන්ද බුදුන් ජීවමානව වැඩසිටියේ ජේසුස් වහන්සේට වසර පන්සියයකට පෙරාතුව බැවිනි. පෙර ජීවත් වූවකු පසුව ජීවත් වූවකුගෙන් උපදෙස් ගත් බව කීම හතර බීරි කතාවකි.

අනෙක් අතට බුදුන්ට (බුදුකෙනකුට) බුදුවීමට ආභාසයක් අවශ්‍ය නැත. ඒ බුද්ධත්වය ලබා ඇති හෙයිනි. අවශ්‍ය නම් අවශ්‍ය වන්නේ බෝධිසත්ව තාපස කෙනකුට පමණි.

මේ අනුව සමාජගත කළ පාස්ටර් ජෙරම්ගේ කතාවද හරසුන් එකක් වුවත් අරමුණ මිනිසුන් කිප්පීමට සංවිධානාත්මකව සැලසුම් කළ ව්‍යාපෘතියක් බවයි.

ඇතැම්හු ජනප්‍රිය වෙන්නට අරුමෝසම් වැඩ කරති.

ඒරොප්පෙ ආදී රටවල දැවැන්ත ක්‍රිකට් ක්‍රීඩා වැනි ජනරාශි වන අවස්ථාවක ඇතැම් සුද්දන් සියලු ඇඳුම් උනාදමා අමුම අමු හෙවුළකුටෙන් (නිරුවතින්) පිටිය හරහා දුවන අන්දම මාධ්‍යවල දැක්වූ අවස්ථා එමටය. එවැනි හරක් වැඩ ජනප්‍රිය වෙන්නටය.

පාස්ටර් ජෙරම්ගේ ක්‍රියාව ද එවැන්නක් විය හැකිය. නැතහොත් පොඩි නට්ලූස් එකක් නිසා වන්නටද බැරි නැත. මන්ද ඔයිට ඉස්සර භානුක රාජපක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩාවේ ශිල්ප දැක්වූවේ තමන්ගේ බලමහිමයෙන් බව ද ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබ තිබූ හෙයිනි.

ඔය කතාව ඇසූ විට ගලගොඩඅත්තේ ඥානසාර, ඇල්ලේ ගුණවංශ වැනි උන්නාන්සේලා සහ ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමෙත් ඇවිස්සී ආවෝ හරියට ලේ සුවඳ දැනුණු කල නළියන කූඩැල්ලන් රැලක් පරිද්දෙනි. (පෝලිංවල මිනිස්සු මැරී වැටෙන විට ඔය පොක්කරම (නඩේ) සිටියේ කොහේදැයි නොදනිමි)

සිංහයකුට සටනකට අභියෝග කළ ඌරකු අශූචි තවරාගෙන සිංහයකු සේ ශරීරය මහත් කරගෙන සටන් බිමට පැමිණි කල “අනේ උඹත් එක්ක මට මොන සටන්ද? උඹම දිනුම ගනිං” යැයි සටන බලන්න පැමිණ සිටි කැලේ සියලුම සතුන් ඉදිරියේදී කී සිංහයා සිංහ සෙයියාවෙන්ම ආපසු හැරී යන්න ගිය කතාව මේ අය අසාවත් ඇත්දැයි යන්න නම් සැකයකි.

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට මෙහි සිටි යක්‍ෂයන් දමනය කර පරසක්වළ ගලෙනුත් එහාට පන්නා දැම්මේ (ගම්මුන් කියන අන්දමට) තම රටේ විජයට ලංකාවට එන්නට බැක් ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරදීමට යැයි වරක් එක් දේශපාලන පක්‍ෂයක දැවැන්තයකු කී කතාව පරිද්දෙන් මේ හාමුදුරුවරුන්ද මේ ගැටය ගැහුවේ බැට් එකත් පැත්තකට විසිකර දමා පිච් එකෙන් පැන දිවූ මහින්ද ලොක්කාට ආයෙ එන්නට පිට්ටනිය සුද්දකර දීමටය යනුවෙන් ඇසෙන කතාවද කොහෙත්ම ලඝුකර සිතිය නොහැක්කක් බව ද කිව යුතුය.

අපේ මහා සංඝරත්නයේ ගරුත්වය ආරක්‍ෂා කර දීම උදෙසා මේ ටිකත් කිව යුත්තේමය.

ජෙරම් කවරෙක්ද? සාමාන්‍ය මිනිසුන් අතර සිටින ආගමකට වෙන්වී කටයුතු කරන ගිහියකු මිස ආගමික නායකයකු නොවේ. මේ රටේ බෞද්ධම නොවූවත් සෙසු ගිහි පිංවතුන් අරබයාද කළ යුතු කෝටි පදං වැඩ හාමුදුරුවරුන්ට තිබියදී මෙවැන්නකු පසුපස පන්නායාම අරුත් සුන් වැඩකි.

ඒ කාර්යය උදෙසා බෞද්ධයෝ සිටිත්. මේක හරියට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වෛශ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට ගුබ්බෑයමකට (කුප්පායමකට) රිංගීමක් වැන්න. මෙතරම් උනන්දුවක් දැක්වූවේ අහවලා කරළියට ගෙන ඒමේ උත්සාහයක් බව කියන කතාවට තෙල් වැක්කිරීමකි.

“සුද්ධෝදනගෙ පුතා උපන් හැටියේ ඇවිද්දා” යැයි රෙදි අඳින්නියකට කොහෙත්ම නොහොබින කතාවක් නටාගෙන කී නූතන චිංචි මානවිකාව නටාෂා නෝනා ද පාස්ටර් ජෙරම්ගේ කෝවේම (අච්චුවේ) නිෂ්පාදනයක් බව පැහැදිලිය.

මොනවා වුවත් ඔය මඟුල්වලින් කෙරෙන්නේ අපේ රටේ පොඩි දරුවන්ට පොවන්නට ඇති කිරිපිටි පෙට්ටිය පවා රුපියල් එක්දහස් ගණනට නැග්ගූ සිද්ධිය බෙහෙත් හිඟය ආදී කතා ගොන්න අකාමකා දැමීමට කෙරෙන උප්පරවැට්ටියක් යැයි කිව නොහැක්කේ කාටද?

මහජනයා ගොනාට ඇන්දවිය හැකි බවට පූර්ව විනිශ්චයට බැස රටේ ප්‍රශ්න යටගැසීමට නටන නෛයාඩගම් කියන්නට යනවානම් ග්‍රීස් යකා ද ඇතුළුව නරි නාටක තවත් බොහෝය.

ප්‍රතිත්‍රස්ත පනත, දිනපතා ඉහළ යන අබිරහස් ඝාතනවල සැකකරුවන් සහ පාතාල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ගැන දෙසාබාන පුරසාරං යනු ප්‍රශ්න යට ගසා මහජනයා මුළා කිරීමට අනන සබ්බ සකල කෙප්ප බව පැහැදිලිවම පෙනෙන්නේ අධිකරණයෙන් මිනීමරුවන් බවට තීරණය කළ උන් පවා පාර්ලිමේන්තුවේ දී රඟන රැඟිල්ල දකින විටය.

“බත් ඇට කැවුං දෙයියො දනී” කියන්නේ ඔං ඕවාටය.

මගේ අසල් ඉස්ලාම් භක්තික සනුජාන් මගේ ඉතාම හිතවතකු වී ඇත්තේ ඔහු සංහිඳියාවේ දැවැන්තයකු නිසාය. ඔහුගේ බිරිය හින්දු භක්තිවන්තියකි. දරුවෝ සිංහල පාසල් යති.
පසුගිය රාමලාන් උත්සවය දවසේ සවස මා රඹුක්කන නගරයට යමින් සිටිදී ඔවුන්ගේ හත් හැවිරිදි පුතා මිදුලේ සිට “සීයෙ මට මල් තියෙන “වාන බුරුස්” එකක් ගෙනැත් දෙන්නැයි” කීවේය.

මම ඒ පොඩි එකාගේ ඉල්ලීමට අනුව වාන බුරුස් තුනක්ම ගෙනැවිත් දුනිමි. ඔහුට අවශ්‍ය වූයේ මා ලවා ඉන් එකක් පත්තුකර ගැනීමය. මම ඊට සූදානම් වූවෙමි. වානබුරුස් යනු අහස් කූරුය. පොඩි දරුවා මල් තියෙන වානබුරුස් යැයි කීයේ දැල්වී අහසේ ටික වෙලාවක් මල් විහිදුවන (නිලාවක් පරිදි) අහස් කූරුය.

සිය මාපියන්ද මිදුලට කැඳවූ පොඩි දරුවා මා දැල්වූ අහස්කූරෙන් අහසේ විදාරණය වූ මල් දෙස බලා සිටියේ අත්පුඩි ගසමින් ඉතා සතුටිනි. අපිද උඩබලාගෙන සිටියෙමු.
අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ පැවැති ආණ්ඩු අපට ඇර ඇත්තේ “වානබුරුස්” නොවේ දැයි මම මගේ මිත්‍රයාගෙන් ඇසුවෙමි. ඔහු එය අනුමත කරන නියාවෙන් හිස වැනුවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

වාරියපොල රජයේ ගොවිපලේ සේවිකාවන් වසර 30ක් තිස්සේ ස්ථිර කරලා නෑ! බැරිම තැන කළමනාකරු සහ නිලධාරීන්ව හිරකරලා කාන්තාවො වහලෙ උඩ උද්ඝෝෂණයක! VIDEO I Sri Lanka Latest News

Next Post

රටට ඇත්ත නොකියන විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට කන පැලෙන්න වදී! මෙන්න ඇත්ත! පුබුදු කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.