• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පණ පිටින් පනාගොඩට ගෙනාවාද? මහින්ද කනට ගැහුවද? ඔළුවට වෙඩි තිබ්බේ කව්ද? මැරුවේ කොළඹදීද? ප්‍රභාකරන්ගේ අන්තිම මොහොත ගැන කිසිවකු නොකරපු විශේෂ හෙළිදරව්ව!

December 21, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
පණ පිටින් පනාගොඩට ගෙනාවාද? මහින්ද කනට ගැහුවද? ඔළුවට වෙඩි තිබ්බේ කව්ද? මැරුවේ කොළඹදීද? ප්‍රභාකරන්ගේ අන්තිම මොහොත ගැන කිසිවකු නොකරපු විශේෂ හෙළිදරව්ව!
Share on WhatsAppShare on Facebook

තිස් වසරක් පුරා මුළු මහත් ශ්‍රී ලංකාව පීඩාවට පත්කළ යුද්ධය අවසන් වෙලා දොළොස් වසරක කාලයක් ගතවෙලා. ඒ යුද්ධයේ අමිහිරි මතකයන් අපේ හිත්වලින් තවමත් මැකී ගිහින් නැහැ. ගම්, නගර, විහාරස්ථාන, පල්ලි, කෝවිල්, රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන සිය ගණනකින් එකල නිරන්තරව වාර්තා වුණේ හද කකියවන බෝම්බ පිපිරීම් පිළිබඳ පුවත්. ඒ සියල්ලට නායකත්වය දුන්නු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාගේ අවසානයත් සමග 2009 මැයි 19 වැනිදා ජනතාව සැනසුම් සුසුම් හෙළුවේ යුද්ධය අවසන් වීමේ සතුට අත්විඳිමින්. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඝාතනය සිදුවූ ඒ දවස දක්වාම යුද බිමේ ඉදිරි ආරක්ෂ වළලුවල සැරිසරමින් අභියෝගාත්මක යුද පුවත් වාර්තාකරණය ඔස්සේ දිනපතා රාත්‍රියේ අප හමුවට ආ මාධ්‍යවේදීන් අතරින් සුජිත් විතාන පතිරණට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්. ජීවිතයත් මරණයත් අතර බියකරු සටන් මැද ඔහු නිර්භයව ගෙන ආ යුද පුවත් දෙස මුළු රටම ඇස් දල්වාගෙන බලා සිටියා. ‘වනැස ටී.වී.’ යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී සංජීව රත්නායක සමග සුජිත් විතාන පතිරණ සිදුකළ මේ සාකච්ඡාව තුළ කොටි නායකයාගේ ඝාතනය සිදුවූ ආකාරය ගැන ඔහු මෙතෙක් මාධ්‍යයට අනාවරණ නොකළ තොරතුරු රැසක් තිබෙනවා. යුද්ධයේ අවසන් මොහොතේ ඔහු දුටු, ඔහු අත්විඳි අත්දැකීම් මේ විදියට පාඨක ඔබ වෙත ගෙන එන්නට අපි හිතුවා. මේ සාකච්ඡාව ‘වනැස ටී.වී.’ යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දක්.

යුද්ධයේ අවසන් දවසෙ, අවසන් මොහොතෙ නන්දිකඩාල්වල සිදුවුණු සිදුවීම් ගැනත් කියමු?
අවසන් දිනය කියන්නේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. මට මතකයි 1996 අවුරුද්ද. මම එතකොට අට වසරෙ පොඩි කොල්ලෙක්. අනුරුද්ධ රත්වත්තේ තමයි ඒ කාලෙ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති. ඒ කාලෙ යාපනේ ඇල්ලුවා. ඒක අපි පුංචි කාලෙ මතකයෙ ලොකු එකක්. ලංකාවෙ යුද සිතියමේ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල කියන්නේ බෙදුම් තීරය. එල්.ටී.ටී.ඊ.ය අවුරුදු ගානක් පුරා තීපන් කියන නායකයා රඳවා තියලා මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල රැක්කා. ඒ තරම් ඉදිරි ආරක්ෂක වළල්ල වැදගත් වුණා. මම කියාගෙන ආවේ අපේ තාත්තා මට කතා කරලා කිව්වා ‘හීං කොලුවො යාපනේ අල්ලලා බං…’ කියලා. මං ඇහුවා, ‘ප්‍රභාකරන් කෝ දැන්?’ කියලා. ඉතින් අපේ තාත්තා කිව්වා, ‘බෝම්බ වළලු 300ක් දාගෙන, මරාගෙන මැරෙන එවුන් 300ක් දාගෙන, ආරක්ෂාවට කළු කොටි 50ක් තියාගෙන තමයි ප්‍රභාකරන් ඉන්නේ. ප්‍රභාකරන් අල්ලන්න බෑලු. බෝම්බ වළලු ටිකත් පුපුරවලා, මරාගෙන මැරෙන එවුනුත් ඉවර කරලාලු ප්‍රභාකරන්ව අල්ලන්න ඕනෙ. ප්‍රභාකරන් අලිමංකඩ පැත්තේ ඉන්නවාලු යාපනේ ඇල්ලුවට…’ කියලා. මම ඒ කතාව කිව්වේ ඔබ අහපු ප්‍රශ්නෙ මුල දවසයි, අපේ තාත්තා කියපු කතාවයි මට මතක් වුණා ඒ මොහොතේ. අන්තිම හරිය වෙනකොට මාධ්‍ය අතරත් සටනක් තිබුණා, අර නාලිකාවට කලින් බ්‍රේකින් නිවුස් එක ගහන්න ඕනෙ, මේ නාලිකාවට කලින් වාර්තා කරන්න ඕනෙ කියලා. ඒ නිසා තරගෙකුත් තිබුණා. සමන් කුමාර රාමවික්‍රමට කලින් මම කොහොමද ප්‍රභාකරන්ගෙ මරණය වාර්තා කරන්නේ කියන හීනෙ මට තිබුණා. යුද්ධය වාර්තා කරන්න ගිය කෙනෙක් හැටියට මට එහෙම හීනයක් නැත්නම් වැඩක් නෑනෙ.

ඉතින් ඔබ අහපු අවසන් දවසට දවස් කිහිපයකට කලින් මම හිටියේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්තයා මෙහෙයවපු 53 වැනි සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ යුද වාර්තාකරණය කරමින්. එහෙම ඉද්දි මම ජෙනරල් කුමල් ගුණරත්නටත් හොරෙන් ඉදිරි ආරක්ෂක වළල්ලට යනවා. ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හමුදාව යටතට අරගෙන ඉවරයි. නමුත් ප්‍රභාකරන් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. මම මේ කියන්නේ මැයි 17 වැනිදා. උදේ පාන්දරින්ම 05 වැනි ගැමුණු හේවා බළඇණියේ මේජර් රත්නායක මට කිව්වා ‘දෙවැනියා ගත්තා, මොකෝ කියන්නේ එන්න බැරිද…? කියලා. මම ඇහුවා, ‘දෙවැනියා?’ ‘ඔව් ඔව් චාලිට දුන්නා වැඩේ…’ කියලා ඔහු කිව්වා. මම කොට කලිසමක් ඇඳගෙන හිටියෙ. ඒක පිටින්ම මම එතැනට ගියා. එල්.ටී.ටී.ඊ. සිරුරු තිබුණු හාරසිය ගානක් විතර. ඒක සමූහ ප්‍රහාරයක්. ප්‍රභාකරන්ගෙ ලොකු පුතා චාල්ස් ඇන්තනී ඇතුළු ප්‍රබලයන් රැසක් මියගිහින්.

කිලිනොච්චි, විශ්වමඩු නගර අහිමි වීමෙන් පස්සේ එල්.ටී.ටී.ඊ.යට සිදුවෙච්ච ප්‍රධානම පරාජය තමයි පුදුකුඩිඉරිප්පු නගරය අහිමි වීම. ඔවුන්ගෙ සැපයුම් මාර්ග සියල්ල බිඳවැටුණා. තීපන්, විදුෂ ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ ප්‍රබල සාමාජිකයො ඇතුළු විශාල පිරිසක් පුදුකුඩිඉරිප්පු සටනෙදි මියගියා. මම කියන්නේ මේ 17 වැනිදා දවස ගැන. ටිකෙන් ටික ටිකෙන් ටික නන්දිකඩාල් කළපුව ගාවට ඇවිත්, වාහන ඔක්කොම ගිනිතියලා, දුම් රොටු අස්සෙ හැංගිලා ජීවිතේ කරපු සියලු පව්වලට ප්‍රභාකරන් වන්දි ගෙව්වා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ප්‍රභාකරන් හැංගිලා හිටපු තැනයි, චාල්ස් ඇන්තනීට වෙඩි වැදිච්ච තැනයි අතර දුර මීටර් 500ක් ඇති. තමන්ගෙ ලොකු පුතා වෙඩිකාලා මැරෙනවා ප්‍රභාකරන් සජීව දකින්න ඇති. කවුද පැරැදුණේ, කවුද දින්නේ කියන එක ප්‍රභාකරන්ට අඳුනගන්න බැරි වෙන්නෙ නෑ. ඒ නිසා ප්‍රභාකරන් පැත්තෙන් ගිය ලොකු පුතා ඇතුළු පිරිස නන්දිකඩාල් කළපුවෙ මැරෙනවා ප්‍රභාකරන්ට සජීවීව දකින්න ලැබුණා. අපේ රටේ දහස් ගානක් දරුවො බල්ලො බළල්ලු වගේ මරපු එකේ වන්දිය ප්‍රභාකරන්ට සජීවීව විඳින්න සිද්ධ වුණා. ප්‍රභාකරන්ගෙ බිරිඳයි, දුවයි කාලතුවක්කු වෙඩි වැදිලා කුඩුවෙලා තිබුණා. ඒවත් ප්‍රභාකරන් දකින්න ඇති. යුද හමුදාව දහස් ගානක් ඉන්න පොඩි කළපුවක් මැදට වෙලා අන්තිමේදි ප්‍රභාකරන්ට බලන් ඉන්න සිදුවුණා මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. 17 වැනිදා ඔය විදියට ගෙවිලා ගියා. චාල්ස් ඇන්තනී හිටියා නම් ප්‍රභාකරනුත් ඉන්න ඕනෙ කියන න්‍යාය මතු වුණා. චාල්ස් ඇන්තනීව තියලා ප්‍රභාකරන් පනින්න විදියක් නෑනෙ. ඊට අමතරව සුසෙයි නෑ, භානු නෑ. පොට්ටු නෑ, ජෙරම් නෑ, ස්වර්ණම් නෑ, රමේෂ් නෑ එල්.ටී.ටී.ඊ. එකේ සෙට් එකක් නෑ. 18 වැනිදා වෙද්දි යුද බිම නිශ්ශබ්දයි. ප්‍රභාකරන්ගෙ ප්‍රවෘත්තිය ඉස්සෙල්ලාම දෙන්න ඕනෙ කියන උණුසුම් සිතුවිලිත් මැරිලා ගිහිල්ලා. ප්‍රභාකරන් නැති නිසා. පැනලා ගිහිල්ලාවද්ද කියලා.

හැබැයි 18 වැනිදා රෑ 12ට විතර කළපුව මැද කඩොලාන කොටසේ සද්ද බද්ද ටිකක් ඇහෙනවා බලසේනාධිපති ලලන්ත ගමගේ මහත්තයට. ඔහු තේරුම් ගන්නවා එතැන මොකක් හරි සිදුවීමක් තියෙන බව. හැබැයි කලබලයක් නෑ, වටේම හමුදාව යොදවලා ඉන්නේ. අපි කලබල නැති වුණාට ඔහු කලබලයි. හේතුව, ප්‍රධාන ඉලක්කය ඉන්නේ මේ කොටසේ වෙන්න පුළුවන් නිසා. 18 වැනිදා රෑ ඔය සද්දත් එක්ක 19 වැනිදාට එළිය වැටෙනවා. අර තොරතුරු ලලන්ත ගමගේ මහත්තයා නොදුන්නත් ඇලට් එකේම ඉන්න කොට අපටත් හුවමාරු වෙනවා. ඉදිරි ආරක්ෂක වළල්ලේ රණවිරුවොත් එක්ක තමයි මගේ සියලු ගනුදෙනු තිබුණේ. ලොකු ලොකු නිලධාරීන් එක්ක නෙවෙයි මම ඉන්නේ. මට ඔවුන්ගෙන් ගන්න තොරතුරු මාධ්‍යවේදියෙක් විදියට හරිම වැදගත්.
එදා උදේ 4ට විතර දුරකතන ඇමතුමක් ආවා නන්දිකඩාල් කළපුව ඇතුළෙ සද්දයක් ඇහෙනවා, යම්කිසි සිදුවීමක් වෙනවා කියලා. පාන්දරම නැඟිටලා පුදුකුඩිඉරිප්පු හන්දියට ගිහිල්ලා හැරෙනවත් එක්කම අටවැනි කාර්ය සේනාංකාධිපති කර්නල් රවිප්‍රියගෙ කැබ් එක ඉතා වේගයෙන් දූවිලි අවුස්සගෙන ගියා. මගේ රියැදුරා උපාලි සමරකෝන්ට මම කිව්වා රවිප්‍රිය සර්ගෙ කැබ් එක පස්සෙන් ඇදපන් කියලා. නන්දිකඩාල් කළපුවෙ වම් ඉවුරෙදි කර්නල් රවිප්‍රිය කැබ් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා වගේ මම දැක්කේ. මම ඔහුගෙ පස්සෙන් ගියා. නන්දිකඩාල් කළපුවෙ සිදුවීමක් තියෙනවා. ඇටෑක් කරන්න ජෙනරල් ගුණරත්නට සහ පිරිස්වලට දැනුවත් කරමින් හිටියෙ. ඒ කළපුවෙ ප්‍රභාකරන් ඉන්නවද නැද්ද කියලා කවුරුත් දන්නෙ නෑ. මේ ඒරියා එක 4 වැනි විජයබා පාබල හමුදාවෙ. හමුදාව දැන් එක පැත්තකින් එයිට් මෑන් ටීම් දෙකක් හෝ තුනක් දාලා, වටේටම යුද ටැංකි දාලා, කළපුවටත් යුද ටැංකි ප්‍රහාරයක් එල්ල කළා. කර්නල් රවිප්‍රියත් එක්ක ඔහු බැහැපු ප්‍රදේශයෙනුත් 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුවෙ අණදෙන නිලධාරි රෝහිත අළුවිහාරේ, බළසේනාධිපති ලලන්ත ගමගේ මහත්තයත් එක්ක හමුදාවෙ සෙට් එකක් නන්දිකඩාල් කළපුවෙන් බැහැලා මේ ඇටෑක් එක යන පැත්තට යනවා. මම දැන් තීරණයක් ගන්න ඕනෙ ඒ පිරිසත් එක්ක යනවද, නැත්නම් මේ පැත්තට වෙලා ඇඟ බේරගෙන ඉන්නවද කියලා. මම ඇහුවා චමිල් ආනන්දගෙන් යනවද බං කියලා. එතැනින් පස්සේ ඔබ මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යන ගමන ආරම්භ වුණා.

අපිත් එක්ක ගිය හමුදාව වෙඩි තියාගෙන ගියෙ. අනෙක් පැත්තෙන් ආපු හමුදාවත් වෙඩි තියාගෙන ආවෙ. 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුව නන්දිකඩාල් කළපුවෙ මුලතිව් පැත්තෙන් ආවා. එයිට් මෑන් ටීම් එකක් ඇවිල්ලා තිබුණා. මම දන්නෑ මට බොරු කියන්න බෑ රටට. අහවල් සොල්දාදුවා අහවල් වෙලාවෙ වෙඩි තියලා ප්‍රභාකරන් කියලා මට කියන්න බෑ. මම ඒක දන්නෙ නෑ. හැබැයි එයිට් මෑන් ටීම් 3ක් හෝ 4ක් එක දිගටම කළපු කෑල්ලට ගහලා අපි කළපු කෑල්ලට ගොඩවෙනවත් එක්කම මම දන්න විදියට සාජන් නවරත්න හරි, ඒ වගේ නමක් තියෙන රණවිරුවෙක් එක පාරටම ඔහුගෙ අණදෙන නිලධාරියාට කතා කරලා, ‘සර් සර් බඩු අහු වුණා කිව්වා…’ කළපුවෙ වතුර දිගේ කෙනෙක්ව ඇදගෙන එනවත් පෙනුණා. හැබැයි මායි චමිල් ආනන්දයි ඉස්සරහට ගියා මට එතැන ප්‍රශ්නයක් තිබුණා, මම මාධ්‍යවේදියෙක්. මට වැදගත් දර්ශනය. ඒ නිසා මම ඒ ඇදගෙන ආපු කෙනාට කිව්වා ‘ඇදගෙන එන්න එපා ඩැමේජ් වෙයි, පොඩ්ඩක් උස්සගෙන එන්න…’ කියලා. ඒ වෙලාවෙ එතැන හිටිය රණවිරුවො හැමෝටම හොඳටම කේන්ති ගියා. ‘මූව කරේ තියාගෙන එන්නද කියන්නෙ?’ කියලා. අවුරුදු ගානක මහා විනාශයක් කරපු ත්‍රස්තවාදියෙක් තමයි. හැබැයි මම දැක්කේ අර පැත්තේ. ඔහුව කළපුවෙ ඇදගෙන ඇවිල්ලා, ඩැමේජ් වෙලා බොඩි එක අඳුරගන්න බැරි වුණොත් මම කලින් කියපු බටහිර බලවේග ටික කියනවා ප්‍රභාකරන් මැරුණෙ නෑ කියලා. ඒ නිසා මට වැදගත් වුණේ ඒක. හැබැයි බළසේනාධිපති සහ අණ දෙන නිලධාරිතුමාට මම කියපු එක ඇහිලා කිව්වා, ‘උස්සලා ගනිල්ලා, ඩැමේජ් වුණොත් අඳුණගන්න බැරි වෙනවා…’ කියලා. ප්‍රභාකරන් මැරිච්ච තැන ඉඳලා මීටර් 20ක් විතර මෙහායින් තමයි ප්‍රවෘත්තිවල සහ සියලු මාධ්‍යවල පළවුණු මගේ ‘ඔන් කැමරා කට් එක’ මම ගන්නේ, එතැනම තිබුණු බංකරේක වැලි කොට්ටයක් තියලා. වෙඩි වැදිච්ච තුවාලෙන් ප්‍රභාකරන්ගෙ ඇහැක් එළියට වැටිලා තිබුණා. ඒ ඇහැ මට ඕනෙ මේ ප්‍රභාකරන්මයි කියලා රටට පෙන්වන්න. මම ඇහැ ඇතුළට දාලා, මගේ නිල් පාට ලේන්සුවෙන් ප්‍රභාකරන්ගෙ ඔළුව බැන්දා. ඒ දර්ශනවල මම මේ කියපු දේ ඔබටත් බලාගන්න පුළුවන්. ඔහු හිටියේ සම්පූර්ණම ත්‍රස්තවාදී ඇඳුම ඇඳගෙන. ඔහුගෙ ‘01’ කියන ටැග් එක තිබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ හැඳුනුම්පත තිබුණා. ඔහුගෙ කලිසම් සාක්කුවෙ තිබුණා නිල් පාට පෑනකින් ලියපු මෝටාර් 04යි, ටී.56 උණ්ඩ 2000යි කියලා ලියපු පතුරම් ලැයිස්තුවක්. හැබැයි මම ඇහැ බැඳලා වැලි කොට්ටෙ තියනකොටත් ප්‍රභාකරන්ගෙ ඇඟේ රස්නෙ ගිහින් තිබුණෙ නෑ. මම එහෙම කියන්නෙ මෙච්චර දේවල් දැකලා, මෙච්චර දේවල් වාර්තා කරලා ප්‍රභාකරන්ට තියා නිකන්ම නිකන් එල්.ටී.ටී.ඊ.කාරයෙකුටවත් අපේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් රිංගලා යන්න බැරි තත්ත්වයක් තියෙන බව කියලා තියෙද්දිත් යුද්ධය දියාරු කරන සමහර කණ්ඩායම් කියන්න ගත්තා ප්‍රභාකරන්ව පනාගොඩට ගෙනාවා, කොළඹට ගෙනාවා, මහින්ද රාජපක්ෂ ඔහුගෙ කනට ගැහුවා, ආයෙ ගෙනිහිල්ලා තමයි මැරුණෙ වගේ කතා. මගෙන් ගොඩක් දෙනා ඇහුවෙ ප්‍රභාකරන් පනාගොඩට ගෙනාවා කියන්නේ ඇත්තද කියලා. මට අපේ මිනිස්සු ගැන යම් හිරිකිතකුත් දැනුණා. ජීවිත කීයක් කැපකරලද මේ දේ සිද්ධ වුණේ. ඒකෙන් හෑල්ලුවට ලක්කරන්නේ ඉදිරි ආරක්ෂක වළලුවල හිටිය රණවිරුවො. ඔවුන් ප්‍රභාකරන් එක්ක මූණට මුණ ගහගත්තා.

අවසන් දවසේ ප්‍රභාකරන් වටේ හිටපු බොහොම හැඩිදැඩි කළුකොටි 12 දෙනකුගෙ විතර මළ සිරුරු තිබුණා. ප්‍රභාකරන්ගෙවත් ඒ 12 දෙනාගෙවත් අවි ආයුධවල එක පතුරමක්වත් ඉතුරු වෙලා තිබුණෙ නෑ. අවසන් පතුරම දක්වාම ගහලා තමයි ඔවුන් මැරිලා වැටිලා තිබුණේ. ඒ තරම් උනුත් මූණට මූණ සටනේ යෙදුණා.

බ්‍රේකින් නිවුස් එකක් යන තරම්, ආලින්දයේ ඉඳන් ලස්සන ලස්සන රූපරාමු ටිකක් බලන තරම් සුන්දර නෑ. ඒ අසුන්දර අත්දැකීම් තුළින් මිනිසුන්ට සුන්දර රටක් හදලා දෙන්න අපේ නොමැරෙන වීර රණවිරුවො කැපවුණා. ඔවුන් අද විශ්‍රාම ගිහින් හිටියත්, තවමත් සේවයේ යෙදිලා හිටියත්, මරණයට පත්වුණත්, තුවාල ලබලා ‘අභිමංසල’ වගේ තැනක ප්‍රතිකාර ලබමින් සිටියත් ඔවුන් තමයි මේ රටේ වීරයො. අපට දසමහා යෝධයො හිටියා කියලා අපි කතාවල අහනවා. මම දසමහායෝධයො දහස් ගානක් නන්දිකඩාල් කළපුවෙදි, මාන්කුලම්වලදි, වෙඩිතලතිව්වල, ජයපුරම්වලදි, මුලතිව්වලදි දැකලා තියෙනවා. යෝධයන්ට වැඩිය හයියක් ඒ මිනිසුන්ට තිබුණා. ඒ නිසා ප්‍රභාකරන්ට ගැහුවා, ප්‍රභාකරන් මැරුණා, එල්.ටී.ටී.ඊ. සංවිධානෙ ඉවර වුණා, යුද්ධ ඉවර වුණා කියනවට වඩා අඟලෙන් අඟල ඒ යුද්ධෙ ඇතුළෙ වචනයෙන් කියන්න බැරි අමුතු කතාවක් තිබුණා. ඒක කැපකිරීමක් කියලා මම කියන්නෙත් නෑ. මට දැනෙන දේ නම් ධෛර්යය. හැබැයි මනුස්සයෙකුට තියෙන ධෛර්යයට වඩා වෙනස්. බීම බෝතල් පියන් වගේ බැම්මෙ වැටිලා තියෙන බට්ටො ටික දිහා හලාගෙන බැම්බ උඩින් පැනලා එල්.ටී.ටී.ඊ. ඒරියා එකට යන හිතක් මට නෑ. හැබැයි අපේ රණවිරුවො ගියානෙ. ඒ ගිය නිසා තමයි නන්දිකඩාල්වලින් මේක ඉවර වුණේ. ඒ නිසා මැයි 19 වැනිදා ප්‍රභාකරන් මැරුණා, අපි කොඩිය දැම්මා කියන එකට එහා ගිය කතාවක් අපේ මිනිසුන්ගෙ හිත්වල ලියවෙන්න ඕනෙ. ඒක මහාවංශෙ ලියවුණා කියලා වැඩක් නෑ. ජීවතුන් අතර ඉන්න හැම එකෙක්ම, අලුතෙන් ඉපදෙන හැම එකෙක්ම දැනුවත් වෙන්න ඕනෙ අපිට මේක හැදුණේ කොහොමද කියලා. ඒක එසේ මෙසේ කැපකිරීමක් නෙවෙයි.

ඕක තමයි ප්‍රභාකරන්ගෙ අවසානය සිද්ධ වෙච්ච දවස. අවසන් උණ්ඩය දක්වා ඔහු සටන් කළා. වටකරපු හමුදාවකට මුහුණ දෙන්න ඔහුට සිදුවුණා. පුතා මැරෙනවා බලන් ඉන්න සිද්ධ වුණා. කිලිනොච්චියට සාම ගිවිසුම අස්සන් කරන්න එන්න කිව්වම මං වෙනම එන්නේ කියලා ටෝක්ස් දීපු ප්‍රභාකරන් අපේ රණවිරුවො අතින් බල්ලෙක් වගේ නන්දිකඩාල් කළපුවෙදි මැරුම් කෑවා. මනුස්සයෙකුට බල්ලෙක් කියන්නේ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් බල්ලට අපහාසයක්, ප්‍රභාකරන්ව බල්ලෙකුට සමාන කරන එක. ඔහු බල්ලෙක්ටත් වඩා පහත් වැඩ කරපු මිනිහෙක්. තමන්ගෙම ජාතියෙ, තමන්ම රැකගත්ත, තමන්ට රැකවරණය දීපු, තමන්ව පෝෂණය කරපු දෙමළ මිනිසුන්ට ප්‍රභාකරන් වෙඩිතිබ්බා, හමුදාවෙ පැත්තට යනවා කියලා. මට මුණගැහුණා අවුරුදු 80ක විතර අංකල් කෙනෙක් එයාගෙ පස්ස පැත්ත සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිල්ලා, එද්දි වෙඩිතියලා. තව කෙනෙක් හම්බවුණා එයාගෙ කිහිල්ලට යටින් වෙඩිල්ල හිල් කරගෙන ළමයා මැරිලා, ඒ ළමයා කැලේ වළදාලා ආවෙ කියලා ඔහු කිව්වා. සජීවීවම පටාචාරාලා හිටියා. දෙන්නෙක් කතාවෙලා ඇවිල්ලා තිබුණා මෙතැනින් පනිමු, ජීවතුන් අතර ඉන්න කෙනා ළමයි දෙන්නා බලාගමු කියලා. හැබැයි ඒක වෙලා තිබුණා. අම්මා මැරිලා, තාත්තා ළමයි දෙන්නා එක්ක හමුදාව පැත්තට ඇවිල්ලා හිටියා. ඒකයි මම කිව්වේ ප්‍රභාකරන්ගෙ ම්ලේච්ඡත්වය මෙන්න මෙච්චරයි කියලා සීමා කරන්න බෑ.

දැන් අවුරුදු 11ක් වයස එකා යුද්ධෙ ගැන දන්නේ නෑ. ඒ කාලෙ අවුරුදු 10ක් වයස එකාට දැන් අවුරුදු 21යි. ඌටත් යුද්ධෙ ලොකුවට අත්විඳින්න වුණේ නෑ. අන්න ඒ දේ රටට උදාකරන්න ඕනෙ නිසා තමයි මම මේ කැපකිරීම් සියල්ල සිද්ධ කළේ. මම කරපු කැපකිරීම නිය මලක් තරම් නම්, හමුදාව ඒ වගේ ප්‍රකෝටි ගානක කැපකිරීමක් කරලා තියෙනවා. දුටුගැමුණු රජ්ජුරුවො කවුද කියලා ඇහුවොත් නොදන්න පොඩි එකෙක් නෑ. දුටුගැමුණු රජ්ජුරුවො නෑ. හැබැයි ඔහු අමරණීයයි. මිනිස්සු මැරෙනවා. වීරත්වය මැරෙන්නෙ නෑ. ඒ නිසා 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් මරපු එක විතරක් නෙවෙයි ස්වර්ණමය අවස්ථාව. කොබ්බෑකඩුව, විජය විමලරත්න මහත්වරු ඇතුළු සියලු රණවිරුවො ඒ අවුරුදු 30ක සාපලත් යුද්ධය මල්වතු ඔයෙන් මෙහාට එන්න නොදීපු නිසා තමයි ප්‍රභාකරන් ආවෙ නැතුව හිටියෙ. ඒ නිසා නන්දිකඩාල් කළපුවෙන් යුද්ධෙ ඉවර වුණා ඒකයි විශාලම ජයග්‍රහණය කිව්වට, අර කියපු සියලු කැපකිරීම්වල එකතුවක් තමයි 2009 මැයි 19 වැනිදා ඵල දරන්නේ. ඒ නිසා ඔවුන් කරපු කැපකිරීම් කවදාවත් මිනිසුන්ගෙ හිත්වලින් මැරෙන්නේ නෑ.

සකස් කළේ චානක ලියනගේ

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක..!

Next Post

දොස්තර ෂාෆිට ඇරියස් එකත් එක්ක පඩි ගෙව්වාට විමල්ගේ ජනිපෙන් ආණ්ඩුවට විරෝධය!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.