මේ රටේ පවුල් සියයට 60.5ක මාසික ආදායම පහළ ගිහින් ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වුණු බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. පවුල් සියයට 60.5ක මාසික අදායම මේ විදියට අඩු වෙද්දී පවුල්වලින් සියයට 91ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගිහිල්ලා කියලත් සමීක්ෂණයෙන් හෙළිවෙලා කියලා දෙපාර්තමේන්තුව කියනවා.(Sri Lanka Latest News)
මේ අදායම අඩුවූ පවුල්වලින් සියයට 73.6ක් කිසිම ක්‍රියාමාර්ගයක් ඒ වෙනුවෙන් අරගෙන නැහැල්ලු. හැබැයි සියයට 6.6ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙනලු. එහෙම කියන්නෙ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ලංකාවෙ ලිංගික ශ්‍රමිකයො එහෙමත් හයහත් ගුණයකින් වැඩිවෙලා කියලා කවුද මන්දා කියලා තිබ්බා. ඒ වගේම ණය ලබාගැනීම, උකස් කිරීම, අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම වගේ ඒවා තියෙවනවලු.
‘මාසික වියදම වැඩිවූ පවුල් අතරින් සියයට 99.1කගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති බවත් සියයට 83කගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇති බවත් හෙළිවී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.’ කියලා එකක් එහෙම පිටින්ම උපුටා ගත්තෙ වෙබ් අඩවියක ලිපියකින්.
හැබැයි මේ රටේ පවුල්වලින් සියයට 22ක් ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩිත වෙලාලු. සමහර ණයවලට ගම්වල කියන්නෙ ඇඳ ණය කියලා. වයස අවුරුදු 3ත්’ 21ත් අතර සියයට 54.9කගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය බලපානවලු. ඒක කියන්නෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවලු. එයාලා ඒක මෙන්න මෙහෙම කියලා තිබුණාලු.
‘අධ්‍යාපනයට බාධා එල්ල වූ අය අතරින් සියයට 53.2ක් ලිපිද්‍රව්‍යවලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති බවත් සියයට 44ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපාහැරීමට හෝ මිලදී නොගෙන සිටීමට යොමුවී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.’
පොත්පත්වල මිල දරාගන්න බැරි නිසා ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නවලු. ඒවා ඇහුවම ඇඟ හිරි වැටෙන්න නැත්නම් එක්කො ඔයාට ලාදුරු, නැත්නම් ඔයා දේශපාලකයෙක්.
ආර්ථික අර්බුදය පැවැති කාලසීමාවේදී සියයට 29ක පමණ ජනතාවක් රෝගයන්ට ගොදුරු වෙලාලු. ඒත් සියයට 7ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්න ක්‍රමවේදවලට එළඹිලා නෑ කියලයි කියන්නෙ. ඒ වගේම මිනිස්සු රෝහල්වලට යන්න විශාල බයක් දක්වනවා. රෝහල්වල බෙහෙත් හේත් හිඟ වීමත් මේකට බලපානවා. ඒ වගේම බෙහෙත්වල ගුණාත්මක බව සහ රෝහල් කෙරෙහි තිබුණු විශ්වාසය නැති වීමත් බලපෑවා. ඒ අතර දොස්තරලා රෝහල්වලින් හදිසියේම ඉවත් වෙලා යන්න පටන් අරගෙන තියෙනවා. සමහර අය නිවාඩු මත රටින් පිටවෙලා යන නමුත් වැඩි ගානක් දෙනා යන්නෙ සම්පූර්ණයෙන්ම සේවයෙන් ඉවත් වෙලා. ඒ නිසා ශ්‍රී ලංකාවෙ රෝහල් පද්ධතිය බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙමින් ඉන්නවා.
මේ තත්ත්වය යටතේ රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී ඇති බවක් පෙනෙමින් තියෙන බව ඔවුන් කියනවා. මේ ගැටලුව සම්බන්ධව කරන ලද හොයාගැනීම්වලින් ඉහත තත්ත්වයට මූලික හේතුව විදියට සියයට 81.7 සඳහන් කරලා තියෙන්නේ මුදල් නොමැතිකම කියලා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙනවලු.
ඔවුන් මේ ආර්ථික අර්බුදයේ ආරම්භය විදියට නම් කරන්නේ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය.
ඒත් එක්කම සිදුවන කොවිඩ් වසංගතය නිසා මේ තත්ත්වය දරාගන්නම බැරි තැනට ආවා කියලයි කියැවෙන්නෙ. මේ තත්ත්වයටත් ලංකාවෙ ආණ්ඩුවල අස්ථාවර බව, හිතුවක්කාර තීරණ, පවුල්වාදය වගේ ඒවා බලපානවා. දේශපාලකයන්ගෙ නූගත්කම සහ හිතුවක්කාරකම, ඒ වගේම කොමිස් සහ ගසාකෑම් නිසා සිදුවන දූෂණය මේ ආර්ථික අවපාතයට හේතු වෙනවා. ඒ අතරම ඊනියා සංවර්ධන ව්‍යාපෘති නිසා සිදුවෙන මුදල් නාස්තිය වැදගත්.
දේශපාලකයො ‘අපේ ගමට’ ‘අපේ පවුලට’ ‘අපේ බලප්‍රදේශයට’ ‘මගෙ මිනිහට’ කියන සිතුවිල්ලෙන්ම ඇමැතිකම් කරනවා. මුළු රටක් වෙනුවෙන් ලැබෙන අමාත්‍යාංශවලින් ගමට වැඩකරන්න ගියාම අමාත්‍යංශවල මුදල් සහ යුතුකම් නාස්ති වෙලා ගිහිල්ලා. අපි විශාල ඩොලර් අර්බුදයකට යන්නෙ සකසුරුවම් බවක් නැති නිසා. ණය සහ ආධාර ආයෝජනයන්ට නොයෙදීම සහ කුමන ආකාරයකින් හෝ ලැබෙන මුදල් කොහෙ ගියාද කියලවත් හිතාගන්න බැරිවීම වගේ ඒවා භයානකම සත්‍යයන්.
ඒ වගේම පොහොර සම්බන්ධයෙන් ගත්ත කලබල තීරණය, ඒක සෑම අයෙක්ගෙම ජීවිතවලට කුමන හෝ ආකාරයකින් බලපානවා. ඒක අපිට විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිටත් බලපෑවා. මිනිස්සු පෝලිම්වලට ගියේ මේ තත්ත්වයන් නිසා. අද වෙනකොට ඔය කියන ඉලක්කම් අගයන්වලින් අපිට පේන්නෙ එදා අපේ පාලකයන්ගෙ කෙරුවාවම තමයි.
ජීවන පහන් තිළිණ










