වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥ මනෝජ් ගමගේ මහතා එන්තරවාසියක් යොමු කර තිබේ.Sri Lanka Latest News
2023-12-29 වැනි දා කොළඹ ජාතික රෝහලේ කාමරයක දී ඉතා අශීලාචාර වචන භාවිත කරමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා ව නිර්දය ලෙස විවේචනය කිරීම සමබන්ධයෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇත.
ඒ හරහා නීතිඥ මනෝජ් ගමගේ මහතා ගේ චරිතය පිළිබඳ මහජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද මනෝජ් ගමගේ මහතා විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට යොමු කළ ලිපියේ සඳහන් ව තිබේ.
එහි සඳහන් ඇතැම් කාරණා නිසා නීතිඥ මනෝජ් ගමගේ මහතාගේ පවුලේ සාමාජිකයන් ද අපහසුතාවට පත් ව ඇති බව ලිපියේ සඳහන් කර ඇත.
එම ප්‍රකාශයන් ඇතැම් යූ ටියුබ් නාලිකා හරහා නැරඹුම් වාර 30,000කට අධික ප්‍රමාණයක් දක්වා ප්‍රචාරය වී ඇති බව ද සඳහන් වේ.
මේ හේතු නිසා මනෝජ් ගමගේ මහතාට සිදු වූ අපකීර්තියට වන්දි වශයෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා මෙම එන්තරවාසිය යොමු කර ඇති බව වාර්තා වේ.