මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අද සිට අඩු කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මෙලෙස මිල පහත දැමූ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසල් මඟින් අද (18) දින සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බවයි.
ඒ අනුව මෙලෙස පහත දැමූ අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙසේයි.
ලොකු කඩල කිලෝවක් රුපියල් 5කින්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින්, පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 6කින්, රතුනාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සම්බා රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10කින්, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් සහ සුදු කැකුළු සම්බා සහල්ල කිලෝවක් රුපියල් 5කින් මිල පහත දමා තිබෙනවා.










