• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් බොරැල්ල කනත්ත ඇතුළේ මැරුවා අපි මාස 11කට කලින් රටට දැනුම් දුන්නා I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෙම අබිරහස් ඝාතනය සිදුවන්නේ පසුගිය 15 වැනිදාය. අද වන විට මෙම ඝාතනයෙන් සති දෙකක් ඉක්මවා ගොස් හමාරය. තවමත් මෙම ඝාතනයට වගකිව යුත්තෙක් නම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැත. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන සිදුවූයේ බොරැල්ල පොලිසියේ මෙහෙයවීම මතය. ඒ පැය 48කටත් අඩු කාලසීමාවක් සඳහා පමණි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ඉහළ ව්‍යාපාරික ලෝකය කැලඹීමට ලක්වන්නට වූ සිදුවීමක් වූ නිසාම මෙම විමර්ශන මුල් පැය 48න් පසුව පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතය. ඒ පොලිස්පති නියමයෙනි.(Sri Lanka Latest News)

දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනය කුමන පැතිකඩක් ඔස්සේ ගමන් කළද, වැදගත්ම සාක්ෂිකරුවෙක් බවට පත්ව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියේ කම්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටින එම්. නිලාම්ය. දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී සිටියදී කොළඹ ජාතික රෝහල වෙත ඔහුව රැගෙන යෑමට මැදිහත්කරුවෙක් වන්නේ ද නිලාම්ය.

නිලාම් පදිංචිව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියට ආසන්න ප්‍රදේශයකය. බොරැල්ල පොදු සුසාන භූමියේ නිලාම් සේවයේ නිරතව සිටින්නේ 2015 අවුරුද්දේ සිටය. ඔහුගේ රැකියාවේ ස්වභාවය වන්නේ මිනී වළවල් කැපීමය. කනත්ත දැන් ඔහුට සිය නිවෙසටත් වඩා හුරුය. එහි සිදුවන හැම දෙයක් ගැනම ඔහුට හොඳ අවබෝධයක් ද ඇත්තේය.

එදා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින නිලාම් සුසාන භූමියේ සේවයට වාර්තා කරනුයේ උදෑසන 8.30ට පමණය. ඔහු එදා සවස 2.30 පමණ වන විට සිටින්නේ සුසාන භූමියේ අනාථ කෑල්ල ලෙස හඳුන්වනු ලබන කොටසේය. ඒ ඔහු විසින් එදා කැපූ වළේ වළලෑමට මළ සිරුර රැගෙන එනතුරුය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය තිබී ඇත්තේ ඔහු රැඳී සිටි ස්ථානයේ සිට මීටර් 05ක් පමණ ඈතිනි.

එදා ඒ අලුත කැපූ වළ අසලට එන විට මෝටර් රථය ආසන්නයේ රැඳී සිටි කෙට්ටු උස අයෙක් කනත්තේ පසුපස ආදාහනාගාරය පැත්තට තරමක් වේගයෙන් ගමන් කරනු නිලාම් දුටුවේය. ඒ පුද්ගලයා හැඳ සිටි ඇඳුම් පැලඳුම් ගැන කියන්නට තරම් මුලදී නිලාම්ගේ මතකයට නාවත් දැන් ඔහුගේ මතකයේ හොඳටම ඒ දේවල් සටහන් වී ඇත්තේය. එකී මතකයේ හැටියට එම පුද්ගලයා සිට ඇත්තේ කලිසමකින් සහ කමිසයකින් සැරසීය.

ඒ පුද්ගලයාව නැවත දුටුවහොත් හඳුනා ගැනීමට තරම් දැන් නිලාම්ට හොඳ මතකයක් ඇත්තේය. ඒ බව පොලිසියට පවා ඔහු කියා ඇත්තේ ප්‍රකාශයක් ද ලබාදෙමිනි. ඒ අනුව දැන් නිලාම් පත්ව ඇත්තේ වැදගත් සාක්ෂිකරුවෙක් බවටය. එදා ඒ මෝටර් රථය අසල සිට නිලාම් ඔහු කැපූ මිනී වළ අසලට එන විට වේගයෙන් එම ස්ථානයෙන් පිටව ගියේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයාද, වෙනත් අයෙක්ද යන්න වග ගැන පවා ඇත්තේ ද තාමත් අබිරහසකි.

එම අබිරහස් පුද්ගලයා දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසලින් අතුරුදන් වීමත් සමග ඊළඟට එතැනින් මතුවන්නේ ක්‍රිෂ් පෙරේරාය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික සගයා මෙන්ම මිතුරාය. සුදු පැහැති ටීෂර්ටයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටි ක්‍රිෂ් පෙරේරා ඒ වන විට සිටින්නේ මෝටර් රථය වටේ කරකැවෙමින් කෑමොර දෙමිනි. ඒ කිසියම් අයකුගේ නමක් කියමිනි. ඒ දෙස සිය අවධානය යොමු කළ නිලාම් එතැනට දිවයන්නේ සිය මිතුරකු වූ ජෝන් ද කැටිවය. නිලාම්ගේ එම මිතුරා ද වෙන කිසිවෙක් නොව සුසාන භූමි සේවකයෙකි.

ක්‍රිෂ් පෙරේරා මෝටර් රථයේ රියැදුරු අසුන පැත්තේ දොර විවෘත කරනු ලබන්නේ නිලාම් සහ ජෝන් එතැනට ආ පසුවය. එහිදී ඔවුන් දෙදෙනාම දකින්නේ මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි කේබල් ටයිවලින් දෑත් ගැටගසා සිරකර සිටි දිනේෂ් ෂාෆ්ටර්වය. ඒ වන විට ඔහුගේ සිරුර වටා වයරයක් එතී තිබෙන අයුරු ද ඒ හැමෝම දුටහ.

ඒ බව පැහැදිලිවම පොලිසියට ප්‍රකාශ පවා ලබාදී ඇත්තේය. සිරුර වටා එතී තිබුණු වයරය ගලවා දමන්නේ නිලාම්ය. මෙහිදී දෑත් සිරකර තිබුණු කේබල් ටයි ගලවා ඉවත් කිරීමට නිලාම් යම් උත්සාහයක් ගත්ත ද එය පහසු කටයුත්තක් නොවූ බැවින් දිනේෂ් ෂාෆ්ටර්ව රියැදුරු අසුනට යාබද අසුනට ඉතා අපහසුවෙන් ඔසවා තබන්නේ ක්‍රිෂ් පෙරේරා සහ නිලාම් එක්වය.

ඊට ජෝන් ද උදව් කළේය. අනතුරුව රියැදුරු අසුනට ගොඩවන ක්‍රිෂ් පෙරේරා මෝටර් රථය පණ ගන්වා ගෙන කොළඹ ජාතික රෝහල වෙත දිනේෂ් ෂාෆ්ටර්ව රැගෙන එන්නේ නිලාම් සහ ජෝන්වත් මෝටර් රථයේ දමාගෙනය. ඒ එන අතරතුර දිනේෂ් ෂාෆ්ටර්ගේ පපුව තෙරපමින් ඔහුට සිහිය ගන්වන්නට නිලාම් දැඩි උත්සහයක් ද ගෙන තිබුණේය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවන්නේ ඒ සියලු උත්සාහයන් පමණක් නොව, මෙම මරණය හා බැඳුණු අබිරහස් වැලක් ඉතිරි කරමිනි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන විවිධ කතාබහ මේ වන විට ගොඩනැගී ඇත්තේ ඒ නිසාමය. ඒ අතර දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ සිය දිවි හානිකර ගත් බවට වූ මතයක්ද සමාජගත කරන්නට ඇතැම් පාර්ශ්ව යම් උත්සාහයක්ද පසුගිය සතියේ ගත්තේය. ඒ උත්සාහ දැන් අතේ පැළවෙන බොරු බවට පත්ව ඇත්තේ බොරුවට වැඩිකල් ආයුෂ නොවූ බැවිනි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් ඝාතනය සිය දිවි හානි කරගැනීමක් බවට වූ මතය සමාජගත කිරීමට දැරූ බොළඳ ප්‍රයත්නයත් සමග මෝටර් රථයක් තුළ පුද්ගලයකුට ගෙල සිර කරගෙන සිය පණ හානිකර ගැනීමට හැකියාවක් තිබේදැයි විශාල මතයක්ද සමාජය හමුවේ මේ වන විට ගොඩනැගී අවසන්ය.

ඒ ගැන කරුණු ගවේෂණය කිරීමේදී පෙනී යන්නේ එවැනි සිය දිවි හානිකර ගැනීම් කොතෙකුත් ලෝකයේ සිදුවී ඇති බවකි. 2020 වසරේ අගෝස්තු 09 වැනිදා කොටහේන පොලිස් වසමේ අලුත් මාවතේ ගල් පල්ලිය ආසන්නයේදී අපේ රටෙන් ද එවැනි සිය දිවි හානිකර ගැනීමක් වාර්තා විය. ගල් පල්ලිය ආසන්නයේම පිහිටි බහුජාතික සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස සේවය කළ අතුරුගිරිය මොරටුහේනේ පදිංචිව සිටි රෂේන්ද්‍ර කෝෂිත ප්‍රේමදාස එදා සිය දිවි හානි කරගෙන තිබුණේ ඔහුට අයත් ක්‍ූඍ 1585 අංකය දරන නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථය තුළදීය.

ඒ, එම මෝටර් රථයේ පිටුපස අසුන අසල ඇති අත් ආධාරකයේ සුදු පැහැති පටියකින් එල්ලීය. සිය සමාගමට ඔහු ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව ප්‍රතික්ෂේප වීමෙන් ඇතිවුණු කලකිරීමකින් පසු ඔහු එසේ සියදිවි හානිකර ගෙන තිබුණේ සිය ගෙල අත් ආධාරකය ආසන්නයේම තිබෙන ලෙස එල්ලීය.

එම මරණය ඝාතනයක් නොවන බව පැහැදිලිවම අනාවරණ වන්නේ ඒ ආසන්නයේ තිබුණු ආරක්ෂක කැමරාවකට පින් සිදුවන්නටය. ඒ, එම මෝටර් රථයට ගොඩවන එකම පුද්ගලයා වූයේ ඔහු බව කැමරාවේ දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනීයන්නට වූ බැවිනි. එසේම ගෙල වැලලාගෙන තිබුණු ඇයුරු සහ වෛද්‍ය විද්‍යාත්මක විමර්ශන ඔස්සේද එම මරණය පැහැදිලිවම සිය දිවි හානිකර ගැනීමක් බව තහවුරු වී තිබුණේ කිසිදු සැකයක් ඒ ගැන මතු නොවන අයුරිනි.

එම මරණය ඝාතනයක් නොව සියදිවි හානිකර ගැනීමක් වූවත්, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය නම් සියදිවි හානිකර ගැනීමක් බව එක එල්ලේම සැක කරන්නට තරම් සුවිශාල සාක්ෂි ගොන්නක් විමර්ශකයන්ට මෙතෙක් ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. පොලිසියේ නිල ප්‍රකාශකයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවා ඒ ගැන මාධ්‍යයට පුන පුනා කියන්නේ එබැවිනි. මේ මතය ගොඩ නගන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය වෙනත් අතකට රැගෙන යෑමට උත්සාහ දරන්නන්ගේ වුවමනාවකට විය හැකිය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සිය දිවි හානි කර ගත්තේ යැයි මතය සමාජ ගත කිරීමට ඇතැම්හු උත්සාහයක් දරා තිබුණේ දිනේෂ් ෂාෆ්ටර් සිය බිරියගේ මවට ලියන ලදැයි කියන සංවේදී ලිපියක් ගැන ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා එළිදක්වමිනි. ඒ සියලු වාර්තා මේ වන විට නීතිඥ නිහාල් තල්දූව නිල වශයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ විමර්ශකයන්ට එවැනි ලිපියක් මෙතෙක් ලැබී නොමැති බව කියමිනි.

එසේ නම් එවැනි සංවේදී ලිපියක් ලැබී ඇත්තේ කාටද? මේ සිදුකරනුයේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගෙන ඇති බවට මතයක් ගොඩනැගුවහොත් එය ජනතාව පිළිගන්නේදැයි කියා මුට්ටිය දමා බැලීමක්ද? යන්න පිළිබඳ ඇත්තේ තදබල ගැටලුවකි. තහවුරු නොවන මාර්ගවලින් ලැබෙන තොරතුරු ප්‍රචාරය වීමෙන් විමර්ශන කටයුතුවලට සහ යුක්තිය ඉටුකිරීමට බාධා විය හැකි බව සඳහන් කිරීමට මෙන්ම මෙවැනි දේවලින් සිදුවන්නේ සැකකරුවන්ට වාසිදායක තත්ත්වයක් බව පවා කියන්නට නීතිඥ නිහාල් තල්දූවට අද සිදුව ඇත්තේ ඒ නිසාය.

දිනේෂ් ෂාෆ්ටර් සිය බිරියගේ මවට සංවේදී ලිපියක් ලියා සියදිවි හානි කරගන්නට තරම් ආර්ථික අර්බුදයක හෝ වෙනත් ගැටලුවකට මුහුණ දී සිටියේ නම් ඔහුට ඒ කටයුත්ත බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ ඇඟ වටා වයර් ඔතාගෙන දෑත් ගැටගසාගෙන දැවැන්ත වෙහෙසක් ගෙන කරනවා වෙනුවට නිවෙසේ බාල්කයක හොඳ හැටි එල්ලීමට තිබුණු ඉඩකඩ බොහෝය.

එසේත් නොමැති නම් ගඟක මුහුදක පැන සිය දිවි හානිකර ගැනීමට ඔහුට හොඳටෝම ඉඩකඩ තිබුණේය. එසේත් නැතිනම් වහ කුප්පියක් කටේ හලාගෙන මේ දේ කරගන්නට තිබුණේය. එහෙමත් නොමැති නම් තවත් සිය දිවි හානිකර ගැනීමට බොහෝ දේවල් ඇත්තේය. ඒ අනුව බැලීමේදී දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ ඇඟ වටා වයරයක් ඔතාගෙන දෑත් ගැටගසා සිය දිවි හානිකර ගැනීම යනු අද පත්ව ඇත්තේ විහිළුවක් බවටය.

යම් පුද්ගලයෙක් සිය ගෙල සිරකරගෙන සිය දිවි හානිකර ගන්නේ නම් ඊට විධික්‍රම රැසකි. ඒ ක්‍රම ගැන යම් අධ්‍යයනයක නිරත වීමේදී දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථය තුළ සියදිවි හානිකර ගත්තේ යැයි ඔප්පු කිරීමට යමෙක් උත්සාහ දරයි නම් එය විද්‍යාත්මකව තහවුරු කිරීම සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවනු ඇත. දිනේෂ් ෂාෆ්ටර් ඔහුගේ මෝටර් රථයේ අපරාධයට ගොදුරු වී සිටින්නේ රියැදුරු අසුනේ අසුන් ගෙනය. ඔහුගේ සිරුර වටා වයරයක්ද එතී ඇත්තේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය මතය වී ඇත්තේ ඔහුගේ මරණය සිදුව ඇත්තේ ගෙල සිරවීමකින් බවය.

ඒ පිටුපස සිට යොමු කළ බලයකිනි. ඒ අනුව පැහැදිලි වන්නේ ගෙල සිරවී ඇත්තේ ගෙලෙහි ඉදිරිපසින් බවය. ඒ හරියට මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙලට පිටුපස අසුනේ සිටි යම් අයෙක් වයරයක් හෝ ඒ හා සමාන යමක් දමා පිටුපසට ඇද ගෙල සිරකර ඇති බවකි.

මෙහිදී සිදුවී ඇත්තේ සිය දිවි හානිකර ගැනීමක් බවට තර්කයක් ගොඩනැගීමට අවැසි අයට රියැදුරු අසුනට වයරයේ එක් කොනක් ගැටගසා අනෙක් කොන ගෙලවටා ඔතාගෙන ගෙල වේගයෙන් ඉදිරියට ඇදගැනීමකින් දිනේෂ් ෂාෆ්ටර් සිය පණ නැති කරගත්තේ කියන්නට ද පුළුවන. මෙහිදී ඔහු දෑත් කේබල් ටයි මගින් සිරකර ගත්තේ ඇයි දැයි ඇත්තේ ගැටලුවකි. හැබැයි ඒවාටත් තර්ක ගොඩනගන්නට හැකියාවක් නැත්තේම නැත.

මෙහිදී කුමන තර්කයක් ගොඩනැගුවත් ගෙල සිරවී මරණයක් සිදුවන තරම් බලයක් එල්ලීමේදී මෙන් රියැදුරු අසුනේ රැඳී සිටියදී ලබාදීමට හැකියාවක් තිබේදැයි කියාය. ඒ ගැන අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ට ද ඇත්තේ සැකයකි. ඒ යැයි කියා එවැනි මරණයක් සිදුකර ගැනීමට නොහැකි බවද අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ නැත. එය තහවුරු කරගැනීමට නම් තවත් විද්‍යාත්මක සාක්ෂි ගොන්නක්ම රැස්කර ගත යුතුව ඇත. දැනට ඇති මේ මතය යම් සන්ධිස්ථානයකදී වෙනස් වන්නේ නම් එය විමර්ශන කටයුතු උඩුයටිකුරු වීමකි.

මේ සැකය හිටි හැටියේම මතුවන්නේ දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි කොළඹ 07 මල්පාරේ පිහිටි නිවෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා කළ පරීක්ෂාවත් සමගිනි. එම පරීක්ෂාව සිදුවන්නේ පසුගිය සතියේ සෙනසුරාදාය. එහිදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශේෂ අවධානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොමුකර තිබී ඇත්තේ එම නිවසේ ඇති ඇන්ටෙනාවක කේබලයකි. එම ඇන්ටනා කේබලය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඟ වටා එතී තිබුණු ඔහුගේ ගෙල සිරකර තිබුණු වර්ගයේ එකකි.

එසේම දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ ලාච්චුවක තිබී ඔහුගේ දෑත් ගැටගසා තිබුණු වර්ගයේ කේබල් ටයි අටක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගත්තේය. මේ දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයෙන් සතියක් ඉක්මවීමෙන් පසුවය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පවා අවසන් කටයුතු සිදුකරන තුරු තැන්පත් කර තිබුණේ එම නිවෙසේය. දිනේෂ් ෂාෆ්ටර්ට අවසන් ගෞරවය දැක්වීමට සිය ගණනක් එහි ආවේ ගියේය. ඊට අමතරව පුද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම පිටස්තරයන් රැසක්ම එහි ආවේ ගියේය. නිවෙසින් මේ දේවල් සොයා ගන්නේ එවන් පසුබිමක් එහි තිබූ වටපිටාවකදීය.

ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් හුවමාරු වූ පණිවුඩ මෙන්ම දුරකතන ඇමතුම් විස්තර විමර්ශනයේදී ද බොහෝ තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සමත්ව ඇත.

ඒ හැරුණු කොට ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාවේදී සොයාගත් තොරතුරු තවමත් ඇත්තේ විශ්ලේෂණයට ලක්කරමිනි. ඒ අතර මෝටර් රථය ඇතුළත දර්ශන හොඳින් පැහැදිලිව දක්නට ඇති ආරක්ෂක කැමරා දර්ශනයක් ද විමර්ශකයන් සතුව ඇත්තේ වැදගත් සාක්ෂියක් බවට එය පත්වෙමිනි.

මේ අතර තවත් තර්ක මතුවන්නේ දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි හානිකර ගැනීමට සැබෑ ලෙසම බොරැල්ල පොදු සුසාන භූමිය තෝරාගත්තේ නම් සහ සිය බිරියගේ මවට සිය දිවි හානිකර ගන්නා බවට හැඟවෙන සංවේදී ලිපියක් ලියා තිබුණේ නම් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ට කෙටි පණිවුඩයක් යැවුවේ මොන මඟුලකටදැයි කියාය. ක්‍රිෂ් පෙරේරා පවසන ආකාරයට අනුව දිනේෂ් ෂාෆ්ටර් සිය නිවෙසින් එදා එළියට බැස ඇත්තේ ද බ්‍රයන් තෝමස් මුණගැසීමට යනවා යැයි කියාය. මෙම ඝාතනයට බ්‍රයන්ව සැක කරනු ලැබුවේ ද ක්‍රිෂ් පෙරේරා සහ දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ශමින්ය. ඒ අය පොලිසියට පවා ඒ ගැන කියා තිබිණි. ඒ අනුව බලන කල දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව කීම හතරබීරි කතාවකි.

සිය දිවි හානිකර ගැනීමේ අරමුණින් දිනේෂ් ෂාෆ්ටර් සිය නිවෙසේ ඇති ඇන්ටෙනා වයරය ද කපාගෙන කල්තියා සූදානම් කරගත් කේබල් පටි ද රැගෙන බොරැල්ල කනත්තට ගියේ නම් අතර මගින් කෙටි ආහාර මිලදී ගනු ලැබුවේ බඩගින්නේ මියැදෙන්නට බැරි නිසා දැයි යන්න ගැන ඇත්තේ සැබවින්ම ගැටලුවකි. මෙහිදී පැනනගින තවත් එක් ගැටලුවක් නම් සියදිවි හානිකර ගැනීමට ව්‍යාකූල මනසකින් යන අය කන්න බොන්නත් අරගෙන යන්නේදැයි කියාය.

මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් රුපියල් කෝටි 2000ක් පමණ මුදලක් ව්‍යාපාරවල ආයෝජනය කර බංකොලොත් වී සිටින බවට වූ තොරතුරුද විවිධ පාර්ශ්ව මගින් එළියට එන්නේ සිය දිවි හානිකර ගැනීමට එය මුල්වූ බවට වූ සාක්ෂියක් ලෙසිනි.

එවැනි මුදලක් සැබැවින්ම දිනේෂ් ෂාෆ්ටර් අයෝජනය කර තිබේද? ඒ සම්බන්ධ ගිණුම් මිනුම් සටහන් වී තිබේද? එතරම් මුදලක් ඔහු සතුව තිබුණේ නම් එම මුදල් සම්බන්ධයෙන් ආදායම් බදු ගෙවා තිබේද? මේ ගැනත් පැහැදිලි තොරතුරු තිබිය යුතුය.

මෙවැනි ගනුදෙනු ගැන කියන්නේ ඔහුගේ ව්‍යාපාරික සගයන් සහ පවුලට සම්බන්ධ ඇතැම් උදවිය බව පෙනීයන කරුණකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ද මේ ගැන සිය විශේෂ අවධානයක් යොමුකර ඇති බවද පෙනී යන්නේ පවුලේ සාමාජිකයන්ගෙන් දිගින් දිගටම දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික ගනුදෙනු ගැන හාරා අවුස්සමින් සිටින බවට තොරතුරු ඇති බැවිනි.

දිනේෂ් ෂාෆ්ටර් පදිංචිව සිටි කොළඹ 07 මල් පාරේ පිහිටි නිවෙස අලෙවි කිරීමට ඔහු පුවත්පත් දැන්වීමක් පළකර තිබුණු බවට තොරතුරු හෙළිවන්නේද එහිදීය. එම නිවෙස විකුණා දැමීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් දිනේෂ් ෂාෆ්ටර්ට දැක්වූ ප්‍රතිචාර මෙන්ම මෙම නිවෙස දිනේෂ් ෂාෆ්ටර්ට හිමිවූයේ කෙසේදැයි කියා ද සොයාබැලීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් කළ යුතුව ඇත්තේ විවෘත මනසකිනි. එහිදීද බොහෝ තොරතුරු එළියට ඒමට ඇති ඉඩකඩ බොහෝය.

කෙසේ වෙතත් දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතන විමර්ශනය දැන් මුළු රටේම අවධානයට ලක්ව ඇති පොලිස් විමර්ශනයක් බවට පත්ව හමාරය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනයේ ප්‍රධානීන් මුණගැසී විවෘත මනසකින් ඉදිරි විමර්ශන පවත්වන ලෙසට උපදෙස් පවා ලබාදී තිබෙන්නේ ද ඒ නිසා විය හැකිය.

මෙම ලිපිය 2022 වසරේ දෙසැම්බර් 31 වැනි දින ගයාන් කුමාර වීරසිංහ විසින් සිළුමිණ පුවත්පතට සපයා තිබූ ලිපියකි. එහි අන්තර්ගත වටිනාකම හේතුවෙන් එම ලිපිය අප ‘මව්රට’ වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු.

SendShareShare
Previous Post

අයෙත් යුද්ධයක් ඉල්ලන නැඟෙනහිර ජාතිවාදය පරදවමු I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් යෝජනාව සම්මත වන අවස්ථාවේදී ජවිපෙ තුන්දෙනාම සභා ගැබේ නෑ! ජවිපෙ හැර අනෙක් පක්ෂ ඔක්කොම ඉන්නවා! එතුමන්ලා මේකට එකඟ ද මොකක් ද කියන එක අපි දන්නේ නෑ! මේ රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දී ජවිපෙට විතරක් ක්‍රිකට් එක හොඳ වුණා ද කියන එක මට ප්‍රශ්නයක්! ඇමැති රොෂාන් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.