ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය ව්‍යසනයකට මැදිවිය හැකි ප්‍රමිතියකින් තොර සුවඳ විලවුන් මෙරටට ගෙන්වීමට අදාළ නව නීති කෙටුම්පත් පනතකට අදාළ යෝජනා සකස් කර ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණවලට එළඹීමට අදාළ විශේෂඥ සාකච්ඡා සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා දෙකකදී කල්දමමින් කල්මැරීම කිසියම් නිලධාරී හස්තයක බලපෑමක් සිසාද යන්න ගැන වෛද්‍ය අංශවලට සැක මතුවී තිබේ. (Sri Lanka Latest News)
ඊට අදාළ දෙවැනි දිනයේ සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා පිට පළාත්වලින් පැමිණි විශේෂඥ පිරිස් කල් යෑම නිසා ආපසු ගිය බවද වාර්තා විය.
2015 වසරෙන් පසු සුවඳ විලවුන් පිළිබඳ නිසි නියාමනයක් නොමැති වීමෙන් බැර ලෝහ රසායනික ද්‍රව්‍ය අඩංගු ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා යොදාගන්නා බවට සෞඛ්‍ය අංශවලට පැමිණිලි ලැබී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවැසීය.
මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ ඇඟ ගල්වා සම පැහැපත් කරගැනීමට යෑමෙන් පිළිකාකාරක ශරීරගත වන බවද හෙළිව තිබේ.
ප්‍රේමලාල් විජේරත්න









